⚡ රනිල් වික්‍රමසිංහ ජනපති තරගයෙන් ඉවතට: ජනාධිපතිවරණ ඉතිහාසයේ අඛණ්ඩ පරාජිතයා ⚡

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    View attachment 237856

    2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුව කිසිදු අපේක්ෂකයෙකුට 50% ඉක්මවූ ප්‍රතිශතයක් හිමිවී නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසීය.

    ඒ අනුව, ඉදිරියෙන් සිටින අපේක්ෂකයින් වන අනුර කුමාර දිසානායකට සහ සජිත් ප්‍රේමදාසට හිමිව ඇති දෙවන මනාප ගණනය කරන බව ඔහු සඳහන් කළේ ය.

    ඔහු පැවසුවේ, මේ අනුව, රනිල් වික්‍රමසිංහ ඇතුළු සෙසු අපේක්ෂකයින් තරගයෙන් ඉවත් කළ බව ය.

    වසර 42ක ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මහජන ඡන්දයකින් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වීමට නොහැකිව වැඩි ම වාර ගණනක් පරාජයට පත්වූ එක ම ප්‍රධාන අපේක්ෂකයා බවට රනිල් වික්‍රමසිංහ ඉතිහාස ගත විය.

    ජනාධිපතිවරණ තුනකදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ඔහුට අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට පත් වීමට හැකි වූයේ, ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීන් වූ රාජපක්ෂවරුන් මෙහෙයවූ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙනි.

    ඔහු නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂය 2020 වසරේදී පැවති අවසන් මහ මැතිවරණයේදී පරාජයට පත්වූ අතර, දේශපාලනිකව සෝදාපාළුවකට ලක් වූ එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එක ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඔහු යළිත් පාර්ලිමේන්තුවට පිවිසියේ ය.

    වැඩි ම වතාවක් පත්වූ අගමැති​

    මහජන ඡන්දයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරවැසියා වීමට අවස්ථාව අහිමි වූ රනිල් වික්‍රමසිංහ 6 වරක් දෙවන පුරවැසියා, එසේත් නොමැති නම්, අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් අතර 6 වරක් විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළේ ය.

    1977 එක්සත් ජාතික පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස වයස අවුරුදු 28 දී ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.

    ජේ.ආර්. ජයවර්ධන රජය යටතේ සහ ප්‍රේමදාස රජය යටතේ ඔහු අමාත්‍ය ධූර කිහිපයක් දැරූ අතර, ඔහු අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කළ කාලයේ ගෙන ආ "අධ්‍යාපන ධවල පත්‍රිකාව" රට තුළ දැඩි විවාදයකට ලක් විය.

    ඔහු පළමු වරට අගමැති ධූරයට පත්වූයේ, 1993 වසරේදී ය. ඉන්පසු ඔහු 2001දී, 2015දී දෙවතාවක්, 2018 සිදුවූ බල පෙරළියෙන් පසු නැවත වතාවක් සහ, 2022 අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

    පසුව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් පසු පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයෙන් ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්විය.

    එපමණක් නොව, ඔහු 1994 සිට 2001 දක්වාත්, 2004 සිට 2015 දක්වාත් සය වතාවක් විපක්ෂ නායක ධූරයේ ද කටයුතු කර තිබේ.

    අගමැතිවුවත් අපේක්ෂකත්වය අහිමි වීම​

    1993 දී ආර්. ප්‍රේමදාස ඝාතනයෙන් පසු එවකට අගමැතිව සිටි ඩී.බී. විජේතුංග ශ්‍රී ලංකාවේ පළමු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අතර, රනිල් වික්‍රමසිංහ පළමු වරට අගමැති ධූරයේ දිවුරුම් දුන්නේ, ඉන් පුරප්පාඩු වූ අගමැති ධූරය වෙනුවෙනි.

    ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් හේතුවෙන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධූරයේ කටයුතු කළ සමයේදී පක්ෂයෙන් වෙන්ව ගිය ගාමිණී දිසානායක වැනි එක්සත් ජාතික පක්ෂ නායකයන් නැවත හිටපු ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පසුව නැවත පක්ෂයට සම්බන්ධ වූ නිසා 1994 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස තරග කීරීමේ අවස්ථාව රනිල් වික්‍රමසිංහට අහිමි විය.

    1994 ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ ගාමිණී දිසානායක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජනාධිපතිවරණයට පෙර මිය ගිය අතර, ඔහු වෙනුවට ඔහුගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායක එම ජනාධිපතිවරණයට තරග කළ ද එම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යි.
    ඒ අනුව, 1994 මහ මැතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ පළමු වරට විපක්ෂ නායකයා ලෙස කටයුතු කළේ ය.

    පළමු වරට දෙවැන්නා වීම​

    1994 ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය අහිමි වුව ද 1999 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස තරග කිරීඉමේ අවස්ථාව රනිල් වික්‍රමසිංහට හිමි විය.

    කෙසේ නමුත්, එම ජනාධිපතිවරණයේදී ඔහුට ලබා ගැනීමට හැකි වූයේ, 42.7%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

    එම ජනාධිපතිවරණය ඔහුගේ ප්‍රතිවාදියා වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජයග්‍රහණය කළ අතර, ඇය දෙවැනි වරටත් ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නා ය.

    පෙනි පෙනී බොඳව ගිය ජනාධිපති සිහිනය​

    එතෙක් මෙතෙක් ජනාධිපතිවරණ ඉතිහාසය තුළ අඩු ම ඡන්ද පරතරයකින් ජයග්‍රාහකයා තීරණය කළ ජනාධිපතිවරණය වූයේ, 2005 ජනාධිපතිවරණය යි.

    එම ජනාධිපතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා ලෙස එවකට අගමැති ධූරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ පළමු වරට තරග කළ අතර, එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වූයේ, එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ යි.

    1999 ජනාධිපතිවරණ පරාජයෙන් සහ 2004 මහ මැතිවරණ පරාජයෙන් පසුව එළැඹි ජනාධිපතිවරණයෙන් ද අවාසනාවන්ත ලෙස පරාජයට පත් වීමට රනිල් වික්‍රමසිංහට සිදු වූයේ ඉතාමත් අඩු ඡන්ද පරතරයකින් ය.

    එම ඡන්දය මහින්ද රාජපක්ෂ විසින් ජයග්‍රහණය කරනු ලැබුවේ, ඡන්ද 180,786කිනි.

    එම ජනාධිපතිවරණයේදී යාපනය සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කවල ඡන්දය භාවිත කළ ප්‍රතිශත ඉතා අඩු වූ අතර, යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන් 701,938කින් ඡන්දය භාවිත කර තිබුණේ 1.2%ක ප්‍රතිශතයකි.

    එය ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ජයග්‍රහණය තීරණය කිරීමට බලපෑ බව දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහස යි.

    ඒ අනුව, රනිල් වික්‍රමසිංහට දෙවන වරටත් පරාජය හිමි වූයේ ජනපති සිහිනය පෙනි පෙනී තිබියදී ය. එතැන් පටන් ඔහු 2015 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළේ ය.

    පරාජයේ අළු මතින් නැගී සිට ප්‍රතිවාදීන්ගේ කරමතින් ජනපති ධූරයට​

    2005 ජනාධිපතිවරණයෙන් පසුව පැවති ජනාධිපතිවරණ තුනට ම එක්සත් ජාතික පක්ෂ නායකයා වුවත් රනිල් වික්‍රමසිංහ තරග කළේ නැත.

    2010 සහ 2015 ජනාධිපතිවරණවලදී, ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂ සමග තරග කිරීම සඳහා ඔහු වෙනත් දෙදෙනෙකු, එනම්, පිළිවෙළින් ජෙනරල් සරත් ෆොන්සේකා සහ මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් හරහා ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කළේ ය.

    2009 යුද්ධය අවසන් වීමේ උණුසුම මැකී යාමටත් ප්‍රථම සිය පළමු ධූර කාලය අවසන් වීමට පෙර මහින්ද රාජපක්ෂ කැඳවූ ජනාධිපතිවරණයේදී ඔහු සමඟ තරග කළේ යුද්ධය අවසන් වන විට යුද්ධ හමුදාපති ධූරයේ කටයුතු කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ය.

    2015 ජනාධිපතිවරණයේදී, මහින්ද රාජපක්ෂ සමඟ තරග කිරීම සඳහා ඉදිරිපත් කරනු ලැබූ මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළ අතර, ඔහු එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස වසර ගණනක් කටයුතු කළේ ය.

    2019 දී ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ යම් දෙගිඩියාවක් පෙනෙන්නට තිබූ අතර, එහිදී පළමු වරට තරග කළ සජිත් ප්‍රේමදාස අභිබවා ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළේ ය.

    2020 මහමැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ එක් අසුනක් පමණක් හිමිව ඉන් පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස් වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අග්‍රාමාත්‍යවරයා ලෙස 2022 දී දිවුරුම් දුන්නේ ය.

    2022 ජුලි මාසයේදී, රට තුළ පැවති අරගලය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ පලා යාමෙන් පසු ධූරයෙන් ඉල්ලා අස් වූ අතර, පුරප්පාඩු වූ ජනාධිපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීමකින් ඡන්ද 134ක් ලබා ඔහු ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

    මේ සඳහා ඔහුට ඡන්දය ලබා දුන් අතිබහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වීම විශේෂයකි.

    මෙම කාලය තුළදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹි අතර ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළේ බැඳුම්කර හිමියන්ගෙන් කොටසක් ද ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාව පළ කර තිබේ.

    දශක දෙකකට පසු ලැබූ ස්වාධීන පරාජය​

    2024 ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ තරග කළේ, වසර 19කට පසුව ය.

    එහිදී ඔහුගේ ප්‍රචාරණ කටයුතුවලදී ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ඒමට හැකි එක ම නායකයා ලෙස ඔහුව හඳුන්වා දී තිබිණි.

    සිය පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොවී මෙවර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කළ ඔහුට මෙවර හිමි කර ගත හැකි වූයේ, TBA ඡන්ද සංඛ්‍යාවක් පමණි. ජනාධිපතිවරණයේ ඔහු ඡන්ද ලබා ගෙන තිබෙන්නේ තෙවන ස්ථානයට යි.

    ඔහුට මෙවර එක් මැතිවරණ දිස්ත්‍රික්කයක් හෝ ජය ගැනීමට නොහැකි විය.

    - BBC සිංහල
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මේ පොන්සියාට කෙළවෙන්න ගත්තෙම පොහොට්ටු බල්ලෝ ටික බේරාගත්තු එක. නැත්තං 2015 ඉඳන් මේ වෙනකන් හොඳට ආණ්ඩු කරන්න තිබ්බ. පොහොට්ටුව කියන්නේ අමුම සාපයක් රටට
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රනිල්ට පක්ෂයක් නැති එක රනිල්ගෙ අවාසනාව
    උගේ ගේම් නිසා තමයි පක්ශෙ කැඩිලා ගියේ.

    ඌ ලබු ගාලෙ මන්ත්‍රී වගේ සාගල, වජිර, රුවන් වගේ පොඩි උන් ටිකක් වටකරගෙන ඉන්නවා. අනිත් උන්ට එන්න දෙන්නෙ නෑ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මේ පොන්සියාට කෙළවෙන්න ගත්තෙම පොහොට්ටු බල්ලෝ ටික බේරාගත්තු එක. නැත්තං 2015 ඉඳන් මේ වෙනකන් හොඳට ආණ්ඩු කරන්න තිබ්බ. පොහොට්ටුව කියන්නේ අමුම සාපයක් රටට
    ඕක කරේ නැත්තං මිනිහට මීට වඩා චන්ද වැඩි වෙනවා
     
    • Like
    Reactions: Xi Jinping

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    උගේ ගේම් නිසා තමයි පක්ශෙ කැඩිලා ගියේ.

    ඌ ලබු ගාලෙ මන්ත්‍රී වගේ සාගල, වජිර, රුවන් වගේ පොඩි උන් ටිකක් වටකරගෙන ඉන්නවා. අනිත් උන්ට එන්න දෙන්නෙ නෑ.

    94 ඉඳන් එන කේස් එකක් නේ. ඒක තමයි අවාසනාවන්තයෙක් කියන්නෙ
     
    • Like
    Reactions: Solo Rider

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    උගේ ගේම් නිසා තමයි පක්ශෙ කැඩිලා ගියේ.

    ඌ ලබු ගාලෙ මන්ත්‍රී වගේ සාගල, වජිර, රුවන් වගේ පොඩි උන් ටිකක් වටකරගෙන ඉන්නවා. අනිත් උන්ට එන්න දෙන්නෙ නෑ.

    :yes:

    ඕක කරේ නැත්තං මිනිහට මීට වඩා චන්ද වැඩි වෙනවා

    :yes:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    94 ඉඳන් එන කේස් එකක් නේ. ඒක තමයි අවාසනාවන්තයෙක් කියන්නෙ

    ඌට හරියන්නේ උපදේශක තනතුරක් විතරයි.

    බලේ ලැබුණු ගමන් මිනිහට ඌශ්ණයක් එනවා. එතකොට කියන කරන දේවල් වලින් කාඩ් කුඩු. පහුගිය ටිකේ ඌ අධිකරණය උනත් පඩේකට ගනන් ගත්තෙ නෑ. දැන් ඌට කැරකිලා ශට් අප් ඇන්ඩ් සිට් ඩවුන්. 😄
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    please retire now with respect (whatever amount left with)
    sinhalu rejected Ranil once again:oo:

    no need to get humiliated like Rajapaksa family
    thank you for everything
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    මොනවා උනත් ඒක පැත්තකින් ඌ දිනුම්. තව අවුරුදු කීපෙකින්, අනුර රට හැදුවොත්, මිනිස්සු කියයි රනිල් ගේ මුල් පියවර නිසයි එහෙම උනේ කියලා. බැරි වෙලා වත් රට හදන්න බැරි උනොත් මිනිස්සු රනිල් මතකයි කර කර හුල්ලයි.

    ඌට දැන් තියෙන්නේ හරි විදියට අයින් වෙලා, රිටයාර් වෙන්න. ආයේ දේශපාලනේට නොඑන්න. අවුරුදු කීපෙකින් මයිනට තිබුණට වඩා රෙස්පෙක්ට් එකක් මිනිස්සුන්ගෙන් ඌට ලැබෙනව