හෑලි ලියන්නේ, මේ රට හදාගන්න, මේ රටේ ජීවත් වෙන්න, මගේ රට මේක හැර වෙනත් තැනක් ලෝකයේ මට නැති නිසා... මේක හදාගෙන ඉස්සරහට යන්න ආසා නිසා... අරකට මේකට වහල්ලු වගේ නැති නිසා... සිංහල දමිළ මුස්ලිම් සහ සියලු ජාතීන්ට සහයෝගයෙන් ජීවත් වෙන රටක් විදියට ලෝකය ඉදිරියේ අභිමානයක් සහිතව ජීවිත් වෙන්න ආසා නිසා... පක්ෂයකට නමකට වහල්ලු නොවී ශ්‍රී ලාංකිකයෙක් කියලා හිතන නිසා.
පොඩ්ඩක් නිදහසේ පාට පක්ෂ අතෑරලා මේක මගෙ රට, මං හුස්ම ගන්නේ මේ රටේ.. මගෙ අම්මගෙ තාත්තගෙ ආච්චිගෙ සීයගෙ මගෙ උපන් නූපන් දරුවන්ගේ රට එයාලා පස් වෙලා මිහිදන් වෙන රට.. ඒ පස් මතින් ගස් වැල් වෙලා මල් පිපෙන ඵල දරණ රට.. අනුර සජිත් මහින්ද රනිල් නෙවේ කියන කණ්ණාඩිය ගලවලා බලමු.. මේක අපේ රට.. එහෙම පොඩ්ඩක් වත් දැනෙන්නේ නැද්ද

------
Post added on Sep 24, 2024 at 4:47 PM