සුරේෂ් සලේ සහරාන්ට පාස්කු බෝම්බෙට උදව් කළ හැටි කමිටු දෙකකින් ඔප්පු වෙලා..! වාර්තා දෙකම රනිල් යන්න කලින් අතුරුදහන් කරලා..!
-නීතිපතියේ විශේෂ වාර්තාකරුවෙකු හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2024.සැප්.30, පෙ.ව.3.15) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීම සඳහා පත්කළ කමිටු දෙක විසින්ම රාජ්‍යය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සහ රාජ්‍යය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වැරදි කරුවන් බවට පත් කොට තිබේ. එසේම අදාල ප්‍රහාරය එල්ල කිරීම සඳහා සහරාන් ඇතුළු කණ්ඩායමට අවශ්‍යය පහසුකම් සැලසීමට සලේ, පිල්ලයාන්ගේ මාධ්‍යය ලේකම් ලෙස කටයුතු කරනු ලැබූ අසාද් මවුලානා සමග එකතු වී කටයුතු කර ඇති බවත් එම දෙදෙනා පුත්තලමේ පොල් වත්තක දී හමු වී ඇති බවත් ඔප්පු වී තිබේ. ඊට අමතරව සලේ, ජමීල් සමග පැවැත් වූ දිගුකාලීන රහසිගත සම්බන්ධය සහ ඊට අදාල දුරකථන වාර්තා රැසක් මෙම කමිටුව විසින් සොයාගෙන තිබෙන අතර ටාජ් සමුද්‍රා හෝටලයෙන් පැනයන ජමිල්ගේ දුරකථනයට එදින කතා කොට ඇත්තේ වෙන කවුරුත් නොව සුරේෂ් සලේ බව සිදුකළ විමර්ෂණ වලින් තහවුරු වී තිබේ. නමුත් එම ඇමතුම ලැබී ඇත්තේ දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් මුහුදු තීරයට ආසන්න ප්‍රදේශයකිනි. මෙම තොරතුරු අතිශය සාහසික ප්‍රහාරයක සුල මුල දත්ත වාර්තා සහිතව ඔප්පුකොට ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු ප්‍රකාශ කළේය.
මෙම වාර්තා දෙකම මහජන පරිශීලනයට නිකුත් කරන ලෙස ඉල්ලා, අගරදගරු ඇතුළු කතෝලික පල්ලිය, අපරාධ විමර්ෂණ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, රාජ්‍යය නොවන සංවිධාන වල සාමාජිකයින් රැසක් ඇතුළු බොහෝ පාර්ශව විසින් බලපෑම් කරමින් සිටිති. ඔවුන්ගේ අදහස වන්නේ මෙම වාර්තා දෙකම පාස්කු ප්‍රහාරය ගැන සත්‍යය දැනගැනීමටත්, යුක්තිය පසිඳලීමටත් අත්‍යවශ්‍යය බවයි. එහෙත් මේ වන විට අතුරුදහන් කර ඇති මෙම වාර්තා සොයාගැනීමට, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැදිහත් වී ඒවා මහජනයා වෙත ලබාදීමට වහාම පියවර ගනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාස කරති.
-නීතිපතියේ විශේෂ වාර්තාකරුවෙකු හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2024.සැප්.30, පෙ.ව.3.15) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීම සඳහා පත්කළ කමිටු දෙක විසින්ම රාජ්‍යය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සහ රාජ්‍යය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වැරදි කරුවන් බවට පත් කොට තිබේ. එසේම අදාල ප්‍රහාරය එල්ල කිරීම සඳහා සහරාන් ඇතුළු කණ්ඩායමට අවශ්‍යය පහසුකම් සැලසීමට සලේ, පිල්ලයාන්ගේ මාධ්‍යය ලේකම් ලෙස කටයුතු කරනු ලැබූ අසාද් මවුලානා සමග එකතු වී කටයුතු කර ඇති බවත් එම දෙදෙනා පුත්තලමේ පොල් වත්තක දී හමු වී ඇති බවත් ඔප්පු වී තිබේ. ඊට අමතරව සලේ, ජමීල් සමග පැවැත් වූ දිගුකාලීන රහසිගත සම්බන්ධය සහ ඊට අදාල දුරකථන වාර්තා රැසක් මෙම කමිටුව විසින් සොයාගෙන තිබෙන අතර ටාජ් සමුද්‍රා හෝටලයෙන් පැනයන ජමිල්ගේ දුරකථනයට එදින කතා කොට ඇත්තේ වෙන කවුරුත් නොව සුරේෂ් සලේ බව සිදුකළ විමර්ෂණ වලින් තහවුරු වී තිබේ. නමුත් එම ඇමතුම ලැබී ඇත්තේ දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් මුහුදු තීරයට ආසන්න ප්‍රදේශයකිනි. මෙම තොරතුරු අතිශය සාහසික ප්‍රහාරයක සුල මුල දත්ත වාර්තා සහිතව ඔප්පුකොට ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු ප්‍රකාශ කළේය.
වාර්තා විනාශ කරන්න නියෝග...
එහෙත්, අවාසනාවන්ත තත්වය නම්, ජනාධිපතිවරණයට සති තුනකට පෙර මෙසේ පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටු දෙකේ වාර්තා දෙකම කිසිවකුට පරිශීලනය කිරීමට නොහැකිවන පරිදි විනාශ කරන ලෙස අදාළ බලධාරීන්ට එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සාගල රත්නායක නියෝග දී ඇත. ඒ අනුව මේ වන විට එම වාර්තා දෙකම නීතිපති දෙපාර්තමේන්තුවෙන් අතුරුදන් වී ඇත. එලෙස අතුරුදන් කිරීමට දින දෙකකට පෙර සාගල රත්නායක ගේ කොළඹ මල් පාරේ පිහිටි නිවසට සුරේෂ් සලේ සහ නිලන්ත ජයවර්ධන කැඳවා ඇති අතර එහිදී එම තිදෙනා අතර පැය හතරක පමණ කාලයක හමුවක් තිබී තිබේ. ඊට වික්‍රමසිංහ ද දුරකථනයෙන් සම්බන්ධ වී ඇත.අතුරුදහන් කළ වාර්තා දෙක නම්..
මෙසේ අතුරුදහන් වී ඇති එක් වාර්තාවක් වූයේ පාස්කු ප්‍රහාරය චැනල් 4 නාලිකාවේ වාර්තා චිත්‍රපටය විසින් හෙළිදරව් කරනු ලැබූ කරුණු වල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සඳහා පත්කළ කමිටු වාර්තාවයි. දෙවැනි වාර්තාව වන්නේ පාස්කු ප්‍රහාරය ගැන නිවැරදි බුද්ධි තොරතුරු ලබා දුන්නේ ද ?, එසේ ලබා දී තිබුනේ නම් අවශ්‍යය පියවර ගැනීමට අසමත් වූ ආයතන මොනවාද ? යන්න සොයා බැලීමට හිටපු විනිසුරු අල්විස් මහත්මියගේ නායකත්වයෙන් යුතුව පත්කළ කමිටුව විසින් නිකුත් කළ වාර්තාවයි.මෙම වාර්තා දෙකම මහජන පරිශීලනයට නිකුත් කරන ලෙස ඉල්ලා, අගරදගරු ඇතුළු කතෝලික පල්ලිය, අපරාධ විමර්ෂණ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, රාජ්‍යය නොවන සංවිධාන වල සාමාජිකයින් රැසක් ඇතුළු බොහෝ පාර්ශව විසින් බලපෑම් කරමින් සිටිති. ඔවුන්ගේ අදහස වන්නේ මෙම වාර්තා දෙකම පාස්කු ප්‍රහාරය ගැන සත්‍යය දැනගැනීමටත්, යුක්තිය පසිඳලීමටත් අත්‍යවශ්‍යය බවයි. එහෙත් මේ වන විට අතුරුදහන් කර ඇති මෙම වාර්තා සොයාගැනීමට, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැදිහත් වී ඒවා මහජනයා වෙත ලබාදීමට වහාම පියවර ගනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාස කරති.