උදාහරණෙකට මම ගියෙ ගමේ ඉස්කෝලෙකට. A/L ලිව්වෙ ගමේ ඉස්කෝලෙ. මාත් එක්ක දුප්පත් ළමයි දෙන්නෙක් විතර හිටියා මගේ යාළුවෝ. අපේ class එකේ හිටපු අනිත් උන් ඉස්කෝලෙ එන්නෙ නෑ අන්තිම අවුරුද්දෙ. ටියුෂන් ගුරාලා ඉස්කෝලෙ දවස් වලත් රිවිෂන් දාලා. මම ඇතුළු අනිත් ළමයි හැමෝම ටියුෂන් යනවා. අර මගේ යාළුවො දෙන්නට ටියුෂන් යන්න සල්ලි නෑ. අපේ තාත්තගෙන් සල්ලි ඉල්ලන් මම එක යාළුවෙක්ට මාස 5ක් විතර ඇදල දුන්නා ඔක්කොම ක්ලාස් ටික. ටියුෂන් ක්ලාස් තිබ්බෙ නැත්තම් ඉස්කෝලෙ ගුරාලට නිකන් ඉන්නෙ වෙන්නෑ. ඒ කැරි පොන්නයො උගන්නන්නෙත් නෑ ඒ නිසා. මහම මජර ගුරුවරු ටිකක් සමාජයක් සංස්කෘතියක් ක්රමවේදයක් තමයි බිහි වෙලා තියෙන්නෙ. මට A1යි B1යි S එකයි තියෙනවා. මම කරේ කොමස්. අපේ ඉස්කෝලෙ මට කිසිම තරඟයක් තිබුණෙ නෑ. හැමදාම මම පන්තියෙ පළවෙනියා. මම වාර විභාග වලදි මම ලියපු පේපර් එකත් වටේ යවනවා. චානක කියල යාළුවෙක් හිටියා. උට සපත්තු දෙකක් ගන්න සල්ලි නෑ මම මගේ සපත්තු කූට්ටම දෙකෙන් එකක් උට දුන්නා. පව් උගෙ තාත්තා ගොවි තැන් කරේ. මට ඌ ඉස්සර බඩ ඉරිඟු ගෙනල්ලා දෙනවා. කඳුළු එනව අඩෝ.