කැන්ඩි රේල් වේ ස්ටේෂන් එකේ ත්‍රී විල් පාදඩයෙක්ට පාඩමක් ඉගන්නුවා.

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    ගිය සතියෙ මායි තව තුං දෙනෙකුයි නුවර ආව. ස්ටේෂන් එකේ ඉඳන් උබර් එකක් දැම්ම හාරගම Jetwing එකට. කාර් එකට රු. 1500 යී පෙන්නුවෙ. Tuk එකට රු. 800යී.

    උබර් කාර් එක ස්ටේෂන් එකට දැම්මම එතැන හිටපු ත්‍රී විල් පාදඩයෝ ඇවිත් උබර් කොල්ලට චණ්ඩි පාට් දාන්න ගත්ත. පොඩි කොල්ලෙක් ඌ හොඳටම බය වෙලා ට්‍රිප් එක කැන්සල් කරන්නම් සර් කියල මට කුවුව. ත්‍රී විල් පාදඩයි ඒ කොල්ලාට කියනව මීට වඩා හොඳයි ලු හිඟා කෑවනන්. වැඩේ හරියන්නේ නැති නිසා මං ට්‍රිප් එක කැන්සල් කරල දැම්ම. මගෙ කාඩ් එකෙන් කැංසල් ෆී එකක් ඒ කොල්ලාට ගියා. ඒත් මං තව පන්සීයක් දීලා දැම්ම. ඒ කොල්ලා යන්න හදද්දිත් කාර් එකේ දොර වහ ගන්න වත් අරුන් ටික දෙන්නේ නැ. උඹ කොහෙද කියල අහනව. ආයේ මේ පැත්තෙ ආවොත් කුඩු කරලා යවනවා කියල අර කොල්ලාට තර්ජනය කරා.

    ඊට පස්සෙ අපි හතර දෙනාට එතැන තිබ්බ ත්‍රී විල් දෙකක යන්න වුනා. ත්‍රී විල් පාදඩයෝ ටිකත් දත කෑවේ ඕකට තමා. Jetwing එකට යන ගමන් මං ඇහුවා ඇයි එයාල උබර් රෙජිස්ටර් වෙන්නෙ නැත්තෙ කියල. පොර කියනව ඇප් එකෙන් දුවනකොට ඌට පාඩුයි ලු. එද්දී එන්න වෙන්නෙ නිකං නිසා ඒ ගාන මදිලු.

    Jetwing එකට ආවට පස්සෙ ත්‍රී විල් ඩයල් දෙක රුපියල් 4000ක් ඉල්ලුව එක්කනෙක්ට රුපියල් 2000 ගානේ. ත්‍රී විල් ඩයල් එක කියනව පාර ටිකක් අබලන් නිසා ගාන පොඩ්ඩක් වැඩිලු. ස්ටේෂන් එක ගාව ඉඳන් jetwing එකට හරවන තැනට එනකං හොඳ කාපට් පාරක් තියෙන්නෙ. අන්තිම ටික තමා පොඩ්ඩක් අබලන් වෙලා තියෙන්නේ. මං ඒ මුකුත් කියන්නේ නැතුව රුපියල් 2000 දෙන්නට දිල දැම්ම. ඊට පස්සෙ ත්‍රීවීල් ඩයල් එකගෙ ෆෝන් නම්බර් එක ඉල්ලා ගත්තා ආයේ ට්‍රෙන් එකට යන්න ඕනෙ, මං කෝල් එකක් ගන්නන් නුවර ඉඳන් මෙහෙට එන එකටත් මං සල්ලි දෙන්නම් කියලා. පොරට මාර හැපි.

    අපි නුවරින් යන දවසෙ පාන්දර උබර් කාර් එකක් දාගත්ත ස්ටේෂන් එකට. උදේ වෙද්දී අපි කොළඹ.

    දවල් 2 විතර වෙද්දී නුවර හොඳටම traffic ඉස්කෝලත් එක්ක. මං ඒ වෙලාව අල්ලලා අරුට කෝල් එකක් ගත්ත Jetwing එකට එන්න පුලුවන්ද අහල. පොර එක පයිං කැමති වුනා. මං කිව්ව එදා ආපු අනිත් එක්කනාවයී, තව දෙන්නෙකුයී පුලුවන් නං එක්ක එන්න හොටෙල් එකෙ ෆොරින් කපල් දෙකක් ඉන්නව එයාලත් උබර් ට්‍රයි කරල වෙහිකල් එකක් හම්බ වෙලා නැහැ කියල, නුවරට එන්න විදිහක් හොයනවා කියල.

    මූ ඊට පස්සෙ අහනවා ෆොරින් කපල් දෙක ඉස්සෙල්ලා දාල අපි හතර දෙනා ගන්න ඊළඟට එන්නද කියල. කැරියගෙ තණ්හාව. මං කිව්ව ඒක හරියන්නෙ නැ අපි ඔක්කොටොම හදිසි උබර් වැන් එකක් තියෙනව. ඔයාල එනවද අපි ඒක දාගන්නද කියල. මූ ටක් ගාලා කිවුව හරි එන්නං 4 දෙනාගේම ගාන රුපියල් 4000 යි කියල. මං කිව්වා හරි රයිට් ඕකේ ෆෝරිනස්ලත් ඒ ගානට කැමති කියල. ඌ හරි අපි එන්නං කියල ෆෝන් එක තිබ්බ.

    විනාඩි 15කිං විතර මං ආයේ කෝල් එකක් අරං ඇහුවා ඔයාල අනිවාරෙන් එනව නේද කියල. පොර ඔව් ඔව් පොඩ්ඩක් traffic විනාඩි පහලොවක් යන්න කලිං එනවා දැං ඉන්නෙ තැන්නෙකුඹුර හන්දියේ කියලා. ත්‍රී විල් හතරම එනවා නේද? මං ඇහුවා. ඔව් ඔව් හතරක් එනවා. මං රයිට් ඕකෙ හදිසියක් නැ හිමීට එන්නකො හොටෙල් එක ඉස්සරහට ඇවිත් හොන් එකක් ගහන්න අපි එළියට එන්නං කියල.

    මං ඊට පස්සේ එහෙම්ම නම්බර් එක බ්ලොක් කරල දාල ෆෝන් එක සයිලන්ට් කරල නාගන්න ගියා. නාල එද්දී ෆෝන් එකේ මිස්කොල් 28යි. 🤣 නම්බර් දෙක තුනකින් කෝල් අරං.

    මැසේජුත් එවල. මුල් මැසේජ් සර් අපි ඇවිත් ඉන්නෙ, හොටෙල් එක ඉස්සරහ ඉන්නෙ, ඔයාල කොහෙද ඉන්නෙ වගේ ලස්සන වචන වල ඉඳන් ලෝකෙ නැති කුණහරුප වලට එනකං වැඩි දියුණු වෙලා. 😁

    ඒ මැසේජ් ටිකත් ඩිලීට් කරල කෝල් ඇවිත් තිබ්බ ෆෝන් නම්බර් ටිකත් බ්ලොක් කරල දැම්මා. අනිත් ත්‍රී විල් වල උන් අරුට මොනව කරන්න ඇතිද.😅

    කරේ බලු වැඩක් උනත් මගේ හිතේ පට්ට සතුටක් තිබ්බෙ අරු නුවර ඉඳන් හාරගම ඇවිත් බල්ල වගේ ආයෙ හැරිලා යනවා මතක් වෙද්දී. ඌ විතරක්ද අනිත් ත්‍රීවීල් තුණකුත් එක්ක.

    උඹලත් නුවර ඇවිත් උබර් එකක් දාද්දී ත්‍රී විල් පාදඩයෙක් චණ්ඩි පාට් දැම්මොත් මං දුන්න බෙහෙතම දිපල්ල. නැතුව ඕකුන්ව හදන්න බෑ. 🤌
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේ පාර මලිමාවට කියලා බැනර් අලවන් ගිය ත්‍රිවිල් සහෝදරවරු නේද නිර්ධන පන්තියේ. ඔහොම කරන එක කැතයි සහෝදරයා.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    අඩෝ මේ ත්‍රෙඩ් එක දැකලා මතක් උනේ මේ වගේ වැඩ කරන කොල්ලෙක් හිටියා ඉස්සර මේකේ ඩීමන් වගේ නමක් තිබ්බේ මේ වගේ කරන උන්ගෙන් පළිගන්න හැටි ගැන ත්‍රේඩ් එකක් දැම්මා
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    අඩෝ මේ ත්‍රෙඩ් එක දැකලා මතක් උනේ මේ වගේ වැඩ කරන කොල්ලෙක් හිටියා ඉස්සර මේකේ ඩීමන් වගේ නමක් තිබ්බේ මේ වගේ කරන උන්ගෙන් පළිගන්න හැටි ගැන ත්‍රේඩ් එකක් දැම්මා
    :lol: Ow, Kuppa wada threda eka neda. Bus wala seat blade kara porane?
     
    • Like
    Reactions: good-man

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Uber pickme danawa nam station eke nathuwa poddak parata awith dapan..

    nuwara 3 wheel karayawa colombo api kamathi policeyakata gennala kata uttara denna wena level ekata uwa rasthiyadu karanna legal game dena widi thiyanawa public danna ba...
     
    Last edited:

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,071
    6,410
    113
    kandy

    Nice work 👏