මාරාන්තික බෝල ජොයින්ටුව

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    ගෙවීගිය බෝල් ජොයින්ට් එකක් කියන්නෙ වාහනේක සැගවුනු මාරයෙක්

    මොකක්ද මේ බෝල්ජොයින්ට් කියන්නෙ. ඔයාගෙ වාහනේ සස්පෙන්ශන් පද්දතියට අදාලව තියෙන ඉතාම අවදානාත්මකම කොටසක් තමා බෝල් ජොයින්ට් කියන්නෙ. මේ බෝල් ජොයින්ට් එක නඩත්තුව (නිසි කලදී රිප්ලේස් කිරීම) නොකලහොත් බෙල්ල කඩලා යන වැඩ දෙක තුනක්ම වෙන්න පුලුවන්

    මේ බෝල් ජොයින්ට් එකත් එක්තරා ආකාරයක බෙයාරින් එකක්. මේ බෙයාරින් එකෙන් තමා වාහනේ ස්ටීරින් නකල් එක කන්ට්‍රෝල් ආම් එකට සම්බන්ද වෙන්නෙ. මේකෙන් අපිට ස්මූත් ස්ටීරින් ෆීලින් එකක් දෙනවා. කාලෙත් එක්ක මේ බෝල්ජොයින්ට් ගෙවී යාම සිද්ද වෙනවා.

    1. ස්ටීරින් කන්ට්‍රෝල් එක නැතුව යාම

    ගෙවීගිය බෝල් ජොයින්ට් එකක් ඔයාලා හදිස්සි අවස්තාවක කරන හරවුමක් බලාපොරොත්තු නැති මට්ටමට හරවන්න හෝ බලාපොරොත්තු වූ මට්ටමට හැරවෙන්නේ නැති වෙන්න පුලුවන්. එහෙම නැත්නම් ස්ටීරින් වීල් එක අපි කියන සරල බාසාවෙන් කපනකොට ගහන්න පුලුවන්. මේක සම්පුර්නෙන්ම ගැලවිලා යන්නත් පුලුවන්. ඊට පස්සේ ස්ටීරින් වීල් එකයි වාහනේ යන දිශාවයි අතර සම්බන්දයක් නෑ. දෝනි ලංකාවෙ දාලා ඩුබායි/ කොරියා ආව වගේ තමා

    2. ටයර වෙනස් ආකාරයට ගෙවීම

    වාහනේ වීල් එලයිමන්ට් එක පවත්වාගන්න ප්‍රදානම උපාංගයක් තමා බෝල් ජොයින්ට් කියන්නෙ. බෝල් ජොයින්ට් එක ගෙවී ගිහාම වාහනේ ටයරය පැත්ත ගෙවීම සහ සීමිත අවස්තා වලදි ශොක් අවුල්නම් රැලි ගෙවීමත් වෙන්න පුලුවන්. ඉතින් ටයර් එකේ ආයු කාලය බොහෝම ඉක්මනට හමාර කරලා දාලා පර්ස් එකට කෙලවලා දාන්න පුපුවන්

    3. සස්පෙන්ශන් හානි වීම

    ඔයාලා දැකලා ඇති මම නිතර කියනවා වාහනේ එන්ජින් ගියර් මවුන්ට් දානවනම් තුනම දාන්න. අපර් ආම් ලෝවර් ආම් හෝ ශොක් ශොක්මවුන්ට් දානවනම් යන්තම් හෝ ඩැමේජ් උන සියල්ල දාන්න කියල. මේකට හේතුව තමා
    මේ එක කම්පනන්ට් එකක ලූස් එක නිසා රෝදේ සෙලවෙන්න හෝ එලයිමන්ට් අවුල් ගියොත් ටික දවසකින් සස්පෙන්ශන් පද්දතියම විනාස වෙලා යනව

    4. සද්දේ එන්න පටන් ගන්නව

    ඉස්සරහ රෝද වලින් කෙටෙන සද්දයක් එන්න ගන්නවා කැඩුනු පාරවල් වල යනකොට

    5. ලොකුම රිස්ක් එක තමා බෝල්ජොයින්‍ට් එක කඩලම යන එක

    මේක කඩල ගියොත් වීල් එක එලියට හරි ඇතුලට හරි පනිනවා. ඊට පස්සේ කෙලින්ම බිහිසුනු අනතුරක්ම තමා.

    ඉතින් කොහොමද බෝල්ජොයින්ට් සවුත්තුවෙලා කියල දැනගන්නෙ?

    ප්‍රදානවම ඔයාලා සස්පෙන්ශන් පද්දතිය මනා පරීක්ශාවක් කරගන්න ඕන සෑම ඔයිල් චේන්ජ් කරන වාරයක් ගානෙම. ඊලගට ස්ට්‍රීරින් වීල් එක ලූස් නම්, සද්ද බද්ද එනවනම් ටයර් අක්‍රමිකව ගෙවෙනවනම් මේ බෝල් ජොයින්ට් හානි වෙලා තියෙන්න පුලුවන්

    වාහනයක සස්පෙන්ශන් පද්දතියට අදාල එකම එක චූටි කොටසක් ගැන මේ කිව්වේ. ලංකාවෙ යක්කු කියන 32 නොම්බර E නොම්බර දාර මරනවල 99%කම සස්පෙන්ශන් නඩත්තු කරලා නෑ. මොකද suv එකක සස්පෙන්ශන් නඩත්තුව කියන්නේ වාහනේ හතරපාරක්වත් පේන්ට් කරලා මෝඩයො අන්දන ලයිට් හයිකරන්න යන මුදලටත් වඩා වැඩි මිලක් යන වැඩක්. කලත් ලංකාවෙ කරන්නේ තායිවාන් බුශ් ගෙනල්ලා පට්ටලේ ගහලා අටෝන එක. ආම් එක දාන්නෑ. කිසිම මැනිෆැක්චරර් කෙනෙක් තමන්ගේ වාහන වලට ලෝවර් ආම් බුශ්, අපර් ආම් බුශ්, ලින්ක් රොඩ් බුශ් එක සහ ජොයින්ට් එක, පාස්සල හයි කරන බෝල් ජොයින්ට් එක පමනක් නිපදවන්නේ නෑ. බුශ් එකකට කියලා තනිව එනවනම් එන්නේ කට් බුශ් පමනයි. ලංකාවෙ තායිවාන් බුශ් පට්ටලේ ගහනකොටම බුශ් එකෙන් බාගයක් ඉවරයි. ඉතුරු බාගෙන් බාගයක් හයි කරලා බිම තියලා ටෝර්ක් කරද්දි ඉවරයි. ඔය යක්කු කියන ඒවට ඇත්තටම යක්කු කියන වචනය හරි. සොහොන් යක්කු ඕවා. ඔයාලා දැකල ඇති හිතේ හයියට පරන ඩිෆෙන්ඩර් කෙලගෙන ගිහින් දෙකට කැඩෙන්න වද්දගන්නෙ මේ සස්පෙන්ශන් අවුල් නිසා බොහෝ වෙලාවට

    ඔය "සුපිරි" කියන පරන ඉසුසු ටෲපර්, බොක්ස් ප්‍රාඩෝ, පලාත්සභා පජෙරෝ, ඉන්ටකූලර් පජරෝ, කම්පියුටර් බොඩි, නිසාන් පෙට්‍රෝල් 180/y60, එහෙම හොයිස්ට් එකකට දාලා ටෝච් එකක් අරන් යට රිංගුවනම් පිටු අසූවෙ පොතක් පිරෙන්න ලිව්වහැකි අඩුපාඩු. (ඩිෆෙන්ඩර් යටටනම් රේන් කෝට් එකක් නොදා රිංගන්න එපා ලියන්න වෙන්නෑ මොකුත්🙂👍)

    අලුත් ආන්ඩුවෙන්වත් වසර 8ක් දක්වාවත් පරන (2016න් උඩ) වාහන ගෙන්නන්න අවසර දෙත්වා🙏🙏
    1000004818.jpg
    1000004819.jpg
    1000004820.jpg
    1000004821.jpg
    1000004822.jpg
    1000004823.jpg
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,521
    113
    ඒඒමම SLT Projet වැඩ කරන කාලේ Nissan VRG Caravan ඒකක් දීලා තිබ්බා කම්පැනි ඒකෙන්. රෙන්ට් ඒකට ගත්ත ඒකක්. මාසෙක විතර ඉදන් දකුනුපැත්තට හරවද්දි සද්දයක් ඒන්න ගත්තා. වාහනේ අයිතිකාරයාට කීවත් වැඩක් උනේ නෑ. දවසක් පුස්සැල්ලාව ඉදලා පල්ලෙහට ඒද්දි Police station ඒක ගාවා වංගුව ගද්දි දකුණුපැත්තේ ටයර් ඒක Ball joint ඒක ගලවලා ගියා. වාහනේ පාර මැද දවස් 2ක්. slow apu nisa peralune na
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    මු මාර කතානෙ කියන්නේ. පරන lh30 shell dolphin vrg e24 කොච්චර නම් ස්කූල් හයර්, ස්ටාෆ් හයර් ගාමන්ට් හයර් දුවන ඒව තියෙනවද? පරණ පැජරෝ පැට්‍රල්, ඩබල් කැබ් කොච්චර තියෙනවද රජයෙ දෙපාර්තමේන්තු අමාත්‍යාංශ වල ඒවම? ප්‍රේමදාසගෙ කාලෙ චන්ද්‍රිකාගෙ කාලෙ පොලිසියට ගෙනාපු ටෲපර්, පැජරෝ තාම දුවනවනේ. කොච්චරවත් පාරෙ යනකොට ඇක්සිඩන්ට් දකිනවා කැඩුනු වාහන දකිනවා, පුද්ගලික වේවා රජයේ වේවා ඔය එහෙකවත් ටයිරොඩ් එකක් බෝල ජොයින්ට් එකක් පැනලා තියෙනව දැකල නෑ මෑතක නම්.. දැන් කවුරුත් පට්ටලේ ලියවලා බෝල ජොයින්ට් හදල දාන්නෙ නෑ. පරණ අලුත් ඕනම වාහනේකට ඔය කෑලි බ්‍රෑන්ඩ් නිව් ගන්න තියෙනවා තායිවාන් ඒවා. සාමාන්‍යෙන් 555 වගේ බ්‍රෑන්ඩ් වල ඒවා කොලිටි එකත් ඒ හැටි අවුලක් නෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේ කතාවෙනං බාගෙට බාගයක් පිළිගන්න බෑ පුතා...
    බෝල් ජොයින්ට් එක ගියාම ලෝවර් ආම් එකම මාරු කරන්න කියලනෙ මේ කියන්නෙ..

    මේ කියන විදිහට කරනවනං, ඕක සස්පෙනශන් වලට විතරක් නෙමෙයි, වාහනේ හැම පද්ධතියකටම අදාල වෙන්න ඕනෙ...
    එහෙම බැලුවොත්, ලංකාවෙ වාහනත් අවුරුදු 5කින් පස්සෙ තලන්න දාන්න ඕනෙ. ජන්ක් යාඩ් හැදෙන්න ඕනෙ පිටරට වල වගේ...
    එහෙම බැලුවොත් ලබන අවුරුද්ද වෙනකොට ct100 හැරෙන්න එක වාහනයක්වත් පාරෙ තියෙන්න බෑ...
    2020 ඉඳන් අලුතින් වාහන ගෙන්නලම නෑනෙ මෙහෙට..
    රත්තරං ගොයියගෙ මොළේ කරවෙලා..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene

    Mko mis mala pnala
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    රත්තරං ගොයියගෙ මොළේ කරවෙලා..
    බුවා මොකක් හරි ගේමක් ගහන්න යන්නෙ. යූස්ඩ් වාහන ගැන බිල්ලෙක් මවනවා ඩබල් එකේ. දායක සභාව නිසා වැඩේ නැගලම යනවා. මෝඩයෝ හැමතැනම ෂෙයා කරනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බුවා මොකක් හරි ගේමක් ගහන්න යන්නෙ. යූස්ඩ් වාහන ගැන බිල්ලෙක් මවනවා ඩබල් එකේ. දායක සභාව නිසා වැඩේ නැගලම යනවා. මෝඩයෝ හැමතැනම ෂෙයා කරනවා.
    ඔවු... මාත් දැක්ක මේක fb යනව...
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,499
    8,990
    113
    ගෙවීගිය බෝල් ජොයින්ට් එකක් කියන්නෙ වාහනේක සැගවුනු මාරයෙක්

    මොකක්ද මේ බෝල්ජොයින්ට් කියන්නෙ. ඔයාගෙ වාහනේ සස්පෙන්ශන් පද්දතියට අදාලව තියෙන ඉතාම අවදානාත්මකම කොටසක් තමා බෝල් ජොයින්ට් කියන්නෙ. මේ බෝල් ජොයින්ට් එක නඩත්තුව (නිසි කලදී රිප්ලේස් කිරීම) නොකලහොත් බෙල්ල කඩලා යන වැඩ දෙක තුනක්ම වෙන්න පුලුවන්

    මේ බෝල් ජොයින්ට් එකත් එක්තරා ආකාරයක බෙයාරින් එකක්. මේ බෙයාරින් එකෙන් තමා වාහනේ ස්ටීරින් නකල් එක කන්ට්‍රෝල් ආම් එකට සම්බන්ද වෙන්නෙ. මේකෙන් අපිට ස්මූත් ස්ටීරින් ෆීලින් එකක් දෙනවා. කාලෙත් එක්ක මේ බෝල්ජොයින්ට් ගෙවී යාම සිද්ද වෙනවා.

    1. ස්ටීරින් කන්ට්‍රෝල් එක නැතුව යාම

    ගෙවීගිය බෝල් ජොයින්ට් එකක් ඔයාලා හදිස්සි අවස්තාවක කරන හරවුමක් බලාපොරොත්තු නැති මට්ටමට හරවන්න හෝ බලාපොරොත්තු වූ මට්ටමට හැරවෙන්නේ නැති වෙන්න පුලුවන්. එහෙම නැත්නම් ස්ටීරින් වීල් එක අපි කියන සරල බාසාවෙන් කපනකොට ගහන්න පුලුවන්. මේක සම්පුර්නෙන්ම ගැලවිලා යන්නත් පුලුවන්. ඊට පස්සේ ස්ටීරින් වීල් එකයි වාහනේ යන දිශාවයි අතර සම්බන්දයක් නෑ. දෝනි ලංකාවෙ දාලා ඩුබායි/ කොරියා ආව වගේ තමා

    2. ටයර වෙනස් ආකාරයට ගෙවීම

    වාහනේ වීල් එලයිමන්ට් එක පවත්වාගන්න ප්‍රදානම උපාංගයක් තමා බෝල් ජොයින්ට් කියන්නෙ. බෝල් ජොයින්ට් එක ගෙවී ගිහාම වාහනේ ටයරය පැත්ත ගෙවීම සහ සීමිත අවස්තා වලදි ශොක් අවුල්නම් රැලි ගෙවීමත් වෙන්න පුලුවන්. ඉතින් ටයර් එකේ ආයු කාලය බොහෝම ඉක්මනට හමාර කරලා දාලා පර්ස් එකට කෙලවලා දාන්න පුපුවන්

    3. සස්පෙන්ශන් හානි වීම

    ඔයාලා දැකලා ඇති මම නිතර කියනවා වාහනේ එන්ජින් ගියර් මවුන්ට් දානවනම් තුනම දාන්න. අපර් ආම් ලෝවර් ආම් හෝ ශොක් ශොක්මවුන්ට් දානවනම් යන්තම් හෝ ඩැමේජ් උන සියල්ල දාන්න කියල. මේකට හේතුව තමා
    මේ එක කම්පනන්ට් එකක ලූස් එක නිසා රෝදේ සෙලවෙන්න හෝ එලයිමන්ට් අවුල් ගියොත් ටික දවසකින් සස්පෙන්ශන් පද්දතියම විනාස වෙලා යනව

    4. සද්දේ එන්න පටන් ගන්නව

    ඉස්සරහ රෝද වලින් කෙටෙන සද්දයක් එන්න ගන්නවා කැඩුනු පාරවල් වල යනකොට

    5. ලොකුම රිස්ක් එක තමා බෝල්ජොයින්‍ට් එක කඩලම යන එක

    මේක කඩල ගියොත් වීල් එක එලියට හරි ඇතුලට හරි පනිනවා. ඊට පස්සේ කෙලින්ම බිහිසුනු අනතුරක්ම තමා.

    ඉතින් කොහොමද බෝල්ජොයින්ට් සවුත්තුවෙලා කියල දැනගන්නෙ?

    ප්‍රදානවම ඔයාලා සස්පෙන්ශන් පද්දතිය මනා පරීක්ශාවක් කරගන්න ඕන සෑම ඔයිල් චේන්ජ් කරන වාරයක් ගානෙම. ඊලගට ස්ට්‍රීරින් වීල් එක ලූස් නම්, සද්ද බද්ද එනවනම් ටයර් අක්‍රමිකව ගෙවෙනවනම් මේ බෝල් ජොයින්ට් හානි වෙලා තියෙන්න පුලුවන්

    වාහනයක සස්පෙන්ශන් පද්දතියට අදාල එකම එක චූටි කොටසක් ගැන මේ කිව්වේ. ලංකාවෙ යක්කු කියන 32 නොම්බර E නොම්බර දාර මරනවල 99%කම සස්පෙන්ශන් නඩත්තු කරලා නෑ. මොකද suv එකක සස්පෙන්ශන් නඩත්තුව කියන්නේ වාහනේ හතරපාරක්වත් පේන්ට් කරලා මෝඩයො අන්දන ලයිට් හයිකරන්න යන මුදලටත් වඩා වැඩි මිලක් යන වැඩක්. කලත් ලංකාවෙ කරන්නේ තායිවාන් බුශ් ගෙනල්ලා පට්ටලේ ගහලා අටෝන එක. ආම් එක දාන්නෑ. කිසිම මැනිෆැක්චරර් කෙනෙක් තමන්ගේ වාහන වලට ලෝවර් ආම් බුශ්, අපර් ආම් බුශ්, ලින්ක් රොඩ් බුශ් එක සහ ජොයින්ට් එක, පාස්සල හයි කරන බෝල් ජොයින්ට් එක පමනක් නිපදවන්නේ නෑ. බුශ් එකකට කියලා තනිව එනවනම් එන්නේ කට් බුශ් පමනයි. ලංකාවෙ තායිවාන් බුශ් පට්ටලේ ගහනකොටම බුශ් එකෙන් බාගයක් ඉවරයි. ඉතුරු බාගෙන් බාගයක් හයි කරලා බිම තියලා ටෝර්ක් කරද්දි ඉවරයි. ඔය යක්කු කියන ඒවට ඇත්තටම යක්කු කියන වචනය හරි. සොහොන් යක්කු ඕවා. ඔයාලා දැකල ඇති හිතේ හයියට පරන ඩිෆෙන්ඩර් කෙලගෙන ගිහින් දෙකට කැඩෙන්න වද්දගන්නෙ මේ සස්පෙන්ශන් අවුල් නිසා බොහෝ වෙලාවට

    ඔය "සුපිරි" කියන පරන ඉසුසු ටෲපර්, බොක්ස් ප්‍රාඩෝ, පලාත්සභා පජෙරෝ, ඉන්ටකූලර් පජරෝ, කම්පියුටර් බොඩි, නිසාන් පෙට්‍රෝල් 180/y60, එහෙම හොයිස්ට් එකකට දාලා ටෝච් එකක් අරන් යට රිංගුවනම් පිටු අසූවෙ පොතක් පිරෙන්න ලිව්වහැකි අඩුපාඩු. (ඩිෆෙන්ඩර් යටටනම් රේන් කෝට් එකක් නොදා රිංගන්න එපා ලියන්න වෙන්නෑ මොකුත්🙂👍)

    අලුත් ආන්ඩුවෙන්වත් වසර 8ක් දක්වාවත් පරන (2016න් උඩ) වාහන ගෙන්නන්න අවසර දෙත්වා🙏🙏View attachment 239034View attachment 239035View attachment 239036View attachment 239037View attachment 239038View attachment 239039
    therennh bn
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මේ කතාවෙනං බාගෙට බාගයක් පිළිගන්න බෑ පුතා...
    බෝල් ජොයින්ට් එක ගියාම ලෝවර් ආම් එකම මාරු කරන්න කියලනෙ මේ කියන්නෙ..

    මේ කියන විදිහට කරනවනං, ඕක සස්පෙනශන් වලට විතරක් නෙමෙයි, වාහනේ හැම පද්ධතියකටම අදාල වෙන්න ඕනෙ...
    එහෙම බැලුවොත්, ලංකාවෙ වාහනත් අවුරුදු 5කින් පස්සෙ තලන්න දාන්න ඕනෙ. ජන්ක් යාඩ් හැදෙන්න ඕනෙ පිටරට වල වගේ...
    එහෙම බැලුවොත් ලබන අවුරුද්ද වෙනකොට ct100 හැරෙන්න එක වාහනයක්වත් පාරෙ තියෙන්න බෑ...
    2020 ඉඳන් අලුතින් වාහන ගෙන්නලම නෑනෙ මෙහෙට..
    රත්තරං ගොයියගෙ මොළේ කරවෙලා..
    පිළිගන්න පුළුවන් භාගේ මොකක්ද අක්කියෝ :love2:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Ball joint ehema lesiyen paninwada bn?
    නැහැ...
    Cv ඇක්සල්නං පනින්න පුලුවන්. බෝල් ජොයින්ට් නිකම්ම පනිනව කියල හිතන්න අමාරුයි.
    ඇක්සිඩන්ට් එකක් වුනොත්, පත වළක වැටෙනව වගේ දෙයක් වුනොත් ඇරෙන්න...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    ඩිෆෙන්ඩර් යටටනම් රේන් කෝට් එකක් නොදා රිංගන්න එපා ලියන්න වෙන්නෑ මොකුත්🙂👍)
    මුගේ තාත්තත් රේන් කෝට් දැම්මනම් මූ වගේ පිට රටට කහින අපේ සම්ප්‍රදාය හෑල්ලුවට ලක් කරන හීන මානෙන් පෙලෙන බුකී සිඟිත්තොන්ගෙ ගොඩ් වෙච්ච එකෙක් නොදකින්න තිබ්බා
     
    • Haha
    Reactions: caltonhp

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,883
    12,911
    113
    රත්තරං ඕක ලියල තියෙන්නෙ ඩුබායි නංගි බබාල චූන් වෙන්න, උඹලත් ඉතින් අනේ ඒකෙ වැරදි හොයනවා
     
    • Haha
    Reactions: NRTG and caltonhp