වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2024 මහා මැතිවරණයට ඉදිරිපත් වූ 'සමබිම' පක්ෂයේ අපේක්ෂිකාවකට අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් දන්වනු ලැබ ඇති බව එම පක්ෂය සඳහන් කරයි.
එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත්තේ, සමබිම පක්ෂයෙන් ඉදිරිපත්වූ ශීවන් ඉශ්වරි ජීවන් වෙතයි.
ඒ සඳහා හේතුව ලෙස සඳහන් කර ඇත්තේ සමබිම පක්ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිපත් වීම යන කරුණයි.
2024 මහා මැතිවරණය සඳහා 'සමබිම පක්ෂය' දිස්ත්‍රික්ක 05කට තරගවැදීම වෙනුවෙන් ලබා දුන් නාමයෝජනා මැතිවරණ කොමිසම විසින් අනුමත කර ඇත.
ඒ අනුව, 'සමබිම පක්ෂය' වන්නි දිස්ත්‍රික්කය සඳහා අපේක්ෂකයන් නවදෙනකු (9) යටතේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදිති.
සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න උතුරේ ගැටලුව සම්බන්ධයෙන් දැරුවේ ජනතා විමුක්ති පෙරමුණ මෙන් ජාතිවාදී මතයක් නොවන බවත්, සමබිම පක්ෂය එම මතය අඛණ්ඩව අද දක්වා ම එලෙසම දරමින් සිටින බවත්, එවන් වටපිටාවක් සහිත ජාතිවාදී නොවන වමේ පක්ෂයක් වන සමබිම පක්ෂයේ අපේක්ෂිකාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැන්වීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් 'සමබිම පක්ෂය' නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.
සමබිම පක්ෂයේ අපේක්ෂිකාවක මේ ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත කැඳවීම, පුරවැසියා සතු ඕනෑ ම දේශපාලන මතයක් දැරීම සහ පිළිගත් දේශපාලන පක්ෂයක් සමග කටයුතු කිරීම යන මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ තර්ජනයට ලක් කිරීමක් යයි ද එම නිවේදනයේ සඳහන් වේ.
ශීවන් ඉශ්වරි ජීවන් ගේ ප්‍රකාශය
'' 12 වෙනිදා සවස 4.30ට පමණ බයිසිකලයකින් දෙදෙනෙකු පැමිණියා ඒ පුනරුත්තාපනයෙන් පැමිණියාට පසු අපි ගැන නිතරම හොයන බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙක් බවට හදුනා ගත්තා. එම නිලධාරින් දෙදෙනා ඇවිත් ඔයා මේපාර පාර්ලිමේන්තු මැතිවරණයට නම් ලැයිස්තු කරලා තියෙනවා. ඔයා ඒ ගැන දැනුවත්ද කියලා ඇහුවා. ඔයාව බලහත්කාරයෙන්ද මේ නාමයෝජනාවලට ඇතුළත් කරේ කියා ඇහුවා. ඒහෙම දෙයක් නැ. අපිව හොඳින් හඳුනන කෙනෙක් හරහා තමයි මේකට ඇතුල් වුණේ කියලා කිව්වා.
සමබිම පක්ෂයෙන් ඔයා පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කරන එකේ ලොකු ප්‍රහේලිකාවක් තියෙනවා. ඔයාගේ නිවසේ තියන විදිය ඔයාගේ තත්ත්වය කිසිම පසුබිමක් නැතුව ඔයා කොහොමද මැතිවරණයකට ඉල්ලන්නේ ඔයාව බලෙන් නේද මේකට ඇතුලත් කරේ කියලා ඇහුවා.
මේ ගැන හොයලා බලන්න ඕනේ මේ ගැන අපි කොළඹ උසස් නිලධාරින්ව දැනුවත් කරනවා. ඔයාට විමර්ෂණයක් පවත්වන්න සිද්ධවෙනවා" යැයි ඒ පැමිණි නිලධාරීන් ඇයට වැඩිදුරටත් පැවසු බව ඉශ්වරි පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීම ගැන මෙසේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයකින් පැමිණ ප්‍රශ්න කරන්නේ ඇයිද යන්න ගැටළුකාරී තත්ත්වයක් බව ඇය වැඩිදුරටත් සඳහන් කරන්නීය.
මේ සම්බන්ධයෙන් සමබිම පක්ෂය මේ වන විටත් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානයට පැමිණිලි කර ඇත.
https://www.theleader.lk/news/26975...HygCswOIim4AfS0E-A_aem_It-cPMkp3CWf1xkHl8ffjQ

අන්ඩර දෙමල වගේ . මම හැබැයි බලනවා. තේරුම් ගන්න කියාම තමා උක ඉරෙන්නේ 