මතක
තාත්තට තිබ්බා හරි අපූරු පුරුද්දක්. එයා ලිව්වා. කොහෙදි උනත් කරපු කියපු හොද හෝ නරක ඕනම දෙයක් එයා පොඩි සටහනක් විදියට diary එකේ ලියන්න පුරුද්දක් කරගෙන හිටියා. නිතර ගෙදර ඉන්නෙ නැති කෙනෙක් උනාට ගෙදරදි නම් වැඩක් නැති දවස් වල හවසට කණ්ණාඩි දෙකත් දාගෙන දිව රවුම් කරකර එයා ලියනවා.
මීට අවුරුදු 9 කට කලින් එහෙම එක දවසක ලියද්දි මම "ඕව ලියන්නත් දේවල්ද, මේකෙන් ෆොටෝ එකක් ගත්තම හරිනෙ" කියලා විහිලුවක් කරා මතකයි. මොකද එදා මටත් හෙන සතුටු දවසක්. ඒ වෙලාවෙ "උඹ දන්න ඉටිගෙඩියක් නෑ, මේව තියෙන්නෙ ලියන්න" කියලා එයා ඒක diary එකේ ලිව්වා. මමත් හිනාවෙවී හිටියා.
අද තාත්තා නෑ. ඒ ෆෝන් එකත් නෑ, මම එදා කයිය ගහපු ඒ ෆොටෝ එකක්වත් ඉතුරු වෙලා නෑ. හැබැයි එයා ලියලා තිබුන ඒ පොඩි නෝට් එකත් එක්ක තව මතක ගොඩක් මේවගේ diary සෙට් එකක් පුරා තාම ඉතුරු වෙලා තියනවා.
එයා එදා කිව්වා හරි, මම දන්න ඉටිගෙඩියක් නෑ..!
උපුටාගැනීම : ෆේස්බුක්