ලංකාවේ වී මිල තීරණය කරන්නේ ගොවියට යන වියදමෙන් .
එතන නෑ ආණ්ඩුවෙන් පොහොර වලට දෙන සහනාදාර වල වටිනාකම . ඒවා ගෙවන්නේ මිනිස්සු බදු වලින් .
ඔතන නෑ කුබුරු වලට වතුර දෙන්න වාරිමාර්ග පද්දීතිය ට දාන සල්ලි . ඒවා නිකන් ගොවියට එන්නේ . ඒවා නඩත්තු සල්ලි යන්නෙත් මිනිස්සුන්ගේ බදු සල්ලි .
උබ හාල් කිලෝ එකක් රුපියල් 230කට ගත්තට ඇත්තටම ඒක හදන්න බදු විදියට තව ගොඩක් ගෙවල තියනව .
රටින් හාල් අඩුවට ගෙන්න පුලුවන් නම් බොරුවට මේක තමයි ඉස්සර පෙරදිග ධාන්‍යගාරය කිය කියා හිටියට වැඩක් නෑ බන් .
ඇත්තටම වී අඩුවට ගන්න පුලුවන් නම් දැනට යන වියදමට වඩා ඔය ඉඩම් වල වෙන නිෂ්පාදන කරන දේවල් දාන එක ගොඩක් පලදායි . .
පොඩි රටේ ඉඩම් ගොඩක් නෑ නේ . තියන ඉඩම් වැඩි හරියක වියදම වැඩි ලාබයක් නැති වගාවක් දාගෙන ඉදල තේරුමක් නෑ තමයි .
ගොවියොත් හැමදාම දුප්පත්
නිකමට හිතපන් සිංගප්පුරුව කියන පොඩි රටේ උන් උන්ගේ රටෙන් බාගයක් වගා කරොත් උන්ට වැඩක් තියනවද කියලා .
සිය රට දේ සිරි සැප දේ , දේශීය ගොවියා නගා සිටුවීම වගේ මෝඩ කතා කිය කියා ඉන්නේ නැතුව නිෂ්පාදන වලට ඉඩම් පාවිච්චි කරන්න පුලුවන් . නැත්නම් ලෝකේ හොද ඉල්ලුමක් තියන බෝග වගා කරන්න ඔය ඉඩම් ගන්න පුලුවන් . ඒ සල්ලි වලින් කොටසක් දාල අඩුවට රටටම හාල් ගේන්න පුලුවන් .
