මමත් ඔය ප්‍රසිද්දම කේන්දර සහ සාස්තර කාරයෝ කිහිප දෙනෙක් ගාවට ගිහින් තියෙනවා හැබැයි කවුරුවත් ලොකුවට අතීත වර්තමාන 2 ගැනම ඇත්තක් කිවුවේ නෑ (මට තේරුනේ කියන්න බැරිනිසා ලිස්සලා යනවා වගේ ) විශේෂයෙන් මගේ අනාගතේ ගැන ඇත්තක් කිවුවේ නෑ
හොඳම ආතල් එක දුන්නේ බම්බලපිටියේ නාඩි වාක්‍ය කාරයෝ (2008 දී වගේ ගියේ)
ඔය නාඩි හුකන්නෝ හින්දා තව පොඩ්ඩෙන් ලවු එකටත් කෙලවෙනවා , ඉස්සර ඕකුන් කැසට් එකකට ඔක්කොම මම ගැන විස්තරේ record කරලා දුන්නා, මුන් එකේ කියනවා බඳින කෙනාගේ නම සහ එයා ඉන්න පළාත , ඔය කැසට් එක ඒකාලේ girl friend (දැන් wife ) අරගෙන් ගිහින් අහලා හෙන අප්සට් එකේ හිටියේ මාස කිහිපයක්ම යනකන් , ඇයි ඉතින් කැසට් එකේ කියන්නේ බඳින කෙනාගේ නම සහ එයා ඉන්න පළාත සම්පුර්ණයෙන්ම වෙනස් නේ ඒකාලේ girl friend (දැන් wife ) ගේ විස්තරත් එක්ක , අපරාදේ සල්ලි 3500ක් ද කොහෙද දුන්නා ඒ කාලේ
ඕක අහන කාලේ වෙනකොට යාළුවෙලා අවුරුදු 4ක් විතර , දෙපැත්තේම ගෙවල් වලින්නුත් දන්නවා affair එක ගැන, wife හිතුවේ එයා හදිස්සියේම මැරේවි බඳින්න කලින් ඊට පස්සේ මම වෙන කෙනෙක් බඳිවි වගේ දෙයක් වේවි කියලා
අනික ඔය නාඩි හුකන්නෝ කිවුවා මම 2010 දී ඔසී වල පදිංචියට යනවා කියලා , wife හිතුවේ එයා මැරුනම මම වෙන කෙනෙක් බැඳලා ඔසී යාවි කියලා.
හැබැයි ඉතින් තවමත් අපි අමුතු ඇටේ
නාඩි වාක්‍ය , කේන්දර සහ සාස්තර විශ්වාස කරන කෙනෙක් ඉන්නවනම් කියපන්කො උන්ට මගේ ගැන විස්තර කියන්න බැරි උනේ මොකද කියලා ?