අපි කියන විදිහට කරන්න රජය ලෑස්ති නෑ.. මේක පරණ රජයමයි..- ලාල් කාන්ත ⚡⚡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ.එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කීය.ඒ මහතා එම අදහස් ප්‍රකාශ කළේ මහනුවර හල්ඔළුව ප්‍රදේශයේ පැවැති මහජන හමුවකදී අදහස් දක්වමිනි.මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

    “ආණ්ඩුව කියන්නේ එකක්. රජය කියන්නේ තව එකක්. ආණ්ඩුව අලුත් එකක් රජය පරණ එකක්. පරණ රජයමයි මේ තියෙන්නේ .හැබැයි ආණ්ඩුව අලුත්. පරණ රජයට පුරුදු වෙච්ච නිතියක් පුරුද්දක් ක්‍රමයක් සංස්කෘතියක් තියෙනවා .ඒ සංස්කෘතියේ නරක ඒවත් තියෙනවා හොඳ ඒවත් තියෙනවා .අපට බලය ලැබිල තියෙන්නේ රජය මෙහෙයවන්න.රජය ආණ්ඩුවේ නෙවෙයි. මේ රජය තුල අපට ඕන ඒවාම ක්‍රියාත්මක කරන්න හැමෝම සූදානම් නෑ. තවම පරණ විදිහ. තවම පරණ වැරදිත් වෙනවා. දේශපාලනයේ වැරැද්ද අපි හදා ගත්තා. නමුත් තවමත් රජයේ නිලධාරින් ඉන්නවා මිනිස්සුන්ට වැඩක් කරන්න ඔවුන්ගෙන් කීයක් හරි ගන්න අය.

    තවමත් ඉන්නවා ළමයා ඉස්කෝලේ දාන්න ගියහම කීයක් හරි ඉල්ලන අය. දෙන අයත් සමහර විට කියන්නේ නෑ. එහෙම කියන්නේ නැත්තේ දීල මොකක් හරි කර ගන්න පුළුවන්නේ. තමන්ගේ වැඩේ වුණ නිසා කොහාටවත් පැමිණිලි කරන්නෙත් නෑ. ගන්න අයයි දෙන අයයි අතර තවමත් ෂේප් එකේ තවමත් වැඩ යනවා. අපි සුද්ද කර ගත්තේ ආණ්ඩුවේ පැත්ත.රජය පැත්තෙන් ජනමතයට ඕන විදිහටම හැම තැනම වැඩ යන්නේ නෑ. ජනතාවගෙනුත් මේකට සම්පූර්ණ සහාය ලැබෙන්නේ නෑ. ඒකනේ සමහර ගොවියන් ආණ්ඩුවට එක වී ඇටයක්වත් දෙන්නේ නෑ කියල කියන්නේ.පොහොර දෙන්නෙත් රජයෙන්.වතුර දෙන්නෙත් රජයෙන් .නමුත් වී ඇටයක්වත් රජයට දෙන්නේ නෑ කියල කියන්නේ ඔවුන්

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 ක් දෙනව කියන්නේ ජනතාවගේ කැමැත්තක්නෙ මේ. ඒකේ රාජ්‍ය සේවකයොත් ඉන්නවනේ. හැමෝටම රට හදන්න ඕන හැබැයි තමන්ට අත තියන්නේ නැතිව. අපි කරන හැමෝම හිතනව අපි කලින් කරපු ජඩ වැඩ බලු වැඩ ඔක්කොම කර ගෙන ඉන්න දෙන්න අනෙක් අයව වෙනස් කරල රට හදන්න යැයි සමහරු කියන බවද අමාත්‍යවරයා මෙහිදී කීය.


    – ලංකාදීප

    -LCN-
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    අඩන්නේ ඇයි සුදු මැනිකේ 🎶කියන්න පන මාගේ🎶🤣🤣
     
    • Haha
    Reactions: Asmodeus

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    159 ක් දීලා තියෙන්නේ ඒක නිසා තමයි, කියවා කියවා යන්න නෙවෙයි 😒

    159 විතරක් මදි තව පළාත් සබහා ප්‍රදිශීය සබහත් ඕනේ වැඩ කරන්න.
     
    • Haha
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,086
    168,002
    113
    එකමත් එක රටක
    අපි චන්දෙට කලින් කිව්වා රටේ මිනිස්සු එහෙම ආණ්ඩු වෙනස් උනා කියලා වෙනස් වෙන්නේ නෑ , ඔය ෆැන්ටසි හරියන්නේ නෑ කියලා .
    මේකේ ඉන්න පණ්ඩිත ජෙබයෝයෝ ටික අපිට කිව්වේ , "උඩ වෙනස් උනාම ඒ විදියට යට වෙනස් වෙනවා " වගේ ෆැන්ටසි කතා . :lol:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,224
    55,046
    113
    Colombo
    අපි චන්දෙට කලින් කිව්වා රටේ මිනිස්සු එහෙම ආණ්ඩු වෙනස් උනා කියලා වෙනස් වෙන්නේ නෑ , ඔය ෆැන්ටසි හරියන්නේ නෑ කියලා .
    මේකේ ඉන්න පණ්ඩිත ජෙබයෝයෝ ටික අපිට කිව්වේ , "උඩ වෙනස් උනාම ඒ විදියට යට වෙනස් වෙනවා " වගේ ෆැන්ටසි කතා . :lol:

    unta ridenna ehema kiwwa comment eka quote karala daapan ban
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,690
    100,994
    113
    , "උඩ වෙනස් උනාම ඒ විදියට යට වෙනස් වෙනවා "
    :lol:
    දැන් නන් කොහෙන් වෙනස් වෙනවද කියලා හිතා ගන්න බෑ. අද කියන එක හෙට වෙන එකෙක් ඇවිත් ආයේ එක එහෙම නෑ කියනවා.
     
    • Haha
    Reactions: Asmodeus

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    476836767_3327903430675089_8601325493562754264_n.jpg