AI bubble එකක් කියලා මන් අදහස් කරේ LLM බොරුවක් කියලා නෙමෙයි. LLM පට්ට useful තව ගොඩක් දේවල් ඉස්සරහට කරන්න පුළුවන් අපිට LLM වලින්. උදාහරණයක් කිව්වොත් මන් ගිය සතියේ watch එකක් ගත්තා Amazfit මේකේ උන් LLM based AI assistance software එකක් දාලා තියෙනවා. ඕනම වෙලාවක watch එකෙන් මට මේ ලෝකේ ඕනේ දෙයක් ගැන ශනික අහලා දැන ගන්න පුළුවන් ඒක නිකං සුපර් power එකක් ආවා වගේ වැඩක්. තව ඉස්සරහට සුපිරි සුපිරි usecases බලාගන්න පුළුවන් වෙයි. මන් bubble එකක් කියන්නේ මේක overhype කරන එකට. Specially මිනිස්සුන්ගේ jobs replace කරනවා කියලා කියන එකට. කවදාවත් LLM model එකකට මනුස්සයෙක්ව replace කරන්න බෑ ( එහෙම පුළුවන් මිනිස්සු ඉන්නවා එක් වෙනම කතාවක්) LLM model එකක් output එකක් දෙන්නේ එයට අපි feed කරන data සෙට් එකට අදාල best prediction එක නැතුව LLM model එකකට හිතලා තීරණ ගන්න බෑ consciousness එකක් නෑ. මිනිස්සුන්ගේ වටිනාකම තියෙන්නේ මෙන්න මෙතන. දැන් රැල්ල යන්නේ හැම එකටම AI කෑල්ල දාලා මිනිසුන්ට වැඩිය හොඳයි කියලා පෙන්නන tools softwares market කරන්න try කරන එක කොටින්ම කිව්වොත් මිනිසුන්ව second class කරලා AI model එක superior කියලා පෙන්නන රැල්ලක් යන්නේ. මෙන්න මේකට තමයි මන් AI Bubble එක කිව්වේ. දැන් මාර්කට් එකේ සල්ලි බිලියන ගනන් මේ වෙනුවෙන් වෙන් වෙනවා. Devin Ai එක තමයි හොඳම example එක මුන් මේ bubble එකෙන් ඩොලර් බිලියන 6ක් එකතු කරගත්තා මන් දන්න තරමින්. හැබැයි අන්තිමට ඒක පුස්සක් උනා. හැබැයි මේ bubble එක ඇතුලේ ඉන්න තව ගොඩක් අය ඉන්නවා. Software විතරක් නෙමෙයි marketing, sales, accounting, designing මේ හැම ෆීල්ඩ් එකකම මේක යනවා. ඒක එක ප්‍රොඩක්ට් ඇවිත් better than human කියන slogan එකෙන් එක එක product launch කරනවා. මේවාට investors ලා ලොකු ගනන් වියදම් කරනවා. මොකද conecept wise මේක මාර දෙයක් විදියට පේන නිසා සහ මේකේ return එක හිත ගන්න බැරි ප්‍රමනයක් වෙන්න පුළුවන් නිසා. හැබයි මේ ප්‍රොඩක්ට් real world perform කරන්න ගියාම fail වෙනවා අනිවරෙන්ම එක සහතිකයි. අන්න එතකොට මේ bubble එක බ්‍රේක් වෙනවා. පහළ පින්තූරේ නිකං දාන්නේ.
View attachment 248228
මෙහෙමයි බිස්නස් ලෝකෙ ඔහොම තමයි ඕන දේකදි. දෙයක් profit කරනව පේද්දි overhype වෙනව. හැබැයි ඒකෙන් කියනවෙන් නෑ ඒ hype එක පුස්සක් වෙනව කියල. ඒ හයිප් එක අස්සෙ ඒ විශාල investments අස්සෙන් තමයි ඇත්තම game changing දේවල් එලියට එන්නෙත්.
උදාහරණයක් විදිහට කාලයක් wall street කැළඹිල ගියා tech company වලින්. IT/tech කියල අලුත් ෆීල්ඩ් එකකින් පට්ට ප්‍රොෆිට් කියල හැමෝම සල්ලි දාන්න ගත්ත. overhype තමයි හැබැයි ඒ අස්සෙන් මතු වෙච්ච කම්පැනි තමයි අදත් tech ලෝකෙ රජ කරන්නෙ.
ඔතන උඹල වරද්දගන්න තැන් දෙකක් තියෙනව.
1. ඕනවට වඩා technology perspective එක බලන්න යනව.
මාත් LLM කියන්නෙ මොකක්ද transformers කියන්නෙ මොනවද deep learning algorithms වැඩ කරන්නෙ කොහොමද කියල දන්නව. හැබැයි business වලදි ඒක වැඩක් නෑ. AI එකක් මොකක් හරි දෙයක් කරන්න
"Good Enough" ද කියන දේ විතරයි වැදගත්. ඒක ආවෙ consciously හිතලද කියන එක no one cares. අපිට හොඳටම පේන්න තියෙනව AI දැනටමත් එහෙම good enough දේවල් ගොඩක් තියෙනව.
(තවත් ටිකක් ගැඹුරින් හිතුවොත් මිනිස්සු කියන්නෙත් prediction machines තමයි. අපිත් කරන්නෙ කලින් අත්දැකීම් මත නව අත්දැකීම් predict කරන එක. අපි ඇයි අමු මිරිස් වලට බෝංචි කියල රැවටෙන්නෙ? මොකද අපිත් කරන්නෙ prediction එකක්. ඒක අපි ඉතාමත් හොඳින් කරනව AI වලට වඩා. ඒක හින්ද වෙනස තේරෙනව. හැබැයි උඹට මතකනන් chatgpt ආපු මුල් කාලෙ ලොකුවට වැරදි කරා. අපි Chatgpt එකෙන් දෙයක් ඇහුවම හැම තිස්සෙම triple check කරා. හැබැයි දැන් ලොකුවට බලන්න යන්නෙ නෑ නේද? පොඩ්ඩක් උඩින් පල්ලෙන් බැලුවම ඇති නේද? ඉස්සට AI Images බැලුව ගමන් AI කිවුවට දැන් එහෙම හොයන්න අමාරුයි නේද? ඒ කියන්නෙ AI එකත් එයාගෙ predictions ටික ටික human level එකට ලං කරගෙන.)
2. AI මිනිස්සුන්ගෙ ලෙවල් එකට එන්න හෝ AGI එකක් හැදෙන්න ඕනෙ කියල හිතන එක ජොබ්ස් replace වෙන්න.
ඒකත් පට්ට වැරදියි. AI එකට මනුස්සයෙක් කරන ජොබ් එකෙන් කොටසක් good enoughly කරන්න පුලුවන් උනාම ඇති jobs අඩු වෙලා යන්න. Customer Help වලට AI agent කෙනෙක් දාලා 70% customers ලගෙ ප්‍රශ්න වල උත්තර දීගන්න පුලුවන්නන් අර අන්තිමට human කෙනෙක් අවශ්‍ය වෙන 30% වලට විතරයි workforce එකක් maintain කරන්න වෙන්නෙ. 70% layoff.
Industrial Revolution එක කාලෙ මිනිස්සු හිතුව මිනිස්සුන්ගෙ පෙනුම තියෙන රොබෝලා ඇවිල්ල ඔක්කොම වැඩ කරයි කියල. හැබැයි එහෙම නෙමෙයි උනේ නෑ හැබැයි විවිධ machines ආවා. ඒවයෙන් jobs replace උනා. machines වලින් ඔක්කොම කරල අන්තිමට belt එකේ යන product එකේ අවුල් තියෙන ඒවා අයින් කරන්න විතරක් minimum wage එකට කොල්ලො කෙල්ලො දෙතුන් දෙනෙක් ගත්ත.
සිය ගානක් එකතු වෙලා කරපු වගා මිනිස්සු දෙතුන් දෙනෙක්ටයි මැශින් දෙක තුනකටයි කරන්න පුලුවන් උනා. එහෙම උනේ මිනිස්සු වගේ රොබෝලා ඇවිල්ල නෙමෙයි. AI වල කතාවත් ඕකයි.