අසාමාන්‍ය අත්දැකීමක්...
ඊයේ දින (මාර්තු 28) උදෑසන 6.30 ට ආසන්න වේලාවක දී මා හට තරමක අසාමාන්‍ය සිදුවීමක් දැකගැනීමට ලැබුණි.
ඊයේ උදෑසන මුහුණ සෝදා ගැනීමට ළිඳ වෙතට ගියවිට මා දුටුවේ එහි ජලය සියුම්ව කැළැතීමකට ලක්වෙමින් ජල තරංග ඇතිවන ආකාරයයි.
කිසිම ආකාරයක සුළං හැමීමක් එම අවස්ථාවේ නොවුනු අතර ජලය මත වෙනත් බාහිර යමක් (සත්වයෙක් වැනි) ද දැකගැනීමට නොවීය.
එම ලිඳ ආසන්නයේ විශාල වාහන ගමන්කරන මාර්ගයක් ද නොමැති නිසා මෙම ජල තරංග හටගැනීමට වෙනත් හේතුවක් ගැන සිතාගැනීමට අපහසු විය.
උදෑසන මෙම අමුතු අත්දැකීමට මුහුණදුන් මා හට දහවල් වනවිට ඔබ කවුරුත් දන්නා ඊයේ බුරුමයේ සිදුවූ "භූමි කම්පාව" ගැන අසන්නට ලැබුණි.
සමහර විට ජලය මත එසේ රැලි ඇතිවූයේ එම භූමි කම්පාවේ ප්‍රතිඵලයක් ලෙසින් වියහැකි ද?
Location - හලාවත