ඇමරිකාවෙන් අපේ රටට ආනයනය කරන භාණ්ඩ සඳහා ( සේවා මීට ඇතුළත් නොවේ) අපේ රට විසින් 88% ක තීරු බද්දක් පනවා ඇති බවත් ඒ නිසා ඇමරිකාව විසින් ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක තීරු බද්දක් පනවා ඇති බවත් බොහෝමයක් දෙනාගේ විශ්වාසය වී ඇති බව පෙනේ.
එහෙත් සත්‍ය වශයෙන්ම සිදුවී ඇත්තේ ඇමරිකාව හා ලංකාව අතර ඇති වෙළඳ ශේෂය සඳහා බදු පැනවීමකි.
ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන මුළු භාණ්ඩ වල වටිනාකම ඩොලර් මිලියන 3000 යි.
ඇමරිකාවෙන් ලංකාවට ආනයනය කරන මුළු භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 360.
එවිට ඇමරිකාවට ඇති ඍණාත්මක වෙළෙඳ ශේෂය(trade deficit) හෙවත් පෙර අගයන් දෙකේ පරතරය ඩොලර් මිලියන 2640 යි.
එම වෙළෙඳ පරතරය වන 2640 යන අගය අප විසින් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩවල වටිනාකම වන 3000 න් බෙදූ විට ලැබෙන අගය ප්‍රතිශතයක් ලෙස සැලකූ විට 88% ක් ලැබේ.
(2640÷3000)×100 = 88%
ඇමෙරිකා රජය මෙම වෙළඳ ශේෂය ඔවුන්ගේ රටට ආනයනය කරන භාණ්ඩ වල වටිනාකමට දරන අනුපාතය ඔවුන්ගේ රටට අප රට විසින් පනවා ඇති බද්දක් ලෙස සලකා ඇති බව පෙනී යයි. මෙය කිසිම සාධාරණත්වයක් හා ප්‍රායෝගිකත්වයක් නැති තීරණයක්.
එසේ නොමැතිව ඇමරිකාවෙන් අප රටට ආනයනය කරන භාණ්ඩ සඳහා 88% බද්දක් අපේ රටේ රජයන් විසින් පනවා ඇති බව අසත්‍ය ප්‍රකාශයක්. ඇමෙරිකාව වගේ ඉහල භාණ්ඩ මිලක් ඇති රටකින් ගෙනෙන භාණ්ඩ සඳහා තවත් 88% ක බද්දක් පැනවූ විට එම භාණ්ඩයෙ අවසාන වෙළඳ පොළ මිල දරා ගත නොහැකි මිලකට යන බව තේරුම් ගත යුතුයි. එසේ කිරීමෙන් ආනයනකරුවාට කිසිදු වාසියක් වෙන්න නෑ.