වෙසක් දන්සල් ගිය වසරේ 7,500යි මේ වසරේ 2,000යි: ඒවත් වැඩි හරියක් බීම සහ අයිස්ක්‍රීම් දන්සල්!

monson

Well-known member
  • May 7, 2007
    25,333
    27,871
    113
    වෙසක් පොහොය වෙනුවෙන් දිවයින පුරා පවත්වන දන්සල් ලියාපදිංචි වී ඇත්තේ 2,000 ක් පමණක් බව අනාවරණය වේ.

    එය පසුගිය වසරට (2024) සාපේක්ෂව විශාල අඩුවීමක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය. පසුගිය වසරේ දී වෙසක් පොහොය වෙනුවෙන් දිවයින පුරා දන්සල් 7,500 ක් ලියාපදිංචි වී තිබේ.

    කෙසේ වෙතත් මෙවර ලියාපදිංචි වී ඇති දන්සල් දෙදහස අතරින් වැඩි වශයෙන් ලියාපදිංචි වී ඇත්තේ බීම සහ අයිස්ක්‍රීම් දන්සල් බව සභාපතිවරයා සඳහන් කළේය. පෙර වසරවලට සාපේක්ෂව මෙවර බත් දන්සල් අඩුවක් පෙන්නුම් කරන බවද හෙතෙම කීවේය. එමෙන්ම ලියාපදිංචි වී ඇති දන්සල් දෙදහස අතරින් වැඩිම දන්සල් ප්‍රමාණයක් ලියාපදිංචිවී ඇත්තේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේය.

    වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වෙන දන්සල් පිළිබඳ තොරතරු අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට දන්සල් සංවිධායකවරුන් ලබා දිය යුතුවේ. සංවිධායකවරුන් සකස් කරගත් ලිපියක් මගින් හෝ අදාළ කාර්යාලවල ඇති අයදුම්පතක් සම්පූර්ණ කිරීමෙන් අදාළ තොරතුරු ලබාදිය හැකි බව සභාපතිවරයා සඳහන් කළේය. වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වෙන සෑම දන්සලක්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂා කරනු ලබයි.

    මේ අතර එළඹෙන වෙසක් පොහොය නිමිති කර ගනිමින් දිවයින පුරා පවත්වනු ලබන දන්සල් පිළිබඳ කටයුතු කිරීම සඳහා වූ විධිවිධාන සම්බන්ධයෙන් දන්සල් සංවිධායකයන් සහ මහජනතාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පසුගියදා පැවැති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය අංශයේ ආහාර හා පාලන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මාලි ජයසේකර ප්‍රකාශ කළේ දන්සල් ආශ්‍රිතව ආහාර අනුභව කරන අවස්ථාවල දී දෑත් සේදීම සඳහා ජල පහසුකම් සේදුම්කාරක දියර සැපයීම අනිවාර්ය බවය.

    - https://www.aruna.lk/articles/qTsvPcqd1pWxYoz7Bxmf
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,682
    2
    54,274
    113
    jvp pacala awata passe haal,pol,elawalu gini ganan ne yako baba wage ai danne naa ahanne :angry: :angry: :angry:

    XyWp0Hc.png
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,318
    6,492
    113
    ධාතු ප්‍රදර්ශනයට ගොඩක් අය දුන්න නිසා වෙන්න ඇති.
     
    • Like
    Reactions: waca

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    බිම ඓස්කිරීම් දීල සිංහලුන් දියවදියා රෝගීන් කරලා බෙලහීන කිරීමේ කොමියුනිස්ට් කුමන්ත්‍රණය
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    ධාතු ප්‍රදර්ශනයට ගොඩක් අය දුන්න නිසා වෙන්න ඇති.
    ඔව් මේක ඇත්ත
    ඒ ගෙනාපුව කොච්චරද කීවොත් බස් වලටත් බෙදුව
    නුවර ඉදන් කටුගස්තොටට බස් එකේ එද්දි

    මාලු බනිස් 4යි
    කිබුල බනිස් එකයි
    වතුර බොතලයයි
    පොප්සිකල් දෙකයි එකයි
    සැන්විචස් තුනයි
    කොමඩු කෑල්ලයි
    නයිස් පොඩි පැකට් එකයි
    කඩල පාර්සලයයි

    බලපන් ඉතින් කොච්චරද කියල. කුරුණෑගල මාතලේ අංකුබුර පැති වල උනුත් ඇවිත් දුන්න.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,329
    9,069
    113
    Around the world
    ජයශාන්ත අය්යාගේ දන්සැලෙන් කන එවුන්ට නම් කිසි ප්‍රශ්ණයක් නැ. සදා විවුර්තයි
     
    • Haha
    Reactions: KDH and Mr Bones