අලගුඩුවො

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,101
    5,725
    113
    හෝටල් ගෙදර මුදලාලිගේ මළසිරුර හමුවුණේ, ඔහුගේ බිරිඳගේ මළසිරුර හමු වූ තැන සිට කිලෝමීටර් භාගයක් පමණ එහායිනි. දින කිහිපයක් තිස්සේ ම වතුරේ තැන තැන ගසාගෙන ගොස් තිබූ සිරුරු දෙක ඉදිමීමෙන් හා මාළුන් විසින් කා දැමීමෙන් හඳුනාගත නොහැකි තරමට විකෘති වී තිබුණි. පාලම උඩින් ඇළට වැටුණු යුවල දින කිහිපයක් තිස්සෙ ඇළ දිගේ ගඟ දක්වාම ගසාගෙන ගොස් ඇති බව පොලිසියට පහසුවෙන්ම නිගමනය කළ හැකි වූයේ, ඔවුන් මහ රෑ යාමයේ නිවසින් පිටවන ආකාරය හා ඇළ දක්වා ඇවිද එන ආකාරය අතරමඟ තැන් කිහිපයකම සීසීටීවී කැමරාවල සටහන් වී තිබීම හේතුවෙනි. නමුත් පොලීසියට හෝ වෙනත් කිසිවෙකුට පැහැදිලි කළ නොහැකි ගැටලු දෙකක් ඉතිරි වී තිබුණි.

    වයස 80ක හා 76ක පසුවන මහළු යුවලකට මහ රෑ ජාමයේ පාලම මත තිබූ රාජකාරිය කුමක් ද?
    ඔවුන් දෙදෙනා පාලම මතින් පහළට ඇද වැටුණාද? කවුරුන් හෝ තල්ලු කළා ද? නැත්නම් පාලමෙන් පහළට පැන්නා ද?

    කෙසේවෙතත් කාත්කවුරුවත් නැතිව ගමේ කෙළවරක හුදෙකලාව ජීවත් වූ මහළු යුවලකගේ මරණයක් ගැන හාරහාරා සොයන්නට තරම් වුවමනාවක් පොලීසියට හෝ ගමේ වෙනත් කිසිවෙකුට තිබූ බවක් නොපෙනුණි. ඇත්තෙන්ම මේ මහළු යුවලගේ මරණය ගම්මානයට කිසියම් අස්වැසිල්ලක් ගෙන දුන් බවකි - වචනයෙන් නොපැවසුවත් - ගම්මුන්ගේ මුහුණුවලින් දකින්නට තිබුණේ. ඒ තරම්ම උනන්දුවකින් හා නොමසුරු බවකින් ගමේ සියලු දෙනා පාහේ මළගෙදර සහ දානයේ වැඩකටයුතුවලට තම දායකත්වය ලබාදුන්නේ ය. ඒ අතරිනුත් ගමේ වැඩිහිටි හා පැරණි පරම්පරාවේ සාමාජිකයන්ගේ දායකත්වය ඉහළින් කැපී පෙනුණු අතර, අපේ සීයා ද එම පරම්පරාවේ සාමාජිකයෙකු බැවින් මටත් ඔහුත් සමඟ එම කටයුතුවලට සහභාගී වීමට සිදුවුණේ, හෝටල් ගෙදර මුදලාලිගේ වයසේම පසු වූ සීයාට තනිවම තැන තැන යාමට ගෙදරින් අවසර හිමි නොවීම නිසා ය.

    හෝටල් ගෙදර නම ‘හෝටල් ගෙදර’ බවට පත්වූයේ රන්මසු හෝටලය නිසා ය. එකළ මේ ප්‍රදේශයේ හිබූ හොඳම හෝටලය එය බවත්, එහි කෑමවල රසට වහවැටුණු මිනිසුන් ඉතා දුර බැහැර සිට හෝටලය සොයාගෙන පැමිණි බවත් මා අසා ඇති නමුත්, කිසිදිනක එහි කෑමවල රස බලන්නට මට අවස්ථාවක් හිමි වී නැත. මම ඉපදෙන්නටත් වසර ගණනකට පෙර රන්මසු හෝටලය සදහටම වසා දමා තිබුණි. හන්දියේ ඇති රන්මසු හෝටල් ගොඩනැගිල්ල පමණක් තවමත් ගරාවැටී ඉතිරි වී තිබෙන අතර, මදක් ළං වී බැලුවහොත් මල කෑ යකඩ පුවරුවේ රතු පැහැති තීන්තෙන් ලියා තිබූ ‘රන්මසු හෝටලය’ යන නාම පුවරුව තවමත් කියවගැනීමට බැරිකමක් නැත. හෝටලය වසා දැමීමෙන් පසු හෝටලයේ මුදාලාලි සහ ඔහුගේ බිරිඳ ගමේ පිහිටි ඔවුන්ගේ පැරණි මහගෙදර නැවතත් පදිංචියට පැමිණ තිබූ අතර, එවක් පටන් එය ගම්මුන් අතර හෝටල් ගෙදර නමින් ප්‍රසිද්ධියට පත්ව තිබුණි. හෝටල් ගෙදර යුවළ ඒ පාළු ගෙදරට වී හුදෙකලාවම වාසය කළ අතර, මට මතක ඇති කාලයක පටන් ඔවුන් ගමේ කිසිවෙකු ආශ්‍රය කළ බවක් හෝ ගමේ කිසිදු පොදු වැඩකට සහභාගී වූ බවට මට මතකයක් නැත. කොටින්ම ගං ඉවුරට ගසාගෙන පැමිණි මුදලාලිගේ බිරිඳගේ සිරුර හමුවන තුරුම ඔවුන් දෙදෙනා දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි බවක් ගමේ කිසිවෙකුට නිරීක්ෂණය වී නොතිබුණි.

    සාමාන්‍යයෙන් ගමක දී එසේ තනිවම ජීවත් වන පවුලක අවමඟුලකට වැඩි පිරිසකගේ සහභාගීත්වයක් බලාපොරොත්තු විය නොහැකි නමුත්, සිතාගත නොහැකි තරම් විශාල පිරිසක් හෝටල් ගෙදර අවමඟුලට සහභාගී වී සිටීම මට එක්තරා ආකාරයක විස්මයක් විය. ඒ අතුරින් බොහෝ දෙනෙක් ජීවිතයේ එක්තරා කාලයක රන්මසු හෝටලයේ විස්වාසනීය පාරිභෝගිකයින් වී සිටි බවත්, වසර ගණනාවකට පසු තවමත් හෝටලයේ කෑමවල රස ඔවුන්ගේ මතකයේ කොහේ හෝ කෙළවරක රැඳී තිබෙන බවත් ඔවුන්ගේ කතාබස්වලින් වටහාගත හැකි විය.

    මේ කියන පුද්ගලයා මට හමුවුණේ දානෙ ගෙදර දා කෑම ගනිමින් සිටි අවස්ථාවේදීයී. ගමේ වැඩිහිටි පරම්පරාවේ සාමාජිකයින් විසින් දානෙ ගෙදර සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කර සිටි බැවිනුත්, සීයා ඔහුගේ පැරණි මිතුරන් සමඟ කතාබහට වැටී සිටි බැවිනුත් මම සෙනඟ අඩු හරියක වාඩි වී කෑම ගනිමින් සිටියෙමි.

    “මහත්තයා මාළු කනවද..?”

    සම්පූර්ණයෙන්ම බත්පතට යොමු වූ තිබූ මගේ අවධානය බිඳී ගියේ මහළු පුද්ගලයෙකුගේ කටහඬකිනි. හිස ඔසවා බැලූ මට දැකගත හැකි වුණේ වයස 70ක පමණ කොණ්ඩය හා රැවුල අපිළිවෙළට වවාගත් මහළු මිනිසෙකි. කිලිටි වී ගිය සුදු සරමකින් හා කමිසයකින් සැරසී සිටි ඔහු, බුලත් කෙළ කහට බැඳුණු දත් පෙන්වා සිනාසෙමින් මාළු කෑල්ලක් මා වෙත දික්කරගෙන සිටියේ ය. මා හිස වනනවාත් සමඟම ඔහු මගේ පිඟානට මාලු කෑල්ල අතහැරි අතර, ඔහුගේ කිළිටි අත් සහ නියපොතුවල පිරී තිබූ කුණු දුටු විට මට යම් අප්පිරියාවක් හැඟුණෙන්, මම එම මාළු කෑල්ල පිඟානේ පසෙකට කළෙමි. ඊළඟ මොහොතේ දී සිනාසී මා අසළ තිබූ අනෙක් පිටුවෙන් වාඩි වූ මහල්ලා “මං මාළු කන්නෑ… වැරදිලා බෙදාගත්තෙ…” යනුවෙන් පැවසීය.

    “මස්, මාළු කන්නැද්ද?” මම පිඟාන දෙසම බලාගෙන ඔහුගෙන් ඇසුවේ, ඔහුගේ කතාවට මගේ පාර්ශවයෙන් කිසියම් ප්‍රතිචාරය දැක්විය යුතු යැයි හැඟුණු බැවිනි.

    “මස් කනවා… මාළු කන්නෑ… මාළු පළිගන්නවා මහත්තයො…” යැයි පවසූ මහල්ලා තද සුසුමක් හෙළීය.

    එවර මම තුෂ්නිම්භූත වී ඔහු දෙස බැලුවේ ඔහු කීවේ කුමක්දැයි වටහාගැනීමට උත්සාහ කරමිනි. නමුත් මා දෙස නොබැලූ මහල්ලා ඉදිරිය බලාගෙන කියවාගෙන යන්නට විය.

    “ඉස්සර මේ ගමේ මිනිස්සුන්ට තිබ්බා මාළු ඇතිකරන පිස්සුවක්… මාළු ටැංකියක් තොතිබ්බ ගෙදරක් නෑ… එක එක ජාතියෙ, එක එක පාටවල මාළුවො… වැඩියෙන්ම ටැංකි තිබ්බෙ මං හිතන්නෙ ඔය මැරිච්ච මුදලාලි ගාව… ඉස්සර මාසෙකට සැරයක් ගමට එන වෙළෙන්දෙක් හිටියා… ඌ ඉටිකවරවල දාලා මාළුවො අරන් එනවා… මහත්තයාට කියන්න ඌ ගාව අමුතු අමුතු මාළුවො හිටියා… එකපාරක් ඌ ගෙනාවා පෝය දාට දිලිසෙන මාළු ජාතියක්… අප්පේ බලන්න එපැයි හඳ පෑවුවම බලුප් දාලා වගේ ටැංකියෙ බැබලිල්ල… ආයෙ ගෙනාවා උඩ පයින මාළු ජාතියක්… උන් ටැංකියෙ ඉඳලා උඩ පැනලා වහළෙ මකුළු දැල්වල ඉන්න මකුළුවො අල්ලනවා…”

    හැකි ඉක්මනින් මෙතැනින් නැඟිට යා යුතු බව මේ වන විට මට හැඟෙන්නට පටන් ගෙන තිබුණි. නමුත් මට කිසිදු ඉස්පාසුවක් නොදෙමින් මහල්ලා දිගින් දිහටම කියාවගෙන යන්නට විය.

    “ඔන්න හැමදාම ඇතිකරන් මාළු ගේන එකා, එකදවසක් ගෙනාවා උයන මාළු දෙන්නෙක්... එකෙක් අලගුඩුවෙක්… අනිකා පියාමැස්සෙක්… අයිස් පුරවපු පෙට්ටියක දාලා ගෙනාවෙ… ගමට හැමදාම මාළු කාරයෙක් එනවනෙ මහත්තයො… ඉතින් මොකටද මුගෙන් ගන්නෙ උයන මාළු… මිනිස්සු කවුරුත් ගත්තෙ නෑ… හැබයි ඌගෙ පෙරැත්තෙ නිසා මුදලාලි ඒ මාළු දෙන්නා ගත්තා…

    ඉතින් මුදලාලි නෝනා මාළු දෙන්නා දවල් බතට උයන්න කියලා, අයිස් යන්න පෙට්ටියට වතුර පුරවලා තියලා… ටිකකින් ඇවිත් බලනකොට බේන් මාළු දෙන්නා යස අගේට පීනනවලු… ඉතින් උන්ව මරන්න පුළුවනෑ… මුදලාලි තිබ්බ ටැංකියක් අස් කරලා මාළු දෙන්නා ඒකට දාලා… පහුවදා බලනකොට උන් දෙන්නා හිටියා වගේ දෙගුණයක් ලොකුවෙලාලු… ඊළඟ දවසෙ බලකොට ඊටත් වඩා දෙගුණයක් ලොකු වෙලාලු… ඔහොම ඔහොම ගිහින් මුන් දෙන්නා මිනිස්සු දෙන්නෙක් විතර ලොකු වෙලා… අන්තිමට මුදලාලි මිනී පෙට්ටි දෙකක් විතර ටැංකි දෙකක් හැදෙව්වලු උන් දෙන්නට ඉන්න…

    ඔහොම ඉන්නකොට දවසක් මහ රෑ මුදලාලිට ඇහෙනවලු කුස්සියෙ වළන් පිඟන් පෙරළෙන සද්දයක්. හොරු පැනලා කියලා හිතලා මුදලාලි පොල්ලකුත් අරන් කුස්සියට එනකොට මොකක්ද දන්නවද දැකලා තිබ්බේ…….” මහල්ලා ඇස් දෙක විශාල කරගෙන මදක් වෙලා මා දෙස බලා හුන්නේ ය.

    “අර මාළු දෙන්නා ටැංකියෙන් බිමට බැහැලා ඇවිත්, කුස්සියෙ උයනවලු… ඒ වෙලේ තමයි මුදලාලිට තේරිලා තියෙන්නෙ අර මිනිහා මුන්ට ‘උයන මාළු’ කිව්වෙ ඇයි කියලා…

    මුදලාලි ගිහින් උන් උයලා තිබ්බ දේවල් බෙදාගෙන කාලා බලලා… ඒ තර රස බත් වේලක් මුදලාලි ජීවිතේට කාලා තිබ්බෙ නෑලු මහත්තයො… එද ඉඳන් හැමඳාම මුදලාලිගෙ ගෙදර කෑම ඉව්වෙ ඒ මාළු දෙන්නාලු...”

    මේ වන විට මම සිටියේ මේ මිනිසා මානසික රෝගියෙක් ද, නැතිනම් මාව විහිළුවට ගන්නට උත්සාහ කරනවාදැයි වටහාගත නොහැකි තත්වයකය. නමුත් මහල්ලාගේ නොනවතින කියවිල්ල මට සිතන්නට ඉස්පාසුවක් ඉතිරි කරන්නේම නැත.

    “ඊටපස්සෙ තමයි මුදලාලි රන්මසු හෝටලේ දැම්මේ… මං තමා ඔය හෝටලේ පළවෙනි ගෝලයා… හැබැයි අපි කාටවත් කුස්සියට යන්න අවසර තිබ්බෙ නෑ… කිසිදෙයක් එළියට නොපෙනෙන්න කුස්සිය හැම පැත්තෙම වහලා තිබ්බෙ… කුස්සියයි හෝටලෙයි මැද්දෙ තිබ්බා කොරිඩෝරයක් වගේ එකක්… ඕකෙ තමයි මුදාලාලි නෝනා හිටියෙ… ඒකෙ පොඩි කවුළුවක් තිබ්බා.. අපි ගිහින් ඕඩරේ කිව්වම මුදලාලි නෝනා ගිහින් ඒක කුස්සියට කියනවා… ඊටපස්සෙ කෑම එක ගෙනත් කවුළුවෙන් අපිට දෙනවා… කුස්සියෙ උයන්නෙ කවුද කියලා කවුරුවත් දැනන් උන්නෙ නෑ…

    හැබයි මං දැනන් උන්නා මහත්තයො… මට හැමදාම ඒක දැනගන්න වුවමනාවක් තිබ්බා… දවසක් මං සෙනඟ අඩුවෙලාවක් බලලා හෝටලේ පිටිපස්සෙ තිබ්බ ගහට නැග්ගා… ඒකෙන් වහළෙට ගොඩ වුණා… ඉන්පස්සෙ වහළෙ උළු කැටයක් අයින් කරලා කුස්සිය ඇතුළ බැලුවා… අර මාළු දෙන්නා මං ඇස් දෙනෙක්ම දැක්කා මහත්තයො… අලගුඩුවා බත් කල්දේරමක් කූරුගගා උන්නෙ… පියාමැස්සා කුස්සියෙ එක කෙළවරක ඉඳන් අනික් කෙළවරට පියාඹලා යනවා… තුනපහ, අඩුම කුඩුම ගෙනත් ලිපේ තියෙන හොද්දට දානවා…

    හැබැයි ඇස්වහක්, කටවහක් නෑ මහත්තයො උන් දෙන්නා උයන කෑම නම් දිව්‍යභෝජන ගාණයි… එහෙම රස කෑම තියෙන හෝටලයක් මේ පළාතෙවත් තිබ්බෙ නෑ… මිනිස්සු හැතැම්ම ගණන් දුර ඉඳන් ආවා කෑම හොයාගෙන… මහත්තයා විශ්වාස කරයිද දන්නෑ මේ අවට මිනිස්සු කීප දෙනෙක් හිඟමනට වැටුණා ඔය හෝටලේ කෑම කාලාම… උන් ඉඩම් ගෙවල් විකුණ විකුණ කෑම කෑවා… බඩවල් පැලෙනකම් කෑවා… කාලා වැඩි වෙලා ඉස්මුරුත්තාවට ආවම ගිහින් වමනෙ දාලා ඇවිත් ආයෙ කෑවා… ඒ මාළු දෙන්නත් ලෝකෙ තියෙන ඕනෙ කෑමක් ඉව්වා… හැබැයි කවදාවත් මාළු ඉව්වෙ නෑ… උන්ගෙම ජාතියෙ උන්ව උයන්න හිත හදාගන්න බැරිව ඇතිනෙ මහත්තයො….…”

    “දැන් යමු නේද අපි…”

    ඊළඟ මොහොතේ දී මිනිසාගේ කතාව හිටි අඩියේම නැවතුණේ සීයාගේ කටහඬිනි. ලැබුණු අවස්ථාවෙන් වහාම ප්‍රයොජන ගත් මම එතනින් නැඟිට අත හෝදන සින්ක් එක අසළට ගියෙමි. සීයා ඒ මිනිසා සමඟ මොනවා හෝ කතාබහකරනු මට පෙණුනත්, නැවත ඒ දෙසට නොයාමට තීරණය කළ මම සීයා එනතුරු පාර අසළට වී සිටියෙමි.

    “කවුද ඒ මනුස්සයා?” මම සීයාගෙන් ඇසුවේ අප දෙදෙනා පාරට බැස නිවස දෙසට ඇවිද යන අතරතුර ය.

    “එහා ගමේ මිනිහෙක්… ඉස්සර රන්මසු හෝටලේ වැඩකළා… පස්සෙ පිස්සු හැඳුණා… දැන් හැමතැනම ඇවිදිනවා එක එක විකාර කතා කිය කිය…” සීයා පිළිතුරු දුන්නේ, ඔහු මානසික රෝගියෙකු බවට මගේ සිතේ තිබූ සැකය තහවුරු කරමිනි. නමුත් ඔහු කියූ කතාව දිගින් දිගටම මගේ සිතේ හොල්මන් කරමින් තිබුණි.

    “සීයා රන්මසු හෝටලේ කෑම කාලා තියෙනවද?”

    මගේ ඒ ප්‍රශ්නයට සීයා පළමුව පිළිතුරු දුන්නේ සිනාවකිනි. දෙවනුව වචනයෙනි.

    “ඉස්සර අපි කතාවට කිව්වෙ ‘රන්මසු හෝටලේ කෑම මසුරන්’ කියලා. සමහරු කිව්වෙ රන්මසු හෝටලේ කෑමවලට වශී බේත් දානවා කියලා. ඒ තරම් මිනිස්සු වහ වැටිලා හිටියා ඒ කෑමවලට. තව සමහරු කිව්වා මුදලාලි යක්කු බැඳන් වැඩ ගන්නවා කියලාත්. ආයෙ කීව්වා මුදාලාලි නෝනට කෑම උයන්න දේව වරමක් හම්බෙලා කියලත්. ඇත්තටම මනුස්සයෙක්ට නම් එච්චර රසට කෑම උයන්න බෑ. ඒ කෑමවල රස හාස්කමක්…”

    “එතකොට ඇයි හෝටලේ වැහුවෙ…?”

    “කවුරුත් දන්නෑ… එක දවසක් - පොසොන් පෝයට පස්සෙන් දා හෝටලේ ලොකු දන්සැලක් තිබ්බා. අහළ ගම් හතක තිබිලා බෑ එහෙව් දන්සැලක්. මිනිස්සු පොදි කකා ආවෙ… හැබැයි ආපු එක මිනිහෙක්වත් හිතේ සන්තෝසෙන් නෙමෙයි ආපහු ගියෙ.”

    “ඇයි?”

    “කෑම කාපු හැමෝම කිව්වෙ වෙනදා කෑමවල තියෙන රහ එදා තිබ්බෙ නෑ කියලා. ඊට පස්සෙන් දා රන්මසු හෝටලේ වහලා දැම්මා. ආයෙ කවදාවත් ඇරියෙ නෑ…”

    සීයාගේ කඬහඬේ කිසියම් දුකක් සිර වී ඇතැයි මට සිතුණි. සමහර විට ඔහුට රන්මසු හෝටලයේ කෑමවල රස නැවත සිහිවූවා වන්නට ඇත. ගෙදර දක්වා ඉතිරි දුර අපි නිහඬවම ගමන් කළ අතර නැවත සීයා කටහඬ අවදි කළේ ගේට්ටුව අසළදී ය.

    “එදා ඒ කෑම එකේ තව අමුත්තක් තිබ්බා….”

    “ඒ මොකක්ද?” මම ඇසුවේ නැවත වතාවක් කුතුහලයට පත්වෙමිනි.

    “එදා පළවෙනි වතාවට රන්මසු හෝටලේ මාළු උයලා තිබ්බා… අලගුඩුවො හොද්දකුයි, පියාමැස්සො බැඳුමකුයි…”
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com

    උදේම හැලි දාන්න එපා පොන්නයෝ
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    This is a wonderfully eerie and atmospheric short story in Sinhala that blends mystery, folklore, and horror with rural Sri Lankan culture. Here's a summary and explanation in English:

    🌕 Summary of the Story:

    A mysterious elderly couple, known as the "Hotel Gedara" couple because they used to run the once-famous Ranmasu Hotel, are found dead in a canal. The police conclude they must have fallen from a bridge and been carried downstream. But no one knows why such an old couple would be on the bridge so late at night. There's also no indication whether they fell or were pushed.
    Despite the couple having lived isolated lives and not participating in village events, an unexpectedly large crowd attends their funeral. It turns out that many remember the Ranmasu Hotel and the divinely delicious food it once served.
    The narrator, a young man accompanying his grandfather to the funeral, meets an eccentric, perhaps mentally ill elderly man who claims to have worked at the hotel long ago. This man tells a bizarre and chilling tale.

    🐠 The Tale of the Cooking Fish:

    According to him, in the past, the Hotel owner bought two unusual live fish — an electric eel and an archerfish — which were said to be “cooking fish.” When placed in a tank, they grew unnaturally large, doubling in size daily. Eventually, they became so big that they cooked meals themselves in the kitchen at night — without hands or mouths — using utensils and spices perfectly.
    From that day onward, all the food at the Ranmasu Hotel was supposedly prepared by these two supernatural fish. The hotel became famous, and people from faraway places came just to taste this food, often becoming addicted to it.
    The narrator becomes disturbed by the strange man's tale but his grandfather later confirms that rumors had long surrounded the Ranmasu Hotel — stories of black magic, divine blessings, or demonic forces tied to its food.

    🐟 Final Chilling Twist:

    The grandfather reveals one last unsettling detail:
    On the last day the hotel served food, during a large religious almsgiving event, something felt “off” — the food lacked its usual irresistible flavor. The next day, the hotel shut down permanently.
    He ends by saying:
    “That day… for the first and only time, Ranmasu Hotel served fish...
    An eel curry, and a flying fish stir-fry.”

    🎭 Themes and Interpretation:

    • Supernatural folklore: The story uses mythical, surreal elements — talking about fish that can cook — common in oral Sri Lankan storytelling.
    • Nostalgia and Obsession: People remember the food so intensely, it’s almost addictive, suggesting a deeper craving — maybe even spiritual or cursed.
    • Isolation vs. Community: The couple was ignored while alive, but remembered fondly because of what they used to offer.
    • Unreliable Narration: The tale might be fantasy, but it's also embedded in the eerie silence and half-truths of rural life.

    🧠 Is it a ghost story?​

    Yes — in tone and effect. While nothing explicitly supernatural is shown to happen in the present, the story drips with ghostly unease, secrecy, and a creeping feeling that something very wrong happened at that hotel — something tied to the death of the couple.

    • Haha
    Reactions: Candid-B

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,616
    13,299
    113
    මේ කතාව ඇත්ත .
    අපේ මාමත් ඉස්සර රන්මසු එකේ කෑම කාපු කෙන්නෙක්
    එත් මේ කතාව මම දන්නේ අද
     
    • Haha
    Reactions: Asmodeus

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,516
    2,377
    113
    මේක සත්ය කතාවක් කියල අපේ සීයාත් කිව්වා.....ඔය පිස්සු හැදුනු බොරු කියනවා කියන නාකියාගෙ නම බනුර කුමාර දිසානායක ලු.....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,616
    13,299
    113
    රන්මසු එක දැන් වහලා දාලද ?
    ඔව් ඒ පැත්තේ කතාව ගියේ මුදලාලිට ළමයි නැති නිසා හෝටලේ කරන්න බැරි කතාවක්
    තව කවුද කොඩිවිනයක් කරපු සින් එකකකුත් ගියා
     
    • Like
    Reactions: Sinhalese Victor

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ඔව් ඒ පැත්තේ කතාව ගියේ මුදලාලිට ළමයි නැති නිසා හෝටලේ කරන්න බැරි කතාවක්
    තව කවුද කොඩිවිනයක් කරපු සින් එකකකුත් ගියා
    Sirawatamada bn umbala me koyanne? Kohe ekakda
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,484
    113
    Mother Earth
    මේ කතාව ඇත්ත .
    අපේ මාමත් ඉස්සර රන්මසු එකේ කෑම කාපු කෙන්නෙක්
    එත් මේ කතාව මම දන්නේ අද
    රන්මසු නැහැ කියා මා දිළිඳුයි කියා...
    කීවා.. මට තව මතකයි ඒවා.. 🤷🏻‍♂️
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,852
    2
    54,517
    113
    Damn. Has been a while since I last enjoyed a sinhala horror story this much.

    Looking forward to more from this author. 10/10
     
    • Like
    Reactions: Bulathaa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,532
    6,127
    113
    This is 👍 good story, please share some others if you have, about 6, 7 years back there were posts similar to this but lately haven't seen
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    මේක සත්ය කතාවක් කියල අපේ සීයාත් කිව්වා.....ඔය පිස්සු හැදුනු බොරු කියනවා කියන නාකියාගෙ නම බනුර කුමාර දිසානායක ලු.....
    බනුර අනුර වෙන්න බැරිද😂
     
    • Haha
    Reactions: GeeBeePee