මේක බලන්නෙ නැතුව වාහන අරගෙන අමාරුවෙ වැටෙන්න එපා 😁

ozykolla

Well-known member
  • Jun 20, 2022
    8,827
    15,084
    113
    ඊයේ මම suzuki fornx එක ගැන ලිව්වා. වාහනේ දිග පලල සහ වාහනේ විස්තර නිසාන් magnite එක හා සමයි. ආයෙ මුල ඉදන් ඒ ටික කියල වැඩක් නෑ. මේ වෙලාවෙ ලංකාවෙ ගෙවන මුදලට ගන්න තියෙන හොදම වාහන දෙක fronx සහ magnite "cvt නොවන" මොඩල දෙක..

    සරලවම ඒ නිසා කියන්න තියෙන්නෙ ලක්ශ 80 වකට අවට වාහනයක් හොයන කෙනෙක්ට ලක්ශ ගනන් කියන පරන පට්ට ගහපු සුන්බුන් ගොඩවල් නොගෙන මේකේ සීවීටී නොවන මොඩල් ගන්න එකෙන්ම. පරන තැරි අරන් සාප ගෙවන්න ඕන නෑ. කලින් fornx ගැන ලිපියේ කිව්ව හැම කරුනක්ම වගේ මේකට පොදුයි. හැබැයි suzuki fronx එකක් මොනවා හරි කරලා ගන්න සල්ලි මදිනම්ම විතරක්ම මේ මේකක් ගන්න. ඒ ඇයි කියලා මම කලින් පෝස්ට් එකේ කියල තියෙනවා. මේකට වඩා foenx එකේ බිල්ඩ් කොලිටිය කැබින් කොලිටිය සෑහෙන්න හොදයි.

    මේකේ සීවීටී මොඩලය සහ AMT අතර පොඩි පවර් වෙනසක් තියෙනවා. ඒ කියලා සීවීටී මරනෙට කර නොගහා සීවීටී නොවන එක ගන්න..සීවීටී මොඩලය කීයටවත් ගන්න එපා. මම දැක්කා තැන් තැන් වල කීපදෙනෙක් කියනවා ඔච්චර අවුල්නම් නිසාන් සීවීටී තාම හදයිද කියලා. ඇත්ත කතාව නිසාන්ලට සීවීටී සාපෙන් ගැලවෙන්න බෑ. නිසාන් කම්පැනිය වැටිලා නන්නත්තාර උනාම ඒක ගොඩ දැම්මේ රෙනෝල්ට් සහ ජැට්කෝ ෆන්ඩ් කරලා. ඒ ඇග්‍රිමන්ට් නිසා නිසාන්ලට ටොයොට වගේ අයිසින් වගේ බ්‍රෑන්ඩ් එකක සීවීටී ගන්න බෑ ජැට්කොම ගන්න වෙනවා.

    මම පහලින් දානවා නිසාන් සීවීටී ගැන මම ලිව්ව ලිපියක කොටසක්

    CVTකුනු ගොඩවල් හදලා විහින් නැහෙන නිසාන්..

    නිසාන් CVT...

    නිසාන් කියන්නේ කීර්තිමත් ඉතිහාසයක් ඇති වාහන බ්‍රෑන්ඩ් එකක්. ඉස්සර ටොයොට නිසාන් කියන නම් දෙක එකට මිනිස්සුන්ට හුරුව තිබුනා රිලයබිලිටිය ගැන කියනකොට

    මේ වෙනකොට ෆයිනෑංශල් ටයිම්ස් වාර්තා කරන හැටියට නිසාන් මිලියන 900ක පාඩුවක් දරාගන්න යනවා සේල්ස් අඩු වීම නිසා.. මොකක්ද මේ නිසාන් බල්ලෙක්වත් නොගන්න තැනට ඇද දමූ කතාව

    මම දකින විදිහට නිසාන් රෙනෝල්ට් එක්ක ජොයින් වීම දෙවෙනි වෙන්නේ ෆියට් ක්‍රයිස්ලර් ජොයින් වෙලා ගල් මරන හදන්න පටන් ගත්ත එකට විතරයි. ඒ නොගැලපෙන මංගල්ලෙට තව මනමාලිට ගොනෝරියාත් දැවැද්දට හම්බ උනා JATCO ට්‍රාන්ස්මිශන් එක්ක ජොයින් වෙලා.

    මොකක්ද මෙ ජැට්කො? ජැට්කො කියන්නේ මග කඩන් වැඩෙන cvt ජරාවල් අටව අටව උන්න කම්පැනියක්. අදටත් 99/2000ට කලින් හදපු fb15, N16, පාරවල් වල දිව්වට අලුත් එක්ස්ට්‍රේල් සිල්ෆි එහෙම වේගෙන් මිල පහතට වැටෙනවා. අලුත් නිසාන් එක්ස්‍ට්‍රේල් එක තරම් ලංකාවේ මාකට් එකේ වැටුනු වෙනත් ජපන් වාහනයක් නැතිම තරම්. මොකක්ද මේ 1999/2000න් පස්සේ නිසාන් වලට උනේ.. 2000 වෙනකන් වගේ නිසාන් ට්‍රාන්ස්මිශන් දියුනු කලේ ට්‍රාන්ස්ටෙක්නොලොජි ලිමිටඩ් නමින්. 1999/2000දී නිසාන් ගිහින් කර ගැහුවා ජැට්කො එකට. අන්තිමට 2000දී ජැට්කො ට්‍රාන්ස්ටෙක්නොලොජි කියල එකක් අටවගත්තා. අන්තිමට 2001 දී මිට්සුබිශිත් ගිහින් පැත්තකින් කර ගැහුවා මේ සාපෙට. අන්තිමට නිසාන් පෙට්‍රල් එක සහ සනිය හැර සියලුම වගේ වාහනත් මිට්සුබිශි වාහන කිහිපයකුත් රෙනෝල්ට් වාහන විශාල ප්‍රමානෙකුත් මේ අන්රිලයබල් නිසාන් ජැට්කො සාපෙට අහු උනා. අද වාහන එකින් එක එකපිට කඩන් වැටෙද්දි ලෝකේ වටේ වාහන වෙලදපොලේ නිසාන් වාහන වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක විනාස වෙද්දිත් අදටත් නිසාන් සීවීටීම හද හදා වැටුනු වලේ වලකටින්ම ගොඩ එන්න බලනවා

    අද ජැට්කො එකේ අයිතිය 75% නිසාන්, 15% මිට්සුබිශි , 10% සුශුකි

    අද නිසාන් සීවීටී කාර් එකක් කියන්නේ ගන්න එකාගේ වාසනාව මත කඩන් වැටෙන දවස පරක්කු වෙන වාහනයක් වෙලා. සමහර සීවීටී කිලෝමීටර් 20000ට කාලෙන් කඩන් වැටෙනකොට අනික්වා ලක්ශ එකහමාරෙන් විතර කඩන් වැටෙනවා

    ඇමරිකාවේ මිනිස්සු නිසාන් සමාගට විරුද්දව අවසානයේ නඩු මගට පවා බැස්සා

    අදටත් නිසාන් cvt ගැටලුවට විසදුමක් නෑ. අලුත්වැඩියා කලත් නැවත නැවත කඩන් වැටෙනවා. කොයිවෙලේද කියන්න බෑ. අනික නඩත්තු කලා, පරිස්සමෙන් පැද්දා කියලත් මේකෙන් ගැලවෙන්න බෑ

    ලංකාවේ දැකිය හැකි දෝශ සහිත cvt වාහන ඒවගේ රිලයබිලිටිය අඩුම තැන සිට මම මෙහෙම පිලිවෙලට දානවා -

    ලොකුම මරනේ නිසාන් සිල්ෆි 2013න් පසු මාදිලි
    නිසාන් එක්ස්ට්‍රේල් 2015න් පසු මාදිලි
    නිසාන් ටියානා 2013 සිට 2020 මාදිලි

    ඊලගට පොඩ්ඩක් උඩ වාහන තුනට වඩා පොඩ්ඩක් අල්ලලයන මොඩල්.. ඒවත් පෙරසේම තමා ඒත් පොඩ්ඩක් හොදයි

    නිසාන් dulais
    නිසාන් ටීඩා 2013න් පසු මාදිලි
    අනිකුත් සියලු 2000න් පසු cvt වාහන

    මේ රටවල නාගත්ත නිසාන් මොඩල්

    සෙන්ට්‍රා (ලංකාවේ සිල්ෆි)
    අල්ටිමා (ලංකාවේ ටියානා)
    කැශ්කායි (ලංකාවේ ඩුලායිස්)
    ටීඩා
    පාත්ෆයින්ඩර්
    නිසාන් ජූක් (ජූක් නෙමේ මේක තනි ජෝක් එකක්😅)
    මැක්සිමා
    මුරානෝ

    යන්තම් නිසාන් පෙට්‍රෝල් එක මේ නිසාන් cvt සාපෙන් තාම බේරිලා ඉන්නවා

    ඕගොල්ලොත් නිසාන් සීවීටී වාහන මිලදීගැනීමෙන් හැකිතාක් වලකින්න

    ඉතින් cvt නරකද? නැහැ.. කවදා හරි වාහන වල ට්‍රාන්ස්මිශන් වල අනාගතය ස්ටෑන්ඩර්ඩ් ඔටෝමැටික් ට්‍රාන්ස්මිශන් නෙමේ.. Cvt තමා ඒ තැන ගන්නේ. හොන්ඩා මෝටර් කෝපරේශන් එයාලගෙම සීවීටී හදනවා. ටොයොටා කම්පැනිය cvt ට්‍රාන්ස්මිශන් ගන්නේ Aisin Seiki කෝපරේශන් එකෙන් (පාර්ශිකව ටොයොටා සතු සමාගමකි). ටොයොටා සහ හොන්ඩා cvt නිසාන් සීවීටී වලට වඩා හුගාක් රිලයබල්.. ඒකයි ඔය ඇලියොන් ප්‍රෙමියෝ ඇක්සියෝ උනත් හරි හරියට දුවන්නේ..
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,827
    15,084
    113
    ඔය මිට්සුබිශි අවුට්ලෑන්ඩර් ගත්ත අයියලා ටිකත් පරිස්සමෙන් ඈ.. එක්ස්ට්‍රේල් එකට උන ටික ඔයාලටත් වෙනවමයි පොඩ්ඩක් පරක්කු වෙයි වැඩිම උනොත්... ඒවත් ජැට්කොම තමා😜 හැබැයි මිට්සුබිශි වලදී ජැට්කෝ සීවීටී නිසාන් වලට වඩා පවතිනවා. ඒකට හේතුව මිට්සුබිෂි වාහන නිසාන් තරම් එන්ජින් කර මුලට පෆෝමන්ස් ටියුන් කරන්නෑ වගේම වේට් ටු පවර් රේශියෝ එක ගැන නිසාන්ලට වඩා සැලකිලිමත් වෙනවා

    CVT continuesly variable transmission..

    (මෙතන සිට මම ගියර පෙට්ටිය කියන්නේ cvt assembly එකට.. නිකන් සෙරප්පු වලට බාටා කියනවා වගේ)

    වචනේ තේරුමෙන්ම කතාව තියෙනවා එකදිගට වෙනස්වන ට්‍රාන්ස්මිශන්. මේකෙ 1,2,3,4 කියල ගියර් නෑ. කාලය සමග ඕනෑම අගයක (පරාසය තුල) ගියර් අනුපාතයක් හදාගන්න ගියර පෙට්ටියට පුලුවන්. මේකෙදි තියෙන්නේ අරයය වෙනස් කරන්න පුලුවන් පුලි දෙකක් අතර තියෙන බෙල්ට් එකක් (හරියට නිකන් පරාසය ඇතුලේ ගියර් වීල් අනන්තයක් තියෙන මවුන්ටන් බයිසිකලේ වගේ කියල හිතන්නකෝ). පුලි දෙක තමා drive pulley එකයි driven pulley. සරලවම සරලවම ඉතින් එක පුලියක් ඇන්ජිමෙන් කරකවනවා,ඒ පුලිය බෙල්‍ට් එකෙන් අනික් පුලියට සම්බන්ද වෙනවා ඒ පුලියේ ඇක්සලය රෝද කරක්වනවා කියලා හිතන්න. දැන් බලන්න මේකේ වාසි ගොඩයි. පුලි දෙකයි බෙල්ට් එකෙන් වැඩේ ක්ලෝස්.. හෙන පොඩී.. කොටස් ප්‍රමානේ අඩුයි. කෑලි අඩුයි. හරි ශෝක් නේ?

    සෝක් නෑ😂😅 මේ සීවීටී තාක්ශනය සොයාගත්තේ 1879 මිල්ටන් රීවෙස් විසින්.. සුද්ද කෝපි වවන කාලේ..හැබැයි මනුශ්‍ය වර්ගයාට මේ සෙල්ලම දාන්න පුලුවන් බෙල්ට් එකක් හදාගන්න මේ මෑතක් වනතෙක්ම ඉන්න උනා. ඉදල ඉදල අන්තිමට හදලා මේවා වාහන වලට යොදන්න ගත්තා. ඉතින් මේ "සංකීර්නව ෆැබ්‍රිකේට් කරන සරල තාක්ශනය" තාම පෘතිවිය මත රිලයබලියියේ සම්මානය අරන් නෑ.. තාමත් මේ සීවීටී තියෙන්නේ කලුසුදු ටීවී යුගයේ. තව කාලයක් යනකොට මනුශ්‍ය වර්ගයා හොද සීවීටී කාර් හදයි. එහෙනම් ඇයි සීවීටී හදන්නේ..වර්තමානේ හදන සීවීටී වල වාසි තමා වාහනේ හරියට ඉලෙක්ට්‍රික් මෝටරේකින් යනවා වගේ ස්මූත්. මොකද ගියර මාරු වෙනවා දැනෙනෑ. හොද ඉන්දන කාර්‍යක්ශමතාවක් දෙනවා. ඒ එක්කම අනික් පැත්තෙන් ඒ සේරම සතෙන් සතේ ඉතුරු කරපුවා එක පාර හොස් ගාලා කෙලවෙලා යනවා සීවීටී රෙපෙයාර් එක ආවහම. කතා දෙකක් නෑ වාහන වල අනාගතය cvt, හැබැයි මුහුද හත් ගව්වක් තියලා දැන්ම cvt අමුඩ ගහපුවා ගන්න එපා. හැකිතාක් cvt නොවන ඔප්ශන් ඇති අවස්තාවල ඒවට යන්න

    එතකොට cvt ට්‍රිප්ට්‍රොනික් කරලා තියෙන්නේ කෝමද? ඒක වෙන්නෙ කම්පියුටර් එක හරහා ඩිෆයින් කරනවා මෙන්න මේ ගියර් රේශියෝ එක මේ ගියර් එක කියලා. එහෙම කරලා ඒ පොසිශන් ඒකෙම අල්ලන් ඉන්නවා

    // ඊයෙ fronx ගැන ලිව්ව ලිව්ව ලිපිය මෙතන අමුනන්නම් නොදැක්ක කෙනෙක්‍ට//

    *************

    Suzuki fronx සහ Nissan magnite ගැන තව විස්තර කියන්න කියපු නිසා ලිපි දෙකක් ලියන්න හිතුවා. ඉස්සෙල්ලම මම fronx ගැන ලියලා magnite ගැන ලියන්නම්

    ඉතින් ඕං පීඩිත පන්තියට ජය කියලා කතිරෙ එහෙම ගහලා අපිට ඕං අඩුමම වාහනේ කෝටියකට හම්බ වෙලා තියෙනවා.. දනපති පන්තියේ ආතල් එක ගන්න සංචිත හිදෙනකන් ගෙන්නන තරමක් ගෙන්නපු lc300 lc250 අස්සේ පොඩි මිනිහෙක්ට නොතෙමී යන්න සාපයක් නොවී ජාමෙ බේරගන්න මේ දෙක විතරයි ඉතුරු. අනික් චීන හුටපට, අව්රුදු 5ක් ගිහාම නිකෝලා ටෙස්ලයි තෝමස් අල්වා එඩිසනුයි ආවත් විසදන්න බැරි තරම් ඉලෙක්ට්‍රොනික් පුරවලා එවන මංගල්ලයි අතර මේක සහ magnite (සීවීටි නොවන මොඩල දෙක) එක තමා කාසේ රෝහලක් නොවී ගන්න තියෙන්නෙ. මේ රිවිව් සල්ලි අරන් ලියන හෑලි නෙමේ ඈ. ඒ වගේම පුදිකුඩිඉරිප්පු ltte එකෙන් අල්ලගත්ත පරන යකඩ වෙන්දේසියෙන් ගත්ත පරන බූරු ඇදවල් වලට E නොම්බර ගහන් කෝටියයි දෙකයි මේවා යක්කු කියන අයත් මග හිටින්නැති වාහන ආව නිසා වාහන මිල බහී කියන බයට වැලපෙන්න එපා.

    ඇත්තටම මේ වාහන දෙක ( මේක සහ magnite සීවීටි නොවන මොඩල දෙක) ලංකාවට පට්ට ප්‍රැක්ටිකල්

    හේතු,

    ලංකාවෙ කාර් පදින අය දන්නවා ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක කියන්නේ ලංකාවට බොහොම වැදගත්. මේ වාහනේ වීල් බේස් එක සහ බ්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක නිසා අපේ රටට සෑහෙන්න ඔරොත්තු දෙයි. විශේශෙන් ලෝවර් ආම් ශොක් ශොක් මවුන්ට් ආදිය අනික්වට වඩා ක්‍රොස් ඕවර් වල පවතිනවා ලංකාව වගේ වාරි මාර්ග සහ මහා මාර්ග අතර සුලු වෙනසක් තියෙන රටකට.

    ඒ වගේම ක්‍රොස් ඕවර් වල පස්සේ සීට් එක නමපුවහම වොශින් මැශින් එකක් උනත් ඔබන්න පුලුවන්. ඒ හේතුව නිසා පව්ලකට මේ වාහන වලින් කාර් වලට වඩා ලොකූ වැඩක් ගන්න පුලුවන්.. දැන් දැන් වාහන මාකට් එකේ සෙඩෑන් නෙමේ යන්නේ ක්‍රොස් ඕවර්. වසර ගනනාවක රන්වන් නාමයක් උන මිට්සුබිශි ලාන්සර් නාමය අතුගාලා දාන්න තරම් සේල්ස් අඩු වෙලා අපේ කම්පැනිය (මිට්සුබිශි) ක්‍රොස් ඕවර් නිශ්පාදනයට අවදානය දුන්නෙත් ඒ නිසා. දැන් මිට්සුබිෂි ක්‍රොස්ඕවර් ටික සෑහෙන්න විකිනෙනනවා

    බ්‍රෑන්ඩ් නිව් වාහනයක් නිසා කෝටියක් දීලා ගන්න අනික් මරන වලට වගේ මාසෙට දෙපාරක් ගරාජ් බඩගාන්න ඕනත් නෑ.

    දැන් අපි ටෙක්නිකල් පැත්ත බලමු

    මේ වාහනේ එන්නේ සුශුකි බැලීනෝ ප්ලැට් ෆෝම් එකේ. ස්ෆ්ට් එක ආවෙත් මේකෙම තමා. මේකට කියන්නෙ heartect B කියලා. මේකේ බූට් ස්පේස් එකත් ලීටර් 300කට වැඩී සීට් එක දිග ඇරලත්. නැමුවහම බොඩි දෙක තුනක් හරි එබුවහැකි

    මේ වාහනේ 1.5/1.0/1.2 වාහන තුනක් නිශ්පාදනය කලත් ලංකාවට 1.5 වැඩියෙන්ම රිලයබල් මොඩල් එක අත ඇරලා ගෙන්නන්නේ 1.0 ටර්බෝ මිල්ඩ් හයිබ්‍රිඩ් මොඩල් එක. කොහොමත් වාහන සම්බන්ද කුනුහරප නීතිනෙ තියෙන්නෙ. මේක ඇවිල්ලා K10C එන්ජිම. මේ එන්ජිමම තමා ස්ෆ්ට් එකට විතාරා එකට ආවේ. මේ එන්ජිම ලංකාවේ බාස්ලා නොදන්න එකක් නෙමේ. කලින් ස්ෆ්ට් එකට ආවා වගේම සමහරු සෑහෙන්න කම්ප්ලේන් කලා මේ එන්ජිමේ ඔයිල් දහනය වෙනවා කියලා. හැබැයි ටර්බෝ 1.0 කුරුම්බැට්ටි මැසින් එන්ජිමක ඕක වෙන්නේ හුගක් වෙලාවට නඩත්තුවෙ අව්ලක් නිසා. ඔය k සීරීස් එන්ජිම බැලීනෝ ස්ෆ්ට් sx4 වගේම විතාරා එකෙත් එනවා. හො.ම.ත.යු මේ ටර්බෝ එන්ජිමට ඔයාලා තල තෙල්, පොල් තෙල්, එඪරු තෙල්, අර තෙල් මේ තෙල් දැම්මොත් අනිවා කෙලවෙනවා. පොඩි ටර්බෝ සහ ලෝ ෆ්‍රික්ශන් කියන්නේ අමුඩේ සහ පුප වගේ සංකල්පයක්. මේකට අනිවාරෙන්ම 0w-16 භාවිත කරන්න. Api sn/sp හෝ ilsac gf 5/6 කියන ඒවා. අනික් සුසුකි වලට දාන්නේ 5w -30 කියලා මේකට දැම්මොත් වෙන දේ ලංකාවට ආව 1.0 ටර්බෝ ස්ෆ්ට් එකක් පදින එකෙක්ගෙන් අහල බලන්න. හරි ඔයිල් එක භාවිතා කලොත් සහ "එන්ජින් ටියුනප්" කියන "ගොබ්බ වැඩේ" නොකලොත් මේ එන්ජිමක් ලක්ශ දෙකක් දෙකහමාරක් නතින් දුවනවා. වාහනේ කිලෝමීටර් 10000න් ඔයිල් මාරු කරන්න ඕන. 10000ක් වසරකින් දිව්වෙ නැත්නම් ඒත් වසරකින් මාරු කරන්න. ටර්බෝ හිච්චං එන්ජින් එක්ක ආතල් ගන්න එපා. දුරක හෝ ඇග්‍රසිව් ඩ්‍රයිවින් වලින් පස්සේ තත්පර 30ක් වත් දුවලා එන්ජිම නවත්වන්න. ටර්බෝ වාහන වල එන්ජින් ඔටෝ ස්ටොප් හැකිතාක් ඕෆ් එකේම (ක්‍රියා විරහිත කර) තියන්න

    ඒ වගෙම මේක උබල කියවන එකේ.. මම ලියන එකේ කියන්නම්කො මොකක්ද මේ මිල්ඩ් හයිබ්‍රිඩ් කියලත්. Phev උබල දන්නවනේ මේ ඇවිල්ලා mhev. මේකේ රොකට් සයන්ස් හයිබ්‍රිඩ් ලබ්බක් නෑ මෝටරේකුයි බැටරියකුයි තියේ "එෆිශන්සි සහ පවර්" සපෝර්ට් එකකට විතරක්. මොනා උනත් ඒකත් නැතුව ආවනම් අපේ මිනිස්සු මේවා අඩුවට නඩත්‍තු කරන් දුවනවා. කොහෙද ඉතින් වාහන සම්බන්ද නීති හදන්නේ ඒලෙවල් වලට විජයකුමාරයා ලංකාවට ආව එකයි කුවේනිහේ බල්ල ටොමිය හම්බ උන එක ගැනයි උපාදි ගත්ත උන්නෙ. ඒකයි දැන් ලංකාවට 1.5 රිලයබල් කොරොල්ලා සිවික් මැස්ඩ 3 වගේ හයිබ්‍රිඩ් නොවන චිරාත් කාලයක් පවතින මොඩල් එන්නැතුව කල්ලතෝනි කුනුහරප ලෙඩ මොඩල්ම එන්නේ. අපිට වෙලා තියෙන්නෙ ටැක්ස් එකට ගෙන්නන්න පුලුවන් මොඩල් වලින් එකක් තෝරගන්න මිසක් රිලයබල් වාහන ගන්න නෙමේ.

    කොහොම හරි මගේ අන්තිම නිගමනය වසර දෙක තුනකින් හෙන නොගහා පදින්න පුලුවන්, මොනා හරි උනාම මල් වට්ටිය වගේ කැරියර් එකේ පටවන් යන්න නැතුව ගන්න තියෙන්නේ මේකයි magnite (සීවීටි නොවන මොඩල දෙක) එකයි පමනයි.

    දැන් මම චීන වාහන ගන්න එපා ඉන්දියන් හොදයි කියනවා කියල වැලලෙන්න එපා. හදන රටේ නෙමේ අව්ල තියෙන්නෙ බ්‍රැන්ඩ් එකේ. බ්‍රෑන්ඩ් එක හොදනම් බිල්ඩ් කොලිටිය අව්ලක් වෙන්නෑ මැඩගස්කරේ හැදුවත්. ඔය ඉන්දියාවෙ සුසුකි ස්ටෑන්ඩර්ඩ් වලට හදලා ජපානෙට යවලා මෙහෙ ආව බැලීනෝ ටික ලස්සනට දුවන්නෙ. චීනේ හදන හොන්ඩ අකෝඩ් සිවික් ඔය දුවන්නෙ. අව්ල තියෙන්නෙ චීන්නුන්ගෙම චීං චූං, කං කුං, චෙරි බෙරි, MD ජෑම් බ්‍රැන්ඩ් උන්ම හදන ඒවගේ. අනික උන්ගේ අච්චර සේල්ස් මෙච්චර සේල්ස් කියන්නේ චීනේ ඇතුලේ මිසක් ග්ලෝබල් මාකට් එකේ නෙමේ. නිකමට සර්ච් කරලා බලන්න. රුපියල් 5000ක් අරන් ප්‍රමෝශන් ගහන පේජ් කාරයන්ගෙ ලනු කන්න එපා

    ඒ වගේම මේ fronx එක ටොයොටා සමාගමෙන් ටොයොටා urban cruiser taisor කියල සහ ටොයොටා ස්‍ටාලට් ක්‍රොස් රීබැජ් කරලා එලියට දානවා. සාමාන්නෙන් බිල්ඩ් කොලිටි එක ටොයොටා ස්ටෑන්ඩර්ඩ් එකට නැත්නම් ටොයොටා ඒ වැඩේ කීයටවත් කරන්නෑ. ලංකාවෙත් ඔය ටොයොට එක මම දැක්කා. ඒත් වොරන්ටි එක්ක ඒජන්‍ට් කෙනෙක් වාහනෙ විකුනනකොට ඇයි gi පයිප්ප වලින් අමානෝ ශීට් ගහපු ටකරන් මඩුවක ග්‍රේ ඉම්පොර්ට් ගෙනල්ලා විකුනන එකෙක්ගෙන් ගන්න විශේශ මෝල් අමාරුවක් තියෙන්න ඕන. ලක්ශ 20ක වගේ මිල වෙනසක් තියේනම් අව්ලක් නෑ ගන්න. හැබැයි "ටොයොටා ලංකා එක" වොරන්ටි එක්ක මේ මිලටම ගෙන්නුවොත් ඒක ගන්න. පොඩි ඔප්ශන් ප්‍රමානයක් වැඩී urban cruiser එකේ
    **************

    එහෙනම් හැමෝටම ජය සහ සතුට

    - කෝසල එදිරිසිංහ
    Senior engineer
    Mitsubishi corporation





    Tldr : fronx තමයි 😍
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    නිසාන් පැට්රෝල් - ලක්ෂ 270 ඉල්ලනව ඒ දෙන්නෙත් නෑ. සදහටම එකයි.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,059
    10,836
    113
    mama ganna kisima wahanayak CVT gannema na, thiyena okkoma sport automatic. Podi exception ekakata thiyenne in future Subaru WRX ekak gannawa nam, ewa kohomath CVT habai oka witharai CVT gannawa nam ganne.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    AMT කුණු ගොඩක් ගත්ත ගොබ්බයෙක් ගේ හැල්ලක්. AMT කියන්නේ auto නෙමේ යකෝ ජරාවක්. Panda auto එකක් පදින එකෙක් ගෙන අහලා බලපන්. AMT එපා වෙයි. ඔය AMT gear box පොඩ්ඩක් වත් smooth නෑ. Magnite AMT 0 - 100 යන්න 26sec යනවා 😂😂. යකෝ wagonr එක 15sec. 660cc වෙලත්. යකෝ ඕකේ parking gear එකක් වත් නෑ. බයිලා ගහනවා නිකං. ඔය magnite එක නම් කුණු ගොඩක් ගන්න උන් පව් ඉතින්. Fronx එක නම් සිරාවට හොඳයි ගානට වටිනවා.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,827
    15,084
    113
    mama ganna kisima wahanayak CVT gannema na, thiyena okkoma sport automatic. Podi exception ekakata thiyenne in future Subaru WRX ekak gannawa nam, ewa kohomath CVT habai oka witharai CVT gannawa nam ganne.

    හේතුව?

    CVT ලෙඩ නිසා ද?
    ඩ්‍රයිව් ආතල් එකක් නෑ වගේ නිසා ද?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,059
    10,836
    113
    හේතුව?

    CVT ලෙඩ නිසා ද?
    ඩ්‍රයිව් ආතල් එකක් නෑ වගේ නිසා ද?
    dekama!

    සල්ලි නැති කම
    salli nathi nisa neme.

    CVT fun na. CVT leda (Nissan). Nissan pathfinder 2023 indan un haluwa CVT, dan enne sports automatic!
    ------ Post added on Aug 6, 2025 at 9:51 AM
     
    • Like
    Reactions: ozykolla

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    AMT කුණු ගොඩක් ගත්ත ගොබ්බයෙක් ගේ හැල්ලක්. AMT කියන්නේ auto නෙමේ යකෝ ජරාවක්. Panda auto එකක් පදින එකෙක් ගෙන අහලා බලපන්. AMT එපා වෙයි. ඔය AMT gear box පොඩ්ඩක් වත් smooth නෑ. Magnite AMT 0 - 100 යන්න 26sec යනවා 😂😂. යකෝ wagonr එක 15sec. 660cc වෙලත්. යකෝ ඕකේ parking gear එකක් වත් නෑ. බයිලා ගහනවා නිකං. ඔය magnite එක නම් කුණු ගොඩක් ගන්න උන් පව් ඉතින්. Fronx එක නම් සිරාවට හොඳයි ගානට වටිනවා.
    උබ දන්න පකක් නෑ බං . ඉස්සෙල්ල පැදල බලපන් .