හරිම ලස්සනයි. මේ හොටෙල් එකක්ද තියෙන්නේ?
ඒ කාලේ ඉදන්ම ලංකාව ටුවරිසම් වලින් ගොඩ යන්න ඕනි කියලා රට පාලනය කරපු දේශපාලන නායකයන්ට අදහසක් තිබිලා තියෙනවා.
මොකද ' ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය' හෙවත් Sri Lanka Institute of Tourism & Hotel Management (SLITHM) 1964 පිහිටුවලා තියෙන්නේ. ඒ කාලේ කොහෙද හිතුවේ මෙහෙම ටුවරිසම් ඇති වෙයි කියලා. සිංගප්පූරුව වගේ රටවල් දන්නෙත් නැහැ.
ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය කියන්නේ ශ්‍රී ලංකා රජයේ ආයතනයක්. සංචාරක අමාත්‍යාංශය යටතේ පාලනය වන 1964 දී පිහිටවපු මේ ආයතනයේ අරමුණ හෝටල්, සංචාරක ක්ෂේත්රයට අවශ්‍ය වෙන තරුණ තරුණියන් පුහුණු කිරීම තමයි. ඒ වගේම මෙම අංශයේ ලංකාවේ තියෙන ඉහලම පිළිගැනීම සහිත ආයතනය මේක තමයි.
ඉතින් බලන්න ඒ අයගේ දැක්ම.