ධාවනයෙන් ඉවත් කර තිබු චෝගම් බස් රථ නමයක් පුනුරුත්තාපනයට ලක් කරමින් අද (18) ධාවනයට එක් කරනු ලැබුවා.
මේ අවස්ථාවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එක්ව සිටියා.
එහිදී ඔහු පවසා සිටියේ මෙම බස් රථ නැවත ප්‍රතිස්ථාපනය කිරිමේ ගෞරවය කාර්මික නිළධාරින්ට හිමිවිය යුතු බවයි.
මෙම බස් රථ කොළඔ කේන්ද්‍ර කර ගනිමින් කොළඔ සිට ගාල්ල ,මාතර ,යාපනය හා නුවර යන ප්‍රදේශ සඳහා එක් කර ගැනිමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
අපිට සෑහෙන බස් ප්‍රමාණයක අඩුවක් තියනවා.ඒක උඩට ගන්න තමයි මේ ව්‍යායාමය.අපිට නෙමෙයි මේකේ ක්‍රෙඩිට් එක යන්න ඕන මේක හදපු කාර්මික නිළදාරින්ට.අපි මේක කරේ බාරදුන්න වෘත්තිය සමිති වලට කිවුවා දක්ෂ කාර්මිකයෝ එක්ක ගෙන එන්න කියලා.එයාලගේ කැපවිමෙන් මේවා එලියට දානවා.චෝගම් බස් ගොඩාක් තියනවා ගෙනල්ලා කැඩිලා නතර කරලා තියන ඒවා.අපි ඒවා හදලා ධාවනයට එක් කරන්න බලාපොරොත්තු වෙනවා.අද නවයක් ධාවනයට එක්කරනවා.මාසෙකට විතර පසුව පොදු ප්‍රවාහනයේ දකින්න පුලුවන්….මාකුඔුර,මාතර , ගාල්ල ට ලොකු තදබදයක් තියනවා මාකුඔූරෙන් මඟී ඉල්ලුම හොදට තියනවා.නමුත් අපිට සැපයුම දී ගන්න විදියක් නැහැ.සමහර වෙලාවට හයිවේ දුවන්න ලඟ ධාවනය වෙන බස් දාන්න වෙනවා.මාකුඔුරෙ ඉදන් ගාල්ල මාතරට බස් දාන්න බලාපොරොත්තු වෙනවා. තව කොළඔ ඉදල යාපනේට,කොළඔ නුවර බස් කිහිපයක් දාන්න බලාපොරොත්තු වෙනවා.කොළඔ කේනද්‍ර කරගනිමින් මේ බස් රථ ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා.අලුතින් බස් රථ ගේනකම් මේවා නඩත්තු කරගෙන යන්න ඕන…..