මම අවුරුදු 28ක කොල්ලෙක්. මගේ පවුලේ අක්කයි අයියයි එයාලා බැදල එයාලට ලමයි එහෙම ඉන්නවා. මං පවුලේ බාලයා. අයිය රට ඉන්නේ එයාලගේ පවුලම. මං කැම්පස් ගියා.කැම්පස් ඉන්න කාලේ ඉදලම freelance කලා.කැම්පස් අවුට් වෙනකොට ම මමත් master කරන්න වගේ වෙන රටකට යන්න හිතාගෙන තමයි හිතාගෙන හිටියේ. ඒත් කැම්පස් අවුට් වෙලා ගෙදර එනකොට තමයි මට තේරුම් ගියේ අම්මා තාත්තාට දැන් කවුරුත් නෑ මාත් ගියොත් ඒක හරියන්නෑ කියල. ඒ හින්දා රට යන එක සම්පූර්ණයෙන්ම අතෑරල දැම්මා.ඒ වෙන කොට කර කර හිටිය job එකත් දාලා ඇවිත් full time freelance කරන්න පටන් ගත්තා. ඒ වෙනකොට අවුරුදු 5 ක් විතර තිබුන ආදර සම්බන්ධය අපි දෙන්නම කතා වෙලා නතර කරා.ඒත් පස්සේ මට ඒක මාරම විදියට දරා ගන්න අමාරුයි. හැමදාම මතක් වෙනව.දැනට අවුරුදු 3ක් විතර වෙනවා රිලේෂන්ශිප් එක නතර වෙලා. අලුත් එකක් පටන් ගත්තෙත් නෑ.තාමත් මතක් වෙනවා. ගෙදර කවුරුත් මේවා ගැන දන්නෑ.
අම්මයි තාත්තයි හොදටම වියපත් වෙලා කියල දැනෙන්න ගත්තේ මං ගෙදර ඉන්න කොට. ඒ දෙන්නම ලෙඩයි. දෙන්නම clinic යනවා. අම්මට භයානක ලෙඩක් තියෙන්නේ ගොඩාක් පරිස්සම් කරන්න ඕන.ලගකදී අම්මට ගොඩක් අසනීප උනා.ඒත් අක්කා අම්මා හොස්පිටල් එකේ ඉද්දිවත් ගෙදර එක්කරගෙන ආවට පස්සේවත් ආවේ නෑ.මම එයාට එන්න කියද්දී මට එයා කිව්වා එහෙම කියන හැටියට එන්න නෑ. ලමයිගේ ඉස්කෝලේ යන්න තියනවා අනම් මනම් කියලා. මං දැන් ගෙදර ඉන්න නිසා ඒවා කරන්න ඕන කියලා මට බැන්නා.
මට පුදුම පීඩනයක් තියෙන්නේ online වැඩ කරන අය දන්නවා ඒක කොච්චර stress ද කියල. ඒවත් තියාගෙන ගෙදර උයනවා අම්මගේ තාත්තාගේ රෙදි හෝදනව. අතූගානව මල ගෙවල් වල යනව, කුඹුරු වැඩ කරනවා. අම්මට තාත්තට කරන දේවල් ගැන මට කිසිම පසු තැවීමක් නෑ .මට පුදුම සතුටුයි. එයාලා මට ආශිර්වාද කරනවා. වෙලාවකට මට සල්ලි අඩුපාඩු එනවා මේ අවුරුද්දේම මගේ income එක සෑහුනෙ කරන්ට් බිල ගෙවා ගන්න විතරයි. අයියට කෝල් කලාම මට බයිනව. නහයෙන් අඩන්නැතුව පිරිමියෙක් වගේ මේවා කරන්න කියල. එයාලත් ඉස්සර එහෙම කලා කියල. ඒත් දැන් අම්ම තාත්ත හොදටම දුර්වලයි ඒක එයාලට තේරෙන්නෑ.අම්මා ගොඩක් දුක් වෙනව මට ජීවතයක් නෑ එයාලා හින්දා කියල. ඒත් මං හිත හදනවා .ඒත් හැමදාම රෑට මට නින්දක් නෑ .බයයි මට.බය මොකේටද කියල තේරෙන්නේ නෑ ඒත් පුදුම බයයි.මං මේවා අම්මලාට දැනෙන්න දෙන්නෑ.එතකොට දුක හිතෙනවනෙ .මේක type කරන වෙලාවෙත් කදුලු පනිනව. අම්මලා සතුටු කරන්න මං ගොඩක් tryකරනව පරණ flim එහෙම දාලා දීලා. ඒත් එයාලා මුණුබුරෝ එක්ක එහෙම ඉන්න ආසනේ
කොහොම හරි අම්මව private පෙන්නන්න කියල අක්ක අම්මව එයාලගේ ගෙදර එක්කරගෙන ගියා.ඒත් අම්මගේ ගොඩක් test කරන්න වුනා.හිතුවට වඩා ගානකුත් ගියා. මාත් පුලුවන් විදියට වියදම් කලා. අම්මත් එහෙමයි. අක්ක කිව්වා අම්ම එයා ලග තියාගන්නම් කියල ඒත් . එයාලා දැන් අම්මට වෙනස්කම් කරනව කියල මට තේරෙනවා. අම්මාගේ කතාවෙන් මට තේරෙනවා. මං ඒක නිසා අක්කගෙ පොඩි එක්කෙනාගෙන් අහල බැලුවා. එයා කියනව තාත්තා කැමති නෑලු ආච්චි ඉන්නවට . මට මාර දුකයි .මං අම්මව ආයේත් ගෙදර එක්කරගෙන යනවා .මට තේරෙන්නෑ මොනව කරන්නද කියල කියන්න කෙනෙකුත් නෑ ඒකයි group එකට දැම්මේ please හිත හැදෙන්න මොනව හරි කියන්න.
copied from Facebook