Bartleet balandaSutus gala approve karana hoda broker kenek kiyanna. CDS..
Softlogic masa 2k balan hitiya kisi reply ekak na.
ara aluth ad eka nisa, FB campaign ekak yanawa neda sunshine lage products boycott karanna wagey kiyala.mokakda seen eka ?
negative marketing. owa ganan ganda tharam dewal nemyiara aluth ad eka nisa, FB campaign ekak yanawa neda sunshine lage products boycott karanna wagey kiyala.
DamnPMB rallak enda yanne 17.40 dan
------ Post added on Oct 15, 2025 at 9:57 AM
MBSL dunna nathi wenda dan 16 .
9.5 gane 15000 ganda puluwan une aparade
------ Post added on Oct 15, 2025 at 10:00 AM

samahara welawata ohoma lokuwata ask dalla yatin collect karanawa. Dial kohomath 32 uda yanawa. sort term1.8 million ask ekak thiyanawa 30 lkr wala DIAL.N what next?
giya awurudde 13 Nov 2024 dala tiyenne Q report eka.. mokak hari case ekak mata nam hitenne..
කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත ආන්දෝලනයක් ඇති කළ ප්‍රවාහන සමාගමේ කොටස් මිල ඉහළ යෑමේ සිදුවීම, මේ වන විට රාජ්‍ය
මට්ටමේ අභ්‍යන්තර පරීක්ෂණයක් දක්වා වර්ධනය වී ඇති අතර, අදාළ ටෙන්ඩරය සකස් කළ රාජ්‍ය නිලධාරීන් දැඩි අර්බුදයකට ලක්ව ඇත.
මෙම සිදුවීම හුදු මූල්‍ය සමපේක්ෂණයක් පමණක් නොව, දූෂණ විරෝධී සහ දේශපාලනමය වශයෙන්ද පුපුරන සුලු තත්ත්වයක් නිර්මාණය කර තිබේ.
පසුගිය සති කිහිපය තුළ ප්‍රවාහන ක්ෂේත්රයේ ප්රමුඛ සමාගමක කොටස් මිල රුපියල් 1,400 සිට 2,400 සීමාව දක්වා අසාමාන්‍ය ලෙස ඉහළ යෑම පිළිබඳව මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමත් සමග, රජයේ ඉහළම තීරණ ගන්නන්ගේ දැඩි අවධානය මේ වෙත යොමුවී ඇත.
වාර්තා වන ආකාරයට, මෙම මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින්, ටෙන්ඩර් ක්‍රියාවලියේ විනිවිදභාවය සහ කොටස් වෙළෙඳපොළේ සැකකටයුතු ගනුදෙනු පිළිබඳව සොයා බැලීම සඳහා ක්ෂණික අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරනු ඇති බවට විශ්වාසදායී ආරංචි මාර්ග තහවුරු කරයි.
මෙම තත්ත්වයත් සමග, බිලියන ගණනක් වටිනා low-floor බස් රථ සැපයීමේ ටෙන්ඩරය සඳහා ලංසු කැඳවීමේ ලේඛනය සකස් කළ රාජ්‍ය නිලධාරීන් දැඩි පීඩනයකට ලක්ව ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. විශේෂයෙන්ම, එක් සමාගමකට පමණක් වාසි සැලසෙන පරිදි "වාර්ෂික පිරිවැටුප රුපියල් බිලියන 6 ඉක්මවිය යුතුය" යන මතභේදාත්මක කොන්දේසිය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට බලධාරීන් හමුවේ පිළිතුරු සැපයීමට සිදුවනු ඇත.
මේ අතර, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) වෙත මාධ්‍යවේදීන්, ආයෝජකයින් සහ සිවිල් සංවිධාන වලින් නොකඩවා ප්‍රශ්න කිරීම් සහ චෝදනා එල්ල වෙමින් පවතී.
ටෙන්ඩරය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම අදාළ සමාගමේ කොටස් මිල ඉහළ යෑම "අභ්‍යන්තර ගනුදෙනු" (insider trading) හරහා සිදුවූවක් ද යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ඉල්ලා ඔවුන් දැඩි බලපෑම් කරමින් සිටී.
විපක්ෂයේ දේශපාලනඥයින් දැනට මෙම සිදුවීම පිළිබඳව උපදෙස් මත නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළද, ඔවුන් ඔක්තෝබර් 17 වන දින ටෙන්ඩරය විවෘත කර ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන තෙක් සූදානමින් බලා සිටින බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ටෙන්ඩරය අපේක්ෂිත සමාගම වෙතම හිමිවුවහොත්, පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටතදී ආණ්ඩුවට එරෙහිව දැවැන්ත දේශපාලන සටනක් දියත් කිරීමට ඔවුන් සියලු සාක්ෂි ඒකරාශී කරමින් සිටින බව වාර්තා වේ.
- https://www.theleader.lk/featured/red-alert/36081-2025-10-15-04-57-47
ප්‍රවාහන ක්ෂේත්රයේ සමාගමක කොටස් මිලෙහි අස්වාභාවික ඉහළ යෑම - රාජ්‍ය ටෙන්ඩරයක් පිටුපස සැඟවුණු කුමන්ත්‍රණයක් පිළිබඳ සැකයක් !
පසුගිය සති කිහිපය තුළ, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයේ ප්රමුඛ සමාගමක කොටස් මිල කොළඹ කොටස් වෙළෙඳපොළේ අසාමාන්‍ය ලෙස ඉහළ යෑම, ආයෝජකයින් සහ මූල්‍ය විශ්ලේෂකයින් අතර දැඩි කතාබහක් නිර්මාණය කර තිබේ.
රජය විසින් කැඳවා ඇති දැවැන්ත බස් රථ ටෙන්ඩරයක් මෙම තත්ත්වයට මූලික හේතුව ලෙස පෙනී ගියද, ඒ පිටුපස මූල්‍ය අපරාධයක් සිදුවෙමින් තිබෙන්නේ ද යන සැකය දැන් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී.
මීට සති කිහිපයකට පෙර රුපියල් 1,400 සීමාවේ පැවති එම සමාගමේ කොටසක මිල, මේ වන විට රුපියල් 2,400 සීමාවද ඉක්මවා යමින් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.
වෙළෙඳපොළේ මෙම උද්යෝගයට ක්ෂණික හේතුව වී ඇත්තේ, ඔක්තෝබර් 17 වන දින විවෘත කිරීමට නියමිත, low-floor බස් රථ සැපයීම සඳහා වන රාජ්‍ය ටෙන්ඩරයයි. මෙම බිලියන ගණනක වටිනාකමකින් යුත් කොන්ත්‍රාත්තුව ඉහත කී සමාගම විසින් දිනාගනු ඇති බවට වෙළෙඳපොළ තුළ ප්‍රබල සමපේක්ෂණයක් ගොඩනැගී ඇත.
එවැනි දැවැන්ත ව්‍යාපෘතියක් මගින් සමාගමේ අනාගත ආදායම සහ ලාභය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන ආයෝජකයෙක් හෝ ආයෝජකයින් පිරිසක් සමාගමේ කොටස් විශාල ප්‍රමාණයක් හදිසියේම මිලදී ගැනීම මෙසේ කොටස් මිල ඉහළ යාමට හේතු වී තිබේ.
මතු වන බරපතල චෝදනා
කෙසේ වෙතත්, ඉහත කී සමාගමේ ප්‍රධාන තරඟකරුවන් විසින් මෙම ටෙන්ඩර් ක්‍රියාවලියට එරෙහිව විරෝධය පෑමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.
ඔවුන්ගේ ප්‍රධාන චෝදනාව වන්නේ, ටෙන්ඩරයේ පිරිවැටුම සම්බන්ධ කොන්දේසි සකස් කොට තිබෙන්නේ ඉහත කී සමාගමට පමණක් ගැලපෙන පරිදි බවයි. පසුගිය වසර පහ ඇතුළත වසර තුනක් වත් අදාල සමාගමේ වාර්ෂික පිරිවැටුප රුපියල් බිලියන 6කට වැඩි විය යුතු බවට එහි දැක්වෙන අතර අනෙක් තරගකරුවන් පෙන්වාදෙන ආකාරයට එම කොන්දේසිය සැපිරිය හැක්කේ ඉහත කී සමාගමට පමණය.
මෙමගින් අනෙකුත් සුදුසුකම් ලත් සැපයුම්කරුවන්ට තරඟ කිරීමට ඇති අවස්ථාව කෘත්‍රිමව අහුරා ඇති බවත්, එය සාධාරණ තරඟකාරීත්වයේ මූලධර්ම සම්පුර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් බවත් ඔවුහු පෙන්වා දෙති.
මෙම චෝදනා සමඟම, ටෙන්ඩරයේ ප්‍රතිඵලය පිළිබඳව කල්තියා තොරතුරු දැනගත් "අදිසි හස්තයක්" විසින් වෙළෙඳපොළ මෙහෙයවනු ලබන බවට ප්‍රබල සැකයක් මතු වී ඇත.
මෙයින් අදහස් වන්නේ, ටෙන්ඩරයේ කොන්දේසි එක් සමාගමකට වාසිදායක ලෙස සකස් කර ඇති බව දත්, රජයේ හෝ සමාගමේ අභ්‍යන්තර තොරතුරුකරුවන් හෝ ඔවුන් හා සම්බන්ධ පුද්ගලයින්, එම රහස්‍ය තොරතුරු භාවිතා කරමින් කොටස් වෙළෙඳපොළෙන් අයුතු ලාභ ලැබීමට උත්සාහ දරන බවයි.
මෙවැනි අභ්‍යන්තර තොරතුරු මත පදනම් වූ ගනුදෙනු , ශ්‍රී ලංකාවේ නීතිය යටතේ බරපතල මූල්‍ය අපරාධයකි. එය වෙළෙඳපොළේ සාධාරණත්වය සහ විනිවිදභාවය බිඳ දමන අතර, සාමාන්‍ය ආයෝජකයින්ගේ විශ්වාසය කඩ කරයි.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් වෙළෙඳපොළ, මෙවැනි අසාමාන්‍ය මිල ඉහළ යෑම් සහ ගනුදෙනු රටාවන් පිළිබඳව දැඩි විමර්ශනයක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මොටර් රථ විශේෂඥයන් පිරිසක ගේ ද සහය සහිතව, විපක්ෂයේ දේශපාලන නායකයන් පිරිසක් ද මේ ටෙන්ඩරය පිළිබඳව කරුණු අධ්‍යයනය කරමින් සිටින බවත් තහවුරු කරගත් ආරංචි මාර්ග පවසයි.
- https://www.theleader.lk/featured/red-alert/36053-2025-10-14-04-48-21
negative marketing. owa ganan ganda tharam dewal nemyi
PMB rallak enda yanne 17.40 dan
------ Post added on Oct 15, 2025 at 9:57 AM
MBSL dunna nathi wenda dan 16 .
9.5 gane 15000 ganda puluwan une aparade
------ Post added on Oct 15, 2025 at 10:00 AM
oya kiyala thiyana ewwa ASHO gana nemeyi DIMO ganagiya awurudde 13 Nov 2024 dala tiyenne Q report eka.. mokak hari case ekak mata nam hitenne..
ඉහත කී සමාගමේ ප්‍රධාන තරඟකරුවන් විසින් මෙම ටෙන්ඩර් ක්‍රියාවලියට එරෙහිව විරෝධය පෑමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේoya kiyala thiyana ewwa ASHO gana nemeyi DIMO gana


kalinma ASHO, DIMO deken aran hold kara gena hitiya nam problem solved.ඉහත කී සමාගමේ ප්‍රධාන තරඟකරුවන් විසින් මෙම ටෙන්ඩර් ක්‍රියාවලියට එරෙහිව විරෝධය පෑමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ![]()