සමහරු උදේ ඉදන් වැඩ කරලා රෑට නිදාගන්නවා..සමහරු රෑ වැඩ කරලා උදේ නිදාගන්නවා. මහන්සියට....ඉතින් නිහඩ නිස්කලංක බවට කවුරුත් කැමැතියි. ඒකට බාදා වෙනවනම් තරහ යන එක සාධාරණයි. නීතියෙන් තහනම් රෑ 10න් පස්සේ ස්පීකර් දාන්න... ඒ සද්දය පිරිත් නම් සමහරු කැමැතියි. සමහරු අකමැතියි. ඒක ඩිපෙන්ඩ්ස්.
ඒක මම තේරුන් ගත්තේ.මම ඉස්පිරිතාලේ ඉන්න කොට. මගේ ස්නායු අබාදයක් නිසා මාව ඇඩ්මිට් කලා. එතනදි රෑ මම නිදාගන්නකොට. එහා පැත්තේ ඩයල් එකක් පොඩි රේඩියෝ එකකින් සෙත් පිරිතක් දැම්මා. මට නම් සනීපෙට නින්ද ගියා ඒක අහන් ඉන්න ගමන්ම. වේදනාවත් අඩුයි.
හැමෝම එහෙම නෑ..සමහරුන්ට නින්ද යන්නෑ කුඩා සද්දයකදි පවා...
නිස්කලංක දිවි පෙවත . භාග්‍යවතුන් වහන්සේ පවා අනුමත කරපු දෙයක්.මම එක ධර්ම දේශනාවක ඇහුවා. උන්වහන්සේ නිහඩ පිලිවෙත් අනුගමනය කලා සමහර අවස්තාවලදී...නිශ්ශබ්දතාවය අගය කලා...
මම නම් හිතන්නේ මිනිස්සු හරි හැටි ධර්මය දන්නෑ...එකයි මෙහෙම. පන්සල් පල්ලි කෝවිල් රටේ නීතියට අවනත වෙනවා නම් ඒක තමයි හරි. හැබැයි මෙහෙම මරාගන්න එක අනුමත කරන්න බැහැ.මෙහෙනින් වහන්සේ නමකට ගරු කරන්න අවශ්‍යයි. හැම පූජකයෙක්ටම ආගමකටම.
හැබැයි අද කාලේ මෙහනින් වහන්සේ නමක් , ස්වාමින් වහන්සේ නමක් එක්ක කතා කලොත් . කතාව ඉවර වෙන්නේ. පන්සලේ තියෙන මොනවහරි අඩුපාඩුවක් , කියලා. මධ්‍යම පාංතික පවුලක ඉන්න මට අනන්තවත් අත්දැකීම් තියනවා. හාමුදුරු නමක් නම්. ඒත් එහෙමයි. (හැමෝම නැහැ. බහුතරයක්)
මට හිතෙන්නම සත්‍ය දහම ඇත සැගවිලා කියලා චාමර වීරසිංහ ගේ සින්දුවේ කෑල්ලක්...අපි සත්‍ය දහම දැනගන්න කොටම හැමෝටම නිහඩ නිස්කලංකව යමක් අවබෝද වෙනවා කවදාහරි ලෙසටම....