ඉපදෙන්නැහැ.. කිව්වහම මිත්‍යා දෘස්ටිය කියලා කෑ ගහන සාදුලා ගොඩක් දන්නැහැ, ඉපදෙනවා.. කියන ලෞකික සම්මා දිට්ටියත් අයිති වෙන්නේ මිත්‍යා දෘස්ටියටමයි කියලා, ලෝකෝත්තර POV එකෙන්.
ඒ අස්සේ සන්නස්ගල වගේ නාකියෝ පැත්තෙන් ඇඩ් දාලා, හීනමානය පුරවගන්නවා.
මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනෙක්ට
" ඉපදෙන්නේ නෑ "
කියලා කිව්වොත් තවත් මිත්‍යා දෘෂ්ටියට ම යනවා ...
පාවට තියන ලැජ්ජා බය නැති වෙලා යනවා
ඉපදීම මැරීම කියලා එකක් නෑ කියලා
ප්‍රත්‍යක්ෂ්‍යයෙන්ම අවබෝධ වෙන්න ඕනි දෙයක් මාර්ගය ( සම්මා දිට්ඨිය ) වඩද්දී ....
ලෞකික පෘථග්ජන පුද්ගලයන්ට ලෝකෝත්තර බණ කියලා වැඩක් නෑ මගේ අදහස අනුව ම.. මාර්ගය පෙන්නන එක තමා කරන්න ඕනි. මාර්ගය වඩද්දී තමා අවබෝධ වෙන්නේ ඕනි මම මරණය ඉපදීම කියලා නෑ කියලා
කන්නොරුවේ හාමුදුරුවො මම දන්න තරමින් නම් ඉපදීම මැරීම නෑ කියලා නෑ .... ඒ වගේම නිවන් මාර්ගය, සම්මා දිට්ඨිය වඩන අයුරු වගේ Pure Core Buddhism මුන් වහන්සේ දේශනා කරන්නේ නෑ ...
කාලීන මාතෘකා වලට ... ධර්මානුකූල විග්‍රහයක් දෙනවා විතරයි හරි වැරැද්ද මොකද කියලා පෙන්නලා දීලා ... කොටුවේ හාමුදුරුවො, කාගම සිරිනන්ද හාමුදුරුවො Category එකේ ම ටිකක් හොඳ Version එකක් ...
හාමුදුරුවො ප්‍රසිද්ධ උනේ " චතුර කථිකත්වය " නිසා. සිංහල, පාලි වචන කියද්දී අහන් ඉන්න ආසයි, ස්වර ඝන පිහිටුවල ලස්සනට කියනවා. එක නිකන් ගායකයෙකුට තියන ආකර්ශනයක් වගේ එකක්.
ඒත් නිවන් මාර්ගය දේශනා කරන්නේ නෑ මුන් වහන්සේ .... ( දැනුම තියනවා, ත්‍රිපිඨකාචාර්ය කෙනෙක් )
කිරුළපන ධම්මවිජය හාමුදුරුවො ත් වගේම ආවා ගියා ... ඒත් ඉතින් කාන්නොරුවේ ස්වාමින්වහන්සේගේ බණ අහන 1%ක් හරි නිවන් මාර්ගය හොයා ගනීවි.
ජෙරම් ල ඉන්න කාලේ
මුන් වහන්සේ අපිට වටිනවා