pundelata nelamuda ban allagena ahuwena ahuwena ekata ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,916
    35,856
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) සිට විශේෂ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. එම සංගමය පවසන්නේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට බාහිර ආයතනවලින් ඖෂධ ලබාගැනීම හෝ රසායනාගාර පරීක්ෂණ සිදුකර ගැනීම සඳහා නිර්දේශ පත්‍රිකා (තුණ්ඩු) නිකුත් කිරීම මෙතැන් සිට සම්පූර්ණයෙන්ම නතර කරන බවයි.

    2026 අයවැය මගින් වෛද්‍යවරුන් සහ සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි ලෙස නොසලකා හැරීමට විරෝධය පෑමක් ලෙස මෙම පියවර ගන්නා බව එම සංගමය සඳහන් කරයි.





    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා කොළඹදී ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කළේය. සෞඛ්‍ය පද්ධතියේ පවතින ගැටලු සඳහා විසඳුම් ඇතුළත් යෝජනාවලියක් රජයට භාර දුන්නද, 2026 අයවැය මගින් එම යෝජනා සඳහා කිසිදු විසඳුමක් ලබා දී නොමැති බවද ඒ මහතා එහිදී චෝදනා කළේය.

    මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය යටතේ, රෝහල තුළ ඖෂධ නොමැති වුවද පිටතින් ලබාගැනීමට වට්ටෝරු නිකුත් නොකිරීමටත්, රසායනාගාර පරීක්ෂණ පිටතින් සිදුකිරීමට නිර්දේශ නොකිරීමටත් වෛද්‍යවරුන් පියවර ගනු ඇත. තවද, දේශපාලන නියෝජිතයන්ගේ අවශ්‍යතා මත සංවිධානය කෙරෙන සායනික කටයුතුවලින් ඉවත් වීමටත්, අනුමත වෛද්‍ය කාර්ය මණ්ඩල සංඛ්‍යාව නොමැතිව ආරම්භ කරන නව රෝහල් ඒකක සඳහා තම සංගමයේ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් යෙදවීම වැළැක්වීමටත් තීරණය කර තිබේ. ඊට අමතරව, රෝගියෙකුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පහසුකම් නොමැති කිසිදු රෝහලක රෝගීන් පරීක්ෂා කිරීමෙන් වැළකී සිටින බවද ලේකම්වරයා අවධාරණය කළේය.

    කෙසේවෙතත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින බරපතළ ගැටලු මධ්‍යයේ වුවද, රෝගී සත්කාර සේවා අඩපණ වීමට හෝ රෝහල් පද්ධතිය කඩා වැටීමට තම සංගමය මෙතෙක් ඉඩ නොදුන් බව වෛද්‍ය සුගතදාස මහතා පැවසීය. මෙම ගැටලු සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ට තම සංගමය සමග සාකච්ඡා කළ හැකි බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,300
    25,768
    113
    Fantasy
    ඔහොමම ඖශධ නියෝජිත්‍යන්ට රෝහල්තුලට පැමිනීම වැලැක්වීමට පියවරකුත් ගත්තා නම් යසයි
     
    • Haha
    Reactions: supun_sg

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    මහත්තුරු හවස PP කරනවද ?

    මුන් තමයි තුප්පහිම ජාතිය තමන්ගේ clients ලට පෙනේ පුප්පන 🤣

    මුන් අනුරයට අරින්න ගිහිල්ලා ඉක්මනටම හොදම එකෙන් ඇරගන්නව ආයේ මීක් නොකියන්න බැරි වෙන්නම. බලන් ඉන්ඩකෝ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,300
    25,768
    113
    Fantasy
    මහත්තුරු හවස PP කරනවද ?

    මුන් තමයි තුප්පහිම ජාතිය තමන්ගේ clients ලට පෙනේ පුප්පන 🤣

    මුන් අනුරයට අරින්න ගිහිල්ලා ඉක්මනටම හොදම එකෙන් ඇරගන්නව ආයේ මීක් නොකියන්න බැරි වෙන්නම. බලන් ඉන්ඩකෝ
    මැති ඇමතිලා 10,15 ක්ම ඩොකාලා හින්දා අරිවී කියලා හිතන්ඩ බෑ .
    කාටවත් අරින්ඩ ඕනේ කියලා දෙයක් නෑ. මහන්තත්තකම අඩු කරගෙන පාඩුවෙ හිටියම ඇති.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,691
    9,763
    113
    අන්රයියා මේ වගේ එක එක උන්ට නැවෙන්නෙ නැතුව කොන්ද කෙලින් තියාගෙන වැඩ කරොත් ලබන පාරත් ඡන්දෙ දෙනව
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    අන්රයියා මේ වගේ එක එක උන්ට නැවෙන්නෙ නැතුව කොන්ද කෙලින් තියාගෙන වැඩ කරොත් ලබන පාරත් ඡන්දෙ දෙනව (2)
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,895
    21,919
    113
    ගම මහනුවරයි
    pp tahanam karanna one... finger print genna one... kathawa iwarai... ita passe dunnata kamak na permit... btw private campus danawata wirudda wennath ba ..

    mun pinata igenagena munta rate neethi wenas karanna denna ba.... neethiyata anuwa munwa thiyannai one

    munta witharak habai dunnoth... entapanuwoi... rata idan $ ewana ewunui sure $ ewanneth nathi wei....

    aye polim thamai :yes:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    2026 අයවැය මගින් වෛද්‍යවරුන් සහ සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි ලෙස නොසලකා හැරීම.
    "2026 අයවැයෙන් අපිට පර්මිට් දුන්නේ නෑ" කියලා වෙනත් වචන වලින් කියන හැටි...