පණ ඇති සත්තු මරණ එක පවක් වුනාට, මැරුණු සතෙකුගේ මස් කන එක පවක් නෙවෙයි කියලා හැම බෞද්ධයෙක් වගේම දන්න කාරණයක්...
හැබැයි සමහර බෞද්ධයෝ මස් කන එක පව් කියන වැරදි දෘෂ්ඨියක් සමාදන් වෙනවා..
හුගක් අය නොදන්නා කාරණාවක් තමයි, බුදුරජාණන් වහන්සේ විසින්, ස්වාමින් වහන්සේලාට විතරක් මස් වර්ග 10ක් වළදන්න එපා කියන එක සහ ඊට හේතුව..
බුදුරජාණන් වහන්සේ ගිහියන්ට එහෙම මස් කන්න එපා කියලා පනවන්නේ නෑ..
ස්වාමීන් වහන්සේලාට, ඒ මස් වර්ග 10 හැර අනිත් ඕනීම මසක් වළදන්න පුලුවන්..
ස්වාමින් වහන්සේලාටත් මස් වර්ග 10 හැර අතින් ඔනීම මසක් වළදන්න පුලුවන් නම්, ගිහි අපිටත් මස් කන එක කීයටවත් පවක් වෙන්නේ නෑ.. පවක් වෙන්නේ සත්තු මරන එක විතරයි.
කවුරු හරි කියනවා නම්, මස් කන එකත් පව් කියලා, එයා බුදුරජාණන් වහන්සේටත් එහා ගිය ප්‍රඥාවක් තියෙන කෙනෙක් වෙන්න ඔනී..
එහෙම කියනවානං එයා අභූතයෙන් චෝදනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයටයි..
මොනවද මේ බුදුරජාණන් වහන්සේ වළදන්න එපා කියපු මස් වර්ග 10 ය...
01. මිනී මස්.
02. ඇත් මස්.
03. අශ්ව මස්.
04. බලු මස්
05. සර්ප මස්.
06. සිංහ මස්
07. දිවි මස්
08. ව්‍යාඝ්‍ර මස්
09. වලස් මස්
10. කරබානා වලස් මස්
එතකොට ඇයි මේ ස්වාමින් වහන්සේලාට විතරක් මස් වර්ග 10ක් වළදන්න එපා කියන්නේ??? විද්‍යාත්මක හේතුවක් නිසාද එපා කිව්වේ??? අපොයි නෑ...
මේ ගැන විස්තර වශයෙන් සඳහන් වන්නේ විනය පිටකයේ, මහාවග්ග පාලි නම් විනය ග්‍රන්ථයෙහි, භේසජ්ජක්ඛන්ධක කියන කොටසේය..

මිනී මස් කන්න එපා කිව්වේ ඇයි??
මිනී මස් වළදන්න එපා කියලා විනයක් පනවන්න හේතු වුනේ, සුප්පියා දේවියට වෙච්ච සිදුවීමක් නිසා...
සුප්පියා දේවිය කියන්නේ ගෞතම බුදු සසුනේ ගිලානෝපස්ථානයෙන් ශ්‍රාවිකාවන්ගෙන් අග්‍ර වූ ගිහි ශ්‍රාවිකාවයි.. එතුමිය හැමදාකම අසපුවට ගිහින් ස්වාමින් වහන්සේලා අඩුපාඩු සොයා බැලුවා.. එහෙම බලලා ස්වාමින් වහන්සේලා කැමති දේවල් ප්‍රණීත විදියට සකස් කරලා පූජා කරනවා..
දවසක් සුප්පියා දේවිය එහෙම ආරාමෙට යද්දි, එක්තරා ස්වාමින් වහන්සේ නමක් අසනීප වෙලා හිටියා.. ඇය උන් වහන්සේගෙන් ඇහුවා ඔබ වහන්සේට මේ අසනීපේ සුව කරගන්න අවශ්‍ය දෙයක් තියෙනවා ද කියලා..
ස්වාමින් වහන්සේ කිව්වා, වෛද්‍යවරු මස් වළදන්න නියම කලා, ඒ නිසා මස් ව්‍යංජනයක් ලැබුනොත් හොදයි කියලා..
ඉතින් සුප්පියා දේවිය අර ස්වාමින් වහන්සේට මස් ව්‍යාංජනයක් පූජා කරන්න හිතේ තියාගෙන, සේවිකාවකට කිව්වා කඩේ විකුනන්න තියෙන මස් ටිකක් අරන් එන්න කියලා.. වෙලාව කියන්නේ එදා නගරෙම මස් ඉවර වෙලා..
මේක දැන ගත්ත සුප්පියා දේවියට ට ලොකු දුකක් ඇති වුනා.. අර ස්වාමින් වහන්සේට මස් නොලැබුනොත් ඒ ලෙඩේ නිසා අපවත් වෙන්නත් පුලුවන් කියලා හිතිලා,
දෙපාරක් හිතන්නේ නැතුව තමන්ගේ "කලවයෙන්" මස් කෑල්ලක් කපලා සේවිකාවට දුන්නා, උයලා ගිහින් අර ස්වාමින් වහන්සේට පූජා කරන්න කියලා.. ( කොහොමද ඒ කාලේ ශ්‍රාවකයන්ගේ ශ්‍රද්ධාව)
අර ස්වාමින් වහන්සෙත් මිනී මස් කියලා නොදැන අර මස් ටික වැළදුවා...
කලව කපපු වේදනාව නිසා, සුප්පියා දේවිය මාළීගාවේ යහනට වෙලා අපහසුවෙන් වැතිරිලා හිටියා..
ඉතින් මේ කාරණේ බුදුරජාණන් වහන්සේට ආරංචි වුනා.. ඒ වෙලාවෙම භාග්‍යවතුන් වහන්සේ දේවිය බැහැ දකින්න මාළිගාවට වැඩම කලා..
සේවකයන්ගෙන් ඇහුවා, කෝ සිටු දේවිය කියලා? සිටු දේවිය අසනීප වෙලා ඉන්නේ කිව්වා.. බුදුරජාණන් වහන්සේ සේවකයන්ට වදාළා, සුප්පියා දේවිය ඔසවාගෙන අරන් එන්න කියලා...
අහෝ! බුද්ධානුභාවයේ ආශ්චර්ය...
ඇය බුදුරජාණන් වහන්සේ දකිනකොටම කලවේ තිබුනු තුවාලය සනීප වුනා.. බුද්ධානුභාවයේ ඇය සුවපත් වුනා..
ඊට පස්සේ බුදුරජාණාන් වහන්සේ ආපහු අසපුවට වැඩම කරලා, අර මස් වැළදූ ස්වාමින් වහන්සේට කතා කරලා මෙහෙම ඇහුවා..
ඔබ වහන්සේ අද මස් වැළදුවාද ?
එහෙමයි ස්වාමිනී!
කිනම් මසක් වැළදුවේ දැයි දන්නෙහි ද???
නැත ස්වාමිනී! මම නොවිසුවෙමි!
ඉතින් ඒ වෙලාවේ මාගේ බුදුරජාණන් වහන්සේ අර ස්වාමින් වහන්සේට වදළා , ඔබ වහන්සේ නොදැන වළදලා තියෙන්නේ මිනී මස් කියලා.. අර ස්වමින් වහන්සේත් ඒක අහලා සංවේගයට පත් වුනා..
මිනි මස් කෑම පිළිකුල් සහගත නිසාත්, පැහැදුන අයගේ අපහැදීමටත් හේතුවක් වීම නිසාත්,මේ සිදු වීමෙන් පස්සේ තමයි, බුදුරජාණන් වහන්සේ, ස්වාමින් වහන්සේලාට මිනී මස් වළදන්න එපා කියලා විනය නීතියක් පනවන්නේ.. ඔන්න ඔය සිද්ධිය තමයි හේතු කාරණා වුනේ..

ඇත් මස්/
අශ්ව මස් කන්න එපා කිව්වේ ඇයි????
එක් දුර්භික්ෂ කාලයක මිනිස්සු ඇතුන් ගේ මස්
අනුභව කළහ. භික්ෂූන් වහන්සේලා එම ගමට පිඬු පිණිස වැඩිය කල්හි උන්වහන්සේලාට පිසින ලද ඇත් මස් දුන්නාහුය. භික්ෂූහු ඇතුන් ගේ මස් වැළඳූහ. එවිට සද්ධර්මය නො දත් මිනිසුන් නින්දා අපහාස කරන්නට පටන් ගත්හ. ( අද ඉන්න සද්ධර්මය නොදන් ඈයෝ වගේ තමා, ඉස්සරත් ඉදලා තියෙනවා)
❝කෙසේ නම් මේ ශාක්‍ය පුත්‍රීය වූ ශ්‍රමණයෝ ඇතුන් ගේ මස් වළඳත් ද? හස්තියා වනාහී රාජකීය සත්වයෙක් නෙව.. ඉදින් රජතුමා මෙකරුණ දන්නේ නම් භික්ෂූන් වහන්සේලා ගැන නො සතුටු වන්නේ ය❞ කියා ය.
භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
❝ පින්වත් මහණෙනි, හස්ති මාංශ නො වැළඳිය යුතුය. යමෙක් ඇත් මස් වළඳන්නේ නම් ඔහුට දුක්කට ආපත්තිය සිදු වේ.❞
(දුක්කට ආපත්තිය යනු, නො කළ යුතු දෙයක් කිරීමේ වරදට හසු වීම යි. එය යළි නො කරන බවට දේශනා කිරීමෙන් සංවර විය යුතු ඇවැතකි.)
අශ්ව මස් කන්න එපා කිව්වෙත්, අශ්වයා කියන්නේත් රජතුමා යානාව විදියට භාවිතා කරන රාජකීය සත්වයෙක් වීම නිසා තමයි..

බලු මස් කන්න එපා කිව්වේ ඇයි???
එක් දුර්භික්ෂ කාලයක මිනිස්සු බල්ලන් ගේ මස් අනුභව කළහ. භික්ෂූන් වහන්සේලා එම ගමට පිඬු පිණිස වැඩිය කල්හි උන්වහන්සේලාට පිසින ලද බලූ මස් දුන්නාහු ය. භික්ෂූහු බලූ මස් වැළඳූහ. එවිට සද්ධර්මය නො දත් මිනිස්සු නින්දා අපහාස කරන්නට පටන් ගත්හ.
❝කෙසේ නම් මේ ශාක්‍ය පුත්‍රීය වූ ශ්‍රමණයෝ බලූ මස් වළඳත් ද? බල්ලා වනාහී හිරිකිත සත්වයෙකි. පිළිකුල් ය❞ කියා ය.
භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
❝පින්වත් මහණෙනි, බලූ මස් නො වැළඳිය යුතුය. යමෙක් බලූ මස් වළඳන්නේ නම් ඔහුට දුක්කට ආපත්තියසිදු වේ.❞

සර්ප මස් කන්න එපා කිව්වේ ඇයි????
එක් දුර්භික්ෂ කාලයක මිනිස්සු සර්ප මාංශ අනුභව කළහ. භික්ෂූන් වහන්සේලා එම ගමට පිඬු පිණිස වැඩිය කල්හි උන්වහන්සේලාට පිසින ලද සර්ප මස් දුන්නාහු ය. භික්ෂූහු සර්ප මස් වැළඳූහ. එවිට සද්ධර්මය නො දත් මිනිස්සු නින්දා අපහාස කරන්නට පටන් ගත්හ.
❝කෙසේ නම් මේ ශාක්‍ය පුත්‍රීය වූ ශ්‍රමණයෝ සර්ප මස් වළඳත් ද? සර්පයා වනාහී හිරිකිත සත්වයෙකි. පිළිකුල් ය❞ කියා ය.
භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
❝පින්වත් මහණෙනි, සර්ප මස් නො වැළඳිය යුතුය. යමෙක් සර්ප මස් වළඳන්නේ නම් ඔහුට දුක්කට ආපත්තිය සිදු වේ❞.
ඊලගට තව සිද්ධියක් වුනා..
එකල්හි "සුඵස්ස" නම් නාග රාජයෙක් පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා
කොට මෙසේ පවසා සිටියේ ය.
❝ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ශ්‍රද්ධා රහිත වූ නො පැහැදීමෙන් යුතු වූ නාගයෝ සිටිති. ඔවුහු සුළු කරුණකිනුත් භික්ෂූන්ව පීඩාවට පත්කරන්නාහු ය. එනිසා ස්වාමීනි, ආර්යන් වහන්සේලා සර්ප මාංශ නො වළඳන්නාහු නම් මැනවි..❞
එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ "සුඵස්ස" නා රජුට ඉතා යහපත් ලෙස ධර්ම කතාවන් වදාරා ඔහුව සතුටු කළාහු ය. එකරුණ මුල් කරගෙන භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
❝පින්වත් මහණෙනි, සර්ප මාංශ නො වැළඳිය යුතුය. යමෙක් සර්ප මස් වළඳන්නේ නම් ඔහුට දුක්කට ආපත්තිය සිදු වේ❞

සිංහ මස්,
දිවි මස්,
ව්‍යාඝ්‍ර මස්,
වළස් මස්,
කරබානා වළස් මස්, කන්න එපා කිව්වේ ඇයි???
එක් කාලයක වැදි ජනතාව සිංහයෙකු දඩයම් කොට සිංහ මාංශ අනුභව කළහ. භික්ෂූන් වහන්සේලා පිඬු සිඟා වැඩිය කල්හි උන්වහන්සේලාට පිසින ලද සිංහ මස් දුන්නාහුය. භික්ෂූහු සිංහ මස් වැළඳූහ. සිංහ මස් වැළඳූ භික්ෂූන් වහන්සේලා වනාන්තරයෙහි වාසය කරති. එවිට මස් ගඳට ඉවකළ සිංහයෝ පැමිණ එම භික්ෂූන් මරා දැමූහ. භාග්‍යවතුන්ව හන්සේට මෙකරුණ සැළකළහ. එවිට භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළ සේක.
❝පින්වත් මහණෙනි, සිංහ මාංශ නො වැළඳිය යුතු ය. යමෙක් සිංහ මාංශ වළඳත් නම් ඔහුට දුක්කට ආපත්තිය සිදු වේ.❞
සිංහ මස් වගේම දිවි මස්,ව්‍යාඝ්‍ර මස්, වළස් මස්, කරබානා වළස් මස් කියන මස් වරගත් වළදන්න එපා කිව්වෙත් මේ හේතුව නිසාම තමයි..
ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ තුන් ආකරයකින් පිරිසිදු වූ මස් වර්ග කන්න කිව්වා.
තමන් උදෙසා සතෙකු මැරූ බව නොදුටු...
තමන් උදෙසා සතෙකු මැරූ බව නොඇසූ...
තමන් උදෙසා සතෙකු මැරූ බව සැක නැති...
මස් වර්ග කන්න කිව්වා..මේකට තමයි ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය කියන්නේ..
ඔය කඩේ විකුණන්න තියෙන මස් මෙන්න මේ තුන් ආකාරයෙන් පිරිසුදු වූ මස්..ඒ නිසා කඩෙන් ගෙනත් මස් කෑවට පවක් සිද්ධ වෙන්නේ නෑ..
සීහ සේනාපති වගේ අයත් බුදුරජාණන් වහන්සේ උදෙසා මස් පූජා කලේ මේ ක්‍රමේට තමයි...
වෙළද සැලට ගිහින් මස් ගෙනත් උයලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරන්න කිව්වා..
සීහ සේනාපති සූත්‍රයේ පැහැදිලිව සඳහන් විකුණන්න තියෙන්න මස් බුදුරජාණන් වහන්සේ උදෙසා සකස් කල බව..ඒ නිසා ධර්මය නොදැන අනවශ්‍ය දෘෂ්ඨි වල පැටලෙන්න එපා...
නමෝ බුද්ධාය!!!
Rangana Ruwanpura
(විනය පිඨකය - මහාවග්ග පාළි - භේසජ්ජක්ඛන්ධකය ඇසුරෙනි..)