මචංලා,
මොකක් හරි හදිස්සි තත්ත්වයක් ඇති වුණොත් ගෙදර ඉන්න හැමෝම වගේ කලබල වෙයි. හැබැයි අපි කලබල වෙලා හරියන්නෑනෙ.
* මේ තියෙන තත්ත්වයත් එක්ක වෙන්න පුලුවන් නරකම දේට ready වෙලා ඉන්න. ඒක උඹ ඉන්න තැන අනුව නාය යාම, වැව් කැඩෙන එක, හුළඟ, ගස් පෙරලෙන එක හෝ මොකක් හරි දෙයක් හෝ දේවල් කීපයක් වෙන්න පුලුවන්. Ready වෙලා හිටියොත් බය වෙන්න දෙයක් නෑ.
* වෙන්න පුලුවන් සියලුම ආකාර ගැන හිතන්න. ඒ දෙයක් වුණොත් මොකද්ද කරන්නෙ, කොහොමද කරන්නෙ කියන එක plan කරගෙන ඉන්න.
* ඔයාලා ඉන්න තැනට වැස්ස නැති වුණත්, වැස්ස නැවතුණත් ඉහළ පැති වලට වහින වතුර පහළ ප්‍රදේශ වලට ගලාගෙන එනවා. ඒ ගැන අවධානයෙන් ඉන්න.
* කරන්ට් එක නැති වෙන්න පුලුවන්. එතකොට සිග්නල් නැති වෙන්නත් පුලුවන්. ඒකට ලෑස්ති වෙලා ඉන්න. Phone, torch චාජ් කරගන්න.
* කුඩ, raincoat, බෑග්, තොප්පි තියෙන ඒවා එලියට ගන්න.
* "ආපදා මල්ල" ලෑස්ති කරගන්න.
https://share.google/3ZgXR8ofWycFVVNy7 (මේකෙ විස්තර ඔක්කොම type කරන්න අමාරුයි. Image දාන්නත් බැරි හින්දා මේ link එකෙන් ටිකක් බලන්න. මේ දේවල් පරිස්සම් ඇතුව තියාගන්න අවශ්‍ය වුණොත් තෙමෙන්නැතුව අරන් යන්න පුලුවන් විදිහට. පුලුවන් කෙනෙක් මේක image එකක් විදිහට දාන්න)
* වාහන තියෙනවා නම් ලේසියෙන් එළියට ගන්න පුලුවන් විදිහට තියාගන්න. හැබැයි වාහන වල යන්න බැරි තත්වයක් ආවොත් ඒකටත් ලෑස්ති වෙන්න.
* ගං වතුරක් ආවොත් ගෙදර හැමෝටම ආරක්ෂිතව වහලෙ උඩට හරි නගින්න ක්‍රමයක් තියෙනවද කියලා බලන්න. (හැබැයි වහලෙ මට්ටමට වතුර එන්නත් පුලුවන් තැන් තියෙනවා. ඒ ගැන අවධානයෙන් ඉන්න)
* Plan කරන කොට ගෙදර ඉන්න බල්ලො, පූසො, අනිත් සත්තු ගැනත් කරන්න පුලුවන් දේ ගැන හිතන්න.
* තව වැදගත් දේවල් එකතු කරන්න

Last edited: