කළිඳු:
මම නැවතත් යොමු වෙනවා අතුල කරුණානායක මහත්මයාට. දැන් ඔබතුමා කිව්වා ඉදිරි කාල සීමාව තුළ තියෙන පුරෝකථන වලට අනුව වර්ෂාව අඩුවක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම තමයි මේ කාල සීමාවේ තියෙන කැලඹිලි ස්වභාවයන් නිර්මාණය වීමේ ප්‍රවණතාවයත් එක්ක මේක ඕනම වෙලාවක වෙනස් වෙන්නත් පුළුවන් කියලා. දැන් ඔබේ දීර්ඝාලීන අත්දැකීම් එක්ක මම කැමතියි යම්කිසි ජනතාවට දැනුවත් කිරීමක් කරනවානම් මොන වගේ තත්ත්වයක්ද ඉදිරි සති දෙක තුළ අපි අපේක්ෂා කරන්න ඕනේ. නැත්නම් වහින එක අඩු වෙනවා කිව්වමත් තියෙන අර සැලකිල්ල අඩු වෙන්න පුළුවන්නේ.
අතුල:
ඇත්තෙන්ම හොඳ ප්‍රශ්නයක්. මොකද අපි ඉස්සෙල්ලා ප්‍රඩික්ෂන් එක දුන්නේ ගණිත ආකෘති වලින්. හැබැයි මම ඒ වෙලාවෙත් පැහැදිලිව කිව්වා කළිඳු ඒ කියන්නේ, ඒ කියන්නේ අපි දන්නවා වායුගෝලය වෙනස් වෙනවා. එතකොට ඒ අනුව තමා ඔය කැළඹෙන ස්වභාව ඉස්මතු වෙන්නේ. එතකොට මේ වන විට අපිට පැහැදිලිව පේනවා ලංකාවට ගිනිකොණ දිශාවෙන්, හැමදාම තියෙන්නේ බෙංගාල බොක්ක, එතකොට බෙංගාල බොක්ක ප්‍රදේශයේ වායුගෝලයේ කැළඹෙන ගතිය ඒක අපි කියනවා පහළ වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. එතකොට මේ කැළඹෙන ස්වභාවයක් එනකොට තමා ඒ අවටට ඉතුරු ජලවාස්ප එතෙන්ට රැස් වෙන්නේ. එතකොට මේක දැනට අපිට හොඳට පේනවා. හොඳට අපේ වින්ඩ් ෆ්ලෝ එක හොඳට පෙන්නුම් කරනවා. එතකොට මගේ එක්පීරියන්ස් අනුව මට පැහැදිලිව පේනවා මේක අනුව මොනවාහරි වෙනස් වීමක් ඒ කියන්නේ ඩිවලොප්මන්ට් එකක් තියෙනවා. හැබැයි තාම අපිට කියන්න බැහැ ගමන් මාර්ගය කොහාටද කියන එක. හැබැයි ගොඩක් මේක තියෙන තැන අනුව අපිට මේකේ වක්‍ර බලපෑම නම් ලංකාවට තියෙනවා. එතකොට දැන්
කළිඳු:
ඒ කියන්නේ එහෙම ගත්තොත් වර්ෂාපතනයේ ඉහළ යෑමක්
අතුල:
ඉහළ යෑමක් අනිවාර්යයෙන් වෙනවා. ඒක දැනටත් අපි ප්‍රකාශ කරා. ඒ කියන්නේ 14 වෙනිදයින් පස්සේ ඒ කියන්නේ මේ හෙට අනිද්දා. හැබැයි 14ම හරියටම ඕක වෙනවා නෙමෙයි. නමුත් ඒ දින කීපය තුළ දැනට තියෙන වර්ෂාපතනයේ රටාව වෙනස් වෙනවා. ඒ කියන්නේ උදේ කාලෙත් වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. අඳුරු ස්වභාවය ඒ වගේ දේවල් එනවා. හැබැයි මේක දැන් ක්‍රමක්‍රමයෙන් කැරගෙන ගමන් එතන්ට මොයිෂ්ච එනකොට ක්‍රමක්‍රමයෙන් මේ මේකේ කියනවා අපි නිකන් සෙන්ටර් එක කියලා. ඒ සෙන්ටර් එක හරියේ තියෙන ස්පීඩ් එක වැඩි වෙනකොට අන්න ඔන්න අපි පැහැදිලි කරනවා දැන් මෙන්න අඩු පීඩන කලාපයක්. ඊට පස්සේ තවත් ස්පීඩ් එක වැඩිවෙනකොට පීඩන අවපාතයක්. ඊට පස්සේ තමා සුලි කුණාටු බවට පරිවර්තනය වෙන්නේ. කවදාක්වත් සුලි කුණාටුවක් එකපාරට ඇවිල්ලා දාන්නේ නැ. ඔය විදිහට වර්ධනයක් වෙන්නම ඕන. එතකොට ඒ වර්ධනය වෙන ගමන් මේක ගමන් මාර්ගයේ චෙක් වෙනවා. ඉතින් වාසනාවට ගොඩක් වෙලාවට ලංකාවට බොහෝ දුරට අඩු සයික්ලෝන් තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේකත් අපිට පේන්නේ දැනට කැළඹෙන ස්වභාවයක් තියෙනවා නම් ඉදිරි දින කීහපය තුළ මට තියෙන එක්පීරියන්ස් අනුව මේක අඩු පීඩන කලාප, පීඩන අවපාත මට්ටමට යන්න පුළුවන්. සුලි කුණාටු කියන වචනය දැන්මම මං කියන්නේ නැ. හැබැයි ඒක තුළ අපේ ලංකාවේ තියෙන කාලගුණික තත්ත්වය දැනට තියෙනවට වඩා වැඩිවීමක් තියෙනවා.
එතකොට මේක ඇවිල්ලා තාවකාලික ප්‍රශ්නයක්. එතකොට මේ සිස්ටම් එක ඉන්දියන් හරි කොහාට හරි ගියාට පස්සේ ආය නෝමල් තත්ත්වයට එනවා. එතකොට ආයෙත් අර සුපුරුදු ආකාරයේ හවස් ජාමයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසී අපේ අර ප්‍රඩික්ෂන් එක තුළ පේනවා දෙසැම්බර් මාසය තුළත් එච්චර ලොකු වර්ෂා පතනයක් බලාපොරොත්තු වෙන්න බෑහ කියන එක. ඒ කියන්නේ බිලෝ යනවා කියන එක. හැබැයි ජනවර් ටිකක් වැඩි වැඩි කරනවා කියන එක පේනවා. හැබැයි ඒවා තියෙන්නේ අර ගණිත ආකෘති වලින් ගන්න ප්‍රතිඵල, ඒවෙත් චේන්ජස් පුළුවන්. හැබැයි චේන්ජස් වෙනවා නම් අපි අනිවාර්යයෙන් දින කීහපයකට කලින්
දැනුවත් කරනවා.