🪐🖊️ලවුටස්ගේ කිරියේ Good Bye හෑල්ල.. 📖කියවලාම ගොඩ පල!

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,085
    4,414
    113
    දැනට අවුරුදු 15කට විතර කලින් වෙච්චි සිද්ධියක්. දවසක් මට මගේ ගුරු හාමුදුරුවන්ගෙන් හදිසි පණිවුඩයක් ලැබුණා වහාම ඇවිත් උන් වහන්සේව බැහැදකින්න කියලා. ඒ වෙනකොට උන්වහන්සේ අවුරුදු 96ක වගේ බෝම වයෝවෘධ වයසක හිටියේ. මම උන්වහන්සේව බැහැදකින්න ගියාම මගේ අතට පුස්කොළ කේන්ද්‍ර පතක් දීලා කිවුවා දරුවෝ මේ මගේ ගෝල නමකගේ ජන්ම පත්‍රය. උන්දෑ බෝම අසනීප වෙලා දිඹුලාගල පැත්තේ කැලේ පන්සලක ඉන්නේ හෙටම ගිහින් පිළියමක් කරන්න කියලා. මමත් එහෙයි ගුරු හාමුදුරුවනේ කියලා එහෙමම ඉඳගෙන ඒ කේන්දරේ විස්තර බැලුවම දැක්කා ඉතාම දුර්ලභ වගේම අන්තිම දරුණු එරාෂ්ටක අපලයක් ලබලා කියලා. ඒ වෙලාවේ මගේ දැනුමට අනුව තේරුණා මේ ජන්මියාගේ ජීවිතය බේරගන්න බැරි බව. මම ඒ බව ගුරු හාමුදුරුවන්ට කිවුවාම උන්වහන්සේ මට කිවුවා
    "උන්දැව මහණ කොලෙත් මම කේන්දර බලලා. අඩු වයසෙන් නැහෙන්නේ නෑ. උඹල ගෙහුං මම කිවුව දේ කොරමු" කියල. මම එහෙයි ගුරු හාමුදුරුවනේ කියලා පිළිඅරගෙන පහුවදා පාන්දරින් දිඹුලාගල යන්න පිටත් වුනා. දිඹුලාගලටත් එහා සිරිපුර පැත්තට වෙන්න කැලේට ගිය පන්සලක්. අමු කට්ටක් කාලා පාර හොයාගෙන ගියේ. පට්ට මුකලාන. ඉර බහිනකොටම මහ එකාලා රංචු පිටින් එළිබහිනවා🐘🐘
    පන්සලක් කිවුවට පොඩි ගල් ගුහාවක් ඇතුලේ කුටියක්. දර මැස්සක් වගේ එකක් උඩ හාමුදුරු නමක් උඩුබැලි අතට සිවුරක් පෙරවගෙන නිදාගෙන ඉන්නවා. තලතුනා දායකයෝ (ගං වැද්දෝ වගේ) තුන් දෙනෙකුයි තව කුදු ගැහුණ නාකි උන්දැ කෙනෙකුයි ඒ ළඟ ඉන්නවා. මාව දැක්කම ඒ අය සෑහෙන කලබල වුනා. මම එයාලට ගුරු හාමුදුරුවෝ ගැන කියල මාව හඳුන්වල දුන්නම අර නාකි මනුස්සය මගේ ලගට ඇවිත් කරේ දාගෙන හිටිය ලේන්සුවත් අතට අරගෙන "මහත්තය මම වේදරාල කෙනෙක්. මම තමයි මුන්වහන්සේට දැන් වෙදකම් කරන්නේ. ආණ්ඩුවේ ඉස්පිරිතාලේ හොඳ කරන්න බෑ කියල හරෝල එවල තියෙන්නේ. මම දන්න සාත්තරේට ත් මේක හොඳ කරන්න බෑ. ගෙනාපු කරුම අනුව නොවැ ගෙවන්න තියෙන්නේ. මොනව කොරන්න ද හිත හදාගම්මු" කියල. එතකොට මම කිවුවා මගෙත් මතය ඒකම තමයි හැබැයි අපේ ගුරු හාමුදුරුවෝ කියන්නේ වෙන කතාවක්. මට උන්වහන්සේගේ අනුශාසනාවට පිටින් යන්න බෑ. ඒ නිසා මට උදවු කරන්න කියල. ඒක ඇහුවම උන්දැගේ මුනේ පොඩි එළියක් වැටුනා.
    "අනේ මහත්තය එහෙමනම් කියන්න ඕනම දෙයක් මම කරන්නම්. ජීවිතයක් ගොඩ දාගන්න නේ"
    හිටපු අයට කියල අවශ්‍ය පොඩි දේවල් ටිකක් කැලෙන්ම හොයාගෙන මල් යහන තියාගෙන මම වැඩේ පටන් ගත්තා. ඒ අතර වේදරාල හිඳපු කසාය අනිත් බේත් හේත් සේරම ආශිර්වාද කරලා උන්දැට කිවුවා වෙදකම පටන් ගන්න කියල. අනිත් අයත් කුටිය ඉස්සරහ ලොකු ගිණි මැලයක් ගහල එළිය ආරක්ෂාව දුන්නා. වෙදරාළ හාමුදුරුවන්ගේ සිවුර ඉවත් කරද්දී මම දැක්කේ තනිකරම මළමිනියක් වගේ. ශරීර කුඩුව ඇට සැකිල්ලක් වගේ දිරාපත් වෙලා. මම ගුරු හාමුදුරුවන්ගේ අනුශාසනාව විශ්වාස කරගෙන හිත දිරිමත් කරගෙන වැඩේ කරගෙන ගියා. වෙදරාළ ත් ලෙඩාට සාත්තු කරනවා. පාන්දර ජාමේ වගේ වෙද්දී මම ලෙඩාට නුල් ගැටගහල තෙල් ගාලා සෙත් ශාන්තිය කරලා ඉවර වෙලා අපි එළිවෙනකල් ලෙඩා ළඟ බලාගෙන හිටියා. උදේ ඉර පැයුවම මම වේදරාලට කිවුව ලෙඩාව ටිකක් බලන්න කියලා. උන්දැ ලෙඩාගේ නාඩි අල්ලලා බලල මහා පුදුමයකින් වගේ මගේ දිහා බැලුවා. ඒ මුණේ පුදුම සතුටක් තිබුණේ. උන්දැ මගේ ලඟට ඇවිත්
    "බුදු මහත්තයෝ මම හිතාගෙන උන්නේ අද පාන්දර ඇටිකුබ්බ අඩද්දී මුන්නාන්සේ අහවරයි කියල. හත් බුදුවරු බුදුවෙන පාන්දරක් නොවැ මේ!!"
    වෙදරාළ එහෙම කියල අර හාමුදුරුවෝ ළඟ දණ ගහගෙන තුන්පාරක් නැමී නැමී වැන්දා. ආයෙම මගේ ළඟට ඇවිත් මගේ අත් දෙක අල්ලගෙන
    "දැන් ඉතින් කරන්න ඕන ඉතුරු වෙදකම මම දන්නවා මහත්තයෝ. මුන්නාන්සේ නැගිටිනවා සත්තයි!" කියල මාරම සතුටකින් කිවුවේ.
    දවස් දෙක යද්දී ලෙඩා නැගිට්ටා. ඒ කරපු උපකාරේට තෑග්ගක් විදියට තමයි ඒ හාමුදුරුවෝ මට අර තෙල් කරඬුව දුන්නේ.
    ලෙඩා සනීප වුන බව ඇහුවම අපේ ගුරු හාමුදුරුවෝ බෝම පැහැදුණා.
    "උඹහැ තමා මගේ අතිජාත ගෝලයා" කියල උන්නාන්සේ මට කෙනෙක් මැරෙන දවස හරියටම ගණන් ගන්න ගුරු මුෂ්ටිය ඉගැන්නුවා 🙏
    කොන්ඩදෙනියේ හාමුදුරුවන්ටත් වඩා වැඩ්ඩේක් නේ බලන් ගියාම උඹ.
    නවකතා පොත් ලිව්වොත් හොදට විකුණා ගන්න පුළුවන් වේවි.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    දැනටමත් ඒක පොතේ දාන් ඇති
    ලක්ෂ විස්සක් තියා ගෙවල් සුද්ද කරගන්න දෙනවා කිව්ව විසි පන්දාහ දුන්නේ නැති ආණ්ඩුව.

    ග්‍රහලෝක පොන්නයාගේ පච
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,843
    2
    115,860
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉක්මනින් ආය හිටපු තත්වයටම එන්ඩ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!

    2027, 2030 වගේ ලංකාවට, ලෝකෙටම මොකක් හරි ලොකු දෙයක් වෙනව කියල පේනව නම් පසුවට ඒ ගැන අදහසක් දක්වන්ඩ..
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,162
    24,229
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලොට්ටපටොස් රජයෙන් දෙන ගාන අරන් ගේමක් ගහමු..

    සමහර දේවල් අපිට නැතිවෙනව ඒව ආයෙ ගේන්න බෑ මොනා කළත්. අතීතයට අයිති දේවල්. කවදහරි ඔක්කොම දාල යන්නත් වෙනවනෙ. ඒ මතකයත් එක්ක අලුත් ගමනක් යමු මචන්...
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,534
    124,667
    113
    දෙහිවල
    දැනටමත් ඒක පොතේ දාන් ඇති
    ලොට්ටපටොස් රජයෙන් දෙන ගාන අරන් ගේමක් ගහමු..

    සමහර දේවල් අපිට නැතිවෙනව ඒව ආයෙ ගේන්න බෑ මොනා කළත්. අතීතයට අයිති දේවල්. කවදහරි ඔක්කොම දාල යන්නත් වෙනවනෙ. ඒ මතකයත් එක්ක අලුත් ගමනක් යමු මචන්...
    Malli api ekathu wela smart class room hadamu
    නියම අදහස. ඔය මුදල අරං දෙන්න මෙයාගෙන්.
    මොකෝ කියන්නේ කට්ටිය. ලක්ෂ 20 කිරියට අරන් අපි ඉස්කෝලෙකට හොද වැඩක් කරමුද?
    ලොව්ටස් ට පින්, අපිටත් පින්. නුලක් දාමු මේකට
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,680
    4,549
    113
    මොකෝ කියන්නේ කට්ටිය. ලක්ෂ 20 කිරියට අරන් අපි ඉස්කෝලෙකට හොද වැඩක් කරමුද?
    ලොව්ටස් ට පින්, අපිටත් පින්. නුලක් දාමු මේකට
    Mama 2lak denawa thread starter 2 million dunoth
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    මොකෝ කියන්නේ කට්ටිය. ලක්ෂ 20 කිරියට අරන් අපි ඉස්කෝලෙකට හොද වැඩක් කරමුද?
    ලොව්ටස් ට පින්, අපිටත් පින්. නුලක් දාමු මේකට
    එහෙම කරනවා නම් මමත් උදවු කරන්න කැමතියි.... වැඩේ කරනවා නම් කරමු.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    එහෙම කරනවා නම් මමත් උදවු කරන්න කැමතියි.... වැඩේ කරනවා නම් කරමු.
    ඔයාට මතකද එකදාස් නමසිය අනු ගණන් වල ආපු නාට්ටියක් ගැන. ජාතික එකේ ගියේ. ඩබ්ලිව් ජයසිරි හිටියා. ටෝනි රණසිංහත් හිටියා වගේ මතකයි. දර්ශන් ධර්මරාජ් හිටියා.

    කොටි සංවිධානය සහ ආණ්ඩුව එක්ක ඩබල් ගේම් ගහන එකක් තිබ්බා. ආණ්ඩුවට ආයුධ දෙන ගමන් කොටි සංවිධානයටත් දෙනවා. ආණ්ඩුවේ රහස් සාකච්චා වෙන තැන් වලට කොටි සාමාජිකයන් ඇතුලත් කරලා තියෙනවා විස්තර ගන්න.

    වද කඳවුරක් එහෙමත් පෙන්නනවා.

    මතකද එහෙම එකක්?
     
    • Like
    Reactions: Kalegana