🔴ශ්‍රී පාදයේ තියෙන්නෙ කාගේ පා සටහන ද?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,688
    8,380
    113
    ශ්‍රී පාදස්ථානයේ (සමනළ කන්දේ) පිහිටා ඇති පා සටහන කාගේද යන්න එම ස්ථානය වන්දනා කරන ආගමික විශ්වාසය අනුව වෙනස් වේ. ලෝකයේ ප්‍රධාන ආගම් හතරක ජනතාව මෙය තමන්ට අයත් පූජනීය වස්තුවක් ලෙස සලකයි:

    * බෞද්ධයන්:

    බෞද්ධ ජනතාව විශ්වාස කරන්නේ එය ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපතුල බවයි. බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ තුන්වන අවස්ථාවේදී (කැලණියට පැමිණි ගමනේදී) සුමන සමන් දෙවියන්ගේ ආරාධනය පරිදි කන්ද මුදුනේ සිරිපතුල පිහිටුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

    * හින්දු බැතිමතුන්:

    හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ එය ශිව දෙවියන්ගේ පා සටහන බවයි. ඔවුන් මෙම කන්ද "ශිවනඩිපාදම්" (Sivan Oli Padam Malai) ලෙස හඳුන්වයි. ශිව දෙවියන් ලෝකය මැවීමේදී හෝ නර්තනයේ යෙදෙද්දී තැබූ පා සටහන මෙය බව ඔවුන්ගේ විශ්වාසයයි.

    * මුස්ලිම් බැතිමතුන්:

    ඉස්ලාම් භක්තිකයන් විශ්වාස කරන්නේ එය ආදම් (Adam) තුමාගේ පා සටහන බවයි. දෙවියන් විසින් ආදම් තුමාව ස්වර්ගයෙන් නෙරපා දැමූ විට, ඔහු පෘථිවියට තැබූ පළමු පියවර මෙම කන්ද මත තැබූ බව ඔවුන් විශ්වාස කරයි. "Adam's Peak" (ආදම්ගේ කන්ද) යන නම බටහිර ලෝකයේ ප්‍රචලිත වූයේ මෙම විශ්වාසය නිසාය.

    * ක්‍රිස්තියානි බැතිමතුන්:

    පෘතුගීසි පාලන සමයේ සිට ඇතැම් ක්‍රිස්තියානි බැතිමතුන් ද මෙය ආදම් තුමාගේ පා සටහන ලෙස විශ්වාස කළ අතර, තවත් සමහරු එය ඉන්දියාවට සහ ලංකාවට ක්‍රිස්තියානි ධර්මය රැගෙන ආ ශාන්ත තෝමස් (St. Thomas) තුමාගේ පා සටහන ලෙසද අතීතයේ විශ්වාස කර ඇත.

    මේ නිසා ශ්‍රී පාදස්ථානය ආගම් භේදයකින් තොරව සැවොම වන්දනා කරන, ලෝකයේ ඉතා දුර්ලභ ගණයේ පුදබිමක් ලෙස සැලකේ.
     
    nidarsha91

    Well-known member
  • කාගේවත් ආගමික විශ්වාසයක් හෑල්ලුවට ලක් කිරීමට නෙමෙයි මේ කියන්නෙ.

    ආගමක පැවැත්ම බේරගන්න නං එක එක විදියෙ පොඩි පොඩි ජිමික්ස් කරන්න වෙනවා. ඉන්දියාවට ක්‍රිස්තියානිය පතුරුවන්න ප්‍රාතිහාර්‍ය කතාවක් හැදුවා ***** මෑණියො දර්ශනය වුණා කියල. එතකොට ප්‍රශ්න නොකරන අය වැල නොකැඩී පසුපස්සෙ යනවා. ඉතින්, ඒ වගේ කතාන්දර ඔය වගේ ස්ථාන වලට ගොඩාක් සම්බන්ධ කරල තියෙනවා. හැබැයි රුවන්වැලිසෑය වගේ ස්ථාන තියෙනවා ඒවගෙ තියෙන්නෙ ජිමික්ස් නෙමේ සයන්ටිෆික් පෲෆ්ස්.

    කාගෙවත් විශ්වාසයකට බලපෑම් කරන්න කාටවත් බැහැ. ඒක පුද්ගලානුබද්ධයි. මොකද සිරිපාදෙ නැගල අනේ මේ කෙනාව මටම ලබා දෙන්න කිව්වයි කිව්ව මිනිස්සුම වෙනස් වෙනව. ඒ හින්ද අවබෝදයත් එක්ක ස්වභාව සෞන්දර්‍යය විඳගෙන ඒ මොහොත විඳගන්න නම් උත්සාහය - කදිමයි.

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    479
    474
    63
    කාගේවත් ආගමික විශ්වාසයක් හෑල්ලුවට ලක් කිරීමට නෙමෙයි මේ කියන්නෙ.

    ආගමක පැවැත්ම බේරගන්න නං එක එක විදියෙ පොඩි පොඩි ජිමික්ස් කරන්න වෙනවා. ඉන්දියාවට ක්‍රිස්තියානිය පතුරුවන්න ප්‍රාතිහාර්‍ය කතාවක් හැදුවා ***** මෑණියො දර්ශනය වුණා කියල. එතකොට ප්‍රශ්න නොකරන අය වැල නොකැඩී පසුපස්සෙ යනවා. ඉතින්, ඒ වගේ කතාන්දර ඔය වගේ ස්ථාන වලට ගොඩාක් සම්බන්ධ කරල තියෙනවා. හැබැයි රුවන්වැලිසෑය වගේ ස්ථාන තියෙනවා ඒවගෙ තියෙන්නෙ ජිමික්ස් නෙමේ සයන්ටිෆික් පෲෆ්ස්.

    කාගෙවත් විශ්වාසයකට බලපෑම් කරන්න කාටවත් බැහැ. ඒක පුද්ගලානුබද්ධයි. මොකද සිරිපාදෙ නැගල අනේ මේ කෙනාව මටම ලබා දෙන්න කිව්වයි කිව්ව මිනිස්සුම වෙනස් වෙනව. ඒ හින්ද අවබෝදයත් එක්ක ස්වභාව සෞන්දර්‍යය විඳගෙන ඒ මොහොත විඳගන්න නම් උත්සාහය - කදිමයි.

    ඕක බුද්ධාගමෙත් තියනවා. ඔය ප්‍රාතිහාර කතා ඔක්කොම එන්නේ ශ්‍රද්ධාවට වඩා අන්ද භක්තියක් හදලා ඒකෙන් ප්‍රයෝජන ගන්න. හොඳම දේ බලපන් දන්ත ධාතුව, මුන් ඒක අපිට බලන්න දෙන්නෙම නෑ නේද. නමුන් උන් උන්ගේ වීඅයිපී ල බලනවා නේද ? ආරක්ෂාවට කියලා නේද වහන් ඉන්නේ. හැබැයි සුද්දගේ කාලේ කඩන්න බලලත් බැරි උනා කියලා කියන්නේ. ඕකම තමා ඔය සිරිපතුල්වලත් සීන් එක. බලන්නවත් දෙන්නේ නෑනේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,101
    113
    Mother Earth
    ආගමයි සංස්කෘතියයි පටලවා නොගෙන wandana kara nam hari.
    උඹ කියන ඔය දේම පරස්පරයි. 🤷🏻‍♂️

    ඕක බුද්ධාගමෙත් තියනවා. ඔය ප්‍රාතිහාර කතා ඔක්කොම එන්නේ ශ්‍රද්ධාවට වඩා අන්ද භක්තියක් හදලා ඒකෙන් ප්‍රයෝජන ගන්න. හොඳම දේ බලපන් දන්ත ධාතුව, මුන් ඒක අපිට බලන්න දෙන්නෙම නෑ නේද. නමුන් උන් උන්ගේ වීඅයිපී ල බලනවා නේද ? ආරක්ෂාවට කියලා නේද වහන් ඉන්නේ. හැබැයි සුද්දගේ කාලේ කඩන්න බලලත් බැරි උනා කියලා කියන්නේ. ඕකම තමා ඔය සිරිපතුල්වලත් සීන් එක. බලන්නවත් දෙන්නේ නෑනේ
    මට දියන් මම කඩල පෙන්නන්න. 🤷🏻‍♂️
    ------ Post added on Dec 29, 2025 at 10:31 AM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,777
    15,041
    113
    උඹ කියන ඔය දේම පරස්පරයි. 🤷🏻‍♂️

    මට දියන් මම කඩල පෙන්නන්න. 🤷🏻‍♂️
    ------ Post added on Dec 29, 2025 at 10:31 AM
    Track da ubata ?
    Ethakota Sigiriya wage ewa lankawe minissu balanna yanne ethana aagamika nisada ? Sanskruthika nisada ?
    Oya deka patalawa ganna epa. Yanna ona nam gihin enna, habai aagamak allan meka ape kiyala alena eka weradi. It violates the main principle of Buddhism which is being strong enough to let go of things.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,098
    838
    113
    සිරි - මුල් කාලයේ හෙළ භාශාවෙන් බුදු හාමුරුවන්ට දුන්න නම
    ශ්‍රී - "සිරි" යන පදයේ සංස්කෘත භාශා පරිවර්තනය

    එතකොට, "සිරි පාදය" කියන්නේ බුදු හාමුරුවන්ගේ පාද ස්පර්ශය ලැබූ ගල තැන්පත් කර ඇති තැන.

    Footprint-of-Adam-a.s..jpg

    සමනල කන්ද, කුරු රටට අයිති තැනක්. කුරු රටේ ජිවත් වුනේ මේ රටේ ප්‍රඥාවෙන් ඉහලම තැනක හිටිය මිනිස්සු. මම දන්න තරමට "කුරු-නෑගල", "කුරු-විට" වගේ තැන් එකල දඹදිව පිහිටි කුරු රටට අයිති පළාත්. බුදුන් වහ්සේ සතර සතිපට්ටාන සුත්‍රය වැනි සුත්‍ර දේශනා කලේ කුරු රටේ වැසියන්ට.

    කුරු රට දේශ ගුණය විශේෂයෙන් සුබ දායක යි. මනා සැප පහසු ඇති බැවින් එහි මිනිස්සු අන් රටවලැ ජනයාට වඩා නිරෝග වූහ. නුවණ සුව සේ මුහුකුරුවන්නට හැක්කෝ ද වූහ. ගැඹුරු බණ දහම් අසා තේරුම් ගැනීමෙහි සමර්ථයෝ වූහ. එබැවින් මෙහිදී භාග්‍යවතුන් වහන්සේ මහාසතිපට්ඨාන, මහානිදාන, සතිපට්ඨාන, සාරෝපම, රුක්ඛෝපම, මාගන්දිය, ආනෙජ්ජසප්පාය යන ගැඹුරු සූත්‍රාන්තයන් දෙසූ සේක. රට්ඨපාල සූත්‍රය දෙසන ලද්දේ ද මෙහි දී ය. තව ද මෙහි වැසියෝ නිරර්ථක කථායෙන් කල් නො ගෙවුවෝය. ඉතා පහත් දාස දාසීහු පවා යම් කිසි සතිපට්ඨාන භාවනාවක් ඉගෙන එය වැඩීමෙහි යෙදුණාහ. භාවනා නො කිරීම ඔවුනට ලජ්ජාවට කරුණු වී ය. පසු කාලයක මෙහි සමූහ ආංඩුවක් වී යැ යි ඓතිහාසිකයෝ කියත්.

    කුරු රට පාලනය කලේ සුමන සමන් රජු. සුමන රජු බුදුන් වහන්සේගේ මාමා. බුදුන් වහන්සේ සුමන රජු මුණ ගැහෙන්න කුරු රටට වඩිනවා. සුමන රජු බන අසා සෝවාන් වෙනවා. සොවාන් වෙලා බුදුන් වහන්සේගෙන් අවසර ගන්නවා මේ රටේ බුදු දහම යටපත් වුන දවසක යලි නගා සිටුවන්න. "දියසෙන්" වෘතාන්තය ආරම්භ වෙන්නේ මෙතනින්. ඒ මොහොතේ සුමන රජු උන් වහන්ස්ගේ පාද ස්පර්ශය ගල් ලෑල්ලකට ගෙන සමනල කන්ද මුදුනේ තැන්පත් කරනවා. සෝවාන් වූ සුමන රජු රජකම අත් හරිනවා.
     
    Last edited:

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,953
    4,384
    113
    ඕක බුද්ධාගමෙත් තියනවා. ඔය ප්‍රාතිහාර කතා ඔක්කොම එන්නේ ශ්‍රද්ධාවට වඩා අන්ද භක්තියක් හදලා ඒකෙන් ප්‍රයෝජන ගන්න. හොඳම දේ බලපන් දන්ත ධාතුව, මුන් ඒක අපිට බලන්න දෙන්නෙම නෑ නේද. නමුන් උන් උන්ගේ වීඅයිපී ල බලනවා නේද ? ආරක්ෂාවට කියලා නේද වහන් ඉන්නේ. හැබැයි සුද්දගේ කාලේ කඩන්න බලලත් බැරි උනා කියලා කියන්නේ. ඕකම තමා ඔය සිරිපතුල්වලත් සීන් එක. බලන්නවත් දෙන්නේ නෑනේ
    ඒක බුද්ධාගමේ අවුලක් නෙවෙයි නෙ. පාලනයේ/ පාලකයින්ගෙ අවුලක් නෙ. බුදුන් කවදාවත් දේශනා කරල නෑනෙ මොනවත් පෙන්නන්න එපයි කියල. අනික කොහෙවත් කියල නෑ ප්‍රාතිහාර්යයක් දැකල පැහැදෙන්න කියල.
     
    nidarsha91

    Well-known member
  • අතීතයේ හුඟාක් කතා එකතු කරල බලද්දි පේනව ඒව හදල තියෙන්නෙ පසුවට ආව මිනිස්සු තමන්ගෙ අවශ්‍යතාවයක් සඳහා ඒව භාවිතා කරන්න කියල.

    ඩ්‍රැකියුලගෙ කතාවෙ පවා තියෙනවා රජ්ජුරුවො සටනකට යනවා. ඒක දිනනවා. හැබැයි දිනල එද්දි දූතයෙක් පණිවිඩේ ගෙනල්ල තියෙන්නෙ වරද්දල ( සතුරුකමට හෝ වෙනත් හේතුවකට ). ඉතින් දේවිය දිවි නහගෙන. ආවට පස්සෙ රජ්ජුරුවොත් දිවි නහගන්නවා කියල. ඔය කතාවම ලංකාවෙ මේ වෙද්දි දෙවියො කරල තියෙන රජ්ජුරුවො කීප දෙනෙක්ටම පට බන්දල තියෙනවා. එක්කෙනෙක් තනිය වල්ල්භ රජ සහ මුද්‍රා දේවී කුමරිය. කෝට්ටෙ රාජධානියෙන් ප්‍රාදේශීය කොටස් පාලනයට ගිය විශේෂ රජවරු ගැන ඔය වගේ කතා ප්‍රබන්ධ ගොඩාක් තියෙනවා.
     
    • Like
    Reactions: Udee KJ

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    වැලි ගොඩකට වැඳලා පින් කරගත්ත උනුත් හිටියා

    කර්ම රැස් කරගන්න ඔතන තියෙනවාද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි
     
    nidarsha91

    Well-known member
  • ඒක බුද්ධාගමේ අවුලක් නෙවෙයි නෙ. පාලනයේ/ පාලකයින්ගෙ අවුලක් නෙ. බුදුන් කවදාවත් දේශනා කරල නෑනෙ මොනවත් පෙන්නන්න එපයි කියල. අනික කොහෙවත් කියල නෑ ප්‍රාතිහාර්යයක් දැකල පැහැදෙන්න කියල.
    බුද්ධාගමේ අවුලක් තමයි මචන්. තමන්ගෙ සුඛය වෙනුවෙන් මිනිස්සු හැදුව බුද්ධාගමේ අවුලක්. නැතුව බුදුන් වහන්සේ පැහැදිලි කෙරුව බුද්ධිමත් දර්ශනයේ කිසිඳු පළුද්දක් නැහැ.

    පල්ලියෙ වැරදි වලට විරුද්ධ වෙලා මැරුම් කෑව ජීසස්ව පල්ලියෙ පැවැත්මට යොදාගත්තා.
    සාසනයක වැරදි පෙන්වන්න, විනයක් තියෙන්න ඕනයි කියල කියන්න ආව ගෞතම සිද්ධාර්ථව දෙවියෙක් කරල බුද්ධ දර්ශනය - ඉගැන්වීම් -> බුද්ධාගම කෙරුවා. අනික ඇත්තම මුසල්මානුවෙක් කියන්නෙ ජීවිතේට තව කෙනෙක්ව මරන්න යන කෙනෙක් නෙමෙයි. හැබැයි අයතුල්ලා කියන පිරිසකට මිනිස්සුන්ව වෙනස් කරවල වෙනත් අවශ්‍යතා කරවගන්න වුවමනා වෙන තැනට බලයක් ගොඩ නැගුනා.

    අවසානෙදි මේ හැම දෙයක්ම නියාම ධර්ම 5 ගලා යෑමේ ප්‍රතිඵල වෙනවා. අධි වර්ධනය පාලනය කරන්න එක එක විදියෙ ක්‍රම එනවා. හැබැයි ඒව ගැන අවබෝදයක් එක්ක ඉස්සරහට යන්න පුළුවන් නං... හැම උප්පාද තිථි භංගයක් අවසානයකදිම නැවත ඇතිවෙන ප්‍රතිසන්ධියක්ම අපූර්ව වෙයි. එලකිරි
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    479
    474
    63
    සිරි - මුල් කාලයේ හෙළ භාශාවෙන් බුදු හාමුරුවන්ට දුන්න නම
    ශ්‍රී - "සිරි" යන පදයේ සංස්කෘත භාශා පරිවර්තනය

    එතකොට, "සිරි පාදය" කියන්නේ බුදු හාමුරුවන්ගේ පාද ස්පර්ශය ලැබූ ගල තැන්පත් කර ඇති තැන.

    Footprint-of-Adam-a.s..jpg

    සමනල කන්ද සුමන සමන් රජු පාලනය කල කුරු රටට අයිති තැනක්. සුමන සමන් කියන්නේ බුදුන් වහන්සේගේ මාමා. බුදුන් වහන්සේ සමන් රජු මුණ ගැහෙන්න කුරු රටට වඩිනවා. ඒ මොහොතේ සුමන රජු උන් වහන්ස්ගේ පාද ස්පර්ශය ගල් ලෑල්ලකට ගෙන සමනල කන්ද මුදුනේ තැන්පත් කරනවා.

    කුරු රටේ ජිවත් වුනේ මේ රටේ ප්‍රඥාවෙන් වැඩිම මිනිස්සු වාසය කල පාලාත. මම දන්න තරමට "කුරු-නෑගල", "කුරු-විට" වගේ තැන් එකල දඹදිව පිහිටි කුරු රටට අයිති පළාත්. බුදුන් වහ්සේ සතර සතිපට්ටාන සුත්‍රය වැනි සුත්‍ර දේශනා කලේ කුරු රටේ වැසියන්ට.

    මේ අනිත් පිස්සු හුත්තලා ටික - ඔක්කොම ලංකාවේ උනා කියන. එතකොට බුදුන්ට කලින් මේකේ රන් එක දුන්නේ ෂඩ් ශාස්තෘවරුන්ද ? එතකොට කවුද ඉන්දියාවට බුදු දහම අරන් ගියේ මිහිඳු හාමුදුරුවද ?
     
    • Like
    Reactions: Yin And Yang

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,098
    838
    113
    මේ අනිත් පිස්සු හුත්තලා ටික - ඔක්කොම ලංකාවේ උනා කියන. එතකොට බුදුන්ට කලින් මේකේ රන් එක දුන්නේ ෂඩ් ශාස්තෘවරුන්ද ? එතකොට කවුද ඉන්දියාවට බුදු දහම අරන් ගියේ මිහිඳු හාමුදුරුවද ?

    "ආදම්" කියන්නේ මේ බද්ද කල්පය තුල පහල වුන "ආදිම" ( ආදම්) මනුස්සයා. එතකොට, ආදිම මිනිහත් (Adam) අයිති මේ රටට.

    බුදු දහම විතරක් නම් කමක් නැහැ. සියල්ල ආරම්භ වෙන්නේ මේ රටින්.