අනේ මචන් Google කරපන් සුද්දා, දැන් ලොකේ සෑහෙන දියුණුයි. AI Use කරන්නත් පුළුවන්.

anyway කියන්නම්, ණයක් ගන්නකොට ගෙවාගෙන යන විවිධ ක්‍රම තියනවා, සෑම වාණිජ බැංකුවක් හීන වන ශේෂය එහෙම නැත්තම් ණය ශේෂය මත පොලිය ගණනය කරන (reducing balance interest method) ක්‍රමය තමයි EMI කියන්නේ. (Speed draft වල අය කරගන්නේ වෙනත් විධියකට)
EMI = Equated Monthly Installment (සමාන මාසික වාරික)
EIP = Equal Installment of Principal.
උඹට දැන් තේරෙනවා ඇති EMI කිව්වම උඹට වාරික 36 ක් තියනවනම්, උඹට හැම තිස්සෙම සෙට් වෙන්නේ සමාන වාරික. ඒක උඹට සෑහෙන පහසුවක්. මොක ද 16245යි නම් වාරිකේ අන්තිම වාරිකෙට කලින් වාරිකය වෙනකම් හරියට ගෙවන් ගියොත් එකේ වෙනසක් වෙන්නේ නැහැ. මෙතන දි වාරික පරක්කු උනොත් 2%ක් 4%කට නොවැඩි ගානක් තමා දඩ පොලිය අය වෙන්නේ. (මහ බැංකුවෙන් නියාමනය කරලා තියෙන්නේ උපරිම පොලිය ගැන මට ගාන මතක නැහැ තිබ්බේ 2% වගේ. එහෙම ගානක් තියෙද්දි බැංකු වලට ඊට වඩා ගානක් අය කරන්න තහනම්).
.
ඒවුනාට ඔය ගොඩක් ක්ෂුද්‍ර මූල්‍ය බැංකු සහ සංවර්ධන බැංකු EIP ක්‍රමයට අය කර ගන්නවා එතනදි සමාන වාරික නැහැ. එතන දි වෙන්නේ ණය වාරිකය ගෙවනකොට නිශ්චිත ප්‍රාග්ධන මුදලක් කියනවා උදා රු 6000 ක් කියලා හිතපන්. ඊට පස්සේ අපිට ණය ගෙවන්න දවසක් තියෙනවා නේ මාසේ උදාහරණයක් විදියට හිතපන් මාසේ 25 කියලා ගෙවන්න තියෙන්නේ. අන්න එදාට අදාල ණය පොලිය ගණනය කරනවා. (ගණන් හදලා උදාහරණ පෙන්නනනම් බෑ පුතේ) එතකොට පළවෙනි මාසේ එක ගානකුත් අපස්සට යද්දි ගාණ අඩු වෙනවා. මෙයිත් පොඩි පොඩි වෙනස් කම් වෙනවා මාසේට තියෙන දින 28, 30 හෝ 31 ද කියන එක සහ වාරිකය ගෙවන ඇත්තම දිනය කියන දේවල් අනුව. මෙතනදි තියෙන ලොකුම ගැටළුව තමා සමාන වාරික නැති නිසා ගෙවන එකාට idea එකක් නෑ අදාල වාරිකේ ගැන. අනෙක දඩ පොලී වලට නියාමන නැහැ බැංකු කැමති විදියට අය කරගන්නවා. හිතන්න කලින් කිව්වා වගේ 25 ගෙවන්න ඕනේ grace පීරීයඩ් එක දවස් 5යි එතනනින් පස්සේ දඩ පොලී කියලා, උන් එතකොට මාසේට 5%-7% වගේ ගානවා, annual rate එක බලපන් 12න් වැඩි කරලා. ඔය වගේ EIP ක්‍රමයට දෙනවනම් අනිවා repayment schedule එකක් දෙන්න ඕනේ. මොක ද සමාන වාරික නෙමෙයි තියෙන්නේ, ණය ගත්තා එකාට අවබෝධයක් නැති නිසා අනෙක විනිවිධභාවයක් තියෙන්න ඕනේ නිසි. මේවාට අදාල නීති තිබ්බත් අපේ උන් ඕවා දන්නේ නැහැනේ.
EIP එකක් ඇතුලේ EMI එකකට වඩා ගහන්න ක්‍රම ගොඩාක් තියෙනවා. විශේෂයෙන් සංවර්ධන බැංකු වල, මොක ද සිස්ටම් නෑ අතින් ලියන්නේ, රිසිට් දෙන්නේ නැහැ. ඕවට එන මිනිස්සු සරල ගණිතයවත් දන්නේ නැහැ. ගොඩක් කළු කඩ මුදලාලිත් ඕවයි සල්ලි දානවා ඉතිං ටැක්ස් වලින් බේරෙන්න කියලා. අන්තිමේ දි මැනේජර්ගේ ඉදං වැඩ කරන උන් හොඳට ගසා කනවා. සමමර වෙලාට උඩට රිපෝර්ට් යවනවා ණය ගත්ත එකා ගෙවීම පැහැර හැරලා කියලා බොල්ණය කියලා. ඒත් අර මිනිහගෙන් අය කරගන්නවා. හිල් තියනවා සෑහෙන. ලියන්න බෑ බන්.