ආදායම්බදු (income tax) වලට හසුනොවී ඉතිරි කරමු???

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    Such is life. 36% upper tax cap will feel alright, compared to the 45% cap in some countries.
    The fact that civilians should pay tax is correct, and I 100% agree with it. That’s why I agree to pay 36% of my salary.

    however, there should be a limit. I’m sorry, but I don’t agree with this 45% story, coz,....do we enjoy the same social facilities as people in countries like Finland or Japan, where citizens pay around 50% tax.???

    මොකක් හරි මනී ජෙනරේට් වෙන දෙයකට ඉන්වෙස්ට් කරන්න .

    ඔයාගෙ සල්ලි වලට රියල් වෙලිව් හරි තියේවි.
    ස්තුතියි මචන් අදහසට.

    ඔය "මොකක් හරි මනී ජෙනරේට් වෙන දෙය" කියන එක අර්ථ නිරුපනය කරගන්න බැරුව තමයි බොහෝ දෙනෙක් ඉන්නේ .. ඒ මොකද්ද ? ඇත්තටම මේ නුලේ අරමුණත් එකයි !!!
    ------ Post added on Jan 19, 2026 at 8:04 AM
     
    • Like
    Reactions: Shamal3001

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,591
    8,721
    113
    kandy
    මගේ යාලුවෙක් ගේ අම්මා කෙනෙක් වැඩ කරා ග්‍රාමීය බැංකුවක
    එයා දවසක කිව්වා සල්ලි තියෙන්නේ ග්‍රමීය බැංකු වල කියලා . බිස්නස් කාරයෝ ගොඩක් පාවිච්චි කරනවා ලු ඔය tax සීන් හින්දා .
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    මගේ යාලුවෙක් ගේ අම්මා කෙනෙක් වැඩ කරා ග්‍රාමීය බැංකුවක
    එයා දවසක කිව්වා සල්ලි තියෙන්නේ ග්‍රමීය බැංකු වල කියලා . බිස්නස් කාරයෝ ගොඩක් පාවිච්චි කරනවා ලු ඔය tax සීන් හින්දා .
    Thanks Bro

    වැඩි විස්තරයක් දන්නවනම් බෙදාගන්නින් මචන්..
     
    • Like
    Reactions: san**

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,380
    1
    32,061
    113
    - උඩරට -
    images

    මේක බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි. ඔයාලගේ අදහස් හා දන්නා දේවල් share කරන්න.

    පඩිය අතට එනකොටම income tax වලට කැපිලා එන්නේ (36%). ඒ නිසා FD තිබුනොත් ඒවායේ interest එකටත් 36% වදිනවා. මේ රටේ ඉන්න කාලකන්නි නිකමුන්ට කන්න දෙන්න අපි මහන්සිවෙලා ඉගනගන, වෙහෙසිලා කරන රස්සාවෙනුත්, අමාරුවෙන් ඉතුරුකරන දෙයකිනුත් 36% ගෙවන්න වෙලා !!! ඒකනිසා දැන් බැංකුවල හෝ වෙන්ටත් financial ආයතන වල සල්ලි දාලා වැඩක් නෑ. කොහෙන් ගියත් අහුවෙනවා.

    අපි කොහොමත් රස්සාවෙන් income tax ගෙවන නිසා ඉතුරු කරන දේවත් බේරගන්න විදිහක් කතා කරමු. මම පොඩ්ඩක් හොයලා බලපු දෙයක් තියනවා. ඒගැන ඔලයගේත් අදහස් බෙදාගන්න.

    1. ලංකාවේ ගොඩක් පළාත්වල තියනවා "සමුපකාර ග්‍රාමීය බැංකු" (CRB). ඒවායේ දාන FD තවම income tax වලට අහුවෙන්නේ නෑ. අනික මම දන්නා තරමින් WHT 5%. නමුත් 8.5% interest දෙනවා. දැන් මම හෙහෙම කියපු ගමන් ඒ ගැන දන්නා මිනිස්සුයි, නොදන්නා මිනිස්සුයි එකපාරම කියන දෙයක් තමා - "ඕවා විස්වාස නෑ, දාපු සල්ලි ටිකත් නැතිවෙන වැඩක්" -- ඇත්තටම එහෙමද ? මොකද මේවත් ආණ්ඩුවට සම්බන්දයක් තියනවා නේද ? ඔයාල දන්නා එහෙම වුන තැන් තියනවද ? ඔයාලා දන්නවනම් පොඩ්ඩක් ඔයාලා දන්නා තොරතුරු බෙදාගන්න කෝ . මම දැනගත්තු දෙයක් තියනවා, එහින්දා තමයි මමත් මේ ගැන හොයන්න හිතුවේ. - මම දන්නා තරමක් විශාල ප්‍රමාණයෙන් concrete items හදන තැනක් තියනවා අතුරුගිරියේ. ඒ අය දවසකට 150000+ වැඩි බිස්නස් කරනවා. කාලෙක ඉදන් ඒ මිනිස්සුන්ගේ account තියෙන්නේ ඔය බැංකුවේ. ව්‍යාපාරය audit කරන්නෙත් නෑ. income tax වලට අහුවෙන්නෙත් නෑ. අපි වැඩිය දන්නේ නැති වුනාට මේවත් එක්ක ගනුදෙනු කරන ප්‍රාදේශීය මට්ටමේ සෑහෙන ලොකු ව්‍යාපාරිකයෝ ඉන්නවා. නමුත් ගනුදෙනු කරන්න කලින් හරියටම අවදානම assess කරන ඕනේ ...

    2. ගොඩක් බැංකුවල (ඉහත බැංකුවත්) ඇතුළුව උගස් කරපු , පසුව බේරා නොගත්තු රත්රන් වෙන්දේසි කරනවා. ඒ වෙන්දේසි වලිනුත් යම්කිසි ලාබයක් ඇතුව රත්රන් ගන්න පුළුවන්.

    මේ දෙක ගැන වගේම වෙනත් ගොඩක් අය නොදන්නා යෝජනා ගැන හැමෝටම දැනගන්න කතා කරමු .
    ග්‍රාමීය බැංකු කියන්නෙ හොරු..
    දන්න තැන් කීපයකම සල්ලි අරන් පැන්නා මැනේජර්ස් ලා..
    හොර ගුහාවක්..
    සල්ලි දාන්න පුලුවන් උනාට 20 න් උඩ සල්ලි ගන්න බෑ..
    උන් දෙන්නේ නෑ කඩ කඩ දෙන්නේ..
    අපේ ගමේ එකෙන් 10,000 ක් ගන්න ගිහින් අම්ම එක්ක වැඩකට උන් කීවා දැන් සල්ලි නෑ ලොකු ගනන් තියා ගන්නේ නෑ අපි, මැනේජර් නෑ මේ වෙලාවේ එයා ඇපෲ කරන්න ඕනී ගගා බයිලා..
    අන්තිමට දෙන්නම් කීවේ 2500 😡
    කවුන්ටර් එකේ හිටපු හුත්තිට බැන්නා බැනිල්ලක් ආයේ නොකියන්න..
    මැනේජර් බැංකුව පිටිපස්සේ හැංගිලා ඉන්නවා 🤣
    උන්ට උඩින් කියලා තියෙන්නේ සල්ලි ඉල්ලන් ආපුහම ශේප් කරලා යවන්න කියලලු..
    රට වටේම ග්‍රාමීය බැංකු වල අක්‍රමිකතා වැඩීලු.. ඒ හින්දා උන් කරන්නේ කඩා වැටෙන එක නතර කරන්න වරකට සල්ලි දෙන ප්‍රමානය අඩු කරන එක..
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,420
    1,543
    113
    The fact that civilians should pay tax is correct, and I 100% agree with it. That’s why I agree to pay 36% of my salary.

    however, there should be a limit. I’m sorry, but I don’t agree with this 45% story, coz,....do we enjoy the same social facilities as people in countries like Finland or Japan, where citizens pay around 50% tax.???
    ------ Post added on Jan 19, 2026 at 8:04 AM

    What I'm trying to say is that paying taxes is the norm in most places (other than Dubai, Ireland, or other tax heavens). People in Africa also has to pay similar percentages in taxes, and those countries have way worse infrastructure and way rampant corruption compared to here.

    If you generate your income from Sri Lanka, then you have to pay taxes (or commit tax fraud). If you generate your income elsewhere, then you have a choice, whether you bring it to Sri Lanka (and pay taxes), or invest it somewhere else.

    If you are bothered by paying taxes for your foreign income, just know that you don't have to bring it to Sri Lanka.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,091
    3,956
    113

    සමුපකාර ක්‍රමය කියන්නේ සුපිරිම එකක්. හැබැයි දැන් සමුපකාර ක්‍රමය කරන උන් තමයි සත 05 ට විස්වාස නැති තැනක් . බලපන් මේ නිව්ස් එකක්. හිතන්න උඹලා ලක්ෂ 50 ක් දැම්මා කියලා..අරක ට මේකට කියලා කපාගත්තොත් සොරි ඩොට් කොම්ම තමයි. ටැක්ස් ඕන නම් රු 5000 ක් 7000 ක් කැපුවත් දාපු මුදලවත් රැකෙනවා...අනික සමුපකාර බැංකුවලම දාන්න ඕන නැ.

    ටැක්ස් වලට බය නම් කොටස් වෙලදපල ආයෝජනය තමයි හොදම. හැබැයි ඒක රිස්ක්..කොටස්වල මිල අඩුවුනාම ඔයාට පාඩුයි වගේම කොටස්ව ල මිල වැඩිවුනාම ඔයාට ලාබයි
    හැම එකේම වාසි අවාසි 02 ම තියනවා..ඒ නිසා සුරක්ෂිතම අරක මේක කියලා නෑ

    හුගක් අය ටැක්ස් වලට බයේ වෙන තැන්වලට දැම්මට..අන්තිමට ටැකස් මුදලට වඩා බර ගානක් අඩුෙවනවා..ඖනම රටක ටැක්ස් ගෙවන්න ඕන පුද්ගලයෙක් වුනාම

    මම කොටස් වල ආයෝජනය කලා ලක්ෂ 10 ක් . කැල් එකේ .. දාපු ගමන් 20,000 ක් කැපුනා..ඉට පස්ෙස් 80,000 ක් කැපුනා..එලකිරි එකේ ඩයල් එකක් කිව්වා..ඔහොම තියමු අවුරුද්දක් කියලා...දැන් මාස 04 ක් විතර ගියා...මම බැලුවා ආපහු ලක්ෂ 10ම තියනවා....ඒකියන්නේ මේ කාලේ ඇතුලත. කොටස් වල ලාබාංශ වැඩිවෙලා...ඉතින් මම නෙමෙයි ඒක හැන්ඩල්කරන්නේ කැල් එකෙන්. ඉතින් එතනත් ලාබ පාඩු තියනවා..දැන් දවසට 1000 ක් විතර ලාබයක් තියනවා...ෂේප්..වැඩි පොලියක් නෙමෙයිනේ...අදික පොලි කියන්නේ .ලොවෙත් බය වෙන්න ඕන..උන් කවදාහරි ඔය අධික පොලිය අරන් මාරු වෙනවා...

    කැල් ම නෙමේ ඖන තරම් වෙන අායතන තියනවා, එන් ඩී බී වෙල්ත් එයාලත් කරනවා..නැත්නම් තමන්ටම තනියෙන් ආයෝජනය කරන්න පුලුවන්..හැබැයි මේවා රිස්ක් ඉන්වෙස්ට්මන්ට් ගනයට අයත් වෙනවා...

    රිස්ක් අඩුම්...එෆ් ඩී රාජ්‍ය බැංකු තමයි .....

    ------ Post added on Jan 18, 2026 at 7:08 AM

    මම කියන්න ආපු කතාව උඹ කියලා, කියනව ද නැත් ද කියලත් හිතුණා සමහරු කිව්වත් අහන්නේ නැහැනේ.
    ලංකාවේ තියෙන අනාරක්ෂිතම බැංකු තමා සංවර්ධන බැංකු කියන්නේ, (බැංකුවක නමට සංවර්ධන කියලා තියනවනම් පිරිස්සම් වෙන්න)
    ඔය දාලා තියෙන සමෘද්ධි/දිවි නැගුම ඒවායි පිරිමීඩ් සිස්සටම් හිටන් තියනවා, මිනිසුන්ගේ සල්ලි කනවා, ලංකාවේ ඉන්න අධ්‍යාපනය අඩු දුප්පත් මිනිනස්සු තමා ඔය බැංකු එක්ක ගණුදෙනු කරන්නේ. කවදාවත් ප්‍රශ්න කරන්නේ නැහැ. කරන්න දැනුමක් නැහැ. ප්‍රශ්නයක් උනොත් කියන්න කෙනෙක් නැහැ. අයිතිවෙන්නේ ආදාල ප්‍රදේශයේ පුදේශීය ලේකම්ගේ යටතේ තියෙන්නේ. ඔවා අඩු ගාණේ මහ බැංකුවේ ලියාපදිංචි කරලවත් නෑ. ඕවගේ වැඩ කරන සෙට් එක දෙන්නේ අර RMV එකේ වගේ සෙට් වෙලා. දාපු සල්ලි ගන්න බෑ. ඉතුරුම් ගිණූම් වල පොලිය හැදෙන්නේ කොහොම ද කියලවත් මිනිස්සු දන්නේ නැහැ. නිළධාරීන් කියන ඕන දෙයක් කරනවා ගොඩක් අය නොදැනුවත් කම නිසා. හරියට Audit වෙන්නේ නැහැ ඕවා.
    මහ බැංකුවේ අනුමත පොලී නෙමෙයි සමහර වෙලාවට තියෙන්නේ (විශේෂයෙන්) දඩ පොලී. ගොඩක් තැන් වල EMI නෙමෙයි තියෙන්නේ, EIP ක්‍රමයට අය කරගන්නේ, මේවාගේ වෙලාවට ණය ගන්න මනුස්සයට ඒ ගැන පැහැදිලි කරලා Repayment schedule දෙන්න ඕනේ උනත් ඒවා කරන්නේ නැහැ. මොක ද එතකොට දෙන්න තියෙන ගේම්ස් වැඩි පුර අය කරගන්න ඒවා අය කරගන්න බැරි වෙන නිසා. පව් ඉතිං මිනිස්සු නොදන්න කමට අමාරුවේ වැටෙනවා. ගොඩක් ඒවගේ පොතේ ලියන්නේ අතින්, සිස්ටම් තිබ්බට ඒවා error කියනවා. කිසිම නීත්‍යානුකූල භාවයකින් නෙමෙයි ගොඩක් වැඩ වෙන්නේ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,023
    11,831

    මෙහෙම ත්රෙඩ් දාලා ඒවා කිව්වම ඇරගන්න එනවා. ඒනිසා දැන් මම කටපියන් ඉන්නේ ..
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,432
    866

    EMI නෙමෙයි තියෙන්නේ, EIP ක්‍රමයට අය කරගන්නේ
    meka explain karapn mchan danne na
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,091
    3,956
    113
    EMI නෙමෙයි තියෙන්නේ, EIP ක්‍රමයට අය කරගන්නේ
    meka explain karapn mchan danne na
    අනේ මචන් Google කරපන් සුද්දා, දැන් ලොකේ සෑහෙන දියුණුයි. AI Use කරන්නත් පුළුවන්. :D
    anyway කියන්නම්, ණයක් ගන්නකොට ගෙවාගෙන යන විවිධ ක්‍රම තියනවා, සෑම වාණිජ බැංකුවක් හීන වන ශේෂය එහෙම නැත්තම් ණය ශේෂය මත පොලිය ගණනය කරන (reducing balance interest method) ක්‍රමය තමයි EMI කියන්නේ. (Speed draft වල අය කරගන්නේ වෙනත් විධියකට)
    EMI = Equated Monthly Installment (සමාන මාසික වාරික)
    EIP = Equal Installment of Principal.
    උඹට දැන් තේරෙනවා ඇති EMI කිව්වම උඹට වාරික 36 ක් තියනවනම්, උඹට හැම තිස්සෙම සෙට් වෙන්නේ සමාන වාරික. ඒක උඹට සෑහෙන පහසුවක්. මොක ද 16245යි නම් වාරිකේ අන්තිම වාරිකෙට කලින් වාරිකය වෙනකම් හරියට ගෙවන් ගියොත් එකේ වෙනසක් වෙන්නේ නැහැ. මෙතන දි වාරික පරක්කු උනොත් 2%ක් 4%කට නොවැඩි ගානක් තමා දඩ පොලිය අය වෙන්නේ. (මහ බැංකුවෙන් නියාමනය කරලා තියෙන්නේ උපරිම පොලිය ගැන මට ගාන මතක නැහැ තිබ්බේ 2% වගේ. එහෙම ගානක් තියෙද්දි බැංකු වලට ඊට වඩා ගානක් අය කරන්න තහනම්).
    .
    ඒවුනාට ඔය ගොඩක් ක්ෂුද්‍ර මූල්‍ය බැංකු සහ සංවර්ධන බැංකු EIP ක්‍රමයට අය කර ගන්නවා එතනදි සමාන වාරික නැහැ. එතන දි වෙන්නේ ණය වාරිකය ගෙවනකොට නිශ්චිත ප්‍රාග්ධන මුදලක් කියනවා උදා රු 6000 ක් කියලා හිතපන්. ඊට පස්සේ අපිට ණය ගෙවන්න දවසක් තියෙනවා නේ මාසේ උදාහරණයක් විදියට හිතපන් මාසේ 25 කියලා ගෙවන්න තියෙන්නේ. අන්න එදාට අදාල ණය පොලිය ගණනය කරනවා. (ගණන් හදලා උදාහරණ පෙන්නනනම් බෑ පුතේ) එතකොට පළවෙනි මාසේ එක ගානකුත් අපස්සට යද්දි ගාණ අඩු වෙනවා. මෙයිත් පොඩි පොඩි වෙනස් කම් වෙනවා මාසේට තියෙන දින 28, 30 හෝ 31 ද කියන එක සහ වාරිකය ගෙවන ඇත්තම දිනය කියන දේවල් අනුව. මෙතනදි තියෙන ලොකුම ගැටළුව තමා සමාන වාරික නැති නිසා ගෙවන එකාට idea එකක් නෑ අදාල වාරිකේ ගැන. අනෙක දඩ පොලී වලට නියාමන නැහැ බැංකු කැමති විදියට අය කරගන්නවා. හිතන්න කලින් කිව්වා වගේ 25 ගෙවන්න ඕනේ grace පීරීයඩ් එක දවස් 5යි එතනනින් පස්සේ දඩ පොලී කියලා, උන් එතකොට මාසේට 5%-7% වගේ ගානවා, annual rate එක බලපන් 12න් වැඩි කරලා. ඔය වගේ EIP ක්‍රමයට දෙනවනම් අනිවා repayment schedule එකක් දෙන්න ඕනේ. මොක ද සමාන වාරික නෙමෙයි තියෙන්නේ, ණය ගත්තා එකාට අවබෝධයක් නැති නිසා අනෙක විනිවිධභාවයක් තියෙන්න ඕනේ නිසි. මේවාට අදාල නීති තිබ්බත් අපේ උන් ඕවා දන්නේ නැහැනේ.
    EIP එකක් ඇතුලේ EMI එකකට වඩා ගහන්න ක්‍රම ගොඩාක් තියෙනවා. විශේෂයෙන් සංවර්ධන බැංකු වල, මොක ද සිස්ටම් නෑ අතින් ලියන්නේ, රිසිට් දෙන්නේ නැහැ. ඕවට එන මිනිස්සු සරල ගණිතයවත් දන්නේ නැහැ. ගොඩක් කළු කඩ මුදලාලිත් ඕවයි සල්ලි දානවා ඉතිං ටැක්ස් වලින් බේරෙන්න කියලා. අන්තිමේ දි මැනේජර්ගේ ඉදං වැඩ කරන උන් හොඳට ගසා කනවා. සමමර වෙලාට උඩට රිපෝර්ට් යවනවා ණය ගත්ත එකා ගෙවීම පැහැර හැරලා කියලා බොල්ණය කියලා. ඒත් අර මිනිහගෙන් අය කරගන්නවා. හිල් තියනවා සෑහෙන. ලියන්න බෑ බන්.
     
    • Like
    Reactions: u.saradiyel

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    මම කියන්න ආපු කතාව උඹ කියලා, කියනව ද නැත් ද කියලත් හිතුණා සමහරු කිව්වත් අහන්නේ නැහැනේ.
    ලංකාවේ තියෙන අනාරක්ෂිතම බැංකු තමා සංවර්ධන බැංකු කියන්නේ, (බැංකුවක නමට සංවර්ධන කියලා තියනවනම් පිරිස්සම් වෙන්න)
    ඔය දාලා තියෙන සමෘද්ධි/දිවි නැගුම ඒවායි පිරිමීඩ් සිස්සටම් හිටන් තියනවා, මිනිසුන්ගේ සල්ලි කනවා, ලංකාවේ ඉන්න අධ්‍යාපනය අඩු දුප්පත් මිනිනස්සු තමා ඔය බැංකු එක්ක ගණුදෙනු කරන්නේ. කවදාවත් ප්‍රශ්න කරන්නේ නැහැ. කරන්න දැනුමක් නැහැ. ප්‍රශ්නයක් උනොත් කියන්න කෙනෙක් නැහැ. අයිතිවෙන්නේ ආදාල ප්‍රදේශයේ පුදේශීය ලේකම්ගේ යටතේ තියෙන්නේ. ඔවා අඩු ගාණේ මහ බැංකුවේ ලියාපදිංචි කරලවත් නෑ. ඕවගේ වැඩ කරන සෙට් එක දෙන්නේ අර RMV එකේ වගේ සෙට් වෙලා. දාපු සල්ලි ගන්න බෑ. ඉතුරුම් ගිණූම් වල පොලිය හැදෙන්නේ කොහොම ද කියලවත් මිනිස්සු දන්නේ නැහැ. නිළධාරීන් කියන ඕන දෙයක් කරනවා ගොඩක් අය නොදැනුවත් කම නිසා. හරියට Audit වෙන්නේ නැහැ ඕවා.
    මහ බැංකුවේ අනුමත පොලී නෙමෙයි සමහර වෙලාවට තියෙන්නේ (විශේෂයෙන්) දඩ පොලී. ගොඩක් තැන් වල EMI නෙමෙයි තියෙන්නේ, EIP ක්‍රමයට අය කරගන්නේ, මේවාගේ වෙලාවට ණය ගන්න මනුස්සයට ඒ ගැන පැහැදිලි කරලා Repayment schedule දෙන්න ඕනේ උනත් ඒවා කරන්නේ නැහැ. මොක ද එතකොට දෙන්න තියෙන ගේම්ස් වැඩි පුර අය කරගන්න ඒවා අය කරගන්න බැරි වෙන නිසා. පව් ඉතිං මිනිස්සු නොදන්න කමට අමාරුවේ වැටෙනවා. ගොඩක් ඒවගේ පොතේ ලියන්නේ අතින්, සිස්ටම් තිබ්බට ඒවා error කියනවා. කිසිම නීත්‍යානුකූල භාවයකින් නෙමෙයි ගොඩක් වැඩ වෙන්නේ
    මේ තරම් අස්ථාවරනම් මොන මගුලකටද හැම රජයක් ම මේ හොරුන්ට රජයේ නම යම් විදිහකට විකුනලා පවතින්න දෙන්නේ ???
     
    • Haha
    Reactions: Emarald

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    ලංකාපුත්‍ර බැංකුව ඈවර කරයි – ප්‍රාදේශීය සංවර්ධන බැංකුවත් අනතුරේ

    January 3, 2019
    rdb.jpg

    මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දී තිබූ මෙන්ම පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සහ වත්මන් මෛත්‍රී – රනිල් ආණ්ඩුවේද දේශපාලනඥයින්ගේ ග්‍රහණයට නතුවී කඩාවැටීමේ තත්වයට පත්ව බංකොලොත්වී තිබූ ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව මීට දින දෙක තුනකට පෙර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) හා ඒකාබද්ධ කර තිබේ.

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සහ වත්මන් මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ දේශපාලනඥයින් සිය දේශපාලන අවශ්‍යතා සපුරාගැනීම සඳහා සිය ඡන්ද දායකයන් වැඩි වශයෙන් ලංකාපුත්‍ර බැංකුවේ සාමාජිකත්වය ලබාදී ඔවුන්ට 25,000සේ සිට ලක්ෂය දක්වා ක්ෂණිකව ණය ලබාදෙන ලදී. එමෙන්ම පාර්ලිමේන්තු, පලාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු ඇමතිවරුද ලක්ෂ, කෝටි ගණනින් ණය ලබාගන්නා ලදී.

    වත්මන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා තම ව්‍යාපාර කටයුතු සඳහා ලංකා පුත්‍ර බැංකුවෙන් විශාල ණය මුදලක් ලබාගෙන එය නොගෙවා සිටීමට එරෙහිව නඩුවක්ද ක්‍රියාත්මක වෙමින් තිබේ.

    මෙවැනි තත්වයක් තුළ මෙම බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමග ඒකාබද්ධ කළ පසු එම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවද කඩා වැටීමේ තත්වයකට පත් වනු ඇතැයි RDB තැන්පත්කරුවන්ගේ සැකයට තුඩු දී ඇත.

    එමෙන්ම ලංකා පුත්‍ර බැංකුවේ සේවය කළ සේවකයන්ට තම තනතුරු විවිධ මට්ටමේ ශ්‍රේණිවලින් පහළ වැටීමේ තත්වයකට මුහුණ දීමට සිදුව තිබීමද විශේෂත්වයකි.

    ලංකා පුත්‍ර බැංකුවේ ණය ආපසු ගෙවීමේ ප්‍රතිශතය 40%ක් පමණ වන බවත් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ණය ගෙවීමේ ප්‍රතිශතය 60%ක් පමණ වන බවත් පැවසෙන අතර මෙය ඒකාබද්ධ කිරීමෙන් පසු ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ණය ගෙවීමේ ප්‍රතිශතය 50% දක්වා වනු ඇති බවටද වාර්තාවේ.

    කෙසේ නමුත් මෙම බැංකු දෙක ඒකාබද්ද කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ තැන්පත් කරුවන් ඇතුළු බැංකු දෙකේම සේවකයන් දැඩි නොසන්සුන්තාවයකට පත්ව ඇත.

    මෙලෙස කුඩා මූල්‍ය ආයතන එකට ඒකාබද්ධ කිරීමට උපදෙස් දෙමින් ලෝක බැංකුව විසින් මෙරටට කොන්දේසියක් පනවා ඇතැයිද පැවසේ.
     
    • Wow
    Reactions: Draco Malfoy

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    images

    මේක බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි. ඔයාලගේ අදහස් හා දන්නා දේවල් share කරන්න.

    පඩිය අතට එනකොටම income tax වලට කැපිලා එන්නේ (36%). ඒ නිසා FD තිබුනොත් ඒවායේ interest එකටත් 36% වදිනවා. මේ රටේ ඉන්න කාලකන්නි නිකමුන්ට කන්න දෙන්න අපි මහන්සිවෙලා ඉගනගන, වෙහෙසිලා කරන රස්සාවෙනුත්, අමාරුවෙන් ඉතුරුකරන දෙයකිනුත් 36% ගෙවන්න වෙලා !!! ඒකනිසා දැන් බැංකුවල හෝ වෙන්ටත් financial ආයතන වල සල්ලි දාලා වැඩක් නෑ. කොහෙන් ගියත් අහුවෙනවා.

    අපි කොහොමත් රස්සාවෙන් income tax ගෙවන නිසා ඉතුරු කරන දේවත් බේරගන්න විදිහක් කතා කරමු. මම පොඩ්ඩක් හොයලා බලපු දෙයක් තියනවා. ඒගැන ඔලයගේත් අදහස් බෙදාගන්න.

    1. ලංකාවේ ගොඩක් පළාත්වල තියනවා "සමුපකාර ග්‍රාමීය බැංකු" (CRB). ඒවායේ දාන FD තවම income tax වලට අහුවෙන්නේ නෑ. අනික මම දන්නා තරමින් WHT 5%. නමුත් 8.5% interest දෙනවා. දැන් මම හෙහෙම කියපු ගමන් ඒ ගැන දන්නා මිනිස්සුයි, නොදන්නා මිනිස්සුයි එකපාරම කියන දෙයක් තමා - "ඕවා විස්වාස නෑ, දාපු සල්ලි ටිකත් නැතිවෙන වැඩක්" -- ඇත්තටම එහෙමද ? මොකද මේවත් ආණ්ඩුවට සම්බන්දයක් තියනවා නේද ? ඔයාල දන්නා එහෙම වුන තැන් තියනවද ? ඔයාලා දන්නවනම් පොඩ්ඩක් ඔයාලා දන්නා තොරතුරු බෙදාගන්න කෝ . මම දැනගත්තු දෙයක් තියනවා, එහින්දා තමයි මමත් මේ ගැන හොයන්න හිතුවේ. - මම දන්නා තරමක් විශාල ප්‍රමාණයෙන් concrete items හදන තැනක් තියනවා අතුරුගිරියේ. ඒ අය දවසකට 150000+ වැඩි බිස්නස් කරනවා. කාලෙක ඉදන් ඒ මිනිස්සුන්ගේ account තියෙන්නේ ඔය බැංකුවේ. ව්‍යාපාරය audit කරන්නෙත් නෑ. income tax වලට අහුවෙන්නෙත් නෑ. අපි වැඩිය දන්නේ නැති වුනාට මේවත් එක්ක ගනුදෙනු කරන ප්‍රාදේශීය මට්ටමේ සෑහෙන ලොකු ව්‍යාපාරිකයෝ ඉන්නවා. නමුත් ගනුදෙනු කරන්න කලින් හරියටම අවදානම assess කරන ඕනේ ...

    2. ගොඩක් බැංකුවල (ඉහත බැංකුවත්) ඇතුළුව උගස් කරපු , පසුව බේරා නොගත්තු රත්රන් වෙන්දේසි කරනවා. ඒ වෙන්දේසි වලිනුත් යම්කිසි ලාබයක් ඇතුව රත්රන් ගන්න පුළුවන්.

    මේ දෙක ගැන වගේම වෙනත් ගොඩක් අය නොදන්නා යෝජනා ගැන හැමෝටම දැනගන්න කතා කරමු .
    sanase 9% denawa.tax na. godak un kiyanawa salli dana eka risk.central bank eke register unata eka mudal mandale anumatha bank ekak newei.kelaunoth wandi gewanna anduwa badila na.
     
    • Like
    Reactions: Starry Night

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අනේ මචන් Google කරපන් සුද්දා, දැන් ලොකේ සෑහෙන දියුණුයි. AI Use කරන්නත් පුළුවන්. :D
    anyway කියන්නම්, ණයක් ගන්නකොට ගෙවාගෙන යන විවිධ ක්‍රම තියනවා, සෑම වාණිජ බැංකුවක් හීන වන ශේෂය එහෙම නැත්තම් ණය ශේෂය මත පොලිය ගණනය කරන (reducing balance interest method) ක්‍රමය තමයි EMI කියන්නේ. (Speed draft වල අය කරගන්නේ වෙනත් විධියකට)
    EMI = Equated Monthly Installment (සමාන මාසික වාරික)
    EIP = Equal Installment of Principal.
    උඹට දැන් තේරෙනවා ඇති EMI කිව්වම උඹට වාරික 36 ක් තියනවනම්, උඹට හැම තිස්සෙම සෙට් වෙන්නේ සමාන වාරික. ඒක උඹට සෑහෙන පහසුවක්. මොක ද 16245යි නම් වාරිකේ අන්තිම වාරිකෙට කලින් වාරිකය වෙනකම් හරියට ගෙවන් ගියොත් එකේ වෙනසක් වෙන්නේ නැහැ. මෙතන දි වාරික පරක්කු උනොත් 2%ක් 4%කට නොවැඩි ගානක් තමා දඩ පොලිය අය වෙන්නේ. (මහ බැංකුවෙන් නියාමනය කරලා තියෙන්නේ උපරිම පොලිය ගැන මට ගාන මතක නැහැ තිබ්බේ 2% වගේ. එහෙම ගානක් තියෙද්දි බැංකු වලට ඊට වඩා ගානක් අය කරන්න තහනම්).
    .
    ඒවුනාට ඔය ගොඩක් ක්ෂුද්‍ර මූල්‍ය බැංකු සහ සංවර්ධන බැංකු EIP ක්‍රමයට අය කර ගන්නවා එතනදි සමාන වාරික නැහැ. එතන දි වෙන්නේ ණය වාරිකය ගෙවනකොට නිශ්චිත ප්‍රාග්ධන මුදලක් කියනවා උදා රු 6000 ක් කියලා හිතපන්. ඊට පස්සේ අපිට ණය ගෙවන්න දවසක් තියෙනවා නේ මාසේ උදාහරණයක් විදියට හිතපන් මාසේ 25 කියලා ගෙවන්න තියෙන්නේ. අන්න එදාට අදාල ණය පොලිය ගණනය කරනවා. (ගණන් හදලා උදාහරණ පෙන්නනනම් බෑ පුතේ) එතකොට පළවෙනි මාසේ එක ගානකුත් අපස්සට යද්දි ගාණ අඩු වෙනවා. මෙයිත් පොඩි පොඩි වෙනස් කම් වෙනවා මාසේට තියෙන දින 28, 30 හෝ 31 ද කියන එක සහ වාරිකය ගෙවන ඇත්තම දිනය කියන දේවල් අනුව. මෙතනදි තියෙන ලොකුම ගැටළුව තමා සමාන වාරික නැති නිසා ගෙවන එකාට idea එකක් නෑ අදාල වාරිකේ ගැන. අනෙක දඩ පොලී වලට නියාමන නැහැ බැංකු කැමති විදියට අය කරගන්නවා. හිතන්න කලින් කිව්වා වගේ 25 ගෙවන්න ඕනේ grace පීරීයඩ් එක දවස් 5යි එතනනින් පස්සේ දඩ පොලී කියලා, උන් එතකොට මාසේට 5%-7% වගේ ගානවා, annual rate එක බලපන් 12න් වැඩි කරලා. ඔය වගේ EIP ක්‍රමයට දෙනවනම් අනිවා repayment schedule එකක් දෙන්න ඕනේ. මොක ද සමාන වාරික නෙමෙයි තියෙන්නේ, ණය ගත්තා එකාට අවබෝධයක් නැති නිසා අනෙක විනිවිධභාවයක් තියෙන්න ඕනේ නිසි. මේවාට අදාල නීති තිබ්බත් අපේ උන් ඕවා දන්නේ නැහැනේ.
    EIP එකක් ඇතුලේ EMI එකකට වඩා ගහන්න ක්‍රම ගොඩාක් තියෙනවා. විශේෂයෙන් සංවර්ධන බැංකු වල, මොක ද සිස්ටම් නෑ අතින් ලියන්නේ, රිසිට් දෙන්නේ නැහැ. ඕවට එන මිනිස්සු සරල ගණිතයවත් දන්නේ නැහැ. ගොඩක් කළු කඩ මුදලාලිත් ඕවයි සල්ලි දානවා ඉතිං ටැක්ස් වලින් බේරෙන්න කියලා. අන්තිමේ දි මැනේජර්ගේ ඉදං වැඩ කරන උන් හොඳට ගසා කනවා. සමමර වෙලාට උඩට රිපෝර්ට් යවනවා ණය ගත්ත එකා ගෙවීම පැහැර හැරලා කියලා බොල්ණය කියලා. ඒත් අර මිනිහගෙන් අය කරගන්නවා. හිල් තියනවා සෑහෙන. ලියන්න බෑ බන්.
    https://www.peoplesbank.lk/loan-calculator/

    meken emi/eip balanna puluwan @mr.Z
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,091
    3,956
    113
    මේ තරම් අස්ථාවරනම් මොන මගුලකටද හැම රජයක් ම මේ හොරුන්ට රජයේ නම යම් විදිහකට විකුනලා පවතින්න දෙන්නේ ???
    ඉතිං බන් නිධානයක් උඩ ඉදන් කවු ද බන් වහන්න කැමති. :D දේශපාලනේට එන උන්ටත් ඕනේ හොරා කන්න, ඕවගේ වැඩ කරන බහුතරේටත් ඕනේ හොර කන්න. ඇයි වහන්නේ?
    මිනිස්සුත් අකමැති වහනවට, සමෘද්ධි හරි අස්වැසුව හරි ඔය මොනවාහරි අධාරයක් දෙනවනම් ඒවා දෙන්නෙත් ඔය දිවිනැගුම සමෘද්ධි කියන සංවර්ධන බැංකු හරහා.
    ඉතිං බං කවුද කැමති අමතර ආදයමක් එන එකක් වහනවට :yes:
    ඔවගේ ගොඩාක් නිළධාරීන් කරන්නේ, ණය ගෙවන්නේ නෑ කියලා උඩට රිපෝර්ට් දාලා, බොල් කියලා ණය ලාභියාගෙන් අය කර ගන්න එක. ඒ සල්ලි බෙදා ගන්නවා. ඕවා හරියට audit වෙන්නේ නැහැ. අනෙක එහෙම audit කරන්න තරම් ශක්‍යතාවයක් සහ උවමනාවක් නෑ බන්
     
    Last edited:
    • Like
    Reactions: Draco Malfoy

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,470
    113
    ස්තුතියි මචන් අදහසට.

    ඔය "මොකක් හරි මනී ජෙනරේට් වෙන දෙය" කියන එක අර්ථ නිරුපනය කරගන්න බැරුව තමයි බොහෝ දෙනෙක් ඉන්නේ .. ඒ මොකද්ද ? ඇත්තටම මේ නුලේ අරමුණත් එකයි !!!
    මම ඔයාගෙ ජීවන මට්ටම දන්නෙ නැති නිසා හරියටම කියන්න බෑ.

    මෙහෙම තේරුම් ගන්න.
    ඔයා ඉඩමක් අරං කාමරයක් හදලා ඒක කුලියට දීලා මාසිකව මුදලක් උපයන මට්ටමට සකස් කර ගැණීම වගේ.

    නැත්තම් ඔයා එකවුන්ට් කෙනෙක් නම් ඔයාට පුලුවන් පොඩි තැනක් කුලියට අරං එතන කට්ටියගෙ ටැක්ස් ෆයිල් හදලා දෙන්න සර්විස් එකක් පටන් ගන්න.

    මේ වගේ සල්ලි හොයන්න පුලුවන් දෙයක් සකස් කර ගන්න ඔය සල්ලි යොදවන්න.

    ටැක්ස් කතාව අමතක කරන්න. ඔයාට අන්තිමට සාමාන්‍ය මට්ටමේ ව්‍යාපාර කිහිපයක් ඉතුරු වෙන එක විතරක් ඔලුවට ගන්න.

    මේ මම කියලා තියන විදිහෙ සල්ලි හොයන ක්‍රමයක් සකස් කර ගත්තොත් ඒක උද්දමනය එක්ක ලොකු වට පාඩු වෙන්නෙ නෑ.
    කුලිය හැම වර්ශයකම වැඩි වෙනවා.
    සර්විස් එකක් සදහා අපි ගෙවන මුදලත් එසේමයි.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    ස්තුතියි තොරතුරු සපයපු හැමෝටම. මම මුල්ම පොස්ට් එකේ ඇහුව එක ප්‍රස්නයක් විතරයි ඔය බැංකු කතාව. එකේ risk එකක් තියනවනම් අතහැරලා දාමු. නමුත් දෙවෙනි option එක ගණ ඔයාලා මොනවාද හිතන්නේ ?

    බැංකුවල උගස් කරපු රත්රන් වෙන්දේසි වලින් ගන්න එක ගැන?? මෙහෙම ගත්තු අය ඉන්නවද ?
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,282
    16,009
    113
    Colombo
    ලක්ශ 05 ක් වගේ දැම්මට අවුලක් නෑ
    නැත්නම් බැංකු පිටින් මිසින් වෙන්න පුලුවන්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Athurugiriye supermarket ekak thiynawa only cash card payment ba. hemawelema car park eka nm full,mn drive krddi dakala thiynawa. offers athi samaharawita. Gihin nm na thama;)
    මේක නම් සහතික ඇත්ත. මාත් දන්න ගොඩක් තැන්වල Cash payment වලට මාරු වෙනව කාඩ් ඔක්කොම ආයින් කරල. තව ඔය කම්පියුටර් ෂොප් වගේ ලොකු ගණං වල බඩු ගන්න තැන්වල බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න ඇහුවත් දෙන්නෙ එක එක්කෙනාගෙ ප්‍රයිවට් අකවුන්ට්, ඒත් ටැක්ස් වලින් බේරෙන්න. ඇත්තටම මේක මාරම ලොකු ප්‍රශ්නයක් වෙනව රටට ඉස්සරහට, මොකද Digital currency කියන එක මිනිස්සුන්ගෙ පහසුවටත්, රට දියුණු වෙන්නත්, සල්ලි වල ආරක්ෂාවටත් ඕනම දෙයක්. ඒක Encourage කරන එක රජයේ වගකීම, ඒත් දැන් වෙලා තියෙන්නෙ IRD එකේ ටූල් එකක් කරගෙන Digital currency, ඒ නිසා මිනිස්සු Discourage වෙනව. ඇත්තටම ටැක්ස් එකතු කරනවට වැඩිය මේකෙන් රටට වෙන වාසි ගොඩක් තියෙනව, ඒව ඔක්කොම මගඇරෙනව මේ ටැක්ස් මගුලකට මේව යූස් කරන්න යන එකෙන්.
     
    • Like
    Reactions: gulp