ඩිප්‍රෙෂන් හැදුන අයට ටික කාලයක් යද්දි පිස්සු වගේ හැසිරෙනවද? ඩිප්‍රෙෂන් හැදුන දෙන්නෙක්ගේ මේ ලක්‍ෂණ දැක්කා. එක්කෙනෙක් සුපිරි මීටරයක්. කැම්පස් එකේ වර්ක් ලෝඩ් එකත් එක්කයි, කෙල්ලෙක්ගේ ප්‍රශ්නයක් නිසා මූට ඩීප්‍රෙෂන් හැදුනා.පේරා හිටියේ. එහේ රැග් එකත් ටිකක් බලපාන්නත් ඇති. බෙහෙත් බීලා සාමන්‍ය මට්ටමට ඇවිත් හිටියත් මූට සමහර වෙලාවල්වලට තද ඔලුවේ කැක්කුමක් එනවා කියලත් කියනවා. මූ අපිත් එක්ක කතා කරද්දි සෑහෙන ට්‍රැක් ගතියක් තේරෙනවා බන්. වෙඩින් එකකට ගිහින් අපි සෙට් එක කතා කර කර හිටියා. තව යාලුවෙක් gaming pc එකක් ගැන විස්තර කියද්දි මූ අදාළම නැති කතාවක් එතන කියවනවා. කතා කරන්නෙත් පොඩි ළමයෙක් වගේ. සෑහෙන අවුලක් තිබුනා බන්. මේක එක සිද්දියක්. අනිත් සිද්දිය තරුණ ගෑනු ළමයෙක්.ඒ ළමයටත් ඩීප්‍රෙෂන්. හැබැයි මොකක් නිසාහැදුනද කියලා දන්නෙනෑ. ඒ ළමයත් හිටියටවඩා මාර වෙනස්. මොකක් හරි හිනා යන්නෙ නැති දෙයක්කිය කිය හයියෙන් හිනා වෙනවා. ඒක අහන් ඉන්න අපිටත් ට්‍රැක් පනිනවා. සමහර වෙලාවට මේ ළමයට තදටම තරහ යනවා කියලා එයාගේ අක්කා කිව්වා. තරහ වැඩි උනාම අම්මා තත්තා කියලාබලන්නෙත් නැතිව අහු වෙන දෙයකින් ගහනවලු. අතට ගලක් අහු උනත් ඒකෙන් උනත් ගහනවලු. ඩිප්‍රෙෂන් තියන අයට මේවගේ දේවල් සාමන්‍ය ලක්‍ෂණ ද? හිතනවට වඩා ඩිප්‍රෙෂන් දරුණුයි වගේනේ බන්