UK ඇවිත් මාස කිපයක් ගෙවුනා, හිතුනා මෙහෙ මිනිස්සු ගැන ටිකක් කතා කරන්න. මන් ආපුම කාලෙත් සැහෙන්න මිනිස්සු මට උදව් කරා ඒවා කලින් පොස්ට් එකක දැම්මා
අපිට පොඩි කාලේ එහෙම කියල තියෙනවනේ ඇහිලා තියෙනවනේ ඌ සුද්දා වගේ ඉන්නේ, සුද්දෙක් වගේ ඉන්න බලපන් එහෙම කියලා. මට ඒ හිතුනේ සල්ලි ගොඩක් තියෙන වියදන් කරලා හොදට ඉන්න උන්ට තමා සුද්දා කියන්නේ කියලා.
ඇත්තටම ගත්තොත් මෙහෙ සුද්දෝ ජිවත් වෙන්න හරියට මහන්සි වෙනවා, ගොඩක් ඉන්නවා අඩු අදායම්ලාබි පවුල්. වියදම් කරන්නේ හරි පරිස්සමින්. දැන් අපේ පොඩි එකා ඉන්න ඉස්කෝලේ එහෙම හැමදාම එහෙම අයට නිකන් කෑම, easy payment පහසුකම් එහෙම සලකනවා.තව මෙහෙ food bank තියෙනවා ශෝප්ස් වලත් එහෙම තියෙනවා නැති බැරි අයට පුළුවන් ඒවා නිකන් අරන් යන්න. චැරිටි ඉවෙන්ට්ස් හැම තැනම.
සාමාන්‍යයෙන් සින්ගල් අම්මා කෙනෙක්ට රජයෙන් ගෙවනවා උන් හොදට ඉන්නවා ඒවගෙන්, තව ළමයෙක් එහෙම හදාගන්න ගත්තොත් 25000 පවුම් ගෙවනවා අවුරුද්දට. නාස්ති කරනවට එහෙම මුන් කැමති නෑ, දැන් අපේ පොඩි එකාට නිකන් කෑම දෙන්නේ ඉස්කෝලෙන්, එක දවසක් එහෙම booking එක දාල තියෙද්දී අපිත් ගෙදරින් කෑම යැව්වා. ඉස්කෝලෙන් කෝල් කරලා කිව්වා එහෙම කරන්න එපා ගෙදරින් එවනවනන් booking එක කැන්සල් කරන්න කියලා නැත්තන් ඒ කෑම නාස්ති වෙනවා කියලා, ඇත්තම ලජ්ජා හිතුනා අපිටත්.
මෙහෙ මිනිස්සු හෙනම genuine ගොඩක් අය, උදව් ඉල්ලුවොත් අනිවා හෙල්ප් කරනවා.
මගේ කාර් එකේ බැටරිය බැහැල ඉස්කෝලේ ලග ස්ටාර්ට් කරගන්න බැරුව හිටියා. මන් එක්කෙන්ක්ගෙන් jumper කේබල් එකක් ඇහුවා, පොර බලල බලල අනේ සොරි මන් ලග නෑ ඕනෙනං තල්ලුවක් දෙන්නන් කිව්වා. එතනම වැඩට යන්න හදන තව කෙනෙක්ගෙන් ඇහුවා ලේඩි කෙනෙක්, එය කිව්වා මේ කාර් එක මගේ නෙවෙයි කොම්පැනි එකෙන් දුන්න එකක් ඒ නිසා මන් දන්නේ නෑ තියෙනවද කියලා, පුළුවන්නන් පොඩ්ඩක් බලන්න කියලා වාහනේ ඩිකිය ඇරලා දුන්නා. එකේ තිබ්බෙත් නෑ අපි එ අයට ගොඩක් තැන්ක්ස් කරා මොනා උනත්. ඔය අතරේ තව ලේඩි කෙනෙක් ඇවිත් කිව්වා මගේ ගෙදර තියෙන්නේ විනාඩි 15ක් වගේ දුරින් wait කරන්න පුළුවන්නන් මන් ගෙදර ගිහින් එකක් තිබ්බ අරන් එන්නන් කිව්වා. කිව්වා වගේම jumper බැටරි එකක් අරන් ඇවිත් වාහනේ ස්ටාර්ට් කරලා දුන්නා.
තව දවසක් වාහන පාර්ක් එකේ හොදටම වාහන හිර වෙලා accident එකක් නිසා. අපි එලියට යන්න දැන් පෝලිමේ ඉන්නවා. අපිට ඉස්සරහ පැත්තෙන් විරුද්ද පැත්තට වාහනයක් අවා, ඉඩ මදි නිසා මන් පොඩ්ඩක් රිවස් කරලා වාහනේ ගන්න දුන්නා. පොර ඉස්සරහට ගිහින් වාහනෙන් බැහැල ඇවිත් වීදුරුවට තට්ටු කරා, මන් බය උනා මොකක් හරි අවුලක් කියලා. පොර කියනවා ඔය ඔතනින්ම පුලුවන්න රිවස් එකක් ගහන් මගේ පස්සෙන් එන්න ඔය පැත්තෙන් යන්න ඔයාට තව පැය 2ක් වත් යයි කියලා. පස්සේ මන් එනකන් එතන නවත්තන් ඉදලා පොර මාවත් එක්කගෙන වෙන පාරකින් ඉක්මනට එලියට ආවා.
ඒ වගේම තමා කස්ටමර් ස්ර්විස් එකත් මුන්ගේ . පට්ටම හොදට හෙනටම රෙස්පෙක්ට් කරලා තමා කතා කරන්නේ. කළුද සුදුද උන්ට වැඩක් නෑ. පුටුවක තනියෙන් ඉගෙන හිටියත් "ආර් යු ඕල් රයිට්" කියලා අහලා තමා යන්නේ. මන් ලංකාවේ එහෙම එක්ස්පිරියන්ස් එකක් කොහෙන්වත් ලබලා නෑ.
මෙහෙ ශෝප්ස් වලට ගියත් පස්සෙන් එන්නේ නෑ අපිට ෆුල්ම නිදහස දෙනවා, මොනාහරි ඇහුවොත් බොක්කෙන්ම උදව් කරනවා බඩගාගෙන හරි. මන් ලංකාවේ ඕන තරම් වලි දාගෙන තියෙනවා ශෝප්ස් වල එක සැරයක් හෝමාගම ප්‍රසාද් එකේ ෂ්ර්ට් එකක් පෙන්නන්න කිව්වම පැකට් එකෙන් එලියට ගන්න බෑ කියලා හෙන සැරෙන් කිව්වේ, තව දවසක් camera.lk එකෙන් ලෙන්ස් එකක් බලන්න ගිහින් ගන්නවනං විතරක් පෙන්නන්නං කිව්වා. එකක් ගන්නම ගිය මන් හොද දෙකක් කියලා හැරිලා ආවා ඇයි යකෝ. මෙහෙම ඕන තරම් වෙලා තියෙනවා කියල නිම කරන්න බෑ. ගොඩක් ලංකාවේ උන් එන්නේ ඇරගන්නමනේ.
ඊයේ මන් කාර් එක පාර් ක් කරලා ටිකට් එක ගන්න ගියාම මැෂින් එකක්වත් වැඩ නෑ. එක මනුස්සයෙක් එළියේ කාර් එකක ඉන්න ඔලුව දාලා කැගහල කිව්වා app එකෙන් ගෙවන්න නැත්තන් වෙන විදිහක් නෑ දැනට කියලා, ඒක දාගන්න විදිහත් කියලා දෙනවා එතන ඉදන්ම. මගේ ෆෝන් එකේ app එක තිබ්බ නමුත් මන් ඒ කියන එක අහන ඉදලා තැන්ක්ස් කරලා ආවා. මිනිස්සු උදව් කරන්නේ උදව් ඉල්ලන්නේවත් නැතුවම.
මට තේරීචච විදිහට ගොඩක් මෙහෙ අයට වැඩක් නැ අනිත් මිනිස්සු තමන් ගැන හිතන විදිහ. උන් උන්ගේ ලෝකේ නිදහසේ ඉන්නවා. මන් දැකල තියෙනවා ඉස්කෝලේ යන ලොකු කෙල්ලෝ ඉරිච්ච ස්ටෝකින්ග්ස් දාගෙන කකුල් පෙන්න යනවා, මන් අපේ වයිෆ් ගෙන් ඇහුවේ ඔයානන් ඔහොම ඉරිච්ච එකක් ඇඳන් යනවද කියලා, මොන පිස්සුද ඇහුවා.
මට දැන් මෙහෙ මිනිස්සු ගැන ලොකු පැහැදීමක් තියෙනවා
. සුද්දා කියන එකේ නියම තේරුම දැන්තමයි මට හරියටම තේරෙන්නේ මටත් ඕන දැන් සුද්දෙක් වගේ ජිවත් වෙන්න.
. ලංකාවේ මිනිස්සු අපමණ උදව් කරනවා එකේ කිසි කතාවක් නෑ හැබැයි පිට රටක පිට අපිට මේ මිනිස්සුන්ගෙත් උදව් exceptional. 100% මිනිස්සු මෙහේ හොඳ නැතුව ඇති අනිවා එත් බහුතරය පට්ට.
ජිවිතේ පොඩ්ඩක් හරි විදින්න ඕනනං දවසකට හරි ලංකාවෙන් පලයන්. මට බනින්න එපා තරහ වෙන්න එපා බන් එහෙම කිව්වට ලංකාවේ සමහර මිනිස්සු ඉන්නේ දැන් හදන්නම බැරි තැනක කොහේ ගියත් disappointment විතරයි ඉතුරු වෙන්නේ.