Except 110, අනිට් ඔක්කොම මිලියන 5ට උඩ වාහන. ඒ ඔක්කොම වගේ අවුරුදු 20 හෝ ඊට වැඩියෙන් පරණ වාහන. හොඳම කන්ඩිශන් වාහනයක් ලැබුනොත් ඇරෙන්න මේ වගේ එකක් අරන් නඩත්තු කරන්නේ ගොඩක් දුරට ලෝකෙට පේන්න ජීවත් වෙන පොරවල්. අනිත් එකාට පේන්න ජීවත් වෙන එවුන් ඇරෙන්න අනිත් ප්‍රැක්ටිකල් මිනිස්සු මේව ගන්නේ නෑ. ලක්ශ 60ක්-70ක් දීලා ඇලියන්, 121 ගන්නවට වඩා 2024/25/26 වගේ ජපන් මිරා, වැගන් ආර් එකක් ගන්න එකා මොළකාරයා.
80ක් දීලා කබල් ඇක්සියෝ ගන්න එකාට වඩා 1000CC එන්ජින් තියෙන යාරිස්, රූමි, Xbee වගේ ගන්න එකාට පීස් ඔෆ් මයින්ඩ් තියෙනවා.
මොකද අවුරුදු 20+ වාහනයක් අවුරුදු 5කට ලීසින් දාල අරන් පැදල ඉවරවෙද්දී වාහනේ වයස අවුරුදු 30ත් පැනලා.
අනිත් එකා උබලට කන්න බොන්න දෙන්නේ නෑ නේ. සල්ලි තියෙනව නම්, නඩත්තුව ප්‍රශ්ණයක් ණත්නම්, පොඩි කාලේ ඉඳන්ම ඩ්‍රීම් කාර් එක නම් ගත්තට අවුලක් නෑ. නැත්නම් වැඩක් නෑ. මේ ඇලියන් එකේ තියෙනවට වඩා ෆීචර්ස් වැගන් ආර් එකේ තියෙනවා. (ඔව් 660CC පදින එක වහක් තමා, හැබැයි සති අන්තේ ගැරෙජ් ගානේ ලගිනවට වඩා නම් සැපයී
මම මොන බයිල කිව්වත් දැන් මේකටත් හිනා වෙලා ඔය වාහන පස්සේ දුවන අනිත් එකාට ඔනෙ විදිහට නෙමෙයො, මම ඉන්නේ මට ඔන විදිහට කියල හිතාගෙන මේක ජස්ටිෆයි කරන උන් දැන් මේ ලයින් එකත් කියවනව ඇති. අන්න ඒ වගේ එවුන් නිසා කොහොමත් ඔව වල ඩිමාන්ඩ් එක තියෙනවා, හැබැයි ලොකුවට නැති වෙයි, ඒක නිසා අඩු වෙන්න ඔනේ පොඩි ගානකින් වගේ.