බත්තලංගුණ්ඩුව Night Camping
සoචාරය ප්‍රිය කරන එලකිරි කොල්ලෝ කෙල්ලෝ හැමෝම සාදරයෙන් පිලිගන්නවා මේ නූලට..ලංකාවේ තියෙන ලස්සනම තැනක ගත්තු සුන්දර අත්දැකීමක් උඹලා එක්ක බෙදාගන්නයි මේ සූදානම…
මුලින්ම කියන්න ඕනේ මේ thread එක දැමීමේ අරමුණු 2ක් තියෙනවා..එකක් තමයි අපේ චාරිකාවේ විස්තර උඹලා එක්ක බෙදාහදාගන්න එක..අනික තමයි චාරිකාවේ review එකක් / සිද්දවෙච්ච අඩුපාඩු වගේ දේවල් ගැන ලියවෙන වෙනත් thread එකකට සබැඳුමක් ලෙස මෙය ගැනීම..
ඊළඟට කියන්න ඕනේ මේ මුලින්ම ලියන ට්‍රිප් Article එක මේකේ..ඒ නිසා අඩුපාඩුනම් ගොඩක් ඇති..මගේ යාලුවන්ගේ විස්තර ජෝක් කෑලි අනන් මනන් දාල ලිව්වේ free style එකකට..අවුල් තැන් තියේනම් කට්ටිය ඒවා skip කරලා යන්න..මම අපේ ඩෝඩෝ මහත්තයා, tharindup වගේ එළකිරි ට්‍රිප් article ලියන අයගේ ලොකු රසිකයෙක්..පොඩි උත්සහයක් ගත්තා ඒ style එකත් follow කරන්න..Anyways කට්ටිය අඩුපාඩු තියෙනවානම කියාගෙන යන්න..
අපි යමු ට්‍රිප් එක පැත්තට..
මෙහෙම පටන් ගමු…අපේ සෙට් එකේ ඉන්නවා කොල්ලෝ 8ක් විතර…ඒකෙන් දෙන්නෙක් ඇරෙන්න අනික් සේරම අය පවුල් පන්සල් වෙලා ඉන්නෙ. ඉතින් කාලෙකට සැරයක්, ගොඩක් වෙලාවට සින්හල අලුත් අවුරුද්දට කාලෙට වගේ කට්ටියම සෙට් වෙනවා එක ගෙදරකට Lunch එකකට. ඉතින් මෙදා පොටේ සෙට් වෙච්ච වෙලාවේ කට්ටිය කතා උනා කාලෙකින් කොහෙවත් ගියේ නැති නිසා ට්‍රිපක් යන් කියලා..ඇත්තටම කිව්වොත් 2019 තමයි අන්තිමට කට්ටියම එකතුවෙලා ට්‍රිපක් ගියේ…ඉන්පස්සේ අවාරේ සිරිපා වන්දනා වගේ ඒවා ගියත් ඔක්කොම කට්ටිය නෙමෙයි කීපදෙනෙක් එකතුවෙලා තමයි ගියේ. ඉතින් එදා ට්‍රිප් ගැන කතාවෙද්දි කට්ටිය ගොඩක් තැන් යෝජනා කලා. ඒ ඔක්කොම අස්සේ අපේ හිටපු නඩේ ගුරා තුමා යෝජනාවක් දැම්මා කට්ටිය බත්තලංගුණ්ඩුව යමුද කියලා..ගොඩක් අය ප්ලේස් එක ගැන කලින් අහලා දැකලා තිබ්බ නිසා යෝජනාව එකෙන්ම සම්මත උනා..ඒ අතරේ මට මතක් උනා FB එකේ අපේ ඉස්කෝලේ කොල්ලොත් recommend කරලා තිබ්බ page එකක් මෙතන කෑම්පින් organize කරනවා කියලා..ඉතින් ටක් ගාලා එවෙලෙම කෝල් එකක් දාලා බැලුවා..කතා කරපු කොල්ලත් එලකිරි වගේ ඔක්කොම විස්තර ටික පැහැදිලි කරලා කිව්වා අපිට..එක ඉස්කෝලේ නිසා ෆිට් එකට discount එකකුත් දෙන්නම් කිව්වා per person cost එකෙන්..ඉතින් එවෙලෙම බුකින් එකක් දැම්මා 10-12 දෙනෙක් සෙට් වෙන පැකේජ් එකකට..දිනේකුත් දාගෙන බොහොම ආසාවෙන් හිටියා ඒ දවස වෙනකන්…කියන්න කනගාටුයි මිත්ත්රවරුනි අවාසනාවට ලොක්ඩවුන් එකක් සෙට් උනා ට්‍රිප් එක යන්න සතියක් තියෙද්දී.. ඉතින් පුරා මාස 6ක් තිස්සේ ඉවසන් හිටියා ගමන යන්න..ලොක්ඩවුන් අයින් කලාට පස්සෙ අපේ කට්ටියගේ ප්‍රෝග්‍රෑම් එහෙම බලලා ආයේ දිනයක් සෙට් කරගත්තා යන්න..හැබැයි මුලින් තිබ්බ උද්යෝගය තිබ්බේ නෑ කට්ටියගේ...මුලින් වයිෆ්ලා එක්ක ඔක්කොම සෙට් එක යන්න හිටියත් පස්සේ එක එක වැඩ නිසා කට්ටිය ගොඩක් හැලුනා..ඒ හැමෝගෙම පැත්තෙන් බැලුවම සාදාරනයි මොකද මේ ඉවරයක් නැති කොරෝනා ප්‍රශ්නයි, සල්ලි ප්‍රශ්නයි එක්ක ගොඩක් අයට ට්‍රිපක් යන්න මූඩ් එකක් තිබ්බේ නෑ..කොහොමින් හරි අන්තිමට කොල්ලෝ 5ක් සෙට් උනා වැඩේට.. මුලින් කාර් වල යන්න හිටියත් අන්තිමට ට්‍රිප යන්න හිටපු දිනේට එකක්වත් සෙට් උනේ නෑ එක එක ලෙඩයි family matters අනන් මනන් නිසා...ඉතින් අපි කට්ටිය දැන් අවරුදු 10-12කට කලින් ට්‍රිප් යන්න පටන් ගත්ත මුල් කාලේ වගේ පොදු ප්‍රවාහන සේවයට බහින්න තීරණය කළා..නොවැම්බර් 18 පෝය දවස තමයි යන්න තිබුනේ..ගිහින් එන්නේ පහුවෙනිදා...කොහොමින් කොහොමින් හරි ඒ දවසත් ආව කියමුකෝ..(introduction එක දිග වැඩි උනාද මන්ද...)
අපි සෙට් එක උදේ කතා කරගෙන තිබුනේ කොටුව private බස් ස්ටෑන්ඩ් එකට සෙට් වෙන්න 8ට..පෝය දවස නිසා බසුත් අඩුයි..පුත්තලමට පැත්තට යන නිසා වැඩේ තව කෙස්..අපි එනකොටත් බස් ස්ටෑන්ඩ් එකේ බස් දෙකක් විතරයි තිබ්බේ. කොහොමත් පුත්තලමට එහා යන දුර බස් එකක නගින්න කතාවෙලා හිටියේ අපි. ඉතින් අපේ එවුන් 8 පහුවෙලා එකා එකා ස්ටෑන්ඩ් එකට සෙට් වෙද්දී අන්තිම එකා එන්න කලින් එක බස් එකක් ගියා..අනික් බස් එක ඇද්දුවේ 9ට කොටුවෙන්..කොහොමින් හරි දුර බස් එකක් උනත් පෝය හින්දද මන්දා එකත් ටිකක් කොට කොට ගියේ..අහ් කියන්න බැරි උනානේ..කොටුවෙන් බස් එකේ නැග්ගේ කොල්ලෝ 4යි..එකෙක් ජොබ් එක කරන්නේ කුරුණෑගල නිසා ඌ ඒ පැත්තෙන් direct පුත්තලමට එන්න සෙට් උනා.අපි ඉතින් කයියක් ගහගෙන බස් එකේ ආව..කලින් දවසේ office එකේ වැඩයි වෙන වැඩ වගේකුයි නිසා මටනම් හරියට නින්දක් තිබ්බේ නෑ ..තෙහෙට්ටුවට බස් එකේ නින්දක් දාන්න ට්‍රයි එකක් දුන්නත් වැඩේ හරි ගියේ නෑ බස් අය්යා දාල තිබ්බ දෙසවන් පිනා යන කන්කළු සංගීතය නිසා..
කොහොමින් හරි දවල් 12.30 වගේ වෙද්දී අපි පාලවිය හන්දියට ආව..
එතනින් හැරිලා කල්පිටියට යන්න ඕනේ අපි..කිලෝමිටර් 40ක් විතර තියෙනවා යන්නත්..
එත් කල්පිටිය හන්දියට අපි එනකොටත් අපේ 5වෙනි යාළුවා පුත්තලම town එකේ..එතන ඉඳන් විනාඩි 10-15ක දුරක් ආපස්සට එන්න ඕනේ පාලවිය හන්දියට..ඉතින් අපි ඌ එනකන් බලන් හිටියා..ඇත්තටම එතන පොඩි ජල්බරියක් උනා..මොකද අපි පාලවිය හන්දියේ ඉඳන් කල්පිටියට යන්න සෙට් කරගෙන හිටියේ අපේ යාලුවෙක්ගෙ වාහනයක්…මුලින් plan එක තිබ්බේ ට්‍රාන්ස්පෝර්ට් vehicle එක පුත්තලම් ඉඳන් එන නිසා අර කුරුණෑගල ඉඳන් එන යාලුවවත් දාන් එන්න..එත් අපි පාලවිය හන්දියට එද්දී වාහනෙත් එතනටම ඇවිත්..එතන පොඩි miscommunication එකක් වෙලා...කොහොමින් හරි අපිටත් දෙහි කප කප 5 වෙනි යාලුවත් ආව..
පාලවිය හන්දිය
කල්පිටියට යන ගමන්
කාලෙකින් කට්ටිය සෙට් උන නිසා ලොකු කයියක් එහෙම දාගෙන ආව නිසා ලොකු වෙලාවක් යනවා දැනුනෙත් නෑ ..කට්ටියනම් දැනටමත් ෆන් ගන්න පටන් අරන්..විහිලු කතා කෝටියයි.. මම නම් fuck වෙලා හිටියේ සිරාවටම..කලින් දවසේ නිදාගත්තු නැති එකේ තෙහෙට්ටුවයි, හොඳටම පරක්කු වෙලා නිසා ට්‍රිප් එකේ හවස් වරුවේ plan එක අවුල් යයිද බයයි ඔක්කොම එක්ක මන් හිටියේ ස්ට්‍රෙස් එකේ..නඩේ ගුරා උනාම ඔන්න ඕක තමයි අවුල..මුන්ටනම් මොකද..මුන් ඉන්නවා හෙන ෆන් එකේ..
ඔන්න ඉතින් අපි කල්පිටිය harbour එක කිට්ටුවට ආව 1.45 විතර වෙද්දී...හරියටම කිව්වොත් ඊට ටිකක් මෙහා..දෙතිස්ඵල බෝධීන් වහන්සේ ළඟ අපි හිටියා අපේ ගමන් සගයා එනකන්..ටික වෙලාවකින් ආව අපේ ගමන පුරාවටම හැමදේම බලාකියාගත්තු ගමන් සගයා....ඉතින් ඌත් එක්ක පිටත් උනා අපි harbour එක පැත්තට යන්න..යන ගමන් BBQ එක දාන්න ඕනේ වෙන ඉස්සෝ අනන් මනං ගන්න කඩේකටත් ගොඩ උනා..ඉස්සෝ එහෙමනම් price එකේ ලොකු ලාබයක් තිබ්බේ නෑ..පොඩි වෙනසක් තිබ්බේ..
ඔන්න එහෙනම් අපි නිල වශයෙන් චාරිකාව අරඹන්නයි සුදානම..
අපේ ගමන් සගයා එනවා බෝට්ටුවත් අරන්.
පැයක විතර ගමනක් තියෙනවා දුපතට යන්න..ගමන පටන් ගත්තට පස්සෙනම් දැනුනේ පුදුමාකාර සැහැල්ලුවක්..අර තිබ්බ තෙහෙට්ටුව කොහෙන් ගියාද නෑ...කලින් කොච්චර මුහුදු ගමන් ගිහිල්ලා තිබුනත් මුලින්ම යනවා වගේ හැඟීමනම් තාමත් ඒ විදියටම දැනෙනවා..
යන අතරමග ගත්තු පොඩි video එකක්..
හැබැයි බෝට්ටුවේ සද්දෙත් එක්ක කට්ටියගේ කටවල් ටික ලොක් වෙලා තිබ්බේ..කලාතුරකින් අත්විඳින්න හම්බෙන ඒ පරිසරයේ ලස්සන විඳගෙන කට්ටියම උන්ගේ ලෝක වල බිසී වෙලා හිටියේ..ඒත් එක්කම හුරුපුරුදු පරිසරයෙන් ඈත් වෙලා අලුත්ම experience එකක් ගන්න යන excitement එක හැමෝගෙම මූණු වල තිබුනා.. අපේ ගමන් සගයා යන අතරමග බෝට් එකේ engine එක සැරින් සැරේ නතර කරනවා මොකක් හෝ හේතුවක් නිසා..ඒ ඇසිල්ලෙන් කට්ටියම ක්ෂණිකව නැගිටලා selfie ගන්නයි පිස්සු නටන්නයි පටන් ගන්නවා..එක වෙලාවක ගමන් සගයා ටික වෙලාවක් වැඩිපුර නවත්තන් හිටියා අපිට selfie ටිකක් ගහගන්න..
ඉතින් ඔහොම ටිකෙන් ටික ඉස්සරහට් යද්දී කට්ටියටම බඩගිනිත් වෙලා තිබ්බේ හොඳටම..3.15 විතර වෙද්දී අපි දුපතේ මුල්ම කෙලවරට ආව.
අපේ ගමන් සගය එතනට බෝට්ටුව අරන් ගියා අපිට දවල් කෑම ගන්න...බඩගින්නේ හිටපු නිසා මෙලෝ සිහියක් තිබ්බේ නෑ ෆොටෝ එකක් ගන්නවත්....පොල් අතු වලින් ගහපු ගෙවල් සහ මඩු කීපයක් ඇරෙන්න වෙන ලොකු දෙයක් නෑ ඒ හරියේ..එක යායට මල් වැල් වගේකින් කවර් වෙච්ච අතරින් පතර උස ගස් 2,3ක් තිබ්බ ඒ වෙරල තීරය නම් සිරාවටම ලංකාවේ ලස්සනම තැන් ගොන්නට එකතුවෙන්න ඕනේ තැනක්..ඒ නිසාමද මන්ද දුපතේ අනික් හරිය දකින්නත් කලින් අපේ කට්ටියටම මෙතන සුපිරියටම අල්ලලා ගියා.. ඇත්තටම කිව්වොත් දුපතේ අනික් හරියවල් අපි ෆොටෝ වලින්, article, review වලින් අහල දැකල තියෙන නිසා කට්ටියට ඒවත් එක්ක මෙතන compare උන වෙන්නත් පුලුවන්..එවෙලේම අපේ කීපදෙනෙක් කිව්වා ඉතින් මෙතන සුපිරිනේ බන් කෑම්ප් ගහන්න කියලා..
(full ෆොටෝ සෙට් එකක් දාන්නම් මේ area එකේ 2වෙනි දවස ගැන කියද්දී..)
කොහොමින් හරි පැය බාගයක් වගේ ඇතුලත කාලා කරලා බෝට්ටුවට නැග්ග ආයේ කෑම්ප් ගහන ප්ලේස් එකට යන්න ඕනේ නිසා වැඩිය හවස් වෙන්න කලින්..
බත්තලන්ගුන්දුව දුපතත් තව කොටස් 3කට බෙදෙනවා...එකෙන් කෑම්ප් ගහන්න famous සින්නගුන්ඩුව කියන හරියේ beach එක..එතන තමයි අපිත් කෑම්ප් ගහන්න ලෑස්තිය ...
පැය 1.30ක විතර ගමනිකින් පස්සේ අපි ඔන්න සින්නගුන්දුවට සැපත් උනා..
බෝට්ටුවෙන් බැහැල බඩු ටිකත් අතින් කටින් එල්ලගෙන සෙට් එක පිටත් උනා කෑම්ප් ගහන තැනට යන්න..අපි එතනට යද්දිත් සැහෙන්න දෙනෙක් ඇවිත් එදා කෑම්ප් ගහන්න..famous beach line එකම full packed..ඒ කිව්වේ අර මුහුදටම කිට්ටුවෙලා හැදිච්ච පොඩි ගස් වර්ගේකින් වටවෙලා තියෙන ටික..
(මේ image ටික ගූගල් දෙයියන්ගෙන් ඉල්ලගත්තේ..)
ගොඩක් කපල් එහෙම ඇවිත් හිටියා එතන..එතන අස්සේ තව කුඩාරම් ගහන්න ඉඩ තිබුනත් අපි කොල්ලෝ සෙට් එකක් නිසා එතන රිංගන එක සුදුසු නොවන බව තමයි අපේ සෙට් එකේ මතේ උනෙත්..අපි උන්ට ලොවත් කරදරයක් කරන්නේ නැති උනත් අපි කියන කුණුහරපයක් හරි වැරදියට උන්ගේ ගෑනුන්ට කිව්වා කියලා වැරදියට තේරුම් අරන් කෙස් එකක් ගියොත් මරාගනිල්ලක් තමයි සෙට් වෙන්නේ..අනික නිදහසේ සින්දුවක් කියලා ඇති තරම් වෙලාවක් රෑ ඇහැරලා බජව්වක් දාන්න බෑනේ එතන අනික් අයත් ඉන්න නිසා..අපේ ගමන් සගයාත් එච්චර අනුකුලතාවයක් පෙන්නුවේ නෑ එතන කෑම්ප් ගහන්න..මෙලෝ රහක් නැති beach එක විතරයි ඉතුරු වෙලා තිබ්බේ..ඒ අතරේ ගමන් සගය අපේ දෙන්නෙකුත් අරන් දුපතේ උඩහ පැත්තට බලන්න ගියා තැනක් හොයන්න..බලාපොරොත්තු සුන්වෙලා වටපිට බල බල ඉන්න අතරේ මන් දැක්ක දුපතේ පහල පැත්තට යන beach එකේ පොඩි ප්ලේස් එකක්...ඒ වෙද්දී අර ගමන් සගයයි අපේ කොල්ලෝ දෙන්නයිත් ආය එන ගමන් බලාපොරොත්තු සුන් කරගෙන...උන් ආවට පස්සේ මන් කිව්වා අපි පොඩ්ඩක් අතන බලමුද කියලා..ගමන් සගයනම් කිව්වේ එතන ඉඩනම් මදි කෝකටත් ගිහින් බලමු කියලා..
(රතු පාට ඊතල වලින් famous area එක සහ අර අපිට පස්සේ සෙට් වෙච්ච් spot එක කොළ පාටෙන්)
දෙය්යනේ කියලා යන්තන් ඒ spot එක අපේ වැඩේට සුපිරියට සෙට් උනා..ඉඩකඩ ටිකක් මදි ගතියක් තිබ්බත් privacy එකනම් සුපිරි ඒ ප්ලේස් එකේ..
මුලින්ම අපේ ගමන් සගයා එක ටෙන්ට් එකක් ගැහුවා එතන අපිට බඩු ටික එහෙම ඒකේ දාල චේන්ජ් එකක් එහෙම දාගන්න පුළුවන් නිසා..
ටෙන්ට් එක ගැහුවට පස්සේ ගමන් සගයා ඉතුරු බඩු මුට්ටු ටික ගෙනත් වැඩේ ඇරෙන්ජ් කරනකන් අපේ සෙට් එක ගියා පොඩ්ඩක් වටේ සිරි නරඹන්න..ඇත්තටම ඒ දුපතටම ආවේනික වෙච්ච ලස්සනක් තිබ්බා..අපි ගියපු දවසේ කාලගුණයත් හොඳ නිසා ඒ ලස්සන දෙගුණ වෙලා දැනුණා..