ඊයේ ඉඳන් හැමතැනම ලොකු කතාවක් යනවනේ PayPal ලංකාවට officially ලැබුණා කියලා. ඇත්තටම එහෙම දෙයක් වෙලාද?
ඔව්, ලංකාවට PayPal official ලැබිලා ගොඩක් කල්. හැබැයි ඒ payments කරන්න (සල්ලි යවන්න) විතරයි. එතකොට මොකක්ද මේ අලුතින් යන කතන්දරේ?
මෑතකදි හදපු PayPal accounts වලට 'Receiving' button එකක් ආවා තමයි. හැබැයි ඊයේ ඉඳන් කට්ටිය කියනවා වගේ, අපිට money request කරන්න පුළුවන් වුණත්, සල්ලි එවන්න හදන කෙනාට "Error" එකක් එනවා. ඒ කියන්නේ සල්ලි ගන්න තාම බැහැ. අනික මේ receiving button එක ඊයේ පෙරේදා ආපු එකකුත් නෙවෙයි.
එහෙනම් ඇයි මේ එකපාරටම මෙහෙම Hype එකක් ආවේ?
ඇත්තම හේතුව තමයි, ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික වාණිජ බැංකුවක් PayPal ලංකාවට fully support කරන්න අවශ්‍ය කරන මූලික වැඩකටයුතු ආරම්භ කරලා තියෙනවා. "ඇයි ලංකාවට PayPal මේ තරම් වැදගත්" කියලා කරුණු දක්වන්න ලංකාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කිහිපදෙනෙකුටත් ඔවුන්ගෙන් ආරාධනා ලැබුණා. හැබැයි ඒ ආරාධනා ලැබුණා විතරයි, PayPal එක්ක direct කතා කරන්නේ අදාළ බැංකුව. මොකද බැංකුවක් මැදිහත් වෙන්නේ නැතුව PayPal මේකට කැමති වෙන්නේ නෑ.
ආරංචි විදිහට අදාළ බැංකුව funds withdrawal process එකත් දැන් finalize කරලයි තියෙන්නේ. ඒත් මේ වෙලාවේ හැදිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම බොරු hype එකක්. ඒ නිසා කලබල වෙන්න එපා. ඔය receive button එක මම 2024 ඔක්තෝබර් හදපු account එකෙත් තිබුණා (පළවෙනි කමෙන්ට් එකේ ඒක ටෙස්ට් කරපු විදිහ දාලා ඇති බලන්න).
මෙතන ඇත්තටම වුණේ මොකක්ද?
ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක උත්සාහය පාවිච්චි කරලා බොරු ප්‍රසිද්ධියක් හදාගන්න සමහරු උත්සාහ කරනවා. තවත් සමහරු මේක ආණ්ඩුවේ වැඩක්, එහෙමත් නැත්නම් ඩිජිටල් ඇමතිවරුන්ගේ වැඩක් කියලා අනුන්ගේ මහන්සියෙන් ක්‍රෙඩිට් එක ගන්න (Hijack කරන්න) හදනවා.
ඇත්ත කතාව මේකයි. ඒ නිසා කලබල වෙන්න එපා. PayPal තාම තියෙන්නේ ඉස්සර ලංකාවට තිබුණු තත්ත්වයේමයි.
ඉතින් මේ පෙබරවාරියේ ටිකක් ඉවසලා ඉමු. මාර්තු මැද වගේ වෙද්දී මොකද වෙන්නේ කියලා බලමු.