වැඩක් නෑ ඉතින් කතා කරල. මිනිස්සු මේවයෙන් ආතල් එකක් ගන්නෙ. තමන්ට වෙනකන් තේරෙන්නෙ නෑ. ඔය නැව්වල ගිලිල මැරිල යන්නෙ ලංකාවෙ වගේම ගම්වලින් ආපු කොල්ලො. මොකද ත්රස්තවාදීන් කියලද. නෑනෙ රටක නිළ හමුදාවට බැඳිච්ච මිනිස්සු. Regime Change එකක් කරන්නම ඕනෙනන් අදාල තැන් ටාගට් කරන එක වෙනයි. නාවික අභ්යාසෙකට ඇවිල්ල යන කොහෙවත් පැත්තක තියෙන නැවක් 180 ක් එක්ක ගානක් නැතුව ගිල්ලල දාන එක වෙනයි.මේක ක්රිකට් මැච් එකක් නෙවෙයි. මේ දෙපැත්තෙන්ම මැරෙන්නෙ උඹල අපි වගේම මිනිස්සු, මේව දිහා බලල සතුටු වෙන්න එපා. උඹල නොදැනුවත්වම පව් රැස් කර ගන්නව.
මේ විනාස වෙන දේපල ආයිත් හදන්නත් මුලු ලෝකෙටම ගෙවන්න වෙනව තෙල් මිල විදියට හරි ටැක්ස් එකක් විදියට හරි මොකක් හරි ක්රමයකින්.


