මං නිකමට Trump සීයගේ කේන්දරේ අරන් බැලුවා, බුවාට හොඳ කාලකයක් යනවා කියලා නම් පේන්නේ නැහැ. මම දකින දේ කියන්නම්. මිනිහගේ ශනි සිකුරුත් එක්ක 12 භාවයේ කටක රාශියේ (සඳුට) අයත් රාශියක ඉන්නේ. මෙතන D9 එකත් එක්කම රාශි වර්ගෝත්තමයක් තියනවා.
හරි ඒ තමයි ඉපදුනු විදිය. එතකොට දැන් අපි බලමු.
දැන් ගෝචර ශනි යන්නේ 8 වෙනි භාවයේ මීන රාශියේ. එතකොට අපි දන්නවා ලග්න අෂ්ඨම ඒරාෂ්ඨයක් යන්නේ කියලා. එතකොට යන්නේ ගුරු මහදශාව-ශනි අතුරු දශාව කියලා තමා මගේ කැල්කුලේෂන් එක. මේක දන්න කෙනෙක් වැරැද්දක් තියනවනම් හරි ගස්සවන්න.
එතකොට ඔය කිව්ව දශාව හරිනම් මිනිහා දැන් ඉන්නේ දශා සන්ධියක. අනෙක සිකුරුත් මීනයේ ඉන්නේ. ශනිට 10,2,5 භාව පේනවා 8 භාවයේ ඉන්දැද්දි.
- රැකියාව (10): අසහනය සහ වගකීම් වැඩි වීම.
- මුදල් (2): ආර්ථික පීඩනය.
- මනස (5): තීරණ ගැනීමේ අපහසුව.
ඒවගේමයි රවි දැන් 7 භාවයේ හිටියට ශනිට ගොඩක් ලංවෙලා නිසා ශනි අස්ථ (combust) වෙනවා. මේක 25 වෙනකම් මිනිහට තදින්ම බලපානවා කියලයි මට හිතෙන්නේ.
කොහොමත් මිනහගේ අන්තිම කාලේ රෝහල් ගතවීම්, හෘදයාබාධ වගේම වැටීමක් නිසා සිදුවන ශාරීරික බිඳ වැටීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මට නම් හිතෙන්නේ ශනි මීන රාශියේ ඉන්න කාලය ඇතුලේ මිනිහා මැරෙන්න උනත් පුළුවන් කියලයි. මට වඩා මේ ගැන දන්න අය පොඩ්ඩක් මේක විස්තර කරා නම් වටිනවා. @Lovtus
ප.ලි.
තව ඕනේම කෑල්ල අමතක උනා, Trump සීයගේ 7 භාවයේ තමා සුර්යග්‍රහණය සිද්ද උනේ, 1 භාවයේ ඔළුව උඩ තමා චන්ද්‍රග්‍රහණය සිද්ධ උනේ. දැනට කේතු ඉන්නෙත් ඔළුව උඩ. ඔළුව තැම්බෙනවා ඇති (මනස විකාර වෙනවා)
For Education Purpose
Last edited: