සින්හල Sci-fi සින්දු තියනවද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,026
    15,083
    113
    මතු ජිවිතේ දී.. මෙලොවින්‌ තුරන්‌ වී
    ගුවනේ පියාඹන්න වේවී..
    අභ්‍යයාවකාශේ.. ග්‍රහලෝක ගානේ
    මිතුරන්‌ සොයා යන්න වේවී..

    ඒ කාලෙදිත්‌ මා පතන්නේ ඔයාමයි ළඳේ..

    දෙව්‌ දුවරුන්ගෙන්‌ අහන්නෙත්‌ ඔයාවයි ළඳේ..

    ඔබ ගාව මම ඉන්නෙමි..
    සුසුමන්‌ වගේ යාවෙවී....
    Rookantha :love2:
     
    • Love
    Reactions: Mr UNKNOWN

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,349
    1
    6,170
    113
    අපේ පද රච්නා , සින්දු විවිධාන්ගීකරනය වෙලා නෑ. භාශාවෙ වැරැක්දක්ද?, එහෙම සින්දු හදන්න අමාරුයිද?

    ගතානුගතික සාම්ප්‍රධායික පර-පීඩිත දුක කිඳා බැස්සුණු ආර්ථික සමාජයීය සංස්කෘතික ආධ්‍යාත්මික ව දිළිඳු ; Conservative සමාජයක මොන Sci-Fi ද පුතා 😊


    ------ Post added on Mar 25, 2026 at 9:09 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    1.Time traveler කෙනෙක් වෙනත් කාලයකදී හමු උන පෙම්වතියට ගැයූ ගීතයක් (මිනිහගෙ ටයිම් මැශින් එක ආය මේකාලෙට ආවට පස්සෙ කැඩිලා)


    සොදුරිය ……..
    කාලය කොතරම් නපුරුද
    දිවි හිමියෙන් කදුළැලි පුරවාගෙන
    රැකගත් ආලය උදුරාගෙන ගිය
    කාලය කොතරම්ම්ම්ම් ...
    නපුරුද සොදුරිය……


    පෙරුම් පුරා දුකසේ ගලපාගත්
    කවිය ඔබම වී නැළවුනු යුගයක
    හද රැදි ඒ රුව සිහිනෙකවත් නැත
    ඒ රුව කොතරම්ම්ම්ම්….
    මිහිරිද සොදුරිය…..



    2.ලෝක සාමය වෙනුවෙන් බලෙන් බන්දලා දීපු ලෝක දෙකක අඹු සැමි යුවලකගේ කතාවක්


    ඔබ හිමි වුණා නොවෙයි ඔබ මට හිමි කළා..
    අප ළං වුනා නොවෙයි ඔබ මා ළං කළා..
    හිත් හැඳුනුවා නොවෙයි දෑඟිලි එක් කළා..
    අපි සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා..

    අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරි..
    අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරි..
    අපි එකට වසමු මියුලැසි....
    ලෝකයට බයෙන් ගල් ගැසී..


    3.විශ්ව සංචාරයේ යෙදුන තරුනයෙක්ට එක්තරා ග්‍රහලෝකයකදී හමුවුනු වෙනත් ග්‍රහලොවක තරුණියකට ගැයූ ගීයක්

    මං මුලාවී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලාවූ සමනළියකගෙනි
    පාර අසා තිබුනේ

    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන්හිටි තැන් මතකයේ අඩමානය
    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන්හිටි තැන් මතකයේ අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඇයටද පාරක් ඇති නැති ගානය

    අප හමුවූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූයේ ඇයිදැයි නොකියමි
    අප හමුවූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූයේ ඇයිදැයි නොකියමි
    අපේ ගමන අද නවතනු හැකිනම්
    අප යන ගමනද අද මෙතැනින් නිමි

    මං මුලාවී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලාවූ සමනළියකගෙනි
    පාර අසා තිබුනේ
     
    • Haha
    Reactions: Be_Positive

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,668
    113
    33
    Kalutara
    ඇයි කල්පනා ලොවේ මල් වනේ සින්දුව. ඒක කියන්නෙත් වෙන ලෝකයක් ගැනනෙ.. 🤔
     
    • Wow
    Reactions: Be_Positive

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    තම ග්‍රහලෝකයේ උපග්‍රහයා වන හදේ ජනාවාසයක ජීවත්වන රූමත් තරුණියක් හා පෙමින් බැදුනු පෘතුවියේ තරුණයෙක් ගැයූ ගීතය

    අන්ඨකාරෙන් අත් මිදී...
    සිනහවෙන් පිලිතුරු දි දී...
    තව්තිසාවේදිත් යලි..
    එකතුවෙන්නට යමු අපි..
    වැටෙනා තැනකදී...
    අල්ලගන්නම් හුස්ම දී..
    දිනනා තැනකදී..
    සතුටු වෙන්නම් පසෙක වී..

    දුටුවනම්... දෙව්දුවක් පාරමි..... දම් පුරන්....
    ඒ ඔබයි... ඇත්තමයි.... සඳගනා.............

    ඔබ මගේ හදවතේ පැලඳුවා...
    හදවත දිව්‍යභවනක් කලා...
    හැබැ කරන් පෙම් ප්‍රාර්ථනා....
    වසත් කල් යාය යලි ඉපදුවා....
     
    • Haha
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    450
    459
    63
    1.Time traveler කෙනෙක් වෙනත් කාලයකදී හමු උන පෙම්වතියට ගැයූ ගීතයක් (මිනිහගෙ ටයිම් මැශින් එක ආය මේකාලෙට ආවට පස්සෙ කැඩිලා)


    සොදුරිය ……..
    කාලය කොතරම් නපුරුද
    දිවි හිමියෙන් කදුළැලි පුරවාගෙන
    රැකගත් ආලය උදුරාගෙන ගිය
    කාලය කොතරම්ම්ම්ම් ...
    නපුරුද සොදුරිය……


    පෙරුම් පුරා දුකසේ ගලපාගත්
    කවිය ඔබම වී නැළවුනු යුගයක
    හද රැදි ඒ රුව සිහිනෙකවත් නැත
    ඒ රුව කොතරම්ම්ම්ම්….
    මිහිරිද සොදුරිය…..



    2.ලෝක සාමය වෙනුවෙන් බලෙන් බන්දලා දීපු ලෝක දෙකක අඹු සැමි යුවලකගේ කතාවක්


    ඔබ හිමි වුණා නොවෙයි ඔබ මට හිමි කළා..
    අප ළං වුනා නොවෙයි ඔබ මා ළං කළා..
    හිත් හැඳුනුවා නොවෙයි දෑඟිලි එක් කළා..
    අපි සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා..

    අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරි..
    අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරි..
    අපි එකට වසමු මියුලැසි....
    ලෝකයට බයෙන් ගල් ගැසී..


    3.විශ්ව සංචාරයේ යෙදුන තරුනයෙක්ට එක්තරා ග්‍රහලෝකයකදී හමුවුනු වෙනත් ග්‍රහලොවක තරුණියකට ගැයූ ගීයක්

    මං මුලාවී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලාවූ සමනළියකගෙනි
    පාර අසා තිබුනේ

    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන්හිටි තැන් මතකයේ අඩමානය
    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන්හිටි තැන් මතකයේ අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඇයටද පාරක් ඇති නැති ගානය

    අප හමුවූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූයේ ඇයිදැයි නොකියමි
    අප හමුවූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූයේ ඇයිදැයි නොකියමි
    අපේ ගමන අද නවතනු හැකිනම්
    අප යන ගමනද අද මෙතැනින් නිමි

    මං මුලාවී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලාවූ සමනළියකගෙනි
    පාර අසා තිබුනේ
    ආලෝකයේ වේගයෙන් ගමන් කරන යානාවකින් වෙනත් ග්‍රහලෝකයකට යන කෙනෙක්ගෙ සින්දුවක්

    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇතිරිය දෑස වසනවා
    හද පොදි බැඳි දුක දියකර පා කර
    ඔබේ ලොවට මා මොහොතින් එනවා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    ආලෝකයේ වේගයෙන් ගමන් කරන යානාවකින් වෙනත් ග්‍රහලෝකයකට යන කෙනෙක්ගෙ සින්දුවක්

    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇතිරිය දෑස වසනවා
    හද පොදි බැඳි දුක දියකර පා කර
    ඔබේ ලොවට මා මොහොතින් එනවා
    2009 දී ශ්‍රී ලංකාවේ තම ඊලාම් රාජ්‍ය බොද උනු LTTE සාමාජිකයින් තාක්ෂණයේ දියුණුවත් සමගම 2050 වසරේදී දෙමල ඩයස්පෝරාවේ සල්ලි වලින් මිලදී ගත් අභ්‍යාවකාශ යානයේ නැගී ඔවුන්ගේ ඊලාම් රාජ්‍ය ගොඩනැගීමට සුදුසු ලෝකයක් සොයා යන ගමන ගැන දමිල තරුණයෙක් අතින් ලියැවුන ගීතයේ සිංහල පරිවර්තනය

    කොහේ.. කොතැනක තැනේවිදෝ..
    අපට ලෝකයක්‌...
    අපි අපේම ලොවක්‌ තනා..
    ගැන්ම සිහිනයක්‌.. සැබෑම සිහිනයක්‌..

    කොහේ.. කොතැනක තැනේවිදෝ..
    අපට ලෝකයක්‌...
    අපි අපේම ලොවක්‌ තනා..
    ගැන්ම සිහිනයක්‌.. සැබෑම සිහිනයක්‌..

    පුංචි පුංචි ගෙවල්‌ තනා..
    අතු අග ඉඟි බිඟි කරනා..

    පුංචි පුංචි ගෙවල්‌ තනා..
    අතු අග ඉඟි බිඟි කරනා..
    කුරුළු කිරිලියේ.. මට නම්‌
    මේක සිහිනයක්‌.. සැබෑම සිහිනයක්‌. .

    කොහේ.. කොතැනක තැනේවිදෝ..
    අපට ලෝකයක්‌...
    අපි අපේම ලොවක්‌ තනා..
    ගැන්ම සිහිනයක්‌.. සැබෑම සිහිනයක්‌..

    රංචු රංචු සමනලයෝ..
    මල්‌ ඉති සිඹ සිඹ සරණා..

    රංචු රංචු සමනලයෝ..
    මල්‌ ඉති සිඹ සිඹ සරණා..
    මගේ කදැල්ලට කොඳුරා..
    දේදෝ සහනයක්‌.. සැබෑම සහනයක්‌..

    කොහේ.. කොතැනක තැනේවිදෝ..
    අපට ලෝකයක්‌...
    අපි අපේම ලොවක්‌ තනා..
    ගැන්ම සිහිනයක්‌.. සැබෑම සිහිනයක්‌..

    කොහේ.. කොතැනක තැනේවිදෝ..
    අපට ලෝකයක්‌...
    අපි අපේම ලොවක්‌ තනා..
    ගැන්ම සිහිනයක්‌.. සැබෑම සිහිනයක්‌..
     
    • Haha
    Reactions: Be_Positive

    battaputha

    Active member
  • Jan 4, 2022
    71
    101
    33
    පාවෙන පීරිසියක් උඩ නැගලා
    පිටසක්වලකින් මෙහාට බැහැලා
    ආවේ කුමටද ඇත්තට ඔහෙලා?
    කුරුමිට්ටෝ
    අපි නම් නෑ කවදාවත් දැකලා
    පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා
    පොඩ්ඩක් බලමුද වතගොත අහලා
    කුරුමිට්ටෝ
    කොයි දේසේ ඉඳලද එන්නේ?
    (අඟහරු ලෝකෙන් අපි එන්නේ)
    මෙහාට ආවේ කුමකටද?
    (අපි මෙහෙ ආවට අකමැතිද?)
    ඔය තරමට මිටි මොකද හලෝ?
    (මිටි වුණාට අපි රජ කොල්ලෝ)
    තනි කකුලෙන් හිටගත්තැකිද?
    (හහ්, ඔලුවෙන් හිටගෙන පෙන්නමු ද?)
    පාවෙන පීරිසියක් උඩ නැගලා
    පිටසක්වලකින් මෙහාට බැහැලා
    ආවේ කුමටද ඇත්තට ඔහෙලා?
    කුරුමිට්ටෝ
    අපි නම් නෑ කවදාවත් දැකලා
    පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා
    බලමුද පොඩ්ඩක් වතගොත අහලා
    කුරුමිට්ටෝ
    කලාවෙ තිබෙයිද නව පෙරළි?
    (අපේ ලොවේ නෑ බෙලි කැපිලි)
    නළු නිළියන් කොහොමද මල්ලි?
    (එහේ නෑ ඇවිදින ඇටසැකිලි)
    නැටුම් ගැයුම් එහෙ තියෙනවද?
    (ඔහෙලට වගේ අපටත් බැරිද?)
    එහෙනම් ගීයක් කියනවද?
    (අනේ, කියමු කියමු ඕවත් වැඩද?)
    දවසට පැය කීයක් වැඩද?
    (අටයි, හැබැයි ඒ අටම වැඩ)
    වර්ජන, තර්ජන එහෙ නැද්ද?
    (අපේ නෑ බොරු ගෙරවිලි සද්ද)
    ගැහැණුන් හට එහි සම තැනද?
    (එයාලා දන්නවා නියම තැන)
    කැමති නැද්ද මෙහි නවතින්න?
    (සුදුස්සාට නෑ සුදුසු තැන)
    වැඩිදුර විස්තර අහන්නේ නෑ
    (ඇහුවොත් නොකියා යන්නෙත් නෑ)
    දැන්මම යන්න දෙන්න බැරියෝ
    ("පිස්සුද" අපි යනවා චෙරියෝ)
    චෙරියෝ, චෙරියෝ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,909
    1
    58,880
    113
    Mother Earth
    images
    images

    මතු ජිවිතේ දී.. මෙලොවින්‌ තුරන්‌ වී
    ගුවනේ පියාඹන්න වේවී..
    අභ්‍යයාවකාශේ.. ග්‍රහලෝක ගානේ
    මිතුරන්‌ සොයා යන්න වේවී..
    ඒ කාලෙදිත්‌ මා පතන්නේ ඔයාමයි ළඳේ..

    දෙව්‌ දුවරුන්ගෙන්‌ අහන්නෙත්‌ ඔයාවයි ළඳේ..

    ඔබ ගාව මම ඉන්නෙමි..
    සුසුමන්‌ වගේ යාවෙවී....
    තනියේ තුරුල්‌ වී
    මුමුණා සුපෙම්‌ ගී
    රෑ සීතලේ ළං වෙවී..
    තරුමල්‌ කඩා දෙන්නෙමී..
    :love2:
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,826
    6,236
    113
    East Blue (Goa Kingdom)
    විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැළී
    නිලංකාර අඳුරේ සිරවී සැඳෑ සාදයේ
    කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ

    images



    විදු නැණයෙන් අබිසෙස් ලබමින්නේ
    සඳ මතුපිට පියවර එසවෙන්නේ

    අප පමණද එක තැන කැරකෙන්නේ
    අප තනිකර ලෝකය දිව යන්නේ





     
    Last edited:

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    දුර බලං අපි අපිව හෙව්වා
    දිලිසෙන තරුවල අපිව මැව්වා
    අර තරුව නුඹ, අර තරුව මම
    ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා, ඒත්
    නුඹ මා හා පරතරය
    අතරක ඇති දුර අලෝක වර්ෂ
    නුඹ දකින්නෙ අද, මගෙ අතීතය
    නිවි-නිවි දැවෙන්නෙ මගෙ අතීතය
    මතකෙට ඒනා මතකේ වියෝවක්
    වන බව දැන උන්නා මගදි මං කෝමත්
    ගැලපෙන තෙක් බලා උන්නා මෙතෙක් දුරට
    ඒත් අපෙ හිත් ගැලපුනෙ නැතේ
    හැමදේම වෙන්නෙ ආදරේකට වඩා
    දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත
    මම හෙව්වෙ මාව
    ඔයා මාව හොයාගනිද්දි දුර තරුවෙලා කලුකුහර

     
    • Sad
    Reactions: nihada minisek

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,701
    4,044
    113
    හිරුට හොරෙන් සඳූට හොරෙන් තරු මල් උයනේ..
    ලොවට හොරෙන් සැදූ ලොවයි අපේ ආදරේ

    Artificial World ekak hadana secret mission ekak gana neda mchn meke kynne
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,394
    7,086
    113
    මේක 2000 අවුරුද්දට කලින් ලියවිච්ච 2000 අවුරුද්ද ගැන කියවෙන ගීතයක්.

    දෙදහස් වසරයි
    මේ දෙදහස් වසරයි
    දස අත අඳුරයි
    වයසට වැඩියෙන්
    ලෝකය මහලුයි

    මේ අප වාසය කළ ලොව දෝ
    මේ අප විසු ලස්සන ලොවදෝ...

    සෙනෙහස මඳහස මැකිලා සිඳිලා
    මිනිසුන් අතරට වෛරය වැහිලා
    පොළොව ද සුළඟ ද එදිරිව නැඟිලා
    පුදුමය මිනිසා තව ඇත රැකිලා

    මේ දෙදහස් වසරයි...

    දේශෙන් දේශේ මායිම් හැදිලා
    බලකාමයෙ රුදු ගිනි අවි ගැටිලා
    ගහකොළ මැරිලා ඇළ දොළ සිඳිලා
    පුදුමය මිනිසා තව ඇත රැකිලා

    මේ දෙදහස් වසරයි...

    හදවත් දැවිලා සුසුමන් නැඟිලා
    ඒ සුසුමින් ඉර හඳ තරු වැසිලා
    පුදුමය මිනිසා තව ඇත රැකිලා
    පුදුමය පණනල තව ඇත රැකිලා

    මේ දෙදහස් වසරයි...

    පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
    තනුව සහ සංගීතය : උපාලි කන්නංගර
    ගායනය : චන්ද්‍රකුමාර් කඳනාරච්චි