රටේ සම්පත් විනාස වෙලා යන හැටි ජෙබ්බොත් කරන දෙයක් නැහැ

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,856
    5,837
    113
    ඕව් මට පුළුවන් මුලු ලංකාවටම අවශ්‍ය පෙට්‍රල් ටික දෙන්න.
    මේ කතාව කියන්නෙ දැනුත් තමන්ගෙ රථවලට තමන්ම හදාගත්තු පෙට්‍රල් ගහගෙන යන කෙනෙක්. ඒ වගේම හදිසි අවස්ථාවකදී ඕන කෙනෙකුට පෙට්‍රල් ටිකක් නොමිලේම දෙන මනුස්සයෙක්.
    එයා පිලියන්දල

    මම චමින්ද - චමින්ද ජොනික්කු Chaminda Joniqqu

    මම පෙට්‍රල් හදන්න ගත්තෙ කොරෝනා කාලේ .පෙට්‍රල් ලීටර 30000 ට වඩා හැදුවා. මට පෙට්‍රල් හදන අදහස ආවේ ඒ කාලේ මිනිස්සු තෙල් පෝලිම්වල ඉන්නකොට. මට බයික් එකක් තියෙනවා කාර් එකක් තියෙනවා. ඒවා මම රැකියාවක් කරලා හම්බ කරපු සල්ලි වලින් ගත්තු ඒවා නෙවේ. මගේ ජීවිතය තමයි නව නිශ්පාදන කරන එක. ඒවා කරලා තමයි මම ජීවත් වෙන්නෙ. මම කල්පනා කලා තෙල් පෝලිමේ ඉන්නවාට වඩා හොඳයි මට අවශ්‍ය තෙල් ටික මමම හදා ගන්නවා කියලා. ඒ අනුව තමයි පෙට්‍රල් හදන්න මම පෙලඹුනේ.
    මම සාර්ථකව පෙට්‍රල් හැදුවා. මුලින්ම මගේ වාහන දෙකට ගහල දිව්වා. මේක දැනගත්ත අහල පහල අයත් මගෙන් පෙට්‍රල් ගත්තා. ඊට පස්සෙ වටේ පිටේ අයත් ආවා. මගේ ගෙදර තෙල් පෝලිමක් හැදුනා. පොලීසියට ආරංචි වෙලා ඒ අයත් ඇවිත් මගෙන් බයික් වලට තෙල් ගහගෙන බෝතල්වලටත් අරගෙන ගියා. ඊට පස්සෙ එයාලා බැරල් අරන් ඇවිත් තෙල් ඉල්ලුවා මම කීවා නිකං නම් දෙන්න බැහැ කියලා. මේකට මල පැනලා මාව අල්ලගෙන ගිහින් උසාවි දැම්මා.
    මගේ තෙල් රසපරීක්ෂකට යැව්වා. දැන් අවුරුදු තුනකටත් වැඩියි. තවම නඩුව යනවා. රස පරීක්ෂක වාර්තාව නම් තවමත් නැහැ. පොලීසියේ උසස් මහත්වරුත් මගෙන් තෙල් අරගෙන ගියා.
    මම තෙල් හදන එකට නඩු වැටුනට පස්සෙ නවත්වන්න හැදුවත් මට රාජගිරිය ඔබේසේකරපුර කොල්ලො ඒක කරන්න දුන්නෙ නැහැ මාව එක්කරගෙන ගිහින් ඔබසේකර පුර ග්‍රවුන්ඩ් එකට එයාලා ගාඩ් එක දාගෙන මට තෙල් නිශ්පාදනය කරන්න සහය දුන්නා. එතැන තමයි ඇඳිරි නීතියයි ලොක් ඩවුන් එකයි තියෙද්දි තෙල් හදන්න පටන් ගත්තෙ. මම හදන තෙල් රු 500 ට අරගෙන කොල්ලො 1000 ට 1500 ට පිටට විකුන්නා . ඒ කාලේ මගෙ පෙට්‍රල් එහෙම ගන්න එකත් ගොඩක් අයට ලොකු උදව්වක් වුනා.
    මගේ තෙල් ගහපු වාහන අදටත් කිසිම අවුලක් නැතිව දුවනවා. ගහපු අය කීවේ ඒ තෙල් පිච්චෙනවා අඩුයි ඒ වගේම පිකප් එක වැඩියි කියලා. දුම් පරීක්ෂනය අසමත් වුන මෝටර් බයිසිකලයකට මම තෙල් දුන්නා . ඊට පස්සෙ දුම් පරීක්ෂනය සමත් . ඒ කියන්නෙ මගේ තෙල්වල කාබන් ප්‍රතිශතය පවා අඩුයි.
    මගේ තෙල් ගහන්න මම දුන්නෙ බයික් ත්‍රීවීලර් වලට විතරයි. කාර්වලට අරන් ගිය අය ගැහුවාද දන්නෙ නැහැ. කොහොම උනත් කවුරුවත් මට කම්ප්ලෙන් ගෙනාවේ නැහැ කිසිම වාහනයක් අවුල් වුනා කියලා. මගේ කාර් එකට අදත් මම ගහන්නෙ මම හදන තෙල් විතරයි. ඒත් මට ඒවා අලුත් කාර්වලට තවම අනුමත කරන්නෙ නැහැ. මොකද මටත් ඕනෙ මේකෙ ප්‍රමිතිය පිලි අරන් සහතික කරලාම ඒ වැඩේට බහින්න.
    මම කියන්නෙ මට අවස්ථාවක් දෙන්න අනුර කුමාර ජනාධිපති තුමා එක්ක සාකච්ඡාවකට. මට පුළුවන් රජය සහයෝගය දෙනවා නම් මුලු ලංකාවට තෙල් හදන්න.
    මේක රසායනික ක්‍රියාවලියක්. ඒක මම කරන්නෙ රසායනික ද්‍රව්‍ය කීපයක් එකකු කරලා. මට මහ පරිමාන රසායනාගාර කම්හල් නැහැ. ඒත් රජය මට සහයෝගය දෙනවා නම් මට පුළුවන් මුලු ලංකාවටම පෙට්‍රල් හදන්න. රජය ජනතාවට දෙන්න පොරොන්දු වුන රු 150 තෙල් ලීටරය දෙන්නත් පුළුවන්.
    මම උසස් පෙලට වෙන කම් විතරයි ඉගෙන ගත්තෙ ඒකත් වාණිජ අංශයෙන්. උසස් පෙලින් පස්සෙ තමයි මට හිතුනෙ මම රටට වැඩක් කරන්න ඕනෙ නවතම දේවල් හොයා ගන්න ඕනෙ කියලා’

    මේ කතාව කියන්නෙ පිලියන්දල චමින්ද ජෝනක්කු එහෙම නැත්නම් හැමෝම ජොනී කියලා හඳුන්වන හරි අපූරු පුද්ගලයෙක්. ඉතිං එයාගේ මේ අරුම පුදුම සොයා ගැනීම ඇත්තක්.
    මේක හරියට ප්‍රමිතියෙන් යුතු දෙයක්ද කියල හොයලා බලලා ඇයි රජය මෙයාට සහයෝගයක් නොදෙන්නෙ?
    ඉහත කතාවේ හැටියට නම් මේ සොයාගත් තෙල්වල කිසිම වරදක් දකින්නට නැහැ. ඒ වුනත් මේක අවංකවම හරි තත්ව පරීක්ෂනයකට ලක් කර ඒ පිලිබඳව නිවැරදි තත්ව සහතිකයක් ලබා දී චමින්ද එහෙම නැත්නම් ජොනීගෙ නිෂ්පාදනය වැඩි දියුනු කලොත් මන්නාරමේ තෙල් ලිං හාරලා මහ විනාශයක් කරනවාඩ වඩා තෙල් හාරන මුදලින් 01/ 10 ටත් වඩා අඩු මුදලක් වැය කරලා ජොනීට සපෝට් කලා නම් අපිට අවශ්‍ය තෙල් ලංකාව තුලම නිපදවන්න පුළුවන් නේද?

    ඒත් තවමත් මේ රටේ කිසිදු මැති ඇමැතිවරයෙකුවත් මේ ගැන උනන්දුවක් නොදැක්වීම යනු පසුගිය දූෂිත රජයන් වල ක්‍රියාපටි පාටියම මේ රජයත් කරගෙන යාම වැනි දෙයක් බවයි පෙනෙන්ට ඇත්තේ.

    ඉතිං මේ ගැන ඔබේ අදහස කුමක්ද ජොනීගෙ කියන දේ ගැන ?

    තොරතුරු උපුටා ගැනීම 2025 ජූලි 20 ඉරිදා මව්බිම

    source : https://www.tiktok.com/@sajith_sanda/photo/7622316142828195093?_r=1&_t=ZS-9570fkOc4HM

    කවුරුවත් කුනුහබ්බෙන් මට බනින්න ඔට්ටු නැහැ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,856
    5,837
    113
    මට අවශ්‍ය තෙල් ටික මමම හදා ගන්නවා කියලා. :lol:


    මේ කියන්නේ අර බයෝ ඩීසල් මගඩිය වෙන්න ඇති
    මේ කියලා තියෙන්නෙ පෙට්‍රල් කියලානේ

    ඒ වගේම ටික්ටොක් එකේ කමෙන්ට් ටික බලලා 2000න් පස්සෙ ඉපදුනු අයගෙ හෙනම ෆෝවඩ් තින්කින් පැටන් එක බලාගන්න පුලුවන්
    80-90 ගනං වල හම්පඩ නාකින්ගෙ වහු කුනු අයිඩියා වගේ නෙමෙයි
     
    • Haha
    Reactions: Nidarshana_k

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    මේ කියලා තියෙන්නෙ පෙට්‍රල් කියලානේ
    ඒ විදියට පෙට්‍රලුත් හදන්න පුළුවන් ඇති
    කොහොම උනත් හොඳ හොර මගඩියක් වෙන්න ඕන
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,231
    25,404
    113
    පාණ්ඩුවට අවුරුදු එකහමාරයි!

    ➡️ උගන්ඩාවේ මහින්දගේ සල්ලිත් නෑ.
    ➡️ කංචනට කොමිස් එකක් ගිහිල්ලත් නෑ.
    ➡️ චිචීගෙ රොකට් එක පුද්ගලික ආයෝජනයක්. එකෙන් ආණ්ඩුවට පාඩුවෙලත් නෑ.
    ➡️ දිලිත් ඇන්ටිජන්වලින් සල්ලි ගහලත් නෑ.
    ➡️ මහින්ද සිරිවර්ධන ඡන්දෙ කල්දාලාත් නෑ.
    ➡️ නන්දලාල් වීරසිංහ අයින් කරන්නෙත් නෑ.
    ➡️ IMF එක නරකත් නෑ.
    ➡️ TIN එක අයින් කරන්නෙත් නෑ.
    ➡️ රනිල් දුන්න බාර් පර්මිට් නීතිවිරෝධිත් නෑ.
    ➡️ රනිල්ගෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නරකත් නෑ.
    ➡️ පෝය දෙකෙන් පාතාලෙ මර්දනය කළෙත් නෑ.
    ➡️ ලක්ෂ 12 ට දෙනවා කිව්ව විට්ස් එකත් නෑ.
    ➡️ මෝල්හිමියන්ගේ හාල් මාෆියාවක් තිබිලත් නෑ.
    ➡️ ඩඩ්ලිගේ හෝටලේ වැව්රක්ෂිතේට අයිතිත් නෑ.
    ➡️ මන්නාරම් ද්‍රෝණියෙ තෙල් නිධි නැත්තෙත් නෑ.
    ➡️ පිටරට අය එවනවා කිව්ව ඩො.බි.දෙකත් නෑ.
    ➡️ ලයිට් බිල 2/3 අඩු උනෙත් නෑ.
    ➡️ මාස හයෙන් ආර්ථිකය ගොඩඅරගෙනත් නෑ.
    ➡️ හොඳ නෑ කිව්ව කැසිනෝ දැන් නරකත් නෑ.
    ➡️ පාස්කූ මහමොළකාරයා ගැන කිව්ව හෙළිදරව්වත් නෑ.
    ➡️ සති දෙකෙන් අර්ජුණ මහේන්ද්‍ර ඇල්ලුවෙත් නෑ.
    ➡️ හම්බන්තොට වරායෙ කලුගලත් නෑ.
    ➡️ වේයන්ගොඩ නිධානෙත් නෑ.
    ➡️ නාමල්ගේ ලැම්බෝර්ගිනියත් නෑ... රත්තරන් අස්පයත් නෑ.
    ➡️ චිචීගේ බල්ලගේ කරේ තිබ්බ පවුන් 90 මාලෙත් නෑ.
    ➡️ හයිවේ හැදුවට එහා ගෙදර බල්ලට මෙහා ගෙදරට එන්න යන්න ප්‍රශ්ණත් නෑ.
    ➡️ ECTA එක නරකත් නෑ.
    ➡️ කැනඩාවේ අයියලගෙ සල්ලිත් නෑ.
    ➡️ සංගිත්ගේ යාලූවා ගේ සල්ලිත් නෑ.
    ➡️ රිලා දූපතත් නෑ.
    ➡️ විධායත ජනාදිපති ක්‍රමය දැන් අවුලක්ම නෑ.
    ➡️ ගල්අඟුරු වලින් ඉතිහාසගත හොරකම් කරාට නමක් නෑ
    විදුලි බලමණ්ඩලය කෑලි කරලා විකුනලා බිල වැඩි කරාට නමක් නෑ .
    තෙල් වැඩි මිළට වික්කට කමක් නෑ
    බස් ගෙන්නද්දි පගාව ගත්තට කමක් නෑ .

    ඔය ඇති..,.😂😂😂😂
    .
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,582
    13,214
    113
    අපරාදෙනේ අරහේ ඇමෙරිකන් / ඉරාන් කාරයෝ මරාගන්නේ මේ හාදයව එහෙට යැව්වනම් ඉවරනේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,856
    5,837
    113
    cupiri scam ekak wenna oni
    බලපන් ඌ ඉස්කෝලෙ AL වත් නැතුව කරන දේවල්
    තොපි ඩිග්‍රි තියාගෙන සත පහක දෙයක් කරනවද
    රජයෙන්වත් උන්ට උදවුවක් නෑ

    කුහක ජෙබ්බො
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    තවත් සංගීත් කෙනෙක්, මූ කවදා හරි කියන්නේ මම හඳන්න හැදුවා, ඔපෙක් එකෙක් එපා කියුවා කියලා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,249
    113
    ආශ්චර්යමත් රටක
    මේ වගේ උන්ගෙ ආතල් රටට මිස් වෙනව මේ ජෙපි ආණ්ඩුව නිසා

    නිකමට හිතපන් මේ වෙලාවෙ වෙන ආණ්ඩුවක් තිබුණනං දෙන ආතල් ටික 🤣
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    මේ වගේ උන්ගෙ ආතල් රටට මිස් වෙනව මේ ජෙපි ආණ්ඩුව නිසා

    නිකමට හිතපන් මේ වෙලාවෙ වෙන ආණ්ඩුවක් තිබුණනං දෙන ආතල් ටික 🤣
    ජෙප්පෝ ඇදගෙන නාන විදිය, විපක්ෂෙ උන් තමයි නිලධාරියෝ ටික මෙහෙයවන්නේ ජෙප්පො නාවන්න කියල ජෙප්පෝ දැනගද්දී පරක්කු වෙලා තියෙයි.

    මිනිස්සුට රාජ්‍ය සේවය එපාම කරවන විදියට වැඩ නොකර ඉඳපන් කියල තමයි විපක්ෂෙ උන් දූෂිත නිලධාරීන් එක්ක ඩීල් දාල තියෙන්නෙ...

    ඒ දූශිතයෝම ජෙප්පෝ ටික චූන් කරමින් ඉන්නව "ගරු" කියාගෙන වැරදි තොරතුරු දීල උන්ගෙ දූෂණ යට ගහල.

    ජෙප්පෝ ඉතිං මෙහෙම ඉන්න දූෂිත නිලධාරීන්ට මල් තියාගෙන ඉන්නෙ. උන් උස්සගෙන එන ඕන හොර මගුලකට උන්ව විස්වාස කරල අත්සන ගහනවා...

    ජෙප්පොන්ගේ උද්දච්ඡකමට කීවට පිළිගන්න ලෑස්ති නැහැ, උන් නැටවෙන්නේ විපක්ෂෙ උන්ගෙ කීමට වැඩ කරල මිනිස්සුන්ට ආණ්ඩුව එපාම කරවන්න සැලසුම් කරවන රාජ්‍ය සේවයේ දූෂණයයට කල්ලි ගැහිච්ච හොර රැලකට කියල.

    නිලධාරීන් ඔලුව අතගාන ගමන්, ආණ්ඩුවට ටොක්ක අනිනවා කියල ඕකුන්ට දැනෙන්නෙ නැහැ.