Podi Ekage notherna wayasema Paiyen Kellak Kapana Eka OK da?
මේ ප්‍රශ්න අහන්නේ මං හිතන්නේ ආගමික ස්වරෑපයකින් යුද්දය දිහා බලන නිසා වෙන්න ඕනේ. Religion කියන්නේ Politics and Power වලදි භාවිතා කරන powerful Tool එකක් විතරයි.
මං ඒකයි හැම තිස්සෙම කියන්නේ සමාජ අධ්‍යනය සහ ඉතිහාසය පිලිබඳ අධ්‍යාපනය යුද්දක් කියව ගන්න සෑහෙන වැදගත් කියලා.
ප්‍රශ්නෙට ආගමික නිසා මෙහෙම ඒ පැත්තෙන්ම උත්තරේට එන්නම්. උඹ ඔය කියන සුන්නත් කිරීම Circumcision ඔය දාපු විඩියෝ එකට අදාල පාර්ශවයන් දෙකේම සිද්ද වෙනවා. ඒ කියනිනේ ඉස්ලාම් සහ යුදෙව් ආගම් දෙකේම. යුදෙව්වෝ සාමාන්‍යයෙන් ළමයෙක් ඉපිදිලා දින 8 කදි වගේ මේක කරනවා. බ්‍රිට් මිලා කියලා තමා ඒ අය ඕකට කියන්නේ. දෙවැනි ලෝක යුද්දේ කාලෙදි යුදෙව්වන් හදුනා ගන්න හිට්ලර්ගේ සෙට් එක බ්‍රිට් මිලා කරලා තියෙනව ද නැත්ද කියලා බලලා තියනවා.
මුස්ලිම් අය ඕකට සුන්නත් එහෙම නැත්තම් කිතාන් කියලාත් කියනවා. මගේ දැනුමේ හැටියට එයාලනම් නිශ්චිත වයසක් නෑ, ඒ වුනාට අවුරුදු 12 ට කලින් වගේ කරනවා. මේක ඉන්න රට නියෝජනය කරන නිකාය සහ විස්වාස අනුව වයස වෙනස් වෙනස් වෙන්න පුළුවන්.
මීට අමතර ක්‍රිස්තියානි නිකායන් වලත් සුන්නත් කීරීම සිද්ද කරනවා (Coptic). ඒ වගේම අප්‍රිකාවේ ගෝත්‍ර වල ඔය කලිචර් එක තියනවා.
දැනට යුරෝපයේ ඇමරිකාවේ සහ ද. කොරියාවේ වගේ සුන්නත් කිරීම ප්‍රසිද්ධ වෙලා තියනවා ඔය එක එක සෞක්‍ය කාරනා උඩ.
විද්යාමක සහ සෞඛ්‍ය තොරතුරු මේ ගැන ඕනේ නම් WHO එකේ අදාල ආර්ටිකල් බලන්න පුළුවන්. WHO සහ ඇමරිකානු අනුබද්ධ වෛද්‍ය සංගම් සර්කම්සිෂන් benefits and risk ගැන එයාලගේ අදහස දක්වලා තියනවා.
වෙලාවකි අරන් කියවන්න. මේවා නම් අයිති වෙන්නේ අෙගම් ඇදහිලි විස්වාස සහ සංස්කෘතීනි ඒවට. Power and Control ගැන බලන්න Religion කියන tool එක ප්‍රධාන දෙයක් උනාට ඊට වඩා ගොඩක් දේවලුත් තියනවා.