මගේ තාත්තා මරපු දවස තමා අප්‍රියෙල් 7 කියන්නේ මචන්ලා

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,018
    113
    Moratuwa
    මට හිතුනා උබේ ත්‍රේඩ් දකිද්දි මොකක් හරි නොකියන දෙයක් ඇති කියලා.
    අම්මගේ වැඩ දකිද්දිත් ඒකමයි හිතුනේ.
    නොකියවපු පොත පිටකවරෙන් මනින මිනිස්සු වැඩියි.

    මම මගේ ජීවිත කතාවම කිරියේ කියලා තියෙනවා.
    පස්සේ ත්‍රේඩ් එක අයින් කලා.
    සමහර දේවල් තියෙනවා ඒ දේවල් විදපු නැති කෙනෙක්ට කිව්වට තේරුම් ගන්න අමාරුයි.

    මම උපදෙසක් දෙන්නම්.
    කාගේවත් කතාවලට සැලෙන්න එපා.
    කේන්ති ගන්නත් එපා. මනස අව්ල් කරගන්නේ නැතුව හිතලම ගේමක් ගහපන්.
    අතීතය වැඩක් නෑ අමතක කරපන් හොයන්නත් එපා.
    මමත් ඉන්නේ තාත්තා මැරුනද මැරුවද ජීවත්වෙනවද කියලා හොයාගන්න බැරි තැනක.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,051
    2,298
    113
    මගේ එක වසරේ පන්තියේ හිටිය ඌ කවදාවත් කතා කරේ නැහැ. පස්සේ තමයි දන්නේ උගේ තාත්තව එයා ඉස්සරහම වෙඩි තියල කියල.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,122
    25,253
    113
    මගේ තාත්තා කැකිරාව බැංකුවක වැඩ කළේ. ආන්ඩියාගල ඩිංගිරි බණ්ඩා කියන්නනේ ඒ කාලේ ඔය පලතේ සන්නද්ධ අංශ නායකයෙක්. ඔහු විසින් රාජ්‍ය සේවකයෝ මැරුව. තාත්තා ත් මරන්න අරන් ගිහින්. අනෙක් හේතුව බාප්පා ආරක්ෂක අංශයක.

    රෑ මරන්න කලින් poster ඇඳලා, කොහොම හරි තත්තා පැනලා දුවලා බේරිලා.

    ඩිංගිරි බණ්ඩා, මරලා බෙල්ල කපලා, ඔළුව ගෙනල්ලා වැටේ ගහලා තිබ්බලු.

    ඩිංගිරි බණ්ඩා, අනුරගේ ලොක්කා, andiyagala ඉන්න කාලේ තමයි JVP එකට බැඳවාගෙන තියෙන්නේ.

    පස්සේ තැපැල් කන්තෝරුවේ මහත්තයාත් මැරුව ආමි එකෙන්.

    ගඩාෆි, DIG එඩිසන් ගුණතිලක තාම ඉන්නවා. ලොකුම මිනීමරුවෙක්.

    ආමි පොලිස් වලින් මරපු අයගේ මිනී කොටස් මම දැකලා තියෙනව පොඩි කාලේ. කෙල්ලෝ, කොල්ලෝ සහ සිවුරු කොටස් තිබ්බා ටයර් එක්ක
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,023
    12,546
    113
    හප්පා... හොද තැනක ඉපදිලා ඇති දැන්..
    සමහර විට
    umba dannawada mage thaththa 88/89 mehe ****** baarawa hitiya kiyala? Hikkaduwe
    oka thamay mama Jeppo ekka tharaha pradanama hethuwa... podi eunge mola hodala mini marawapu eka
    එහෙමද
    🥹

    Achchi thavama innvada?
    නෑ මැරුණා 2015
    තාම කඩ ටික තියනවද?
    ඔව් තාත්තා ගේ අයියා කෙනක් බලෙන් ගත්තා කඩ එයාලගේ ළමයින්ට දිලා තිබුණා
    ඒ ළමයි මට අයියලා වෙන්නේ අපි නෑ කම් තිබ්බා කතා බහා කළා කාලයක් දේපල අමතක කරලා
    ත්‍රීවිල් හයර් එහෙම කළා අපි ඒ වගේ ගමන් බිමන් ගියා නමුත් කවුරු හරි කෙනක් ඔය කඩ අපේ කියලා අපි වගේ පොස්ට් කාඩ් එකක් ගෙදරට යවලා 2008 කාලේ පස්සේ ඒ අයියා කෙනක් බැදපු ගෑනි මගේ අම්මට බැන්නා මොනවත් නොදැන දැන් අපි උන් එක්ක කතා කරන්නේ නෑ එත් දවසක් මම කිව්වේ අම්මට අසනීප වුනා කියලා රෑ ඔය ගෙදරකට ගියා මම රෑ 3 අයියේ අයියේ කියලා කෑ ගැහුවා උන් ඇහුනේ නෑ වගේ හිටියා , තවත් ගෙදරකට ගිහින් අක්කේ අක්කේ කියලා දොරට ගැහුවා උන් කතා කරේ නෑ , අන්තිමේ තමා මාමා කෙනක් ගේ ගෙදරට ගිහින් මාව එලව ගත්තේ උන්.
    හෙතුව මොකක්ද බං UNP එකට වැඩ කරාද
    හේතුව මම දන්නේ නැහැ , UNP එකට වැඩ කල නිසා වෙන්න පුළුවන් , ඔව් වැඩ කළා කියනවා හොදටම පක්ෂ සාමාජිකත්වය තිබුණා කියනවා ID එකක් තිබුණා කියනව පක්ෂයෙන් දුන්න.
    මොනා උනත් ඒ කතාවටනම් දුක හිතුනා.. මටත් ලමයි 2නෙක් ඉන්න නිසා.. මට එහෙම උනානම් දැන් උනත් ඒ ලමයින්ගේ අනාගතේ මොකද වෙන්නේ කියල හිතලා.. අනාගතේ කෙසේ වෙතත් හිතන විදිය සම්පූර්නයෙන්ම වෙනස් වෙයි.. උබ කියන්නේ ඇත්තක් නම් මේ උබ අම්මගේ කන්ට්‍රෝල් එකේ ඉන්න හේතුව මේක.. හැබැයි උබ මේකේ ඉන්න එඋන්ගෙන් එක එක ටොපි ක් වලින් ආතල් ගන්න්ව වගේ සීන් එකකුත් තියෙනවා..
    ඇත්ත බන් මම එළකිරි එකේ ඕනේ තරම් මේ කතව කියලා තියෙනවා එත් මැරිච දිනය කිව්වේ අද එක මම කියලා තිබුනේ නැහැ කවදාවත්.

    Ado ubata tatta hitiyanam oya thathweta watenna wenne na machan 😕

    Habai itin ammath loku gemak deela ubawa hadala thiyenawane 👍
    ඔව් බන්
    Life eka ohoma thama bn. uba oya anuradapureta wela inne nathuwa colombo paththata waren bn
    එන්න ඕනේ එක එක ප්රශ නිසා බන් හැමදාම හිතුවත් බැරි
    මට හිතුනා උබේ ත්‍රේඩ් දකිද්දි මොකක් හරි නොකියන දෙයක් ඇති කියලා.
    අම්මගේ වැඩ දකිද්දිත් ඒකමයි හිතුනේ.
    නොකියවපු පොත පිටකවරෙන් මනින මිනිස්සු වැඩියි.

    මම මගේ ජීවිත කතාවම කිරියේ කියලා තියෙනවා.
    පස්සේ ත්‍රේඩ් එක අයින් කලා.
    සමහර දේවල් තියෙනවා ඒ දේවල් විදපු නැති කෙනෙක්ට කිව්වට තේරුම් ගන්න අමාරුයි.

    මම උපදෙසක් දෙන්නම්.
    කාගේවත් කතාවලට සැලෙන්න එපා.
    කේන්ති ගන්නත් එපා. මනස අව්ල් කරගන්නේ නැතුව හිතලම ගේමක් ගහපන්.
    අතීතය වැඩක් නෑ අමතක කරපන් හොයන්නත් එපා.
    මමත් ඉන්නේ තාත්තා මැරුනද මැරුවද ජීවත්වෙනවද කියලා හොයාගන්න බැරි තැනක.
    හරි මචන්
    මගේ එක වසරේ පන්තියේ හිටිය ඌ කවදාවත් කතා කරේ නැහැ. පස්සේ තමයි දන්නේ උගේ තාත්තව එයා ඉස්සරහම වෙඩි තියල කියල.
    මගේ තාත්තා නම් ගෙදර ඉදලා km 1 විතර ටවුන් එකට අරන් ගිහින් මරල තියෙන්නේ.
    ------ Post added on Apr 8, 2026 at 6:43 AM
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,571
    695
    113
    38
    සුවසිලන්තය

    දේශපාලන thread එකක් කරගන්න එපා මචන්ලා

    මගේ තාත්තා මැරිලා (මරලා) අදට අවුරුදු 37 වෙනවා. (අප්‍රියෙල් 7 වැනිදාට)

    මම ඉස්කෝලේ දැම්ම දවස් වල මිස් තමා ඇහුවේ කෝ තාත්තා කියලා අම්මා ගෙන් අහන් එන්න කිව්වා

    එදා තමා දන්නේ තාත්තා කියලා කෙනක් ඉන්නවා කියල , ගෙදර තිබුණ ID එකක් පෙන්වලා කිව්වා අම්මා මේ තාත්තා කියලා.
    හේතුව කිව්වා මැරිච , ඉතින් මට තාත්තා කියන වචනය අනිත් අයට වගේ නමේ නුහුරැයි එක කියන්න මොකක් ද වගේ

    ගෙදර තිබුණ අර ID එකත් ගෙවල් මාරු කරනකොට නැති වෙලා , වෙන Photo එකක් වත් නෑ

    තාත්තා ගේ ෆොටෝ ගොඩක් තිබුණා කිව්වා අම්මා ඒවා ඔකොම අච්චි පුච්චලා මැරිච අයගේ ඒවා තියාගන්න හොද නැහැ කියලා මට හිතට ආව දුක තමා අච්චි මම ගැන හිතලා වත් එක ෆොටෝ එකක් වත් තිබ්බේ නැති එක මචන්ලා , පොඩි කාලේ වගේ නමේ මට එයා බලන්න තිබුණා නම් කියලා හිතෙනවා.
    mage updanineth april 7
    ------ Post added on Apr 8, 2026 at 7:11 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,122
    25,253
    113
    කඩේට ඔප්පු නැද්ද, පත් ඉරු බලන්න. ලෝයර් කෙනෙක් ගාව ඉන්න ලිපිකරු වෙක් අල්ලන්න
     
    • Like
    Reactions: chathu05 and Yeezus