ඉරානෙන් officially accept කලේ නෑනෙ කොහොමත්? උන් වෙන terms ටිකක් දැම්ම නේද
ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ලද ප්‍රබල ප්‍රහාර මාලාවත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව් ගමනාගමනය අත්හිටුවීමට ඉරානය පියවර ගෙන තිබෙනවා.
ඇමෙරිකාව සහ ඉරානය අතර සති දෙකක තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ගත වීමටත් පෙර, බීරූට් ඇතුළු ලෙබනනයේ ඉලක්ක 100කට අධික සංඛ්‍යාවකට ඊශ්‍රායලය දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මෙම ප්‍රහාර හමුවේ ලෙබනනයේ සිවිල් වැසියන් මියයෑම සහ සටන් විරාමයේ කොන්දේසි උල්ලංඝනය වීම හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමට ඉරානය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ලොව සමස්ත තෙල් සහ ගෑස් අවශ්‍යතාවයෙන් 20%ක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම උපායමාර්ගික මුහුදු මාර්ගය අවහිර වීමත් සමඟ ගෝලීය බලශක්ති සැපයුම යළිත් දැඩි අවදානමකට ලක්ව තිබෙනවා.
ලෙබනනයට එල්ල කරන ප්‍රහාර නතර නොකළහොත් සටන් විරාමයෙන් මුළුමනින්ම ඉවත් වන බවට ද ඉරානය අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.