වත්කම් ගැන බොරු වාර්තා කළාට ඇමැති ලාල්කාන්ත රු.බිලියන 10ක වන්දියක් ඉල්ලමින් ‘හිරු නාලිකාවට’ එන්තරවාසියක් යවයි

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,664
    7,541
    113
    Lalkantha_Hiru.jpg



    තම 2025 වත්කම් සහ බැරකම් ප්‍රකාශය වැරදි ලෙස නිරූපණය කර අපහාසාත්මක තොරතුරු ප්‍රකාශයට පත්කළ බවට චෝදනා කරමින්, අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සීමාසහිත ආසියානු විකාශන සමාගමට(හිරු නාලිකාව) එරෙහිව එන්තරවාසියක් යොමුකර කර තිබේ.

    අප්‍රේල් 18 දිනැති එහි සඳහන් වන්නේ, හිරු මාධ්‍ය ජාලය අප්‍රේල් 16 වැනි දින අමාත්‍යවරයාගේ වත්කම් රුපියල් මිලියන 460 ඉක්මවන බවට සඳහන් කරමින් ප්‍රවෘත්තියක් විකාශනය කළ බවයි.

    ඇමැති ලාල් කාන්ත තර්ක කරන්නේ, විශේෂයෙන් තම දියණියගේ නමින් ඇති දේපළ සහ සමාගම් කොටස් පිළිබඳ ප්‍රකාශ සංඛ්‍යා හිතාමතාම අතිශයෝක්තියට නංවා වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි, .

    එන්තරවසියට අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඉදිරිපත් කරන ලද ප්‍රකාශයේ ඔහුගේ නම, ඔහුගේ බිරිඳ සහ ඔහුගේ දියණියගේ වත්කම් ඇතුළත් වූ නමුත්, හිරු නාලිකාව ඒවා නොමඟ යවන ආකාරයෙන් ඉදිරිපත් කර තිබේ.


    “අමාත්‍ය ලාල් කාන්තගේ වත්කම් රුපියල් මිලියන 460 ඉක්මවයි” යන මාතෘකාව යටතේ ඩිජිටල් වේදිකා හරහා නැවත පළකිරීමත් සමඟ මෙම වාර්තාව ඔහුගේ කීර්තිනාමයට හානිකිරීමට අදහස් කර ඇති බව අමාත්‍යවරයා තර්ක කරයි.

    රූපවාහිනී ජාලයකට යවන ලද නීතිමය එන්තරවසියේ, අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ආසන්න වශයෙන් රුපියල් 143,000 ක් වටිනා තම දියණියගේ නමින් ඇති කොටස්, රුපියල් මිලියන සිය ගණනක් වටිනා ආයෝජන ලෙස වැරදි ලෙස වාර්තා කර ඇති බවයි.

    අදාළ කොටස් රුපියල් 90,000 කට පමණ මිලදී ගෙන ඇති අතර දැනට ඒවායේ වටිනාකම රුපියල් 143,000 කට ආසන්න බව ඔහු පවසයි.

    කෙසේවෙතත්, ජනමාධ්‍ය වාර්තාවේ සඳහන් වූයේ, ලාල්කාන්ත ඇමැතිවරයා විවිධ සමාගම් හරහා රුපියල් මිලියන 380 කට වඩා වටිනා සුරැකුම්පත් හිමිකාරීත්වය දරන බවයි.

    අමාත්‍යවරයා පවසන්නේ, එය “සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු” බවයි.

    එන්තරවාසියේ තවදුරටත් සඳහන් වන්නේ, මෙම ප්‍රවෘත්තිය අමාත්‍යවරයාගේ මහජන ප්‍රතිරූපයට දැඩි හානියක් සිදුකර ඇති බවයි.

    ඒ අනුව දින හතක් ඇතුළත රුපියල් බිලියන 10 ක වන්දියක් ගෙවන ලෙස අමාත්‍ය ලාල් කාන්ත ඉල්ලා සිටින අතර, ඊට අනුකූල වීමට අපොහොසත් වුවහොත්, එහි පිරිවැය සහ පොලිය අයකර ගැනීම ඇතුළු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටද අනතුරු අඟවා තිබේ.

    පක්ෂග්‍රාහී සහ අපහාසාත්මක අරමුණු සඳහා පොදු සංඛ්‍යාතයක් අනිසි ලෙස භාවිත කරන බවට චෝදනා කරමින්, හිරු මාධ්‍ය ජාලයේ විකාශන බලපත්‍රය අවලංගු කරන ලෙස බලධාරීන්ට පෙත්සමක් ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.


    672430118_1665141388243691_356413320345367700_n.png
    671647673_1451298020343972_7934332596029342793_n.png
    671792871_2117913628996731_5615584153795054926_n.png
    675948409_2067801603790765_3217268217595702257_n.png
    674024491_913418731530238_1420993506267621819_n.png
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,752
    113
    ලක්ෂ එකහමාරක කොටස් වලටද බං මුන් මෙච්චර නටල තියෙන්නේ 😂😂
     
    • Like
    Reactions: tinto brass

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,629
    2
    54,219
    113
    විවේචනයක් ආවාම ඉක්මනටම ඌවා වෙලා CID යන එක, නඩු දාන්න යන එක මුන්ගේ හැටියක්ද?

    There's no law against "විවේචන"
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,241
    15,803
    113
    හිරු කියලා මූ මිලියන 500 ක් වටිනවා කියලා

    මූ දැන් කියනවා ඌ බිලියන 10ක් වටිනවා කියලා


    Mr Bean Wtf GIF
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,608
    5,467
    113
    Thawa Kappam Madi Wela. Kohomath Okun Kagen Wath Yapena, Easy Money Hoyana Jathiyak Ne.
    While Giving Ohers Zero.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,464
    11,096
    113
    JVP හොරා කන පක්ශයක් නෙමෙ කියන එක මම බීලීව් කරගෙන අවා ලාල් කාන්තගෙ ගෙදර පෙනනකම්. ඔක නම් හොරකමක් ම ටමයි, ඩෙසි ආච්චිගෙ මැනික් මල්ල කතාවෙ 2
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,348
    1
    59,716
    113
    Mother Earth
    Thawa Kappam Madi Wela. Kohomath Okun Kagen Wath Yapena, Easy Money Hoyana Jathiyak Ne.
    While Giving Ohers Zero.
    පරක්කු වෙලා හරි උබේ මොළේ පෑදිච්ච එක ගැන සතුටුයි. ඒත් දැන් වැඩක් නෑ. කාලකන්නි ටික බලය ගත්තා. උබ වගේ ටියුබ් ලයිට් තමයි බන් රටේ බහුතරයක්. 🤷‍♂️
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    404
    594
    93
    My Home
    ඔය එන්තරවාසි බොරුවට යවන ඒවා ජනතාව නොමග යවන්න. ඕවායෙන් බිලියනපතියෝ වෙලා තියනවද කවුරුවත්? දැනවත් ඔය වගේ ගොබ්බ වැඩ නවත්වන්න ඕනී. යවනවා නම් බිලියනපතියෙක් වෙන්න බලාගෙන යවන්න
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,464
    11,096
    113
    ඔය එන්තරවාසි බොරුවට යවන ඒවා ජනතාව නොමග යවන්න. ඕවායෙන් බිලියනපතියෝ වෙලා තියනවද කවුරුවත්? දැනවත් ඔය වගේ ගොබ්බ වැඩ නවත්වන්න ඕනී. යවනවා නම් බිලියනපතියෙක් වෙන්න බලාගෙන යවන්න
    මෙකත් අර හිරෙ ගියාම හොස්පිටල් යනවා වගෙ තමයි, political tricks, එන්තර වාසි යවලා මිලියනපති වෙලා නැ කවුරුත්
     
    • Like
    Reactions: Inigo Montoya

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,325
    9,058
    113
    Around the world
    තිබෙන උණුසුම ටිකක් හරි සමනය වෙන්න මිනිසුන්ට වක්‍රාකාරව පෙන්නන්න හදනවා අපි එහෙම නැ මාධ්‍ය බොරු කියනවා කියලා
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    872
    1
    1,760
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    තිබෙන උණුසුම ටිකක් හරි සමනය වෙන්න මිනිසුන්ට වක්‍රාකාරව පෙන්නන්න හදනවා අපි එහෙම නැ මාධ්‍ය බොරු කියනවා කියලා

    Itin bn media eka boru kiyanawa thamaine, laksha 143 eka koti 38 kiyala kiyala tom pacha gahana media firms ban karanna one nadda?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,487
    6,018
    113
    කොහොමත් මේවගේ දේවල් නීතිය ඉස්සරහ හරියට විස‍ඳෙන එක හොඳයි... ඒ නිසා මේ කේ ඔස්තාර්ල පොඩ්ඩක් ඉවසලා හිටපල්ලකෝ.. කොහෙන් හරි නැට්ටක් අල්ලගෙන දගලන් නැතුව.. අප්පිරිය වෙනව නේ.. එකම ගැන ත්‍රෙඩ් 100ක් විතර දානවා.. සෝමාලියවට පාන් දැම්ම වගේ දැන් ආන්ඩුවට පඩයක් ගියත්.. ඉස්සර එලිපිට ගසා කනකොට මගේ නේ????
     
    • Like
    Reactions: LahiruRaz