Illusion එකක් කියල හිතන ඒකත් Illusion එකක් එහෙනම්.
ඒකියන්නේ Illusion කියල එකකුත් නෑ. Real විතරයි?
illusion කිව්වහම මොකක්හරි දෙයක් ගැන අදහසක් එනවනේ. ඊට පස්සේ අත්දැකීම නිත්‍ය කරන්, අත්දැකීම ඒ වගේ කියලා හිතලා හරියන්නැහැ. ඒකට කියන්නේ මඤ්ඤණා කරනවා කියලා.
අත්දැකීමම (පෙනීම, ඇහීම, දැනීම, සිතුවිලි දැනීම) හිස්. අත්දැකීමම අනිත්‍යයි, අනාත්මයි. සත්ත්වයෙක්, පුද්ගලයෙක්, වස්තු, මම, මගේ.. පනවන්න බැහැ.
උබ ඉන්නවා කියලා කියන්නෙ පෙනීම, ඇහීම, දැනීම, සිතීම සාක්ෂි විදිහට අරන්නේ. ඔය ඔක්කොගෙම මම හරි මගේ දේවල් හරි තියෙන්න පුලුවන්ද නැත්තම් අපි කලින්ම ඉන්න මමෙක්ට පේනවා, දැනෙනවා, හිතෙනවා කියලා දිට්ටිගත වෙලා ඉන්නවද?