Claude හොඳ පැති තියෙනවා. හැබැයි all rounder විදිහට Gemini තරම් හොඳ කිසිම AI එකක් නෑ. Coding නම් Claude තරම් perfect නෑ තමයි. හැබැයි විශේෂයෙන්ම human languages පැත්තෙන් ඔය කිසිම එකකට Gemini ට කිට්ටු වෙන්නවත් බෑ. සරලම උදාහරණය Claude, ChatGPT, Grok, Qwen ඔය ඕන එකකට සිංහලෙන් මොනවා හරි ලියල දෙන්ඩ කියහන්කො. තනිකරම Robotic. Gemini එක්ක හැරෙන්නවත් බෑ.
අනික Gemini subscription එකට ගෙවන එක පාඩුවක් නෑ එ්කෙ හැමදේම තියෙනවා. විශේෂයෙන්ම Android device එකක් පාවිච්චි කරනවා නම්, Google drive එකෙන් වැඩක් ගන්නවා නම්, Google docs, Sheets ඉඳල අනිත් Google services පාවිච්චි කරනවා නම් Gemini එක්ක එ්වට තියෙන integration එක්ක ඔය එකකට හැරෙන්න බෑ.
Nano Banana එකත් එහෙමයි. VEO ත් එහෙමයි. සැරින් සැරේට අරකෙන් මේකෙන් ඊට වඩා පට්ට කියල කියන model නම් එයි. Professional image, video editing කරගන්න අයටත් Gemini මදි අැති තමයි හැබැයි හරිම ලේසියෙන් පොඩි වැඩ කරගන්න තියෙන හැකියාවට ඔය දෙකත් එක්ක හැරෙන්ඩ බෑ බං.
Google එකේ තියෙන අාතල් එකත් එ්ක තමයි. තනි google account එකයි ඔය හැම ලබ්බටම ඕන. Search history එකේ, email inbox එකේ ඉඳල හැමදේම ඉබේම personalize කරල Gemini එකෙන් ඕනම වැඩක් ලේසියෙන් කරගන්න පුළුවන්.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Jack of all trades තමයි. Free එකේ පවා කිසිම දේකට අනවශ්‍ය limits නෑ.
තනි subscription එකක් විතරක් අරන් හැම දේම good enough මට්ටමෙන් කරගන්න පුළුවන් වෙන කිසිම AI එකක් නෑ, හැදෙන්නෙත් නෑ. එක එක අංශවලින් කොච්චර perfect model අාවත් සේරම එක තැන තියාගෙන, තනි subscription එකෙන් පහසුවෙන් කරගන්න Gemini එකට තියෙන තැන කවදාවත්ම නැති වෙන්නෙත් නෑ.
කොටින්ම ChatGPT විතරක් පාවිච්චි කරන එකෙක්ට Gemini සතියක් පාවිච්චි කරන්න දුන්නා නම් උෟ අායෙ ජීවිතේට ChatGPT පාවිච්චි කරන්නෙත් නෑ.