☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,387
    1
    6,195
    113



    Summary :

    ප්‍රත්‍යවේක්ෂා ඥානය: මාර්ගඵල ලාභියෙකුගේ සැබෑ අත්දැකීම 🙏


    තෙරුවන් සරණයි කාරුණික පින්වතුනි,

    අද කාලයේ භාවනා මාර්ගයේ ගමන් කරන බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් තමයි, තමන් සැබැවින්ම මාර්ග ඵලයකට පත් වුණාද නැද්ද යන්න නිවැරදිව හඳුනාගැනීම (සමහරුන් සෝවාන් ආදී මාර්ගඵල ලැබුවා යැයි රැවටී සිටින අවස්ථා ද ඇත). මේ සඳහා ඉතාමත් උපකාර වන 'ප්‍රත්‍යවේක්ෂා ඥානය' පිළිබඳව ප්‍රායෝගිකව කරුණු පැහැදිලි කරන වැදගත් සටහනක් පහතින් දක්වා තිබෙනවා.

    මෙතැන් සිට භාවනා කරගෙන යාමට අවශ්‍ය කරුණු මෙහි අඩංගුයි. කරුණාකර මෙය කියවා ධර්මාවබෝධය සඳහා ප්‍රයෝජනයට ගන්න.

    ප්‍රත්‍යවේක්ෂා ඥානය යනු කුමක්ද?

    ප්‍රත්‍යවේක්ෂා ඥානය පිළිබඳව පටිසම්භිදාමග්ග පාලියේ මෙසේ දක්වා දෙනවා:

    > **"සමාගතෙ ධම්මෙ පස්සනෙ පඤ්ඤා පච්චවෙක්ඛණෙ ඤාණං"**
    >
    මාර්ග ඵලයකට සිත පත්වන අවස්ථාවේදී පහළ වූ ධර්මතාවයන් දක්නා නුවණ තමයි ප්‍රත්‍යවේක්ෂා ඥානය කියලා කියන්නේ. මේ තත්ත්වය සාමාන්‍ය කෙනෙකුට අත්දකින්නට අපහසුයි. මන්ද, ඉතාමත් තියුණු ප්‍රඥාවක් ඇති කෙනෙකුට පමණයි එය අත්දකින්නට පුළුවන් වන්නේ.

    උදාහරණයක් වශයෙන්, සෝවාන් මාර්ග ඵලයට හෝ සකදාගාමී ආදී කවර හෝ මාර්ග ඵලයකට සිත පත්වෙන විට, ඒ අවස්ථාවේදී සමාධිය ක්‍රියාත්මක වුණේ කොයි ආකාරයෙන්ද? සතිය ක්‍රියාත්මක වුණේ කෙසේද? ප්‍රඥාව ක්‍රියාත්මක වුණේ කෙසේද? ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම පහ සහ බොජ්ඣංග ධර්මයන් ක්‍රියාත්මක වුණේ කෙසේද යන්න දකින්නේ ඉතා සියුම් ප්‍රඥාවකින්. එවැනි ප්‍රඥාවක් නැති කෙනෙකුට ප්‍රත්‍යවේක්ෂා ඥානයක් ඇති කරගන්නට බැහැ.

    ප්‍රත්‍යවේක්ෂා ඥාන 19ක් පිළිබඳ විග්‍රහය

    විශේෂයෙන්ම අටුවාවල සහ විශුද්ධිමග්ගය වැනි පොත්පත්වල ප්‍රත්‍යවේක්ෂා ඥාන 19ක් දක්වා තිබෙනවා. ඒ 19 ගණනය කරන්නේ මෙසේයි: සෝවාන්, සකදාගාමී සහ අනාගාමී කියන මාර්ග අවස්ථාවලදී එක් මාර්ගයකට ප්‍රත්‍යවේක්ෂා ඥාන 5 බැගින් ඥාන 15කුත්, රහත් මාර්ගයේදී ප්‍රත්‍යවේක්ෂා ඥාන 4කුත් වශයෙන් සම්පූර්ණ ගණන 19ක් වෙනවා.

    මෙම ඥාන පහ පහත පරිදි දැකගැනීමට උත්සාහ ගත යුතුයි:

    1. **ප්‍රහීන කෙලෙස් ප්‍රත්‍යවේක්ෂාව:** තමන් නැසූ යම්කිසි සංයෝජන ධර්මයක් හෝ ක්ලේශ ධර්මයක් දකින්නට පුළුවන් ඥානය.

    2. **ඉතිරි කෙලෙස් ප්‍රත්‍යවේක්ෂාව:** තමන් ළඟ දැනට ඉතිරි වී ඇති ක්ලේශ සහ සංයෝජන ධර්ම මොනවාදැයි දකින ඥානය.

    3. **මාර්ග ප්‍රත්‍යවේක්ෂාව:** මාර්ග ඥානය මෙය යැයි දක්නා ඥානය.

    4. **ඵල ප්‍රත්‍යවේක්ෂාව:** ඵල ඥානය මෙය යැයි දක්නා ඥානය.

    5. **නිබ්බාන ප්‍රත්‍යවේක්ෂාව:** නිවන් සුවය අත්දකින ඥානය.

    රහත් වූ කෙනෙකුට තවදුරටත් ඉතිරි වූ ක්ලේශ හෝ සංයෝජන ධර්ම නැති නිසා, රහතන් වහන්සේ නමකට පහළ වන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥාන හතරක් පමණක් බව විශුද්ධිමග්ගය සහ අටුවා ග්‍රන්ථවල දක්වා තිබෙනවා.

    සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීම අත්දැකීම

    ප්‍රත්‍යවේක්ෂා ඥාන තුළින් තමන් නැසූ සංයෝජන ධර්මයන් කෙනෙකුට අත්දකින්නට පුළුවන්. උදාහරණයක් වශයෙන්, සෝවාන් වූ විට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස යන සංයෝජන තුන සම්පූර්ණයෙන්ම නැවත නූපදින ආකාරයෙන් නැසෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.

    යම්කිසි කෙනෙක් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීම ප්‍රායෝගිකව අත්දකින්නේ, රූපස්කන්ධයේ නිරෝධය දැකීම තුළින් රූපය තුළ ආත්මයක් නැති බව ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරගැනීමෙනුත්, නාමස්කන්ධයේ නිරෝධය දැකීම තුළින් නාම ධර්ම තුළ ආත්මයක් නැති බව ප්‍රත්‍යක්ෂ වීමෙනුත්ය.

    විදර්ශනා භාවනාවක යෙදෙන කෙනෙකුගේ සිතින් රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම නොදැනී නිරුද්ධ වූ පසු, රූපය 'මම' හෝ 'මගේ ආත්මය' කියා ගැනීමට දෙයක් එහි විද්‍යමාන වන්නේ නැහැ.

    රූප නිරෝධයට සිත පත් වූ පසු ඇතිවන්නේ ශුන්‍යතාවය දකින සිතක්. ඒ සිත සහ එහි යෙදෙන වේදනා ආදී නාමස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය දැක්කාට පසුව, නාම ධර්මයන් තුළත් ආත්මයක් කියා ගන්නට දෙයක් නැති බව පැහැදිලිව අත්දකින්නට පුළුවන්. ඒ නාම ධර්ම ක්ෂණයක සුළු කාලයකදී නිරුද්ධ වී ගියා නම්, ඒ තුළ ආත්මයක් කියා ගන්නට කිසිම දෙයක් නැති බව ප්‍රත්‍යක්ෂ වෙනවා.

    භාවනා කරන කෙනෙකුට සක්කාය දිට්ඨිය නිරුද්ධ වී ගිය ආකාරය නැවත පැහැදිලිව පෙනේවායි අධිෂ්ඨාන කිරීමෙන්, තමාගේ සන්තානය තුළ එය නූපදින ආකාරයෙන් නිරුද්ධ වූ අයුරු නැවත දැකගන්නට පුළුවන්. විශේෂයෙන්ම පංචස්කන්ධ, ධාතු, ආයතන ආදිය අනිත්‍ය සහ අනාත්ම වශයෙන් දැක භාවනා කරන විට, මේ පංචස්කන්ධ ලෝකය තුළ ආත්මයක් කියා දෙයක් විද්‍යමාන නොවන බව තමන්ටම පැහැදිලි ලෙසම අවබෝධ වෙනවා. එය බොරුවට හිතාගත්තක් හෝ රැවටීමක් නොව, තමන්ගේම සත්‍ය අත්දැකීමක් බවට පත්වෙනවා.

    > අද කාලයේ ඇතැමුන් සක්කාය දිට්ඨිය නිරුද්ධ කිරීම යනු අමුතු දර්ශනයක් හෝ නාමරූප නිරෝධයක් නොවන බවත්, එය හුදෙක් අවබෝධයක් පමණක් බවත් ප්‍රකාශ කරනවා. නමුත් නියම ආකාරයෙන් සක්කාය දිට්ඨිය නිරුද්ධ වීමේදී පැහැදිලි ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් ලැබෙන නිසා එවැනි කතා පිළිගත නොහැකියි.
    >
    සෝවාන් වීමේදී සක්කාය දිට්ඨිය පමණක් නොව විචිකිච්ඡාව සහ සීලබ්බත පරාමාසයත් නිරුද්ධ වී යනවා. මේවා නිරුද්ධ වූ ආකාරයත් භාවනාවෙන් පැහැදිලිව දැකගන්නට උත්සාහ කළ යුතුයි.

    ඉතිරි කෙලෙස් සහ සංයෝජන ධර්මයන් පිළිබඳ ප්‍රත්‍යවේක්ෂාව

    සෝවාන් වූ කෙනෙකුට තමා තුළ තවදුරටත් ඉතිරි වී ඇති ක්ලේශ ධර්මයන්ද අවබෝධ කරගත හැකියි. සෝවාන් වූවා කියා කාම රාගය හෝ පටිඝය සම්පූර්ණයෙන් නැති වන්නේ නැහැ.

    තමන්ට තේරෙන්නට ඕනේ තමන්ගේ සිත තුළ:
    * කාමරාග අනුසය සහ පටිඝ අනුසය පවතින බව.
    * කාමරාග සහ පටිඝ සංයෝජන තවම පවතින බව.
    * භවයේ රැඳී සිටීමේ ආශාව හෙවත් භව රාගය පවතින බව.
    * 'මම' කියා කෙනෙක් සිටිනවාය යන හැඟීම හෙවත් 'අස්මි මානය' පවතින බව. (සක්කාය දිට්ඨියෙන් දුරු වන්නේ ආත්මයක් ඇතැයි ගන්නා වැරදි දැක්ම පමණි; අස්මි මානය දුරු වන්නේ රහත් වීමේදීය).
    * සිතේ විසිරෙන ගතිය හෙවත් 'උද්ධච්චය' පවතින බව.
    * තවදුරටත් 'අවිද්‍යාව' සම්පූර්ණයෙන් දුරු වී නොමැති බව.
    තමා ළඟ තව ඉතිරි වී ඇති ප්‍රහීන කළ යුතු කෙලෙස් මොනවාදැයි තේරුම් ගැනීමත් එක්තරා ප්‍රත්‍යවේක්ෂා ඥානයකි.

    මාර්ග සිත සහ ඵල සිත ප්‍රත්‍යවේක්ෂාව

    සෝවාන් මාර්ග සිත සහ සෝවාන් ඵල සිත දක්නා නුවණ තියුණු ප්‍රඥාවක් නොමැති කෙනෙකුට දැකීම අපහසුයි. මෙය සිදු කරන්නේ මෙලෙසයි:

    ඵල සමාපත්තියේ විනාඩි 15ක් පමණ සිට, එයින් නැගිට්ට වහාම "සෝවාන් මාර්ග සිත උපදවාගෙන විනාඩි 5ක් ඉන්නට ලැබේවා" යි අධිෂ්ඨාන කර, නැවත පංචස්කන්ධය අනිත්‍ය අනාත්ම වශයෙන් දැකිය යුතුයි. එවිට මාර්ග සිත නැවත අත්දකින්නට පුළුවන්. පොත්පත්වල මාර්ග සිත ජීවිතයට එක් වරක් පමණක් උපදින බව සඳහන් වුවත්, මාර්ග ප්‍රත්‍යවේක්ෂාවේදී මාර්ග සිත නැවත අත්දකින බව එම පොත්වලම දැක්වෙනවා.

    ඵල සිත නැවත නැවත උපදවා ගැනීම වඩාත් පහසුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ, ඵල සිත ඕනෑම කෙනෙකුට නැවත උපදවා ගත හැකි බවයි. ඵල සිතට පත් වීමට අධිෂ්ඨාන කර, නාම රූප ධර්මයන් අනිත්‍ය, අනාත්ම වශයෙන් දැක නිරෝධයට පත් කිරීමෙන් නිවන් සුවයේ කාලය ගත කළ හැකියි. මෙය ප්‍රගුණ කළ විට, භාවනාවකින් තොරව වුවද අධිෂ්ඨාන කළ සැණින් ඵල සිතට පත්විය හැකියි.
    පටිසම්භිදාමග්ග පාලියේ ඵල සිත විස්තර කරන්නේ මෙලෙසයි:

    > **"පයෝග පටිප්පස්සද්ධි පඤ්ඤා ඵලේ ඤාණං"** (වෑයම් කිරීම් සංසිඳීමෙන් ඇතිවන නුවණ ඵල සිතයි).
    >
    මාර්ග සිතේත් ඵල සිතේත් අත්දකින්නේ නිවන වුවද, එහි ක්‍රියාකාරිත්වය වෙනස්‍ ය. සම්ප්‍රදායික පොත්පත්වල කරුණු තදින් ග්‍රහණය කරගෙන මාර්ග සිත නැවත ඉපදවිය නොහැකි යැයි සිතා සිටියහොත් එය ප්‍රායෝගිකව අත්දකින්නට බැහැ.

    නිබ්බාන ප්‍රත්‍යවේක්ෂාව

    අවසන් ප්‍රත්‍යවේක්ෂාව නිබ්බාන ප්‍රත්‍යවේක්ෂාවයි. ඵල සිතට පත් වූ කෙනෙකුට නිවන යනු කුමක්දැයි පැහැදිලිව අවබෝධ වෙනවා. විමුක්ති සුවය, නිරාමිස සැපය ඔහුට ප්‍රත්‍යක්ෂයි.

    නිර්වාණය පමණක් අත්දකින්නට අධිෂ්ඨාන කර භාවනා කිරීමේදී ගෝත්‍රභූ ඥානය ඇති වෙනවා. ගෝත්‍රභූ ඥානයට, මාර්ග සිතට සහ ඵල සිතට අරමුණු වන්නේ එකම නිවන වුවත්, එහි අවස්ථා වෙනස්. අටුවාවල මෙය පැහැදිලි කරන්නේ, ගඟකින් එතෙර වීමට කඹයක එල්ලී පැන මැද සිටින අවස්ථාවක් ලෙසයි; එනම් සංස්කාර අත්හැරියද තවම නිවනට පා තබා නැති අවස්ථාවයි.
    නිර්වාණය අත්දකින අවස්ථාවේදීත් සංස්කාර ධර්මයන්ගේ යම් පැවැත්මක් තිබෙනවා.

    සම්පූර්ණයෙන්ම සිතක් නොමැතිව නින්දකට වැටුණාක් මෙන් පත්වීම නිවනක් නොවෙයි. නිවන අත්දකින විට නිරාමිස අවේදී වේදනාවක්, ශාන්ත බවක් සහ කයේ දැඩි සංසිඳීමක් (කාය පස්සද්ධියක්) පවතිනවා. පංචස්කන්ධය සම්පූර්ණයෙන් නිරුද්ධ වූ තත්ත්වයක නිවන අත්දැකිය නොහැකියි. ඵල සමවතේදී පවා යම්කිසි සියුම් සංඥා මාත්‍රයක් පවතින බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ දේශනා කර තිබෙනවා.

    නිබ්බාන ප්‍රත්‍යවේක්ෂාවේදී ඵල සමාපත්තිය තුළ පවා පවතින සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව තේරුම් ගත යුතුයි. පොත්වල කරුණු තදින් ග්‍රහණය කරගෙන සිටීමෙන් නිවන නිසි ලෙස අවබෝධ කරගත නොහැකියි.

    **පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි**

    මෙම ප්‍රත්‍යවේක්ෂා ඥාන පහ උපදවා ගත් පසු තමන් සෝවාන් වී ඇති බව තමන්ටම පැහැදිලිව ප්‍රත්‍යක්ෂ වෙනවා. කිසිවක් අවබෝධ නොකරගෙන නිකන්ම නිවන ලැබෙනවා යැයි එවිට සිතෙන්නේ නැහැ...

    තමන් විසින්ම නාම රූප නිරුද්ධ කර, මාර්ග ඵල සිත් උපදවාගෙන කෙලෙස් ප්‍රහීණ කළ ආකාරය තමන්ම දකිනවා. එවැනි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් "මම සෝවාන් ද?" කියා ඇසීමට අවශ්‍ය නැහැ.

    ඉදිරි ගමන්මග සහ ඉන්ද්‍රිය ධර්ම දියුණු කිරීම

    මින් ඉදිරියට සකදාගාමී සහ අනාගාමී ආදී ඉහළ මාර්ගඵල සඳහා ගමන් කිරීම මීට වඩා ගැඹුරුයි. තමන්ගේ සිතේ පවතින ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් තවදුරටත් දියුණු කළ යුතුයි.

    බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ මෙම ඉන්ද්‍රිය ධර්ම පහ සම්පූර්ණයෙන්ම දියුණු වූ කෙනා රහතන් වහන්සේ බවයි. එහි අඩුවීමට අනුව පිළිවෙළින් අනාගාමී, සකදාගාමී, සෝවාන්, ධම්මානුසාරී සහ සද්ධානුසාරී පුද්ගලයන් බිහිවෙනවා. එබැවින් සෝවාන් වූ පමණින් ඉන්ද්‍රිය ධර්ම හෝ බොජ්ඣංග ධර්ම සම්පූර්ණ වී නැහැ. ඒවා තවදුරටත් දියුණු කරමින් ඉදිරියට යා යුතුයි. නිකරුණේ රැවටීමෙන් මාර්ගඵල ලැබිය නොහැකියි. නිවැරදි මාර්ගයේ ගමන් කර සැබෑ අවබෝධය ලැබිය යුතුයි.



    පසු වදන - මෙම දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ අරිහත් මාර්ගඵලලාභීයකු යැයි බොහෝ පුද්ගලයා විශ්වාස කරනවා.

    https://youtube.com/@dhammasermonsbyven.dankand717?si=ADSrAFHYYNHP3-T0

    පුඤ්ඤවන්තෝ සුණන්තු
    පින් ඇත්තෝ අසත්වා 🙏
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,065
    10,841
    113
    Fiona dabare (aka blair solari) (posh නම් වුනාට හද්ද ඩොටෙ ගොඩෙ සින්හල නමක් තියෙන එකෙක්, වාසගම ඇහුවොත් බල්ලො බත් කන්නෙ නැ බොරු බෞද්ද්යාගේ) සොවාන් වෙලා කියලා කිව්වුවා නෙද 100 සැරයක්
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,387
    1
    6,195
    113
    සොවාන් වෙලා කියලා කිව්වුවා නෙද 100 සැරයක්

    අවබෝධය නිරන්තරයෙන් ප්‍රශ්න කරන්න ඕනි dear 🙂 එකම තමන්ගේ මතය හරි යි කියලා හිටියොත් ගොඩක් වෙලාවට තමන් යන්නේ වැරදි පාරේ කියල තමන් ට ම තේරෙන්නේ නෑ.

    මාත් කාලයක් මම හිතන් ඉඳිය මාර්ගය තමා නිවැරදි ම කියලා හිතන් හිටිය
    ඊටපස්සෙ තමා මේකේ දාපු ධර්මය ලිපි, සංවාද විවාද කියවලා හරි මාර්ගය හොයා ගත්තේ

    ඒ නිසා ඔයා දැන් ඉන්න මතය හැමතිස්සෙම ප්‍රශ්න කරන්න. ( ඔයාට කියන්නේ ත් ඒකයි ; තනි මිනිහෙක් ලෝකය දකින්නේ එක පටු දෘෂ්ටිකෝණයකින් ; අපි අනිත් මිනිස්සුන්ගේ අත්දැකීම් වලින් ඉගෙනගෙන අපේ අවබෝධය ප්‍රශ්න කරන්න ඕනි නිරන්තරයෙන් ම එතකොට තමා අපේ වැරදි පෙන්න ගන්නේ සහ අපි යන මාර්ගය වැරදි නිවැරදි භාවය ප්‍රත්‍යක්ෂ වෙන්නේ 🙂 )

    විමසීම ඔබව අවබෝධය කරා ගෙන යයි 💡
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,953
    1,896
    113
    මාත් කාලයක් මම හිතන් ඉඳිය මාර්ගය තමා නිවැරදි ම කියලා හිතන් හිටිය
    ඊටපස්සෙ තමා මේකේ දාපු ධර්මය ලිපි, සංවාද විවාද කියවලා හරි මාර්ගය හොයා ගත්තේ

    දැන් හොයාගත්ත මාර්ගය හරි කියල කොහොමද දන්නෙ?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,387
    1
    6,195
    113
    දැන් හොයාගත්ත මාර්ගය හරි කියල කොහොමද දන්නෙ?
    මම හිතනවා හරි කියලා ...
    මොකද සූත්‍ර අස්සේ හැංගිලා තිබ්බ මම නොදන්න ගොඩක් දේවල් මම දැනගත්තා ... උදාහරණයක් විදියට දම්සක් පැවතුම් සූත්‍රයේ ඇත්තම් ගැඹුර ( නිරෝධය ගැන ) ; චතුරාර්ය සත්‍යය සහ හේතු පල දහම ගැලපීම වගේ ගොඩක් දේවල් ...

    ඒත් මම හරි මයි කියලා මතේම ඉන්නේ නෑ එල්බ ගෙන
    බණ දේශනා අහනවා & විමසනවා 😍
     
    • Like
    Reactions: wtsamantha

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,953
    1,896
    113
    මම හිතනවා හරි කියලා ...

    කලින් දන්න මාර්ගයත් ඔය විදිහටම හරි කියල හිතුනනෙ..

    ඒත් මම හරි මයි කියලා මතේම ඉන්නේ නෑ එල්බ ගෙන
    බණ දේශනා අහනවා & විමසනවා 😍

    කොහොමද විමසන්නෙ?
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,070
    1,706
    113
    කොහොමද විමසන්නෙ?

    imho, ගුණාංග ටික හදන්, හොයන් යන්න තියෙන්නේ..

    කොහොමත් නුවණ ක්‍රියාත්මක දන්න, දකින කෙනාටනේ.

    නුවණ අපිට මනින්න බැහැ. නුවණ ගැන හොයන්න තියෙන අවශ්‍යතාවය නැති වුන දවසක තමයි පාත් එක ඉවර වෙන්නේ.
     
    • Like
    Reactions: NowUCmeNowUDont

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,387
    1
    6,195
    113
    කොහොමද විමසන්නෙ?
    දැන් ඉන්න ප්‍රතිපදාව මටත් අනුන් ට ත් මෙලොවටත් පරලොවටත් වැඩ දායි කියලා හිතෙන කල් එය වඩනවා + අනිත් මතයනුත් විමසනවා !
    කවද හරි මීට වඩා හොඳ දෙයක් හම්බුනොත් - ඒක වඩනව.
     
    • Like
    Reactions: NowUCmeNowUDont

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,953
    1,896
    113
    දැන් ඉන්න ප්‍රතිපදාව මටත් අනුන් ට ත් මෙලොවටත් පරලොවටත් වැඩ දායි කියලා හිතෙන කල් එය වඩනවා + අනිත් මතයනුත් විමසනවා !
    දන්න මාර්ගය..මටත් අනුන්ටත්, මෙලොවත් පරලොවටත් වැඩදායි නම් හරි කියල ගන්නව?
    අනුන්ගෙ මතත් විමසල ඒවට අනුරුපව හරි කියල ගන්නව?

    කවද හරි මීට වඩා හොඳ දෙයක් හම්බුනොත් - ඒක වඩනව.

    මිට වැඩිය හොද එකක් හම්බෞනොත් කියන්නෙම..මේක හරි එක කියන එක නෙවේ නෙ.. නැති නම් මීට වැඩිය හොද එකක් හම්බවෙන කල් මේක හරි එක?

    නුවණ අපිට මනින්න බැහැ. නුවණ ගැන හොයන්න තියෙන අවශ්‍යතාවය නැති වුන දවසක තමයි පාත් එක ඉවර වෙන්නේ.

    පාත් එක ඉවර වෙන්නෙ..හරි පාත් එකේ හිටියොත් නෙ..
    ------ Post added on Apr 27, 2026 at 7:38 PM
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,070
    1,706
    113
    පාත් එක ඉවර වෙන්නෙ..හරි පාත් එකේ හිටියොත් නෙ..

    ඔව්. පෘථග්ජනයට පාත් එකට එන්න ගුණාංග, හික්මීම හදන්, නීවරණ සමථ කරන්, බන අහන්න තියෙන්නේ. පොදුවේ ගුණාංග ටික හදන් සත්‍ය හොයන එකම තමයි.

    සෝවාන් කෙනා රහත් වෙනකන් කරන්නෙත් ඒ ටිකම තමයි පොදුවේ, imho.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,387
    1
    6,195
    113
    මිට වැඩිය හොද එකක් හම්බෞනොත් කියන්නෙම..මේක හරි එක කියන එක නෙවේ නෙ.. නැති නම් මීට වැඩිය හොද එකක් හම්බවෙන කල් මේක හරි එක?
    ඔව් විචිකිච්චාව 💯 දුරු වෙලා නෑ තාම 🙂

    දන්න මාර්ගය..මටත් අනුන්ටත්, මෙලොවත් පරලොවටත් වැඩදායි නම් හරි කියල ගන්නව?
    අනුන්ගෙ මතත් විමසල ඒවට අනුරුපව හරි කියල ගන්නව?

    ඔව් - ඒකෙ වැරැද්ද මොකක් ද ?

    මාර්ගඵලය ට එනකල් මාර්ගය හරි යි කියලා ප්‍රත්‍යක්ෂ වෙන්නේ නෑ නේද පෘථග්ජනයෙක්ට...
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,953
    1,896
    113
    ඔව්. පෘථග්ජනයට පාත් එකට එන්න ගුණාංග, හික්මීම හදන්, නීවරණ සමථ කරන්, බන අහන්න තියෙන්නේ. පොදුවේ ගුණාංග ටික හදන් සත්‍ය හොයන එකම තමයි.

    සෝවාන් කෙනා රහත් වෙනකන් කරන්නෙත් ඒ ටිකම තමයි පොදුවේ, imho.

    සත්ය හොයනව කියල...වැරදි පාත් එකක ගියොත් සත්ය හම්බවේ ද?

    ඔව් විචිකිච්චාව 💯 දුරු වෙලා නෑ තාම 🙂

    දැන් දන්න මාර්ගය කලින් දැනගෙන හිටිය එකට වැඩිය හරි වෙන්නෙ මොන නිර්නායක මත ද?

    ඔව් - ඒකෙ වැරැද්ද මොකක් ද ?

    මාර්ගඵලය ට එනකල් මාර්ගය හරි යි කියලා ප්‍රත්‍යක්ෂ වෙන්නේ නෑ නේද පෘථග්ජනයෙක්ට...

    වැරද්ද මොකක්ද කියල හොයනවට වැඩිය...

    අනුන්ටත් තමන්ටත් පරලොවටත් මෙලොවටත් වැඩදායි උන පමනින්...අනුන්ගෙ මත වලට අනුරුම වේමෙන් පමනක් යනමාවත හරි යන්නෙ කොහොමද කියල හොයල බැලුවද?
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,476
    113
    baila nawattala practice karapan,nattan apaye tama mona bana ahuwath sowan une nattan
     
    • Like
    Reactions: Yeezus