මේ ප්‍රශ්නෙට උත්තරයක් කියපල්ලාකො

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura
    මගෙ GF Ayurweda doctor කෙනෙක්.මුන්ට internship එක පටන් ගන්න කලින් පොඩි orientation program එකක් වගෙ දවස් නමයක program එකක් තියනවා.මෙයා ඇහුවා මෙයාටයි යාලුවො හතර දෙනෙක්ටයි අපෙ ලොකු අම්මලාගෙ ගෙදර ඉන්න පුලුවන් ද කියලා (නුගේගොඩ).එහෙ ගෙදර ඉන්නෙ අපේ මල්ලි විතරයි.ලොකු අම්මලා පවුලම රට.මල්ලිත් ෆයිනල් එක්සෑම් එකට පාඩම් කරන්ඩ ඕන හන්දා මේ දවස්වල අනුරාධපුරේ අපේ ගෙදර ඉන්නෙ.අපේ අම්මගෙනුයි ලොකු අම්මගෙනුයි අහලා මන් මෙයාලට එහෙ ඇවිල්ලා ඉන්න කිව්වා.මෙයාලත් හා කියලා එකග උනා.ඉතින් GF ඇහුව පලවෙනි දවසනෙ ඔයාට මාව ඇරලන්න පුලුවන්ද? කියලා.ඒ ගමන මන් කමක් නෑ මම ඇරලන්නම්,ඇරලලා ගෙදර තියන දේවල් ටික පෙන්නලා,අවශ්‍ය උපදෙස් ටික දීලා එක දවසින් ගියාට කමක් නැද්ද ඇහුවාම GF ත් ඒකට ok උනා (මොකද එයා දන්නවා මම මේ teaching exam එකට මහන්සිවෙලා පාඩම් කරන බව) .අම්මා කිව්වා පුලුවන් නම් ඒ දවස් ටිකම එයාලා එක්ක ඉන්න කියලා.මට එහෙම ඉන්න බෑ බන් ටීචින් එක්සෑම් එක මැයි 24.පාඩම් එහෙමත් කරන්නෝන.මගෙ PP එක දුවාගන්නත් ඕන week end එකේ.මන් survive වෙන්නෙ තනිකරම ඒකෙන්.මම අම්මටත් කිව්වා මම එයාලා ඇරලලා අනික් පැත්තට එනවා-මොකද මට පාඩම් කරන්ඩෝන කියලා.අම්මත් ඕකට එකග උනා.කමක් නෑ හැබැයි කල්පනාවෙන් ඉන්න කියන්න කියලා එහෙම. කෝකටත් මම එක නෝට්ස් සෙට් එකක් බෑග්ගෙ දාගෙන ආවෙ....

    පහුවදාම මට යන්න උනේ නෑ.එහෙ වත්ත සෑහෙන්න වල් වැවිලා සවුත්තුවෙලා තිබ්බෙ.මම මහන්සිවෙලා වත්තම සුද්ද කරලා ගේත් තනියෙන් අස්පස් කරලා දැම්මා.මේ වගෙ කාලෙක ලොකු අම්මලා මගෙ GF ටයි එයාගෙ යාලුවන්ටයි ලොකු උදව්වක් කලේ.එයත් (GF) එහෙම සල්ලි තියන පවුලක කෙනෙක් නෙමෙයි.ඒකමයි මගෙන් මෙහෙ නතර වෙන්න පුලුවන් ද ඇහුවෙ.එච්චර සපෝට් එකක් දුන්න එකේ මට හිතුනා ලොකු අම්මලගෙ වත්ත සුද්ද කරලා ගේත් අස්පස් කරලා දීලම එන්න..එයාලාත් පලවෙනි දවසෙ program එක ඉවර වෙලා ඇවිල්ලා මහන්සි බලන්නැතුව ඉතුරු සේරම ලස්සනට අස් කරලා පිලිවලක් කරලා ගත්ත.අපෙ මල්ලි හිටියට මෙලොව වැඩක් නෑ,කිසිම පිලිවලක් දන්නැති අපත එකෙක්.ඌට කම්පියුටර් එකයි ඉන්ටනෙටුයි තියනවනම් කෑම ඕනත් නෑ.

    මන් ඉතින් ඊටත් පහුවදා එන්න ලෑස්ති උනා.මන් එනවා කියලා.ගෙදට්ට පනිවිඩේ දෙද්දිම අම්මා කිව්වා "නෑ එන්න එපා-මේ දවස් නමයම එයාලා එක්කම ඉදලා එන්න කියලා".මන් කිව්ව "මට පාඩම් කරන්න ඕන අම්මෙ-මට නෝට්ස් එකක්වත් ගෙනෙල්ලා නෑනෙ කියලා".අම්ම මට බැනගෙන ගියා "ඔච්චර උවමනාව තිබ්බනම් ඒ ටිකත් ගේන්න තිබ්බානෙ ගගා.මන් අම්මට කලින්ම කිව්වා මම පහුවදාම එනවා කියලා.දැන් එන්න එපාලු.ට්‍රැක්ද මන්දා බන්.මට කියනවා අරගොල්ලොන්ගෙ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකල් ඉදලා එයාලා එක්කම එන්න ,මොකද අනුන්ගෙ ගෙයක් වැරදිලා හරි අයන් එකක් ගහලාවත් ගිහිල්ලා ගේ ගිනි ගත්තොත්වත් ඔක්කොම ඉවරයි කියලා.මන් උන් ඔක්කොටම කියලා ආවේ ගෑස් වත් ගහන්න එපා පරිස්සමෙන් දොරවල් වහගෙන ඉන්න කියලත්.මට උන්ව 100% සුවර්.ඒත් අම්මලා නිකන් පලියට වගෙ මාව මේ ගෙදර මේ දවස් නමයම තියල රැග් කරවන්න හදන එකක් මට තේරෙනවා.

    මේක මෙහෙම කරන්න බෑ බන්.
    1) මට මැයි 24 teaching exam එක,පාඩම් කරන්න ඕන නෝට්ස්වත් රෙකෝඩින්වත් නෑ මම ලඟ.මේක පාස් කරනොගත්තොත් මට වහ කන්න වෙන්නෙ මේ කාලකන්නි ට්‍රැක් අම්මලා එක්ක ඉන්න වුනොත් එහෙම
    2) Week end එකේ මම sessions කරන ලමයි ටික.එක සතියක් හරි හැලුනොත් මන් ඒක ඒ පොඩි උන් ටිකට කරන බරපතලම වරදක් බන් 🥺.ඒ ලමයි ටික ගොඩදාගෙන ආවා විතරයි.....

    මොකක්ද බන් කරන්නෙ,මට ගෙදර ගියාම මහ උන් දෙන්නගෙන් බැනුම් අහලා වරයක් නැතිවෙයි.එපා වෙලා තියෙන්නෙ.මගෙ වෙනසක් කෙල්ලටත් තේරුනා.එයාත් මට කිව්වා ඔයා යන්න කියලා ගෙදර.ඒත් ඒකි දන්නෙ නෑ උන් මොකක් හරි පිස්සුවක් නටලා ගෙදට්ට ඩැමේජ් එකක් වෙයි කියකා බයේ.ඔච්චරම බය නම් නොදි ඉන්න තිබ්බනෙ.මම රැග් වෙනවා එක එකාට කඩේ ගිහිල්ලා එපා වෙලා ඉන්නෙ බන්.මට මොකක්ද කරන්නෙ කියපල්ලාකො 🥺🙏😑....

    **ක්ලාස් නම් ඔන්ලයින් යන්නෙ බන්,ඒ හන්දා ශේප්,
    ** කෙල්ලටත් අවුල් වගෙ ඒකිටත් තේරුනා මන් අවුලෙන් කියලා ,ඒකිටත් ලාවට සීන් එක තේරුනා
    ------ Post added on Apr 30, 2026 at 11:58 AM
     
    • Love
    Reactions: Inigo Montoya

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura
    ජිගි ජිගි වලට ආස නෑ ???
    ජිගි ජිගි වලට ආසවත් ගිහිල්ල තියෙන්නෙ.මට එක්සෑම් කාලෙට ට්‍රැක පයිනව 😕.මට දැන් ඕන විභාගෙ පාස් වෙන්ඩ 🙏

    ane ane hukana putha...
    😒 ඇයි ?
    ------ Post added on Apr 30, 2026 at 12:10 PM
     
    • Like
    Reactions: charitha2011

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura
    Generalized Anxiety
    හැබැයි පවුලටම තියනවා ඕක 🙏🤣😒

    අම්මා උදව්වක්නේ බන් කරන්නේ? උඹව සෙට්ල් කරන්න ඔය ට්‍රයි එක.
    මෙහෙමයි ඉතින් ,මමත් කැමතීයි බන් ඉන්ඩ.ඒත් ප්‍රශ්නෙ am too much worrying on exam.මේක පාස් කරගන්න එක මට මාරම වටිනවා..මේක ගොඩ දා ගත්තොත් මට මගෙ පාඩුවෙ තනියෙන් ජීවත් වෙන්න පුලුවන් ගෙදරින් අහක් වෙලා 😕🙏
    මන් මෙයාලා සෙට් එක (GF සහ යාලුවො) ඇරලලා ඉක්මනින් එන්න හිතන්නත් හේතුව එක්සෑම් එකම තමා.
    ------ Post added on Apr 30, 2026 at 12:12 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura
    අඩෝ අනික් යාලුවො ටික ලස්සනයිද?

    උබ පාඩම් වැඩ ටික කරගනින්. මම කෙල්ලො එක්ක ඉන්නම් ගිහිල්ල
    හෙ හෙ 🤣
    හරි අගෙයි කිව්ව කතාව 😒

    තිබ්බට අවුලක් නැ. ජීවිතේ quality එකට හානි වෙන තරමට බලපෑමක් තියෙනවනම් ERP, meds තමයි.
    එච්චරටම නෑ.නිකන් දෙතුන් පාරක් චෙක් කරනවා ලයිට් වහලද,ගෑස් ඕෆ්ද?,දොරවල් ලොක්ද වගෙ දේවල්....👍🙂
    ------ Post added on Apr 30, 2026 at 12:19 PM
     
    • Like
    Reactions: Blair Solari

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,207
    113
    Adelaide
    "කෝකටත් මම එක නෝට්ස් සෙට් එකක් බෑග්ගෙ දාගෙන ආවෙ...."
    Ithin uba notes genawa kiwwa neh. e tika padam karaganin dawas 4 wage yanakan. eeta passe kello tika settle wage nam gedara palayan. ammalata bambu gahaganna kiyala kiyapan, "un awlk ne shape eke idiwi " kiyala ammalata kiyapan. uba ube weda karaganin ithiri dawas tike gedara idan. mama una nam ka thamai kranne. :yes: :yes:
    padam karana dekata nam ape ammala support loweth. padam karanne nethi unama thamai ammala pissu natanne. :lol::lol:
     
    • Like
    Reactions: kalana putha 97

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    609
    741
    93
    දැන් මෙතන වෙලා තියෙන්නෙ පිට ගෙදරක ඔයයි කෙල්ලො හතර දෙනෙකුයි ඉන්න යනවා ගෙවල් වලින් දැනුවත්ව.

    ඔය වගේ movies එහෙමත් තියෙනවා, සමහර විට බලලත් ඇති.

    ඔයාගේ focus එක exam නම්, ඔයා ඔය කෙල්ලව යම් දවසක බඳිනවා නම් ඒ බැඳපු දවසක exam එකක් කරන්න වුනොත් ගෙදරින් යනවද?

    මගේ අදහස නම් ගෙදර තියෙන notes ටික ගෙන්න ගනින්, ඔය කෙල්ලො ටිකත් එක්ක ඉඳලා exam එක ගොඩ දාගනින්, අඩුම ගාණේ උඹට පාඩම් කරද්දි බොන්න මොනවා හරි කෙල්ල හදලා දෙයිනේ.

    කෙල්ලො ඉද්දි පාඩම් කරන්න බෑ ඒවා නම් ඉතින් වැඩක් නෑ.

    වෙන එවුන්ට වෙන්නේ මේකෙ අනිත් පැත්ත. කොල්ලා කෙල්ලො එක එක්ක ඉන්න හදනවා, ගෙදරින් එපා කියනවා.

    උඹට කියන්න මම දන්න එකෙක් හිටියා, මිනිහට proposal එකක් ආවා ගෙවල් දෙකින්ම දන්නවා. බඳින්න ඔන්න මෙන්න කියද්දි කෙල්ලට දවස් දෙක තුනක trip එකක් set වුනා ඒ කෙල්ලගේ office එකෙන් නුවර එළියේ. කෙල්ල කිව්වා කොල්ලට යමු කියලා මොකද කෙල්ල බයයි ඒ අනික් එවුන් එක්ක යන්න, ගොඩක් කෙල්ලො නැති නිසා. ඒත් කොල්ලා කිව්වා එපා, පුළුවන් නම් trip එක නොයා ඉන්න මොකද අවුල් එවුන් එක්ක කොහොමත් යන්න බැරි හින්දා. ඒක අහලා ඒ කෙල්ල trip එක ගියෙ නෑ.
    කොහොම හරි ඒ මඟුල පස්සෙ කාලෙක වුනෙත් නෑ, වෙන ප්‍රශ්න වෙලා. දෙන්නා තරහ නොවී වෙන් වුනා. අර ගමන ගියා නම් මොකද වෙන්නේ හිතලා බලන්නකො.
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura
    "කෝකටත් මම එක නෝට්ස් සෙට් එකක් බෑග්ගෙ දාගෙන ආවෙ...."
    Ithin uba notes genawa kiwwa neh. e tika padam karaganin dawas 4 wage yanakan. eeta passe kello tika settle wage nam gedara palayan. ammalata bambu gahaganna kiyala kiyapan, "un awlk ne shape eke idiwi " kiyala ammalata kiyapan. uba ube weda karaganin ithiri dawas tike gedara idan. mama una nam ka thamai kranne. :yes: :yes:
    padam karana dekata nam ape ammala support loweth. padam karanne nethi unama thamai ammala pissu natanne. :lol::lol:
    1) මේකයි ප්‍රශ්නෙ මචං මට මෙහෙ හිත හදන් වැඩක් කරන්න බෑ.පට්ට රස්නෙයි,පිච්චෙනවා වගේ,දවල්ට කෑම එකක් ගන්න හෙන ඈත පයින් යන්ඩෝන.අතේ සල්ලිත් නෑ.ගෙදර හිටියාම සේරම අතට පයට හම්බෙනවා.මට තියෙන්නෙ කූල් එකේ පාඩමක් කරන් යන්න විතරයි
    2) තියන නෝට්ස් ටික තියෙන්නෙ Gen.know විතරයි.ඒවාම කරලා මදිනෙ,Iq notes ටික ඔක්කොම ගෙදර.ලැප්ටොප් එකේ තියනවා රෙකෝඩින් වගයක් ඒවා බලන්නත් ඕන.
    3) කොහෙවත් යන උන් වගයක් හන්දා මගෙ අනාගතේ මන් ඇයි කැපකරන්නෙ.මට හම්බෙන්න තියන දේට වැඩක් කරගන්නෙ නැතුව.එතකොට මට කිසිම benifit එකක් නෑ.හැමදාම අනුන්ට කරලා මට දෙයක් කරගන්න බැරි උනා
    4) බැරිම තැන මම අම්මලාට කිව්වා මම නෝට් ටික අරන් පහුවදම ආයෙම එන්නම් කියලා.සල්ලි අපරාදේ/උබ එන්න එහෙම එපා කියලා බැන්නා.මට ඇත්තටම තරහයි මේ මිනිස්සුන්ගෙ මේ ට්‍රැක් ගතිය එක්ක 😑
    5) ඔක්කොමත් හරි මම වීක් එන්ඩ් එකේ මගෙ වැඩ ටික කරන්න ඕන.session කරන ලමයි ටික මිස් උනොත් ,උන් වෙන කෙනෙක් ලගට ගියොත් මන් අවුරුදු ගානක් හදාගත්ත client base එක ඉවරයි.එකපාරකුත් ඕකම උනා මට 2023 දි 😒

    දැන් මෙතන වෙලා තියෙන්නෙ පිට ගෙදරක ඔයයි කෙල්ලො හතර දෙනෙකුයි ඉන්න යනවා ගෙවල් වලින් දැනුවත්ව.

    ඔය වගේ movies එහෙමත් තියෙනවා, සමහර විට බලලත් ඇති.

    ඔයාගේ focus එක exam නම්, ඔයා ඔය කෙල්ලව යම් දවසක බඳිනවා නම් ඒ බැඳපු දවසක exam එකක් කරන්න වුනොත් ගෙදරින් යනවද?

    මගේ අදහස නම් ගෙදර තියෙන notes ටික ගෙන්න ගනින්, ඔය කෙල්ලො ටිකත් එක්ක ඉඳලා exam එක ගොඩ දාගනින්, අඩුම ගාණේ උඹට පාඩම් කරද්දි බොන්න මොනවා හරි කෙල්ල හදලා දෙයිනේ.

    කෙල්ලො ඉද්දි පාඩම් කරන්න බෑ ඒවා නම් ඉතින් වැඩක් නෑ.

    වෙන එවුන්ට වෙන්නේ මේකෙ අනිත් පැත්ත. කොල්ලා කෙල්ලො එක එක්ක ඉන්න හදනවා, ගෙදරින් එපා කියනවා.

    උඹට කියන්න මම දන්න එකෙක් හිටියා, මිනිහට proposal එකක් ආවා ගෙවල් දෙකින්ම දන්නවා. බඳින්න ඔන්න මෙන්න කියද්දි කෙල්ලට දවස් දෙක තුනක trip එකක් set වුනා ඒ කෙල්ලගේ office එකෙන් නුවර එළියේ. කෙල්ල කිව්වා කොල්ලට යමු කියලා මොකද කෙල්ල බයයි ඒ අනික් එවුන් එක්ක යන්න, ගොඩක් කෙල්ලො නැති නිසා. ඒත් කොල්ලා කිව්වා එපා, පුළුවන් නම් trip එක නොයා ඉන්න මොකද අවුල් එවුන් එක්ක කොහොමත් යන්න බැරි හින්දා. ඒක අහලා ඒ කෙල්ල trip එක ගියෙ නෑ.
    කොහොම හරි ඒ මඟුල පස්සෙ කාලෙක වුනෙත් නෑ, වෙන ප්‍රශ්න වෙලා. දෙන්නා තරහ නොවී වෙන් වුනා. අර ගමන ගියා නම් මොකද වෙන්නේ හිතලා බලන්නකො.
    පාඩම් කරන්න බැරි කමක් නම් නෑ.ප්‍රශ්නෙ නෝට්ස් වලින් 3/4 ක්ම නෑ බන් මගෙ ලග.ඒකයි...නැත්තන් නම් කේස් එකක් නෑ මට.නෝට් ටික බස් එකකට දාලා ගෙන්නවගන්න පුලුවන් ,නැතිවෙයිද කියලා බයයි මට 😒
    ------ Post added on Apr 30, 2026 at 7:39 PM