මගෙ GF Ayurweda doctor කෙනෙක්.මුන්ට internship එක පටන් ගන්න කලින් පොඩි orientation program එකක් වගෙ දවස් නමයක program එකක් තියනවා.මෙයා ඇහුවා මෙයාටයි යාලුවො හතර දෙනෙක්ටයි අපෙ ලොකු අම්මලාගෙ ගෙදර ඉන්න පුලුවන් ද කියලා (නුගේගොඩ).එහෙ ගෙදර ඉන්නෙ අපේ මල්ලි විතරයි.ලොකු අම්මලා පවුලම රට.මල්ලිත් ෆයිනල් එක්සෑම් එකට පාඩම් කරන්ඩ ඕන හන්දා මේ දවස්වල අනුරාධපුරේ අපේ ගෙදර ඉන්නෙ.අපේ අම්මගෙනුයි ලොකු අම්මගෙනුයි අහලා මන් මෙයාලට එහෙ ඇවිල්ලා ඉන්න කිව්වා.මෙයාලත් හා කියලා එකග උනා.ඉතින් GF ඇහුව පලවෙනි දවසනෙ ඔයාට මාව ඇරලන්න පුලුවන්ද? කියලා.ඒ ගමන මන් කමක් නෑ මම ඇරලන්නම්,ඇරලලා ගෙදර තියන දේවල් ටික පෙන්නලා,අවශ්‍ය උපදෙස් ටික දීලා එක දවසින් ගියාට කමක් නැද්ද ඇහුවාම GF ත් ඒකට ok උනා (මොකද එයා දන්නවා මම මේ teaching exam එකට මහන්සිවෙලා පාඩම් කරන බව) .අම්මා කිව්වා පුලුවන් නම් ඒ දවස් ටිකම එයාලා එක්ක ඉන්න කියලා.මට එහෙම ඉන්න බෑ බන් ටීචින් එක්සෑම් එක මැයි 24.පාඩම් එහෙමත් කරන්නෝන.මගෙ PP එක දුවාගන්නත් ඕන week end එකේ.මන් survive වෙන්නෙ තනිකරම ඒකෙන්.මම අම්මටත් කිව්වා මම එයාලා ඇරලලා අනික් පැත්තට එනවා-මොකද මට පාඩම් කරන්ඩෝන කියලා.අම්මත් ඕකට එකග උනා.කමක් නෑ හැබැයි කල්පනාවෙන් ඉන්න කියන්න කියලා එහෙම. කෝකටත් මම එක නෝට්ස් සෙට් එකක් බෑග්ගෙ දාගෙන ආවෙ....
පහුවදාම මට යන්න උනේ නෑ.එහෙ වත්ත සෑහෙන්න වල් වැවිලා සවුත්තුවෙලා තිබ්බෙ.මම මහන්සිවෙලා වත්තම සුද්ද කරලා ගේත් තනියෙන් අස්පස් කරලා දැම්මා.මේ වගෙ කාලෙක ලොකු අම්මලා මගෙ GF ටයි එයාගෙ යාලුවන්ටයි ලොකු උදව්වක් කලේ.එයත් (GF) එහෙම සල්ලි තියන පවුලක කෙනෙක් නෙමෙයි.ඒකමයි මගෙන් මෙහෙ නතර වෙන්න පුලුවන් ද ඇහුවෙ.එච්චර සපෝට් එකක් දුන්න එකේ මට හිතුනා ලොකු අම්මලගෙ වත්ත සුද්ද කරලා ගේත් අස්පස් කරලා දීලම එන්න..එයාලාත් පලවෙනි දවසෙ program එක ඉවර වෙලා ඇවිල්ලා මහන්සි බලන්නැතුව ඉතුරු සේරම ලස්සනට අස් කරලා පිලිවලක් කරලා ගත්ත.අපෙ මල්ලි හිටියට මෙලොව වැඩක් නෑ,කිසිම පිලිවලක් දන්නැති අපත එකෙක්.ඌට කම්පියුටර් එකයි ඉන්ටනෙටුයි තියනවනම් කෑම ඕනත් නෑ.
මන් ඉතින් ඊටත් පහුවදා එන්න ලෑස්ති උනා.මන් එනවා කියලා.ගෙදට්ට පනිවිඩේ දෙද්දිම අම්මා කිව්වා "නෑ එන්න එපා-මේ දවස් නමයම එයාලා එක්කම ඉදලා එන්න කියලා".මන් කිව්ව "මට පාඩම් කරන්න ඕන අම්මෙ-මට නෝට්ස් එකක්වත් ගෙනෙල්ලා නෑනෙ කියලා".අම්ම මට බැනගෙන ගියා "ඔච්චර උවමනාව තිබ්බනම් ඒ ටිකත් ගේන්න තිබ්බානෙ ගගා.මන් අම්මට කලින්ම කිව්වා මම පහුවදාම එනවා කියලා.දැන් එන්න එපාලු.ට්‍රැක්ද මන්දා බන්.මට කියනවා අරගොල්ලොන්ගෙ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකල් ඉදලා එයාලා එක්කම එන්න ,මොකද අනුන්ගෙ ගෙයක් වැරදිලා හරි අයන් එකක් ගහලාවත් ගිහිල්ලා ගේ ගිනි ගත්තොත්වත් ඔක්කොම ඉවරයි කියලා.මන් උන් ඔක්කොටම කියලා ආවේ ගෑස් වත් ගහන්න එපා පරිස්සමෙන් දොරවල් වහගෙන ඉන්න කියලත්.මට උන්ව 100% සුවර්.ඒත් අම්මලා නිකන් පලියට වගෙ මාව මේ ගෙදර මේ දවස් නමයම තියල රැග් කරවන්න හදන එකක් මට තේරෙනවා.
මේක මෙහෙම කරන්න බෑ බන්.
1) මට මැයි 24 teaching exam එක,පාඩම් කරන්න ඕන නෝට්ස්වත් රෙකෝඩින්වත් නෑ මම ලඟ.මේක පාස් කරනොගත්තොත් මට වහ කන්න වෙන්නෙ මේ කාලකන්නි ට්‍රැක් අම්මලා එක්ක ඉන්න වුනොත් එහෙම
2) Week end එකේ මම sessions කරන ලමයි ටික.එක සතියක් හරි හැලුනොත් මන් ඒක ඒ පොඩි උන් ටිකට කරන බරපතලම වරදක් බන්
.ඒ ලමයි ටික ගොඩදාගෙන ආවා විතරයි.....
මොකක්ද බන් කරන්නෙ,මට ගෙදර ගියාම මහ උන් දෙන්නගෙන් බැනුම් අහලා වරයක් නැතිවෙයි.එපා වෙලා තියෙන්නෙ.මගෙ වෙනසක් කෙල්ලටත් තේරුනා.එයාත් මට කිව්වා ඔයා යන්න කියලා ගෙදර.ඒත් ඒකි දන්නෙ නෑ උන් මොකක් හරි පිස්සුවක් නටලා ගෙදට්ට ඩැමේජ් එකක් වෙයි කියකා බයේ.ඔච්චරම බය නම් නොදි ඉන්න තිබ්බනෙ.මම රැග් වෙනවා එක එකාට කඩේ ගිහිල්ලා එපා වෙලා ඉන්නෙ බන්.මට මොකක්ද කරන්නෙ කියපල්ලාකො

....
**ක්ලාස් නම් ඔන්ලයින් යන්නෙ බන්,ඒ හන්දා ශේප්,
** කෙල්ලටත් අවුල් වගෙ ඒකිටත් තේරුනා මන් අවුලෙන් කියලා ,ඒකිටත් ලාවට සීන් එක තේරුනා
------ Post added on Apr 30, 2026 at 11:58 AM