අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් වරින් වර අවස්ථා ගණනාවකදී 15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපරාධයකට ලක් කිරීම සහ ලිංගික අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ගම්පහ කොට්ඨාසයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය නියෝග කර තිබේ.
තමන්ව මුලින් ම ලිංගික අපරාධයකට ලක් කළේ, අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක බව ප්‍රශ්න කිරීම්වලදී දැරිය ප්‍රකාශ කළ බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
ඉන්පසුව සිය පෙම්වතා සහ ඥාති සහෝදරයෙකු ද තමන්ව ලිංගික අපරාධයකට ලක් කළ බව ද දැරිය ප්‍රශ්න කිරීම්වලදී තවදුරටත් ප්‍රකාශ කර ඇති බව ද අධිකරණයට දැනුම් දී ඇති ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මෙම අපරාධය සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් අරඹා ඇති බවත්, එකී විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීමට අධිකරණයේ අවසරය ලබා දෙන ලෙසත් පොලිසිය ඉල්ලා තිබේ.
Read
https://www.bbc.com/sinhala/articles/c8e8lr43xggo.lite
